23 September 2011

පංතියෙන් එළියට !!!

දවසක් අපේ ගණිතය කරපු මිස් පාඩමක් කරනවා භාග සංඛ්‍යා සුළු කිරීම් ගැන ඔය සුළුකිරීම් කරනකොට බෙදලා ඉවර වෙලා වැඩි කලත් එකයි වැඩි කරලා බෙදුවත් එකයි. ඉතින් ඕක ටීචර් ළමයින්ට තවත් තේරුම් ගන්න පුලුවන් විදිහට "දැන් ළමා..යි ගහලා බැන්දත් එකයි !!! බැදලා ගැහුවත් එකයි !!!!" කියලා කිව්වා. ඕක අහගෙන හිටපු අන්තීම පේලියේ එකෙක්ට "නෑනේ ටීචර් !!!" කියලා කිව්වා. නෑ..හ් කිය උනා.

පංතියේ එකම හිනා සාගරයක්.......

ඕක කොහොමහරි ගනන් උගන්න උගන්න හිටපු ටීචර්ට ඇහුනා. ටීචර් වහාම ක්‍රියාත්මක වෙලා මූව පන්තියෙන් එලියට දැම්මා. දැන් මේකා මූනත් හත‍රැස් කරගෙන පන්තියේ දොර ගාව ඉන්නවා. මේ සීන් එක බලාගෙන හිටපු මම්, ඔලුව බෑග් එකේ ඔබාගෙන හිනා උනා.

ටීචර් මාව දැකලා "තමුසේ මොකද හිනා වෙන්නේ ? තමුසෙටත් එළියට යන්න ඕනද !!!!" කියලා ඇහුවා. මම් යන්තන් හිනාව කපා ගත්තා.


උගේ වෙලාවට පංතිය ඉස්සරහින් ප්‍රින්සිපල් සර් ගියා. සර් ඇහුවා "තමුසේ වැරද්දක් කරලා නේ පන්තියෙන් එලියට දාලා ඉන්නේ " කියලා. මූත් ඉතින් " ඕ..හ් ඔ.. ඔව් සර් !! " කියලා ගොත ගහගා කිව්වා. එහෙනම් අල්ලනවා අත කියා වේවැලෙන් පාරවල් දෙක තුනක් දීලා සර් ගියා.

ඊට පස්සේ ටික වෙලාවකින් ඔතනින් ගියා උප විදුහල්පති එයත් ඇහුවා අර ප්‍රශ්නෙම මූත් සුපුරුදු පරිදි ගොත ගහහා ඔව් කියලා කිව්වා. සර්රුත් සුපුරුදු පරිදි පාරවල් දෙක තුනක් දුන්නා.

ඊටත් ටික වෙලාවකට පස්සේ ඔතනින් ගියා විද්‍යාව උගන්නපු සර්. සර් රුත් අර ප්‍රශ්නෙම අහලා මූට පාරවල් තුන හතරක් දීලා යන්න ගියා. දැන් මූට පාං කියා ගන්න බැරි තරමට ගුටි කාලා ඉන්නේ. ඕක කොහොමහරි ගණිතය උගන්නපු මිස් දැකලා මිස්ට දුක හිතුනා.

"ඔය ළමයා පංතිය ඇතුලට එනවා !!! ආයේ එහෙම ඕ වගේ වැඩක් කලොත් පංතිය අහලකටවත් ගන්නේ නෑ !!" කියලා පොඩි සැරකුත් දාලා කට කොනකින් හිනාවකුත් දාලා පංතිය ඇතුලට ගත්තා.

ගුරු මණ්ඩලය 100ක් විතර ඉන්න ඉස්කෝලේ ගුරුවරු 45ක් විතර හිටියා. ඒ නිසා එදායින් පස්සේ පංතියෙන් එලියට යන්න උනාම කිසිම එකෙක් පංතියේ දොර ලඟට වෙලා හිටියේ නෑ.
------------------------------------------------------------------

ප.ලි. -
ඔක්කොම කුණු බේරේ වැවට
මේ ලිපියත් මගේ ගිනුමට

49 comments:

  1. මේක ඔයාට නේද උනේ අයියා

    ReplyDelete
  2. අපෝ කොහොමද ඉතින් යන යන හැම මිස් කෙනෙක්ගෙනුයි සර් කෙනෙක් ගෙනුයි ගුටි කනකොට..
    ඇයි අයියේ පලිය ලිවුවේ , ගානට බොලේ පාස් කරන්න තිබ්බ චාන්ස් එකක් නේ නැති කරලා තියෙන්නේ..හිකිස්..

    ReplyDelete
  3. අර ප.ලි. එකෙන් නං මට තේරුනේ වැඩේ ඇත්තටම වෙලා තියෙන්න මධුරංග මල්ලිටම බවයි.
    මොනවා උනත් කොලුවා කියල තියෙන්නේ ඇත්තනේ. ගුරුවරු හරි වැරදි නොබලා දඬුවම් කරලා. වැඩේ කැතයි.

    ReplyDelete
  4. ගුරුවරුන්ගේ ක්‍රියාකලාපය පිළිඹද මොකුත්ම නොකියමි...

    ඇත්තටම මධුරංගයො ගහල බැන්දත්, බැදල ගැහුවත් දෙකම එකයිද?... රිස්ක් එක පිළිඹඳ ප්‍රශ්නයක් එනවදෝ කියල හිතෙනව මට ;)

    ReplyDelete
  5. ගණන් ගන්න එපා මල්ලි ඕක. ඔහොම දේවල් වෙනව. ඒ කාලෙ පංතියට වඩා වැඩි කාලයක් අපිත් හිටියෙ එළියෙම තමයි :)

    ReplyDelete
  6. මේකා තමා ගුටි කාලා තියෙන්නෙ සුවර් ඇන් ශොට්

    ReplyDelete
  7. මධුරංග බ්ලොග් එකේ ටයිටල් එක මට පේන්නේ නෑ...?
    බ්ලොග් පෝස්ට් එකේ නෙමේ බ්ලොග් එකේ... මගේ බ්‍රව්සරේ අවුලක්ද... ටයිටල් එකක් නැත්ද..? උඩම පේන්නේ ලා නිල්පාට බොක්ස් එකක් විතරයි

    ReplyDelete
  8. ඕකට අපි වගේ පන්තියෙන් එළියටම වෙලා ඉන්න ඕනා.. ඔය පන්තියට නෑවිත් ඉඳීමේ රෝගය හැදුනම අයෙ හොඳ වෙන්නෙ නෑ.. පටන් ගත්තෙ 10 වසරෙදි විතර. අන්තිමට උසස් පෙළට ආවම ලෙඩේ උත්සන්න වුණා.. දවසක් අපේ එක විෂයක් උගන්වපු සර් මම පන්තියෙ ඉන්නවා දැකලා ඇහුවා "තමුසෙ මේ පන්තියෙද?" කියලා.

    ReplyDelete
  9. ඕක එලියට දාන්නත් තරම් වරදක්ද?

    ReplyDelete
  10. හා හා හා.....මේක මල්ලිට නේද වුනේ....:)))

    ReplyDelete
  11. ගහල බැන්දත් බැදල ගැවුවත් එකයි ඉතිං බදින එකාට.. මගේ නම් උපදේස ගහල බදින්න... එතකොට අඩු ලුහුඩු කම් තියෙනවනම් හදාගන්න ලේසියි... බැන්දට පස්සෙ ඉතිං ඔය මොන මගුලක්වත් කරගන්න බෑ..

    සැ.යු :- කෙල්ලගෙ නැන්දමගෙ ආකල්ප පිලිබද සැලකිලිමත් වන්න...

    ReplyDelete
  12. ඔයාගේ ස්කෝලේ ළමයින්ට ගහන්න කියලා අවසර පත්‍රයක් දීලා තිබ්බද දන්නේ නෑ....

    ReplyDelete
  13. සිසුන්ට පහර දීම වහාම නැවැත්විය යුතුයි.
    මේවා තාම වෙනවා!

    ReplyDelete
  14. හපොයි ටීචර්ට වැරදිලාද මන්දා,, ව,න්,බෙ,ගු,ධ,සෘ,, මතක නැද්ද කාටවත්?

    ReplyDelete
  15. මල්ලී මම ඔයාට පොඩි උපදේශයක් දෙන්නම්.. මිට පස්සේ වත් තමන් ගේ කතා අනිත් අයගේ එකවුන් වලට දැමිමෙන් වලකින්න.. ඔන්න ඔහේ මමයි ගුටි කැවේ කිව්ව නම්.. මොකුත් වෙයි ද අපි උඩ පැන පැන හිනා වෙයි.. පොඩ්ඩක් එච්චර නේ..:P :D

    ReplyDelete
  16. ඕක කියවෙන එක සාමාන්‍ය දෙයක් නේ..
    මම ඔතන හිටියනම් මටත් කියවෙන්නේ ඒක.

    ReplyDelete
  17. පොඩි මෑන්ගේ සාටර් කොමන්ටුව හින්දා තේරුණාට මොකද මට ඔය දෙකේ වෙනසක් පෙන්නැතිව තිබුනේ හක හකස්.

    ඒ ස්කොලෙ ගුරුවරු එච්චරම බුද්ධිමත්ද ආ

    ReplyDelete
  18. අපිටත් ඔය වගේ දේවල් නම් වෙලා තියෙනවා , ඒව තමක් වෙනකොට තාමත් හිනා...

    ReplyDelete
  19. හිකිස්ස්ස්ස්ස්ස්ස්ස්ස්.... මේක වෙලා තියෙන්නෙ මධුරංග අයියටමලු..;) හි හි....

    එච්චරටම ගුටි දුන්නද අයියා?? පවු හැබැයි...

    ReplyDelete
  20. අනේ පව් මධුරංග අයිය...
    අත රිදෙන්න ඇති නේද.....

    ReplyDelete
  21. පල පල අනුන්ගේ නම් ගාවනව මෙතන... අඩෝ ඒ දෙකෙන්ම එකම දේ නෙ වෙන්නේ..... වෙනසක් නෑ....

    ජය...

    ReplyDelete
  22. ටීච ඔය ටික කිව්වෙ කොහොමද?සර් කෙනෙක් නම් අවුලක් නෑ.

    ReplyDelete
  23. මේක උනේ අය්යාටම කියමුකෝ.. ඒත් ඉතින් සර් ලාට ගහන්න තරම් මොකක්ද වැරද්ද කියලාවත් අහන්නේ නැතුව ලයිසන් දුන්නේ කවුද දන්නේ නැ...

    පින් නම් වේවැල අරගෙන ගියා කියමුකෝ... උපේත් ඕක කරේ තියන්ද ඇවිදින්නේ,,

    හිකිස් අය්යා පව්

    ReplyDelete
  24. මේක උනේ අය්යාටම කියමුකෝ.. ඒත් ඉතින් සර් ලාට ගහන්න තරම් මොකක්ද වැරද්ද කියලාවත් අහන්නේ නැතුව ලයිසන් දුන්නේ කවුද දන්නේ නැ...

    පින් නම් වේවැල අරගෙන ගියා කියමුකෝ... උපේත් ඕක කරේ තියන්ද ඇවිදින්නේ,,

    හිකිස් අය්යා පව්

    ReplyDelete
  25. @හරී පිණි - පළස
    මටත් හිතුන ටීචර්ගේ තියරියේ මොකක් හරි වැරද්දක් තියෙනවා කියල. ඔය අකුරු ටිකක් කිව්වට අපිට තේරෙන්නෙ නැහැ. ඔය හිටපු ටීචර් තුමී අපිට ඕක හරියට පැහැදිලි කරලා දෙන්ඩකො.

    ReplyDelete
  26. හිකිස්,,, ඔන්න මධුරංග අයියට වුන වැඩක් ආයෙමත් වතාවක් අහිංසක යාළුවෙක්ගේ පිටින් ගිය වගයි....
    හී හී හී....

    ReplyDelete
  27. මොනවා වුනත් ගහපු එක වැරදී.. අප්පා...

    ReplyDelete
  28. කමක් නෑ අයියා . අපි දන්නවා උඹට ඔය වගේ ගුටි බැට ඉවසා දරාගන්න පුලුවන් බව .

    මම නම් අනිවාරයෙන්ම සතියක එක දවසක් පන්තියෙන් එලියට වීසි වෙනවා හරි දන ගහගෙන ඉන්නවා හරි ..

    වැඩිපුරම ගෙදර වැඩ නොකරගෙන ගියාම තමා ඒකට මූන දෙන්න වෙන්නේ

    ReplyDelete
  29. චිඃ මට බෑනෙ මධුරංග උඹ ලියනවා වගේ, මට වෙච්ච දේවල් අනුංට උනා වගේ ලියන්න.මේකනං උඹට ලැබිච්ච වාසනාවක්.......හිඃ හිඃ හී...

    ReplyDelete
  30. මධුරංග අයියත් හොද වෙලාවට හිනාව නවත්ත ගත්තේ... නැත්නම් යාළුවට තනි රකින්න තිබුනා...

    ReplyDelete
  31. ටීචනේ වැඩේ අනාගෙන තියෙන්නෙ. ඒ ඇත්තටම ඒ දෙක වෙනස්ද? මට නම් ඕව තේරෙන්නේ නෑ බං. :D

    ReplyDelete
  32. නොදකින් වලත්තයා....





    උඹ නෙමේ ඒ ගුටි කාපු එකා. ඇයි බං හැමෝම ඌට ගහන්නේ. අනික අර මිස් කිවුව එකේ වැරැද්දක් නෑනේ. දෙකම එකම සීන් එකනේ... මට නම් තේරුනේ නෑ....

    ReplyDelete
  33. @ශානු :
    මට නෙමෙයි නංගි මේක උනේ.

    @ChammA :
    පලිය ලිව්වේ මල්ලි ලා මට බෝලේ පාස් කරනවා කියලා දන්න නිසා.

    @පොත් ගුල්ලා :
    ටීචර් ඒකාව පන්තියෙන් එලියට දාලා තියෙන්නේ ළමයි ඉස්සරහා ටීචර් චාටර් වෙච්ච එකට. හික්ස් :)

    ReplyDelete
  34. @සාතන් :
    ගහලා බැන්දම ගතියක් නෑනේ. රිස්ක් එක නම් වැඩියි තමා. හික්ස් :)

    @``` Outsider``` :
    අඩේ ඉතින් අයියා මේක මට උන දෙයක් කියලා කිව්වා යෑ. එහෙම උනේ නෑ කියලා කියලත් නෑනේ. :)

    @නදී :
    ඔවු ඉතින් එහෙමවත් කියමු. :)

    ReplyDelete
  35. @තිස්ස දොඩන්ගොඩ :
    නෑ අයියා උඩ තියෙන නම අයින් කරලා ඒ වෙනුවට බැනර් එකක් දැම්මා. මම් හිතන්නේ බැනර් එක ලෝඩ් වෙලා නෑ. :(

    @විසිතුරු | visituru :
    මල්ලිට වගේ මටත් ඔය ලෙඩේ තියෙනවා. ගොඩක් වෙලාවට මම් ඉන්නේ පුස්තකාලේ.

    @හරී :
    වරදක් නම් නෙමේ. ඕක ඉතින් ටීචර්ට වෙච්ච ලැජ්ජාව වග ගන්න නේ.

    ReplyDelete
  36. @නිසුපා :
    හික් හික් හික් නෑ නෑ නෑ :)

    @පොඩි මෑන් :
    කිව්වොත් ඉතින් කුප්ප කතාවක්ම තමයි. ඒ උනාට ඉතින් කතාවෙත් වැරද්දක් නැත්තෙම නෑ...

    @Il mondo di una povera pazza :
    ඒක නම් දන්නේ නෑ අක්කා. ඉස්සර ජයා කියලා මුස්ලිම් සර් කෙනෙක් ආවා. ඒකාගේ වැඩේම ළමයින්ට ගහන එක. ඌ මලා. ළමයි සතුටු උනා.
    (ඌ කියලා කතා කලේ ඒකා හොර සර් කෙනෙක් නිසා.)

    ReplyDelete
  37. @කතන්දර Kathandara :
    අනිවාර්යෙන්ම අයියා. ඒක නම් කල යුතුමයි.

    @හරී - පිණිපළස :
    ආහ් අක්කා. අක්කත් ටීචර් කෙනෙක් නේ. අපි නම් පාවිච්චි කලේ BODMAS නීතිය

    @චතුමිතු :
    කොහොමත් ඔයාලා බලන් ඉන්නේ මට හිනා වෙන්නමනේ. හික්ස් :)

    ReplyDelete
  38. @රහස් පරික්ෂකයා :
    ඒකනේ මල්ලි. ඒකේ වරදක් නෑනේ.

    @සිහිනයක මියැදුණ සිතක් :
    පොඩ්ඩා වැරද්දක් කිව්වද මන්දා. නොතේරි හිටපු කෙනාට ඒකත් තේරිලා. හික්ස් :)

    @මහේෂ් නිශාන්ත :
    මතකයන් ටිකක් විත‍රයි මහත්තයා අන්තීමට ඉතුරු වෙන්නේ.

    ReplyDelete
  39. @හිතුවක්කාරි :
    යන්ඩ චූටී නංගි යන්න. මේක මට උන එකක් නෙමේ හලෝ :)

    @පිසාචයා :
    මම් මොකෑ පවු වෙන්නේ.

    @Gayan Rupasinghe :
    වෙනසක් නම් නෑ තමා. ඒ උනාට රිස්ක් එකේ වෙනසක් තියෙනවා.

    ReplyDelete
  40. @නදීර සඳරුවන් ලියනගේ :
    ටීචර් එච්චර ඕක ගැන හිතලා නෑ. ඔහේ කටට ආපු පලියට කියලා දාලා.

    @දේවා ගේ අඩවිය :
    මල්ලිත් ඉතින් කියනවනේ මම් පවු කියලා. ඕක ඉතින් මට උනා යෑ. පිනා විතරයි වේවැලක් අරන් යන්නේ අනිත් එවුන් ගහන්නේ අතින්.

    @පොත් ගුල්ලා :
    ඒකනේ අයියා. අපේ හරී ටීචර් ඕක පහදලා දෙන්නේ නෑනේ.

    ReplyDelete
  41. @ප්‍රාර්ථනා :
    ලොකු නංගිගේ කමෙන්ට් එක තමා කමෙන්ට් එක කියන්නේ. හික්ස් :)

    @අසනි :
    ඒක හරි අසනියෝ.

    @හිස් අහස :
    මාව ඉතින් පංතියෙන් එලියට දැම්මොත් ඉතින් ඒ මොකක් හරි කියවිල්ලකට තමා.

    ReplyDelete
  42. @දිනුක ජයකොඩි :
    පලයන් යන්න !!!
    පිස්සු කියවනවා. කොච්චර කිව්වත් උබලා අහන්නේ නෑනේ. :)

    @Dinesh :
    එහෙම උනා නම් ඌයි මායි කැන්ටිමට ගිහින් දවල් කෑම කනවා.

    @Sayuri :
    පවු තමා.

    ReplyDelete
  43. @Kasun :
    වෙනස් නෑ වෙනස් නෑ.

    @Prasanna :
    අයියා ඉතින් කෝම මේවා තේරුං ගන්න කියලා යෑ. හික්ස් :)
    දෙකම එකයි තමා.

    ReplyDelete
  44. සුළුකිරීම් වලදි අපිට පිළිවෙලක් උගන්නනවා වරහන්, න්,බෙදීම, ගුණ කිරීම, ධන, සෘණ කියලා,, මධුරංග මල්ලි ඉංග්‍රීසියෙනුත් ඉගෙනගෙන තියෙන්නෙ ඕකම තමයි,

    ReplyDelete
  45. අනේ අපොයි!!!! පව් අසරණයා.....................

    ReplyDelete
  46. හික් පවු අෆ්ෆා...කාගෙ ළුුනත් දරුවෙක්නෙ දෙයියනේ..........

    ReplyDelete
  47. අය්යෝ... මල්ලි උඹට කියන්න තිබ්බේ එතකොට රිස්ක් ෆැක්ටර් එකට මොකෝ වෙන්නේ කියල... එතකොට ඔච්චර ගුටි කන්න වෙන්නෙ නෑනේ... අඩුම තරමේ රිස්ක් ෆැක්ටර් එක ගැන ප්‍රින්සිපල් ට හරි කියල දුන්නනම්.... තාම ගුටි කාපුව රිදෙනවද මල්ලියේ?

    ReplyDelete
  48. බැරි වෙලාවත් ඒ ලමයා ඔය කතාවෙ දෙපිටකාට්ටු අර්ථය නොදැන කිව්වනං පවි වැඩේනෙ ........

    බැලුවාම ගුරුවරුත් හිතන්නෙ නොපිටටමයි .....

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.