08 September 2011

සිසේරියන් බබාලා Vs. ස්බාවික බබාලා

මේ සිද්ධිය උනේ මම කැම්පස් එකේ තුන්වෙනි වසරේ ඉන්නැද්දි. නිවාඩු දවසක පාඩම් කර කර ඉන්න අතරතුර අපිට ඉස්සරහා කාමරේ හිටපු යාලුවෝ දෙන්නත් පාඩම් කරලා අපේ කාමරේට සෙට් උනා. ඒකෙන් මේකෙන් උනේ මම් කර කර හිටපු පාඩම අල වගාවක් වෙච්ච එකයි.

කොහොමහරි ආපු එකේ කතාකරකර හිටියා. කොහොමින් කොහොමහරි කතාව වෙන පැත්තටකට ගිහින් සිසේරියන් ළමයි ගැනයි නෝමල් විදිහට ලැබෙන ළමයි ගැන කතා කරන්න ගත්තා.

"මචං උබ දන්නවද ළමයෙක්ව නෝමල් ලැබෙනකොට අම්මා කෙනෙක් ඒ ළමයට තියෙන ආදරෙයි සිසේරියන් විදිහට ලැබෙන ළමයෙක්ට අම්මා කෙනෙක්ගේ තියෙන ආදරේ අතර පොඩි වෙනස්කමක් තියෙනවා කියලා ?" එකෙක් කිව්වා.

"ඒ කිව්වේ ? මට නම් හරියටම තේරුනේ නෑ ?"

"නෑ බං. ස්බාවිකව හම්බවෙන ළමයාට අම්මා දක්වන ආදරේ වැඩියි. සිසේරියන් කරලා ගන්න ළමයට ඒ ආදරේ චුට්ටක් විතර අඩු වෙනවා. ගොඩක්ම නෙමෙයි චුට්ටක් විතර !!!!"

මෙහෙම කිව්වා විතරයි මගේ යාලුවෙක් වෙච්ච දමිත්ට ටිකක් විතර මල පැන්නා. "පල යකෝ යන්න !!!! තොපි අම්මලාගේ ආදරේ හෑල්ලුවට ලක් කරනවා." කියලා එකාසීරුවට බැනගෙන බැනගෙන යන්න ගත්තා.

"නෑ බං මෙහෙම හිතහංකෝ. ස්බාවිකව ළමයෙක් ලැබෙද්දි අම්මා ගොඩක් වේදනාවක් විඳිනවා. ඒ අම්මට ඒ වේදනාව දරාගන්නත් හරි අමාරුයි. ස්බාවදර්මයා මෙහෙම වේදනාවක් අම්මෙකුට දෙන්නේ අම්මගේ ආදරේ ඒ දරුවා කෙරෙහි තියාගන්න." තව එකෙක් පෝර දැම්මා.

"ඔවු එහෙම වෙන්නත් පුලුවන්. නැත්නම් සත්තු උනත් පැටවු හම්බ උනාම දාලා යන්න බලනවනේ. ඒ උනාට අම්මා කෙනෙක් ආදරේ නෝමල් ලැබෙන ළමයින්ගෙයි සිසෙරියන් කරලා ලැබෙන ළමයින්ගෙයි කියලා එහෙමට වෙනසක් නැතුවැති !!!!" මං කිව්වා.

කොහොමහරි ඔය තර්කය සෑහෙන වෙලාවක් තිබ්බා. ඒක හන්දම එද දවස පාඩම් කරන්න උනේ නෑ. අපේ යාළුවෝ තර්ක කරන විදිහට නෝමල් ලබෙන ළමයෙක්ට අම්මා දක්වන ආදරේ සිසේරියන් කරලා ලැබෙන ළමයෙක්ට අම්මා දක්වන ආදරේට වඩා වැඩියි ලූ. ගොඩක්ම නෙමෙයි. පොඩි ප්‍රමාණයකින් ලූ !!!!

ඔය ආදරයේ තියෙනවයි කියන පොඩි ප්‍රමාණය හන්දා එදා දවසම වැඩක් කරගන්න බැරි උනා.

ඇත්තටම අම්මා කෙනෙක් සිසේරියන් සැත්කමකට පස්සේ ලැබෙන ළමයට වඩා සාමාන්‍ය විදිහට ලැබෙන ළමයට ගොඩක් ආදරේ ද ? මට නම් උත්තරයක් නෑ. දන්න කෙනෙක් පහලින් කමෙන්ට් කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා.


61 comments:

  1. ඕක හරියටම දැන ගන්නනම් එකම අම්මට එකම ලමය දෙවිදියටම හම්බවෙන්නයි ආදරේ මනින්න උපකරණයක් හොයගන්නයි වේවි නේද ?

    ReplyDelete
  2. මටත් මේ ගැන හරිහැටි තේරුමක් නෑ.තව අවුරුදු 2ක 3කින් නම් උත්තරයක් දෙන්න පුලුවන් වෙයි.

    කොහොමත් නිකම්ම ලැබෙන දේවල අගයක් නෑ කියනවනේ මල්ලි.ඒ නිසා නෝමල් ඩිලිවරි වලින් හම්බෙන බබාලගේ අගේ වැඩී ඇති.

    ReplyDelete
  3. උත්තරේ ඉතින් අපෙන් නම් අහලා වැඩක් නෑ....මට හිතෙන හැටියට නම් ඔය ආදරේ වෙනසක් වෙන්ට විදියක් නෑ. ලමයෙක් මාස නවයක් අම්මාගේ කුසේ ඉන්න කාලෙදි (නවයක් නේද??? ) ඉඳන් එයා ඒ ලමයා ගැන කොච්චර නම් හීන මවනවා ඇද්ද? මගේ අම්මා නම් කියලා තියෙන්නේ එයා පොතක් තියාගන මාසෙන්, මාසෙට මාව වැඩෙන හැටි බලන් හිටි බව. මාව කොහොම මේ ලෝකෙට ආවත් එයා මට හරිම ආදරෙයි. ඒ අතින බලනකොට ඔය කතා බොරු.

    ස්වාභාවිකව හම්බවෙන ලමයි දාලා යන කොතෙකුත් අම්මාලා ඉන්නේ.
    ඔය කීව කෙනා එයාට පාඩම් කරන්ට කම්මැලි හන්දා ගොතපු බොරුවක් ඕක. අනේ ඔයාලා අහු උනානේ...:D:D:D

    ReplyDelete
  4. අපොයි වැරදුනෝ සමාවෙන්ට....'දසමාසේ උරේකත්වා නේද?' අය්යෝ.....:(

    ReplyDelete
  5. Caesarian is not as "painless" as some would think... it involves injections to the spine and a surgical cut that hurts for days and even causes difficulty in using the toilet. However a child is born, with what can you measure a mother's love?

    ReplyDelete
  6. ආදරය නම් අඩුවක් වෙන්න බෑ. ඒත් වටිනාකම අඩු වෙනව ඇති. මොකද සමහර වෙලාවට වදපුවත් නැති දරුවන්ට කොයිතරම් ආදරයක් දක්වන අය ඉන්නවද? ආදරය කියන එක කෙනෙක්ගෙ ස්වභාවික ගුණයක් මම හිතන්නෙ.

    ReplyDelete
  7. ඔය ගැන නම් දන්නෙ නෑ මලයො...

    ReplyDelete
  8. හ්ම්ම්..... මටත් හිතෙන්නෙ ආදරේ වෙනසක් නැතුව ඇති

    ReplyDelete
  9. අම්මලා ගැන නං කියන්න දන්නෑ.හැබැයි ඔය වැඩේට තාත්තල දරන මහන්සිය නං එක සමානයි මයෙහිතේ...:)

    ReplyDelete
  10. ඕකනං උත්තර හොයන්න පුලුවන් ප්‍රශ්නයක් නෙවේ

    ReplyDelete
  11. ඔය කතා කරන්නෙ දරුවා බිහිවෙන කොට තියන වේදනාව ගැනනෙ...ඒ වුනාට මලේ සිසේරියන් සැත්කම් වලට මුහුණ දුන්න අම්මලා විඳවන්නෙ සැත්කමින් පස්සෙ ........

    කොහොම කළත් අම්මා කෙනෙක් විඳින වේදනාව අවතක්සේරු කරන්නත් බැහැ..අම්මගෙ ආදරේ අවතක්සේරු කරන්නත් බැහැ....

    ReplyDelete
  12. එහෙම අඩුවෙන්න බැහැ නේද අයියේ..මම හිතන්නේ Angel කියපු දේ හරි , ගහන ඉන්ජෙක්ෂන් එකෙන් බලපෑමක් ඇති , අනිත් දේ ඉතින් මොනවා උනත් ඒකත් ශල්‍යකර්මයක් නේ.
    ඒ පැත්ත මහේෂ් අය්යගෙන් ඇහුවනම් හොදට කියලා දෙයි :)

    ReplyDelete
  13. අනේ මන්දා....මගේ හිතේ එහෙම අඩු වෙන් නෑ...දන්න එක දෙයක් කියලාම යන්නම්කෝ...නෝමල් හම්බෙන බබාලට ප්‍රතිශක්තිය වැඩි කියලනම් අහලා තියෙනවා...ආදරේ අඩුවක් ගැන අහලා නෑ...නෝමල් හම්බුනත් දාලා යන්න ඕනා අය දරුවව අතරමන් කරලා දාලා යන්නේ යාලු...ඔය දරු සෙනෙහසට හම්බෙන විදියට වඩා..මවගේ හැදියාව,ගුණ වගාව,කර්මය වහේම බාහිර සාධකත් බලපානවා කියලයි මට හිතෙන්නේ...

    ReplyDelete
  14. ආදරේ චුට්ට ප්‍රමාණය හින්දා පාඩම් නොකල මදිවට අපේ වැඩත් පාලු කරන්න නේද යන්නෙ :)

    ඔය සමහර සත්තු බබ්බුන්ව කන්නෙ. ඒ සීසර් කරපු එවුන් නෙවෙයිනෙ

    ReplyDelete
  15. අර වේදනාව ගැන කියපු දේ නම් විද්‍යාත්මකව හිතුවොත් ඇත්තක් තියනව වගේ. ඒත් ප්‍රායෝගිකව නම් මම ඔය දේ කවදාවත් දැකල නෑ. අම්මලගෙ ආදරේ විද්‍යාත්මකව පහදන්න බෑ නෙ බං. ඒක නිසා ඕකට උත්තරයක්‌ හොයාගන්න බැරි වෙයි කවදාවත්.

    ReplyDelete
  16. අනේ මංදා... අම්ම කෙනෙක්ගෙ ආදරේ එහෙම මනින්න බෑ නෙ..??
    එහෙම සංසන්දනය කරන්න අමාරුයිනෙ... දරුවො වදන්නෙ නැතුව හදන අම්මලා ඉන්නෙ. තමන් වදපු දරුවාව මහ මග දාල යන අම්මලාත් ඉන්නෙ. එහෙම දරුවො අරගෙන හදාගන්න අම්මලාත් ඉන්නෙ. ඉතින් ඕක ඔහොම කියන්න අමාරුයිනෙ..?? අනේ මංදා..

    ReplyDelete
  17. නොදනී, දැනගන්නට විදියක්ද නැත. ආදරේ කොහොමෙයි මනින්නෙ?

    ReplyDelete
  18. අම්මගේ ආදරේ කොහොම වුනත් වෙනසක් නෑ.. මාස 9ක් තිස්සේ තමන්ගේ කුසේ තියාගෙන හදපු දරුවා ටික කාලයක් යද්දි පයින් ගහනකොට, දඟලනකොට ඒ අම්මගේ ආදරේ තවත් වැඩි වෙනවා,. මොන දුකක් විඳලා හරි ඒ කිරිකැටියගේ මූණ බලාගන්නයි අම්මගේ ඊලඟ ආසව වෙන්නේ,..

    ReplyDelete
  19. ආදරේ මනින්න මිම්මක් හදපුදාට සහතිකවම මල්ලිට කියන්නම්,, නැත්තම් තාත්තෙක් වෙලාවත් බලන්නකෝ :D

    ReplyDelete
  20. එහෙම වෙනසක් දක්වයි කියලා මම නම් හිතන්නෙ නෑ. අනික නෝමල් ලැබෙන්න ගොඩාක් වේදනාවක් විඳින්න ඕනෙ කියලා අහලා තියෙනවා. ඒත් ආදරේ වෙනස් වීමක්..වෙන්න බෑ...

    සිසේරියන් සැත්කමකට ලක් කරන්නෙ සාමන්‍යය විදියට ලබන්න බැරි අයටලු. ඒ අය ළමයින්ට ආදරේ කරන්නෙ නැද්ද එතකොට ?

    ලැබෙන එක කොහොම වෙතත් ආදරේ කරන්න ඕවා අවශ්‍ය නෑ.අම්මයි අප්පච්චි දෙන්නම නැති මට මගේ අම්මගේ නංගි ( මාලි පුංචි ) පණ වගේ ආදරේ කරන්නේ .....

    ReplyDelete
  21. අම්මලාගේ ආදරේ වෙනසක් නැහැ.බබා හම්බවෙන වෙලාවෙ විතරක් නෙවයි අපි බඩේ ඉන්නකොටත් අම්මලා අපිව ආදරෙන් රැකබලා ගන්න ඇති.

    ReplyDelete
  22. ඔය කතාව මමත් අහලා තියෙනවා. ඒත් එහෙම වෙනසක්නම් මං දකින්නෙ නෑ. අනික සීසර් කරන්නෙ ලේසියෙන් ලැබෙන්නම නෙවෙයි. දරුවා නෝමල් ලැබෙන්න බැරිනම් අනතුරක් නොවෙන්න සීසර් කරනවා. උදාහරණයකට පෙකණි වැල දරුවා වටේ එතිලා තිබුනම නෝමල් ලැබෙන්න ගියොත් දරුවා මැරෙනවා.

    ReplyDelete
  23. ඒක එහෙම කියන්න බෑ,ඊට වඩා වෙනස් හේතු තියෙන්න පුළුවන්.ඔය කතාව 99% බොරු.

    ReplyDelete
  24. මේ කියන අම්මලා දෙන්නම මාස නවයක් දරුවා කුස තුල තියාගෙන දුක් විදිනවා එක සමානවම..දරුවෙක් ඉපදෙන්න යන්නේ සුළු කාලයයි.. ඒක මේ කොයි ආකාරයෙන් සිදු වුවත්..
    දරුවා ඉපදුනාට පස්සෙත් මේ මව්වරු දෙන්නම එකහා සමානව තම දරුවා වෙනුවෙන් කැපවෙනවා.. ඒ නිසා මමනම් ආදරේ වෙනසක් ඇතිවේයි කියා සිතන්නේ නෑ...

    ReplyDelete
  25. ම්ම්ම්ම් මම ඔය ගැන වැඩිය දන්නේ නැහැ අයියේ..ඒත් නොර්මල් විදිය හොදයි වගේ..

    ReplyDelete
  26. මාත් හිතන්නෙ නෑ එහෙම දෙයක් තියෙනව කියල..

    ReplyDelete
  27. මම නම් හිතන්නෙ නෑ අම්මෙගෙ ආදරේ වෙනස් වේවි කියල.....

    හැබැයි තව දෙයක් කියන්න තියනව.. Exam කාලෙදි තමයි කටිටියට ඔක්කොම දේවල් මතක් වෙන්නෙ... අන්තිමට සාර්ථක අල වගාවක් ලැබෙනව.. අපේ බෝඩිමෙත් මේ දවස්වල සෑහෙන්න අල...

    ReplyDelete
  28. දෙවිදිහ අතර වෙනසක් තියෙනවද කියලා හම්බ වුන කාලෙක තමා කියන්න වෙන්නෙ මල්ලි...:D
    හැබැයි ඔය කතාව මාත් අහලා තියෙනවා.කොච්චර ඇත්තද දන්නෙ නෑ.

    ReplyDelete
  29. අම්ම කෙනෙකුගේ ආදරේ එහෙම අඩු වෙන්නේ නෑ..

    අනිත් එක මොන මිම්මෙන් මැනලද ඔය අඩු වැඩිය තීරණය කලේ...?

    ReplyDelete
  30. ඕක ගැනනම් දන්නේ නෑ ඒත් මම මෙහෙම ප්‍රශනයක් අහන්නද?

    "ඔය ලැබුණු ගමන්ම වගේ පාරේ දාලා යන ළමයි හැමෝම සිසේරියන් සැත්කමකින් ලැබුණු අයද?"

    ReplyDelete
  31. ඔයාගේ පෝස්ට් එකට එක එක විදියට අදහස් දක්වලා තියෙනවා. මේ මගේ අත්දැකීම් එක්කම අදහස. මොකද මට ඉන්නේ දුවෙකුයි පුතෙකුයි. මේ දෙන්නා ලැබුණේ ඔය කියන දෙවිදියෙන්. නමුත් මාස 10ක් දරුවෙක් කුසේ තියාගෙන ඉන්නකොටනම් දැනෙන වේදනාවේ වෙනසක් නැහැ. නොමල් දරුවෙක් ලැබෙන කොට ඒක දරුවා ලැබෙන්න ඉන්න කාලේ අම්මා අනුගමනය කල ක්‍රියාපටිපාටිය එක්ක බොහෝ දුරට වෙනස් වෙනවා. අම්මා කම්මැලි වෙන තරමට දරුවෙක් ප්‍රසූත කරන්න ගියාම වේදනා විදින්න වෙනවා. හැබැයි බොහෝ විට දරුවා ලැබෙනකන් විතරයි.

    නමුත් සිසේරියන් සැත්කමකදී ඊට වඩා වෙනස්. දරුවා ලැබුනායින් පස්සේ අම්මා හිතාගන්න බැරි තරමට වේදනාවට පත්වෙනවා. අඩුම තරමේ මාසයක්වත්. දරුවා කොහොම ලැබුණත් ඒ ඒ කෙනාගෙන් කෙනාට දක්වන ආදරය වෙනස්. මට මේ ගැන ඇසින් දැකපු අත්දැකීම් කිහිපයක්ම තියෙනවා. හදාගත් දරුවෙක් වුනත් හොදින් ආදරය කරන අම්මලා අපේ රටේ ඉන්නවා. ඒ නිසා සිසේරියන්ද, නෝමල් ද කියන එක වැදගත් නැහැ මම හිතන්නේ.

    ReplyDelete
  32. අම්මා කෙනෙක්ගේ ආදරේ කොහොමත් එකයි. හැබැයි ඒ නියම අම්මා කෙනෙක්ගේ. නැතුව වදන්නන් වාලේ වදන වත් හදන්නන් වාලේ හදනවත් අම්මලාගේ නෙවෙයි

    ReplyDelete
  33. අත්දැකිමක් නැ කියන්නත් බැ.. මොකද ‍ටුවින්ස් කෙනෙක් උන මම (ඉපදෙනකොටම සහෝ මේ ලොකේන් ගිහින්) සමහරා විට සිසර් නොකලා නම් මමත් ජිවතුන් අතර නැ... මගේ අම්මා මටත් ගොඩාක් ආදරෙයි මම හිතන්නේ නැ ඒක බලපානවා කියලා

    ReplyDelete
  34. ප්‍රශ්නෙට පිළිතුර ඔව්. පොඩ්ඩක් නෙවෙයි... ගොඩක් වෙන්නත් පුළුවන්. ඒකට උත්තරය සෝම හාමුදුරුවන්ගේ බණ අහලා තියෙන ඕනෙම කෙනෙක්ට ලේසියෙන්ම තේරුම් ගන්න පුළුවන්. ලෝකයේ තියෙන ලොකුම වේදනාව තමයි විලි රුදාව කියන්නේ. මොනම වේදනාවකටත් වඩා ඒ වේදනාව තේරුම් ගන්න පුළුවන් ස්වභාවික විදියට දරු ප්‍රසූතියක් කරන අම්ම කෙනෙක්ටම විතරමයි. සමහරු ඒක විහිළුවටත් ගත්තට පිරිමි වුණ අපිට ඒ වේදනාව තේරුම් නොයන නිසා හරි නිගමනේකට එන්න අමාරුයි. මොකද ඒකේ තරම නොදන්න නිසා. ඩිස්කවරි චැනල් එකේ දවසක් මේ සම්පූර්ණ ප්‍රසූතියක් පෙන්නුවා. ඒ වෙලාවේදී දරුවාව ස්වභාවිකව ප්‍රසූත කරන මොහොතේදී අම්මා කෑ ගහන, විඳින දුක, ටික වේලාවකින් දරුවාව අම්මාගේ අතට දුන් සැනින් පහ වෙලා යන ඇස් අදහා ගන්න බැරි පුදුමාකාර සංසිද්ධියක් විදියට මට දැක ගන්නට වාසානාව උදා වුනා. ඇත්තෙන්ම ඒක පුදුමාකාර අවස්ථාවක්. බලන් ඉන්න ඕනෙම කෙනෙකුට ඒ අම්මාගේ වේදනාවත්, පසුව ඇති වෙන අප්‍රමාණ සතුටත් නිසාවෙන්ම ඇස් වලට කඳුලු එන තරමටම ඒ දර්ශන සංවේදියි. ඒ නිසාම එවන් අම්මා කෙනෙක් දරුවෙක්ට සිසේරියන් ක්‍රමයෙන් ඉපදෙන දරුවෙක්ට වඩා ආදරේ කරනවා.

    ReplyDelete
  35. ඔය ගැනනම් කියන්න දන්නෑ අයියේ.. ඒත් කොයි විදිහෙන් හම්බුනත් ළමයි මග දාලා යන අම්මලත් ඉන්නවනේ.. මම කියනදේ වැරදියට හිතන්න එපා.. මම කිව්වෙ අහන දකින් දේවල් නිසා.. අම්මා කෙනෙක් දරුවෙක්ට ආදරෙයිනම් ඔය කොයි විදිහට ලැබුනත් ඒ අම්මා දරුවට ආදරෙයි..

    ReplyDelete
  36. විභාගෙත් ඉවරයිනේ නේද ? ඔන්න ඉතින් හොඳ මාතෘකාවක් . ඔය දීල තියෙන්න අම්ම කෙනෙක්ම උත්තරේ.. මම දන්නේ එක දෙයයි..මං මගේ බිරිඳ පුතා ප්‍රසුත කරන වෙලාවේ ළඟ හිටි නිසා.. ඒ වේදනාව දරන්න නම් මට බැරි වෙයි.. අම්මා වෙන මොකුත් නොකර දරුවා දමා ගියත් ඒ වේදනාව දැරීම පමණක් ඇති අම්මට බුදු බව පතන්න.. අලුත් අම්මලා කැමැත්තෙන් දැන් දැන් සිසේරියන් කරවගත්තත් එකේ පසුකාලීන වේදනාව සහ අපහසුව කාලයක් පුරා විහිදෙනවා නේද ? ඇයි අවදානම? මම දන්නවා එක මවකගේ කුසය නැවත විවුර්තවෙලා ඇය විඳි දුක. කවුද කැමති තමුන්ගේ බද කපා ගන්න ? කොයි ගහනියද කැමති තමුන් ආදරෙන් රජ්කින සරීරයේ කැළලක් හද ගන්න ? ඒකම විසාල පරිත්‍යාගයක් නේද ? . නව මාසයක් බඩේ දරාගෙන ඉන්න අප්‍රමාන ආදරෙන් නේද ? මන් හිතන්නේ ඔය විකාර අදහස් බොරු.. කොහොම එලියට ආවත් අම්ම විඳින දුක වෙනසක් නැහැ.. ඒ වගේම ආදරෙත් වෙනසක් නැහැ..

    ReplyDelete
  37. @mier :
    එක අම්මට ළමයි දෙවිදිහට හම්බෙයි කියලා හිතමුකෝ. එත් කොහොමද ආදරේ මනින උපකරණයක් හදන්නේ ?

    @නදී :
    ඒ කියන්නේ අක්ක ලගදීම බදිනවා කියන එකනේ. හික්ස් :)
    ගොඩක් වෙලාවට නිකන් දෙන දේවල් වල අගයන් නැහැයි කියනවනේ.

    @Podi Kumarihami :
    ඔව් එක නම් ඇත්ත වෙන්න ඇති. ගොඩක් වෙලාවට ඔය පාඩම් කරන එක කඩාකප්පල් කරන්න ගහපු බොරුවක්ද දන්නේ නෑ. හික්ස් :)

    ReplyDelete
  38. @Angel :
    මේ ගැන නම් මම් දැනගෙන හිටියේ නෑ. කියලා දුන්නට ගොඩක්ම ස්තුතියි.

    @``` Outsider``` :
    ම්ම්ම්ම් එහෙම දේකුත් වෙන්න පුළුවන් නේ. මම නම් එක දන්නේ නැහැ අයියා.

    @සාතන් :
    හික්ස්... අපි කොහොමද ඕවා දන්නේ

    ReplyDelete
  39. ආදරේ අඩු වැඩි වෙන්නෙ ඕකෙ බලපෑමක් ඇති කියලා මම හිතන්නෙ නෑ.ඒත් ඉතිං අවුරුදු දාස් ගාණක් තිස්සෙ සාමාන්‍ය විදිහට ඔය ළමයි හම්බ උනේ.සිසේරියන් කරපුවාම ඒකෙ අහිතකර අතුරුඵල වැඩියි.ඔන්න ඔහේ හම්බවෙන විදිහට හම්බවෙන්න දුන්නම ඉවරයිනෙ.හැබැයි සාමාන්‍ය විදිහට හම්බවෙන කොට දැනෙන වේදනාව වැඩිනම් ඒකෙන් හොඳක් වෙන්නෙ නෑ.වේදනාව වැඩි උනාම ඒකෙන් සිද්දවෙන අහිතකර ප්‍රථිපලත් වැඩියි.ඒක හින්දා වේදනාව අඩුවෙන්න යමක් කරනවානම් හොඳයි.............

    ReplyDelete
  40. මේ මතය වැරදියි කියලයි මට හිතෙන්නේ. අම්මා කෙනෙක්ගේ ආදරේ මේ විදිහට මනින්න බෑනේ. දරුවා කොයි විදිහට ලැබුනත් අම්මලා දරුවන්ට තියෙන ආදරේ වෙනස් වෙන්නේ නෑ. වෙනස් වෙනවනම් වෙනස් වෙන්නේ ඒ අම්මගේ සමාජ තත්වය සහ අධ්‍යාත්මික් ගුණවගාව වගේ දේවල් මත කියලයි මට හිතෙන්නේ.
    මොකද මාත් මගේ සහෝදරයනුත් සීසර් ක්‍රමයට උපත ලබපු අය. එහෙමයි කියලා අම්මගේ ආදරේ චුට්ටක්වත් අඩු නෑ. අම්මා අපිට පණටත් වඩා ආදරෙයි කියලා අපි දන්නවා. සමහර වෙලාවට අනිත් ලමයින්ටත් වඩා අපිට ඒ ආදරේ ලැබුනා.
    මං දන්න විදිහට සීසර් සැත්කමට ලක් කරන්නේ සාමාන්‍ය ක්‍රමයට ප්‍රසූතිය අපහසු වෙන අයව. සාමාන්‍යයෙන් උසින් අඩු අම්මල සහ දරුවා කුස තුල පිහිටන විදිහ අනුව ජීවිතේට අනතුරක් ඇති අම්මල . එහෙමයි කියල අම්ම කෙනෙක්ගේ ආදරේ අඩුවෙනව කියල කියනවනම් ඒක පුහු මතයක් . මොකද සීසර් සැත්කමකදී දැනෙන වේදනාව සාපේක්ශව අඩුවුනාට පසුකාලීනව අතිවන සංකූලතා අධිකයි. අම්ම කෙනෙක් තමන්ගේ ජීවිතේට ඒ වගේ අවදානමක් ගන්නේ දරුවට තියෙන ආදරෙ නිසාම නොවේද?
    සමහර වෙලවට සාමන්‍ය ප්‍රසූතියේදී අත්විදින්න වෙන වේදනාව නිසා දරුවට වෛර කරන අම්මලත් මං දැකල තියෙනව . මට කියන්න ඕනි වුනෙ මේ වගෙ කාරනවක් නිස අම්ම කෙනෙක්ගෙ ආදරේ වෙනස් වෙන්නෙ නෑ සහ වෙනස් වෙනවනම් වෙනස් වෙන්නේ අම්මගෙ අධ්‍යාත්මික ගුණවගාව නිසා කියලයි.අම්මලගේ ආදරේ අපිට හිතාගන්නත බැරි තරම් පුදුමයි.

    ReplyDelete
  41. @විසිතුරු :
    ඒකම තමයි මල්ලි මටත් හිතෙන්නේ.

    @රාජ් :
    ඒකනම් ඇත්ත තමයි. හික්ස් :)

    @චතූ...... :
    මාත් නොදනි. :)

    ReplyDelete
  42. @කිඩෝ :
    ඒකනේ. මටත් ඕකම හිතුනා.

    @Luckey :
    ඒක හරි අයියේ. අම්මා කෙනෙක්ගේ ආදරේ අවතක්සේරු කරන්න බෑ. මම් මේ පෝස්ට් එකේ අහන්නේ එවුන් තර්ක කරපු එක හරිද වැරදිද කියලා. අයිය කිව්ව කතාවත් හරි සිසේරියන් කරපු එකේ වේදනාව දැනෙන්නේ පස්සේ.

    @ChammA :
    මහේෂ් අයියාගෙන් අහලා බලන එක කොයිකටත් හුරුයි වගේ.

    ReplyDelete
  43. @අසනි :
    ඔයා කියන කතාවටත් මම් එකඟයි. ප්‍රතිශක්තිකරණයේ පොඩි වෙනසක් නම් තියෙනවා කියලා අහලා තියෙනවා.

    @Chanaka Aruna Munasinghe :
    අම්මෝ මම් සර්ගේ වෙලාව කන්න හැදුවේ නෑ. හික්ස් :)
    අයියා කියන කතාවත් හරි. බබ්බුන්ව කන සත්තුත් ඉන්නේ ඔය ඕන්තරම්.

    @Kasun :
    මේකට උත්තරයක් හොයන එක නම් ප්‍රායෝගිකව කරන්න අමාරු වෙයි.

    ReplyDelete
  44. @පිණිබිඳු... :
    ඔන්න උත්තරයක් එහෙම ලැබුනොත් මටත් කියන්න ඕනේ හොඳේ.

    @හිතුවක්කාරි :
    ඔවු ඒක හරි නංගි. වදලා දාලා යන අම්මලාත් ඉන්න එකේ තව මොන කතා ද. සමහර අම්මලා වදන්න පින් නෑ. ඒ උනාට දරුවෝ හොදට හදගන්නවා.

    @nawammawatha :
    ඒක නම් ප්‍රශ්නයක් තමයි.

    ReplyDelete
  45. @ප්‍රාර්ථනා :
    නංගි කියන කතාවත් හරි. අම්මලා හදන්නේ මොන දුක විඳලා හරි තමන්ගේ දරුවගේ මූන බලන්න. ඉතින් ඒක කොහොම උනාම මොකෝ.

    @හරී - පිණිපළස :
    මොම්මක් හදන එක කෙසේ වෙතත් තාත්තෙක් වෙලා නම් බලන්න පුලුවන් වෙයි. හික්ස් :)

    @දිල් :
    අක්කගේ කතාවට මම් සියයට සියයක්ම එකඟයි. වදන එකෙන් කෝම ආදරේ වෙනස් වෙන්නේ.කොහොම වැදුවත් එකයි නේ.

    ReplyDelete
  46. @JHOTHISHALANKA :
    ඒක හරි අයියා. සමහර අම්මලා බබා බඩේ ඉන්නකොටත් හරියට ඉන්නේ දරුවා ලැබුනා වගේ.

    @මන්තරකාරි :
    ඔව් සීසර් කරන්නේ නෝමල් ලැබෙන්න බැරි නම් තමයි නේ. නැත්නම් නෝමල් දරු උපතකට ඉඩ තියනවනේ.

    @Tharinduhw122 :
    ඒකම තමා අයියේ මාත් හිතන්නේ.

    ReplyDelete
  47. @Gimhani :
    ඕනම අම්මා කෙනෙක් මාස නමයක් එකම විදිහට ඉන්න එකේ අන්තිම මොහොතේ කොහොමද ආදරේ වෙනස් වෙන්නේ. ඔයා කියන කතාවත් ඇත්ත ගිම්හානි.

    @පිස්සු පුසා :
    නෝමල් විදිහ ගොඩක් හොදයි තමා.

    @පැණි දොඩම් :
    මාත් හිතන් නෑ.

    ReplyDelete
  48. @කේෂාන් De சில்வா :
    ඔය අල ගැන නම් මතක් කරන්නවත් එපා. පාඩම් කරන්න ගියාම මොකෙක් හරි එකෙක් එනවමයි. එපා වෙනවා. සමහර එවුන් කෑලි නමයේ පසල් එහෙමත් අරගෙන එනවා විසදපන් කියලා. හික්ස් :)

    @නිසුපා :
    ඔයත් එහෙනම් පිණිබිඳු වගේම පස්සේ කියන්නකෝ අක්කේ. දෙන්නම තකට තක. එකම ඉස්කෝලේ නේ. හික්ස් :)

    @සෝරෝ :
    ඒක තමයි කියන්නේ. මොන මිම්මෙන්ද මන්දා අයියේ !!!

    ReplyDelete
  49. @පූසා :
    අපෝ නෑ. නෝමල් ළමයිනුත් ඔය ඕනතරම් ඉන්නේ.

    @malmi :
    ගොඩක් ස්තුතියි අක්කේ තමන්ගේ පුද්ගලික අත්දැකීම් මගේ ලිපියට එකතු කලාට. අපේ යාලුවෝ එල්බගෙන ඉන්න වැරදි මතයට දුරු කරන්න මේක ලොකු උපකාරයක් වේවි.

    @ක්සැන්ඩර් | Xander :
    නියම අම්මා කෙනෙක් කියන්නේ දරුවෝ වදලා විතරක් ගැලවෙන කට්ටියට නෙමෙයි. දරුවෝ හොදට හදා ගන්නත් ඕනේ. අයියගේ කතාවට එකඟයි මම්.

    ReplyDelete
  50. @දේවා ගේ අඩවිය :
    ඔව් මල්ලි. සමහරුන්ව සිසර් කරලා හරි අරගත්තේ නැත්නම් ජීවිත අවදානමක් තියෙනවා. මල්ලි කියනවා වගේ සිසර් නොකර හිටියනම් මල්ලිත් මේ ලෝකේ එළිය බලන එකකුත් නෑ.

    @ටෙෂාන් | Teshan :
    අදහස් වලට ගොඩක් ස්තුතියි.

    @Dinesh :
    මල්ලි කියන්නේ මල්ලිගේ අදහස් නේ මම් මොකටද වැරදියට හිතන්නේ. අනික මම් කියන හැමදේටම මල්ලි එකඟ වෙන්න කියලා නියමයක් නෑනේ :)
    මම් වැරදි නම් මට බයින්න මල්ලිට අයිතියක් තියෙනවා.

    ReplyDelete
  51. @සරත් ලංකාප්‍රිය :
    තමන්ගේ බිරිද තමන්ගේ දරුවව ප්‍රසූත කරනවා බලන්න දෙන්න තරම් ලංකාව දියුණු නැති එක නම් දුකට කාරණාවක්. අයියා කියන කතාව ඇත්ත. අපිට ඔය වේදනාව දැනෙනවා නම් මෙලහකට අපි මැරිච්ච තැන් වල ගසුත් පැලවෙලා.
    අම්මා කෙනෙක් දරුවෙක් වදන පිනම ඇති මතු බුදු වෙන්න.

    @දිනුක ජයකොඩි :
    ඒ උනාට සාමාන්‍ය ක්‍රමයට දරුවෙක් ලැබුනම ඒ දරුවට ප්‍රතිශක්තිකරණ හැකියාව වැඩියි කියලා මම් අහලා තියෙනවා.

    @සුදු මැණිකේ(මැණික්) :
    ගොඩක් ස්තුතියි නංගි ඔයාගේ අදහස් වලට. මම් නොදන්න ගොඩක් දේවල් ඔයාගේ අදහස් වල තියෙනවා. සිසේරියන් ක්‍රමය කරන කොට නොමල් වගේ අමාරුව අඩු උනාර අර ඔයා කිව්වත් වගේ පහු කාලිනව සංකූලතා ඇතිවීමේ අවදානමක් තියෙන්න පුලුවන්.

    කොයිම අවදානම උනත් අරගෙන අම්මා කරන පරිත්‍යාගය සුළුපටු එකක් නෙමේ. ඒක මේ ලෝකේ ක‍්අරන්න පුලුවන් උත්තරීතරම පරිත්‍යාගයක්.

    ReplyDelete
  52. මොන බොරුද බං! අම්මා කෙනෙක්ගෙ ආදරේ එහෙම මනින්න පුලුවන්ද? මමනං කියන්නෙ තනිකර බොරු

    ReplyDelete
  53. අනේ මන්දා බන් .. මට ඔව්වා තෙරෙන්නෙ නෑ..

    ජය..

    ReplyDelete
  54. මේක අම්මගෙන් අහලා බලන්න ඕන ..

    ReplyDelete
  55. මේ තත්ත්වේ ගැන මගේ මතය මේකය . මම නම් හිතන්නේ මවගේ ආදරයේ ප්‍රමාණයේ වෙනසක් හොයන්න අමාරු වේවි මොකද ආදරේ කියන්නේ චිත්තවේගීය බැඳිමක්නේ , නමුත් මවට හෝ පැටියගේ ජීවිතේට අනතුරක් පිළිබඳ සැකයක් නොමැති නම් සාමාන්‍ය ප්‍රසූතිය වඩාත් සුදුසු බවයි විද්‍යාත්මක පොදු මතය. එයට හේතු ගණනාවක් තිබෙනවා , (ඖෂධ වල බලපෑම් , රුධිර පීඩන වෙනස් වීම් , ශ්වසන ක්‍රියාකාරීත්වයේ වෙනස් කම් ...ඔය ඔක්කොම කියන්න ගියොත් මේ බ්ලොග් එකේ තියෙන සුන්දර බව නැතිවේවි කියල හිතෙනවා ,

    ReplyDelete
  56. අම්මලාගේ හිත්වල දරුවන්ට තියෙන ආදරේ තරමේ හැටියට ඔය පොඩ්ඩ මොකක්ද මදුරංග මල්ලි? නොසලකා හරිය හැකි තරම්. ඒ කියන්නේ දෙකේ කිසිම වෙනසක් නෑ.

    ReplyDelete
  57. අනේ මට නම් මොනවත් ම තේරෙන්නේ නෑනේ!

    ReplyDelete
  58. මට නම් හිතෙන්නෙ, ඔය කියලා තියන දේ ආදරේට බලපාන්නෙ නැහැ කියලා, මොකද තමන්ගෙ කුසින් වදාපු නැති ලමයින්ට තමන්ගෙ ලමයින්ට වඩා ආදරේ කරන අම්මලා ඕන තරම් ඉන්නවා ....

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.