26 September 2011

වලේ නාට්ටි

පේරාදෙනියේ සරත්චන්ද්‍ර එළිමහන් රංග පීඨය එහෙමත් නැත්නම් කවුරුත් දන්න විදිහට කියනවනම් 'වල' කියලා කියන්නේ පේරාදෙණි සරසවියට තියෙන එකම එළිමහන් රංග පීඨයට. ඒක හදන්න මුල් වෙලා තියෙන්නේ මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර මහත්තයා නිසයි ඒකට 'එදිරිවීර සරත්චන්ද්‍ර එළිමහන් රංග පීඨය' කියලා කියන්නේ.

පිහිටි බිම පාවිච්චි කරගෙන පැනොරාමා තියටර් වර්ගට අදාල වෙන විදිහට 'වල' නිර්මාණය කරලා තියෙනවා.

(පැනරෝමා වර්ගයට අයත් ග්‍රීක රඟමඩලක්)

ගොඩක් වේදිකා නාට්‍ය කලාකරුවන් අතර මතයක් තියෙනවා තමන්ගේ නාට්‍ය සංදර්ශනය වලේ පෙන්නන්න පුලුවන් උනොත් ඒ නාට්‍ය නිර්මාණය සාර්ථක වෙනවයි කියලා. ඒ වෙන හේතුවක් නිසා නෙමෙයි සරත්චන්ද්‍ර මහත්තයා වගේ කෙනෙක් මුල්වෙලා නිර්මාණය කරපු රඟමඩලක් වීම නිසයි.

වලේ වේදිකාවේ ඉදලා නාට්ටියක් රඟදක්වනකොට හැම නළුවාම අංශක 200ක් ඔලුව උස්සලා දෙබස් කියන්න ඕනේ. ඒකට හේතුව වෙන්නේ ප්‍රේක්ෂකයෝ ඉන්නේ නළුවන්ගේ මට්ටමේ ඉදලා අංශක 200ක් උඩින් වීමයි. පොඩි අවුලකට තියෙන්නේ වේදිකාව පැත්තකින් ලොකු රොබරෝසියා ගහක් තියෙන එක. ඒ නිසා ඒ ගහ පැත්තේ වාඩිවෙලා ඉන්න ප්‍රේක්ෂකයන්ට වේදිකාව හරි හැටි පේන්නේ නෑ.
(මේ තියෙන්නේ සරත්චන්ද්‍ර එළිමහන්‍ රඟමඩල. වම් පැත්තෙන් තියෙන්නේ මම් කියපු රොබරෝසියා ගහ. ඔය මැද රවුම තමා රඟමඩලේ වේදිකාව)


ඒ හන්දම ඒ පැත්තේ සීට් ටික හැම නාට්‍ය සංදර්ශනකයදිම ඉතුරු වෙනවා.සමහර දවස්වලට වැස්ස හන්දා නාට්ටි සංදර්ශන වලට එන පිරිස අඩු වීමක් ඇරෙන්න අනිත් දවස්වල වල පිරෙන්නම සෙනග ඉන්නවා. එදාට ඉතින් පරක්කුවෙලා ආවොත් වලේ පැත්තකට වෙලා නාට්ටිය ඉවර වෙනකන් හිටගෙන ඉන්න වෙනවා.

අවුරුද්දේ අග හරියට වෙනකොට 'වල සතිය' කියලා වලේ නාට්ටි පෙන්වන සතියක් තියෙනවා. එදාට අහල පහල ගම් වල අය වගේම කැම්පස් වල ඉන්න අපිත් 'වල' බහින්න එනවා. එදාට ඉතින් පාඩම් කරනවා බොරු. වල බහින්න වලට අදින්න අපේ බැච් වල කොල්ලෝ හරියට උත්සහ කරනවා.

මට මතකයි එක වතාවක් වලේ පෙන්නුවා ලූෂන් බුලත්සිංහල මහත්තයාගේ 'තාරාවෝ ඉගිලෙති' නාට්ටිය. එදා නාට්‍යය සංදර්ශනය ඉවර වෙලා බුලත්සිංහල මහත්තයා නළු නිලියෝ හදුන්වලා දුන්නා. එදා රොඩ්නි වර්ණකුල ආදරනීය කලාකරුවගේ අම්මා අන්ත්‍රා වෙලා මිනිය ගෙදෙට්ට ගේන වෙලාවට ලූ මේ නාට්‍ය සංදර්ශනය තිබුන බවත් සදහන් කලා.

එදා ඒ කලාකරුවා කරපු කැපකිරීමට ගරු කිරීමක් විදිහට වලේ නාට්ටි බලපු හැමෝම නැගිටලා අත්පොලසන් දුන්නා.

ඒ වගේම "නියම කලාකරුවෙක් කලා නිර්මාණයකට සහභාගී නොවී ඉදීමට තියෙන එකම සාධාරණ හේතුව තමන්ගේ මිය යාම විතරක්ම ..." බවත් එතුමා සදහන් කලා මට අද වගේම මතකයි.

55 comments:

  1. අග්‍රගණ්‍ය කලාකරුවෙක්.......
    මටත් ආසයි පෙරේ ඇවිත් වලේ නාට්‍ය බලන්න,,..

    ReplyDelete
  2. අපේ විද්‍යාපීඨෙත් ඔය "වල" විදිහට හදපු දේශන ශාලාවක් තියෙනවා, දේශක පහළින් ඉන්නකොට ළමයි ඔක්කොම එක විදිහට පේනවා. හැබැයි වැඩිපුරම ඔතන පාවිච්චි කරන්නෙ අපි හොඳ වැඩ කරහම තමයි, අවවාද අනුශාසනා දෙන්න එහෙම :D

    ReplyDelete
  3. පේරාදෙණියෙ වලේ නාට්‍යක් අවුලක් නැතුව රඟ දැක්වුවොත් අනිවාර්යයෙන්ම සාර්ථක වෙන කතාව නම් මාත් අහල තියෙනවා. ඒත් මට නම් බැරි උනා එහෙම නාට්‍යක් බලන්න.

    ReplyDelete
  4. මල්ලි පේරාදෙණියේ ද? ඉරිසියාවේ බෑ :) අපේ එකෙත් තිබුණා ඔහොම වලක්..හොඳටම වල් බිහි වෙලා. ලගදි ඒක සුද්ද කරලා ගත්තද කොහෙද.දැන්වත් වැඩක් ගන්නවද දන්නේ නෑ..

    ReplyDelete
  5. අපෙත් පොඩියට වලක් තියෙනවා.සමහර කාල වලට නාට්‍යත් පෙන්නවා. හැබැයි මදුරු විමානෙ.

    ReplyDelete
  6. ආ නිසුපා යි මමයි කතා කරන්නේ එකම වලක් ගැනද කොහෙද..

    ReplyDelete
  7. කැම්පස් ජිවිතේ මම වැඩිපුරම ආස තැන තමයි වල . ඔතන වැඩියෙන්ම ලස්සන මල් පිපෙන කාලෙට නේද? ජිවිතේ පළවෙනි පාරට මම නාට්‍යක් බැලුවේ වලේදි...

    ReplyDelete
  8. අපේ නං වල තිබුනෙ කැම්පස් එකේ නෙවේ හොස්ටල් එකේ. බොරුනං මෙන්න බලන්න..:D

    ReplyDelete
  9. ඔය පේරේ වලේ නාට්‍යයක් පෙන්නපුවම සාර්ථක වෙන කතාව මාත් කලින් අහලා තියෙනවා....එකම එක පාරක් ඕකෙ නාට්‍යයක් බැලුවා..." සාරංගා නැවෙන් ඇවිත් " .....රොබරෝසියා මල් හැලෙද්දී ඔතන හරිම ලස්සනයිලු...පේරේ ඉගෙන ගන්න මට බැරි උනාට ඔය අපේ අඩවිය.....අපිට ආඩම්බරයි...

    ReplyDelete
  10. අයියේ එතකොට වටාපිටාවේ සද්ද එක්ක කියන දේවල් හොදට ඇහෙනවද?

    ReplyDelete
  11. මමත් බොහෝම අගේ කරන කලාකරුවෙක් රොඩ්නි වර්ණකුල කියන්නේ. ඔය කතාව මේ ලගදි ඩී එෆ් සීසී මයින්ඩ්ස්ටා වලදී කිව්වා රවීන්ද්‍ර රන්දෙනිය මහතා. ඒ වෙලාවේ මගේ ඇස් වලට කදුළුත් ආවා.

    ReplyDelete
  12. මම ලංකාවෙ ඉන්න කාලේ ප්‍රිසිද්ධ නාට්ටි කීපයක් එක්කම සංගීතයෙන් සම්භන්ධ වෙලා හිටිය නිසා වලට කීප පාරක්ම ඇවිත් තියෙනවා. හෝල් වල තියෙන දර්ශන වලට වඩා වලේ නාටිය පෙන්නීමේ ලොකු වෙනසක් තියෙනවා වගේම කලා කාරයොත් හරිම කැමතියි වලේ නාට්ටියක් පෙන්නන්න.. මල්ලි කිව්වා වගේ ඒ හැම නාට්ටියකටම වල කපලා සෙනග හිටියා. සමහර වෙලවාට අපි වාදක මණ්ඩලයට ඉන්න තැනක් පවා නැති විදිහට සෙනග හිටපු අවස්ථා තිබුනා.

    ReplyDelete
  13. මම එකම එක පාරක් වේදිකා නාඨ්‍යක් බලලා තියෙනවා. ආයෙම පාරක් යන්න ඕනේ...

    ReplyDelete
  14. අප්පා.. වලේ නාට්ටි තිබ්බොත් ඉතින් මම සහ පිරිවර එතන.. අපිට ඔතන පයින් එන දුර නේ.. දැන් නම් යන්න බැරි උන අවුරුදු 4කින් විතර.. දැන් මෙහෙ කොහෙද වලවල් ...

    ReplyDelete
  15. වලට බැහැල නැති වුනාට වල ගැන සෑහෙන්න විස්තර නං අහල තියෙනව, දැනට ටික කාලෙකට උඩදි පොඩි නාට්‍ය කණ්ඩායමක් එක්ක රොඩ්නි වර්ණකුල පර්ත් නගරයට ආව. පසුව පැවති ප්‍රිය සම්භාශනයකදී හමු වෙලා කතා කරන්නත් ලැබුන. අපේ ඉල්ලීම උඩ එතැනදී තාරාවෝ ඉගිලෙති නාට්‍යයෙ සිංදුවකුත් කිව්ව.

    ReplyDelete
  16. ලගදීම අපිත් වලේ...

    ReplyDelete
  17. මටත් හැමදාම වලේ නාට්‍ය පෙන්නන සතියෙ බලධාරියාගෙන් ඉන්විටේෂන් එනවා බලන්න එන්න කියලා. ඒත් මොකක්හරි වැඩක් සෙට් වෙලා හැමදාම බලන්න යන්න බැරි වෙනවා. ඊළඟ පාර ඕක තියෙද්දි අපි කැම්පස් අවුට් වෙලා තියෙයි

    ReplyDelete
  18. රොඩ්නි වර්ණකුල හරිම නිහතමානි කලා කරුවෙක් . ඕනම කෙනෙක් එක්ක කතා කරනව පාරේ තොටේ දැක්කත්.නිතරම සිනාවෙන්මයි ඉන්නෙ..

    ReplyDelete
  19. මම පේරා එන්න එක හේතුවක් තමා වලේ නාට්‍ය බලන්න ඕන වෙචිචි එක....:D

    ReplyDelete
  20. මාරම ලස්සන තැනක් තව ලස්සන ෆොටෝ ටිකක් දාපන් අයියේ අපි ව්ගේ කැම්පස් යන්න බැරි වෙච්ච එවුන්ටත් බලා කියාගන්න .

    දැන්නම් මටත් ආසාවේ බෑ වලේ නාට්ටියක් බලන්න ..

    ReplyDelete
  21. කරුමෙ කියන්නෙ අපි බැහැපු එකම වලකවත් පෙන්නුවෙ නැහැ නෙව නාට්ටි. හැබැයි පහුගිය දොහක දෙහිවල සත්තුවත්තෙ වලේ අලි සෙල්ලං නං බැලුව.

    ReplyDelete
  22. කැම්පස් ජීවිතේ තරම් ලස්සන කාලයක් තවත් තියෙනවද? හ්ම්ම්... සුන්දරම කාලේ ජීවිතේ. මටත් ආසයි පේරේ වලේ නාට්ටියක් බලන්න. අහලා තිබුනා වුනත් මම දැකලා නම් නෑ..

    ReplyDelete
  23. ම්ම්ම්ම්ම්ම කවදාත් වලේ නාට්‍යක් බලල නැති උනාට මේක කියෙව්වට පස්සෙනම් බලන්නම හිතෙනවා..
    ඒ වගේම "නියම කලාකරුවෙක් කලා නිර්මාණයකට සහභාගී නොවී ඉදීමට තියෙන එකම සාධාරණ හේතුව තමන්ගේ මිය යාම විතරක්ම ..."
    බොහෙම ලස්සන කතාවක්...

    ReplyDelete
  24. වලේ නාට්‍ය පෙන්නීම නෙමෙයිලු සාර්ථකභාවයට හේතුව.වලේ නාට්‍යයක් පෙන්නලා හූ පාරක් කෑවෙ නෑ කියන්නෙ ඒ නාට්‍යය සාර්ථක එකක් කියලා නාට්‍ය කරුවො පිළිගත්තලු.ඒ කියන්නෙ ඒ දවස්වල පේරෙ හොඳ ප්‍රබුද්ධ ප්‍රෙක්ෂක්යො කණ්ඩායමක් ඉඳලා තියෙනවා.දැනුත් එහෙමම තමයි මම හිතන්නෙ.කොළඹ ඉන්න අපේ උන්ටනං එච්චර හැඟීමක් නෑ නාට්‍ය ගැන.බලන අය නැතුවා නෙමෙයි.ඒත් ටවර් එකේ පෙන්නුවත්, එල්ෆින්ස්ටන් එකේ පෙන්නුවත්, ලයනල් වෙන්ඩ්ට් එකේ පෙන්නුවත් ගොඩක් වෙලාවට එකම ප්‍රේක්ෂක පිරිසක් තමයි ඉන්නෙ.

    රොඩ්නි ගැන කියනවානං මම ආසම නළුවෙක්.අපේ ෆැකල්ටියෙ නාට්‍ය තරඟයකට ආව රොඩ්නිගෙන් රංගනයට පැසසුමක් ලබන්න මම වාසනාවන්ත උනා.මගේ ජීවිතයේ ලබාගත්තු ලොකුම දේවල්වලින් එකක් තමයි ඒ.....

    ReplyDelete
  25. අර උඩින්ම තියෙන පින්තූරේ රගහල තියෙන්නේ ඉතාලියේ වගේ හැගීමක් මට තියෙනවා.. හැබැයි හරියටම ශුවර් නෑ...
    කොහොම උනත් රොඩ්නි වර්ණකුල ආදරණිය කලාකරුවගේ එදා ඒ කැපවිම ගැන කියන්න වචන නෑ..

    ReplyDelete
  26. වල...

    කැම්පස් ගැන මෙලෝ අදහසක් නැති මට තියෙන ලොකුම ආසාවක් නං තමා ඔතන නාට්ටියක් බලන එක...ඇත්තටම අපිට බැරිද..?

    රොඩ්නි ගැන මොනවා කියන්නද..අල්පයක් වූ වීරයින් අතරේ..එකෙක් වූ රොඩ්නි.

    ReplyDelete
  27. @මාරයා
    නාට්‍යක් තියනකොට බලන්න එන්න. පිට අයට කිසි තහනමක් නැහැ. හැබැයි ටිකට් එකේ ගාන වැඩියි

    ReplyDelete
  28. @මාරයියා..කිසි අවුලක් නෑ අයියා....ටිකට් එක කැම්පස් අයට වඩා ඩබල්....වල සති දෙකක් තියෙනවා අවුරුද්දකට....කැමති එකකට එන්න....

    ReplyDelete
  29. මමත් ඉතින් වැස්සකටවත් කැම්පස් ගියේ නැති එකේ වලේ නාට්ටියක් බලනවා තියා වල පියවි ඇසින් දැකලවත් නැහැ. ඒත් වල ගැන ගොඩක් අහල තියෙනවා. වල අයත් වන්නේ ඇම්ෆි තියටර් (amphitheatre ) ගණයට. මෙහි ආදර්ශය තමා ග්‍රීසියේ ඇතන්ස් නුවර ඇක්රොපොලිස් හි ඇම්ෆි තියටරය. මෙහි අතීතයේ නාට්‍ය තරඟ පැවත්වී තිබෙනවා. එය හඳුන්වා තිබෙන්නේ City Dionesia නමින්. ඒ තරඟ වැඩි ප්‍රමාණයක ජයග්‍රහණය හිමි කර ගෙන තිබෙන්නේ ඊස්කිලස් නම් අග්‍රගන්‍ය නාට්‍ය කරු විසින්. ඔහුගේ නාට්‍ය අතර අග්‍රගන්‍ය නාට්‍යය ලෙස හැඳින්වෙන්නේ "ඊඩිපස් රෙක්ස්".
    අපිට නාගරිකව දක්නට ලැබෙන සාමාන්‍ය නාට්‍ය ශාලා අයත්වන්නේ ප්‍රොසීනියම් තියටර් (proscenium theatre) ගණයට.

    ලංකාවේ විශ්ව විද්‍යාල ආශ්‍රිතව කාලෙන් කාලෙට හොඳ නාට්‍ය නිෂ්පාදනය වෙනවා. මුල්ම කාලේ කොළඹ විශ්ව විද්‍යාලය මීට මුල් වුනත් පසු කාලීනව පේරාදෙණිය ප්‍රමුඛ වෙනවා. ඒ මහාචාර්ය සරච්චන්ද්‍රයන් නිසා. ඒත් වර්තමානයේ නම් හොඳම නාට්‍ය නිෂ්පාදනය වෙන්නේ කැලණියේ. මෑත කාලීනව ඔවුන් ඉතා උසස් නාට්‍ය නිෂ්පාදන කිහිපයක් බිහි කළා.
    -අද වගේ දවසක ඇන්ටිගනී
    - ජනේලයෙන් පනින්නද?
    - ඊඩිපස්
    හොඳ උදාහරණ.
    කැලණිය විශ්වවිද්‍යාලයේ අඛිල සපුමල් නම් තරුණ නාට්‍ය කරු ඔහුගේ කුළුඳුල් නිර්මාණය ලෙස කල "රාවණ" නාට්‍යයත් උසස් රසයක් ගෙන එන්නක්.

    ReplyDelete
  30. රොඩ්නි වර්ණකුල කියන්නේ නම් මම ආසම කලාකාරයෙක් බං. දක්ෂකම වගේම ගතිගුණත් උපරිමයි.

    ReplyDelete
  31. හ්ම්ම්... මමත් ආසයි වලේ නාට්ටියක් බලන්න... අපට ඉතිං මෙහේ වලක් නෑ නේ...

    ReplyDelete
  32. අය්යා අපිවත් ඕකට දවසක එක්කගෙන යමුකෝ.... දැන් අවුට් වෙන්න උන්නත් ඉතින් තාම බැරි නැනේ... කැම්පස් යාලුවෝ නම් ඉන්නවා ගොඩාක් කොහෙද මේ un වගේ දේවල් කිය්න්නේ නැනේ ඉතින්

    ReplyDelete
  33. පේරා වගේ වලක් අපිට නෑනේ. ඒත් අපෙ කට්ටියත් නාට්‍ය බලන්න හරිම ආසයි. අපිට ඒ වෙනුවෙන් තියෙන්නෙ NAT එක හෙවත් New Arts Theater එක.

    ReplyDelete
  34. @රහස් පරික්ෂකයා :
    ඕනම කෙනෙක්ට එන්න පුලුවන් වලේ නාට්ටි බලන්න.

    @හරී - පිණිපළස :
    ඒ කියන්නේ හරී ටීචර් ඔයාලගේ අයත් වැරදි කරනවද ? ටීචර්ලා ළමයින්ට තලන විදිහට ටීචර්ලාටත් වේවැලකින් තලන්න ඕනා. හික්ස් :)

    @පිණිබිඳු... :
    වෙලාවක සජිත් මහත්තයත් එක්ක ඇවිත් නාට්ටියක් බලන්න එන්න. ආයේ ඉතින් කාගේ තහනමක් දෑ.

    ReplyDelete
  35. @Sayuri :
    පේරාදෙණියේ තමයි අක්කා. අක්කලෑ අප්පච්චිත් පේරා කෙනෙක් ලූ නේ ? හරි ශෝක්

    @නිසුපා :
    මෙහෙ සීතලට මදුරු කරදරේ නම් නෑ. මදුරු කරදරෙත් එක්ක කෝමද අප්පා නාට්ටි බලන්නේ.

    @Sayuri :
    ඔයා අක්කයි නිසු අක්කයි කියන්නේ එකම වලක් ගැනම තමා.

    ReplyDelete
  36. @අකීකරු හිත :
    ඔයත් පේරේ ද ? ඔවු මල් පිපෙන කාලයට හරිම ලස්සනයි. මාත් වේදිකා නාට්ටි බලලා තියෙන්නේ වලේදි විතරයි.

    @රාජ් :
    අපේ හොස්ටලුත් වලවල් තමා. හික්ස් :)

    @දිල් :
    පුහ් ....!! දිල් අක්කගේ ආඩම්බරේ. අක්කලාගේ අඩවිය උනාට මේවා අපටත් අයිතියි හරිය. හික්ස් :)

    ReplyDelete
  37. @ChammA :
    හවස නාට්ටි පෙන්වන හන්දා එච්චරම අවුලක් නෑ. අනිත් එක තමා ඔය ලඟ තියෙන පාරේ 7.30න් විතර පස්සේ බස් යනවත් අඩුයි.

    @malmi :
    නියම කලාකරුවෙක් !!!!

    @දුමී :
    අයියත් නාට්ටි කණ්ඩායම් එක්ක ගිහින් තියෙන හන්දා ආයේ ඉතින් කියන්න දෙයක් නෑ. තාමත් වල කපලා සෙනග.

    ReplyDelete
  38. @Prasanna :
    ඉඩක් ලැබුනොත් මාත් එන්නම් අයියා.

    @ක්සැන්ඩර් | Xander :
    ආහ් අයියලාට ලඟයි තමා. අපිත් සමහර දාට අයියලා ඉන්න පැත්තේ යනවා කෑමට. එහේ ශෝක් හෝටලයක් තියෙනවා. හික්ස් :)

    @Observer :
    ඒ අය පර්ත් වලටත් ආවද. නියමයි නේ.

    ReplyDelete
  39. @MaRLaN :
    වලට ගියාට කමක් නෑ.. වලේ වැටෙන්නෙපා. හික්ස් :)

    @BLOG ගඩොල් :
    උබලා අපි ඔක්කොම අවුට් වෙලා ඉදීවී.

    @කතන්දර Kathandara :
    දන් ඉතින් මතක් කර කර ඉන්න තමයි වෙන්නේ.

    ReplyDelete
  40. @Gimhani :
    හ්ම්... නියම කලාකරුවෙක්. නිහතමානි මනුස්සයෙක්

    @මකුළුවා..... :
    මල්ලිලාට තව වාසනාව තියෙනවා වලේ නාට්ටි බලන්න.

    @හිස් අහස :
    තව ෆොටෝ දැම්මොත් ලෝඩ් වෙන්නේ නැති හන්දා තමයි දැම්මේ නැත්තේ.

    ReplyDelete
  41. @nawammawatha :
    ඒකනේ වල බහිනකොට බලලා බහින්න එපැයි. හික්ස් :)

    @ප්‍රාර්ථනා :
    හ්ම්ම්... කැම්පස් කාලේ මාරම සුන්දරයි.ඔයාලට ඉතින් දුරයි නේ. නැත්නම් එන්න තිබ්බා.

    @~~තරූගේ ලෝකය~~; :
    නුවරට කිට්ටුවෙන් හිටියනම් යන්න තිබ්බා.

    ReplyDelete
  42. @දිනුක ජයකොඩි :
    ගොඩක් ස්තුතියි මල්ලි නොදන්න දේවල් දැනුවත් කලාට. කොළඹ නාට්ටි බලනවට වඩා ඉතින් බලන්න කොච්චර නම් දේවල් තියෙනවද. ඒකනේ එහෙම වෙන්නේ.

    @Dinesh :
    නෑ මල්ලි රෝමයේ තියෙන කොලෝසියම නෙමෙයි ඒ. ඒක ග්‍රීසයේ තියෙන මොකද්ද මන්දා තියටර් එකක්.

    @මාරයාගේ හෝරාව :
    නාට්ටි බලන්න පුලුවන් අයියා. ඕනම කෙනෙක්ට එන්න පුලුවන්. අයියා කියන කතාව හරි. රොඩ්නි කියන්නේ එකම එක මනුස්සයෙක් විතරයි.

    ReplyDelete
  43. @deeps :
    ඔයාලගේ විභාගේ ඉවරයිද ?
    මාරයා අයියට උත්තර දුන්නට ස්තුතියි.

    @මකුළුවා... :
    මාරේ අයියට පිලිතුරු දුන්නට ස්තුතියි.

    @පොත් ගුල්ලා :
    ගොඩක් ස්තුතියි අයියා දීර්ග විස්තරයට. මම් නොදන්න අහලා තිමුනෙම නැති ගොඩක් දේවල් දැනගත්තා. අයියා කම්පස් නොගියට ඇවිදින විශ්ව කෝශයක් වගේනේ.

    ReplyDelete
  44. අයියා මේ පින්තූරෙත් දාන්න තිබුනනෙ ....
    https://docs.google.com/leaf?id=0B6M5H7z_HKQrZTVlMTg1YTAtMTZjOS00ODU1LWI5NDQtMTJjZjY3ZmY3OWIz&hl=en_US

    ReplyDelete
  45. @Kasun :
    හ්ම්... නිහතමානි මනුස්සයෙක්.

    @ප්‍රසංග :
    පේරා ආවා නම් ඇති වෙන්නම නාට්ටි බලන්න තිබ්බා.

    @දේවා ගේ අඩවිය :
    ඉඩක් ලැබුනම ගිහින් නාට්ටි බලමු.

    ReplyDelete
  46. @විසිතුරු | visituru :
    එහෙනම් මල්ලිත් නාට්ටි බලලා තියෙනවා. නියමයි නේ.

    @zeeker :
    හරි මල්ලි මම් දාන්නම් ඔය පින්තූරෙත්.

    ReplyDelete
  47. අහපු පුරස්නයට උත්තර දීපු..උදව් කරපු හැමෝටම බොහෝම පින් ඈ...
    දැන් ඉතිං කාව කාව හරි සෙට් කරගෙන ඕකේ හොඳ නාට්ටියක් යන දවසකුත් සෙට් කොරගෙන යන්ට එපෑ බලන්ට...

    ReplyDelete
  48. @මාරයාගේ හෝරාව :
    මාරේ අයියා කට්ටියත් එක්ක යනවනම් මාත් එනෝ. නාට්ටි යන දවස් මම් හොයලා කියන්නම්.

    ReplyDelete
  49. අනේ... ඔන්න මමනම් හොදටම පරක්කුයි...:(
    සමාවෙන්න ඕනෙ..
    අනේ අයියේ මටනම් දැන් මාරම් ආසයි ඔය වලේ නට්‍යක් බලන්න.. හයියෝ... අපිට කොහෙන්ද එහෙම වාසනාවක්..:(

    ReplyDelete
  50. සැබෑ..කලාකරුවෙක්ගේ හිත රැන්දවු මතකයක්...

    මට පේන්නේ යාලුවට ආයේ වල බහින්න බැරි එකට...දුකේ වගේ...හන්තානේ සොදුරු මතකයන් එමටයිනේ...දවසින් දවස දාමුකෝ බලන්න ඒවත්...

    ReplyDelete
  51. අපිට නෑනෙ වලක්.. ඒත් තිබේ 'නැට' ක්.

    ReplyDelete
  52. අපේ වලේ නාට්ටි නම් නෑ....මෙලෝ රහක් නැති කෑම තමා තියෙන්නෙ....

    @Gimhani :100% එකඟයි....

    ReplyDelete
  53. වලේ නාට්‍යයක් බලන කොට මට නං හිතෙන්නෙ TV එකේ ගොන් පාට් මෙගා ටෙලි බලනවට වඩා අපි කොච්චර වාසනාවන්තද කියල...!

    ReplyDelete
  54. අදම තමයි මම නං ඔය වල ගැන ඇහුවෙ .....
    ආසයි ඇත්තටම බලන්න ......

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.