12 September 2011

හැදෙන එකා

අපේ නෑදෑ වෙන මල්ලි කෙනෙක් ඉන්නවා. ඒකා පුදුම වසයි. අක්කට නංගිට එහෙම ඉන්න දෙන්නේ නෑ. කොහොමහරි මේකා මේ අවුරුද්දේ ඉස්කෝලේ දම්මා. ඉස්කෝලේ ගියපු මුල් දවස් ටිකේ නම් හොද එකා වගේ හිටියා. දැන් පංතියේ එවුනුත් එක්ක ගහ ගන්නවා කියලා දවස ගානේ ගෙදරට පැමිණිලි එනවා.

ටීචරුත් හැමදාම දඩුවම් කරනවා. ඒත් මූ හැදෙන්නේ නෑ. කොහොමහරි බැරිම තැන ටීචර් මේකාගේ පොතක පොඩි සටහනක් දාලා එවලා තිබ්බා. ඒ සටහන ඒකගේ අම්මට පෙන්නන්න තමයි එවලා තිබ්බේ. ඒ සටහනේ තිබ්බේ මෙහෙමයි.

දගකාරයි !!!!
පාඩමට ඇහුම්කම් නොදේ !!!!
යාළුවන් සමග දබර කිරීමට පෙළඹේ.
ළමුන් රණ්ඩු කරවා නිහඩව බලා සිටියි !!!


මේක කියෙව්වට පස්සේ මට හිතුනෙම කවදහරි මූ දේසපාලකයෙක් වෙයි කියලා. මොකද ගොඩක් දේසපාලකයන් කරන්නේ දෙපැත්තක් රණ්ඩු කරන්න ඉඩ දීලා නිහඩවම බලාගෙන ඉන්න එකනේ. පොඩි කාලේ ඉදන්ම දේශපාලකයෙක්ගේ ගති ලක්ෂණ තියෙන නිසා ඒ පැත්තට යොමු කරවන එක හොදයි.

මොකද ඉතින් කවදහරි මගේ ළමයෙක්ව උනත් ජනප්‍රිය පාසලකට එහෙම බැරි උනොත් රජයේ රස්සාවකට උනත් ලේසියෙන්ම දාගන්න පුලුවන් නේ !!! හික්ස් :)

42 comments:

  1. අනේ මන්ද තාම පොඩියිනේ ලොකුවෙනකොට ඕව අඩුවෙයි ..

    ReplyDelete
  2. විශ්වාස කරන්න..මේ මට නෙමේ අපේ මාමගේ මලයට තිබ්බෙත් ඔය චෝදනාමයි...කන බොන දේක වැරැද්දක්ද මන්දා...හික්ස්

    ලොකු ගතිගුණ පොඩියට....

    ReplyDelete
  3. පොඩි ඈයෝ කොහොමත් දඟයිනෙ..සමහර වෙලාවට එයාලා දඟ කරන්නෙ අනිත් අයගෙ අවධාණය තමන් දිහාට ගන්න..පොඩි කාලෙ දඟ නොකර ලොකු උනාම කරන්නයෑ...

    ReplyDelete
  4. පොඩි උන්ගෙ කතා නම් තියෙනව බන් පොතක් ලියන්න තරමට... :)

    අපිත් ඔහොමම වෙන්න ඇති ඒ කාලෙ...

    ReplyDelete
  5. කොල්ලො ඔහොම තමා.පොඩි උන් නේ.

    ReplyDelete
  6. මලයෝ.. පොඩි එකාට මෙහෙම අවවාදයක් දීපන්... කීප් අප් ද ගූඩ් වර්ක් සනා

    ReplyDelete
  7. අම්මපා මධුරංග අයියත් හිතලා තියෙන දුර.. අනේ එහෙනම් කොල්ලා ඇමති කෙනෙක්ම වේව!!!

    ReplyDelete
  8. //මොකද ඉතින් කවදහරි මගේ ළමයෙක්ව උනත් ජනප්‍රිය පාසලකට එහෙම බැරි උනොත් රජයේ රස්සාවකට උනත් ලේසියෙන්ම දාගන්න පුලුවන් නේ !!! හික්ස් :) ?/

    දැන් ඉඳන්ම ප්ලෑන් ගහලා වගේ.. ආ ආ හරි හරි!

    ReplyDelete
  9. මම මේ කල්පනා කරන්නේ අර පොඩි ලමයා අල්ලගන, අනාගත ප්ලෑන්ස් ගහන ලොකු ලමයා ගැන....:D

    ReplyDelete
  10. ඉවසලා හිටහං බං... තාම හොඳ හෝටලයක් සැට් වෙලා නෑනේ...

    ReplyDelete
  11. මෙහෙම දේවල් ගැන ටිකක් අවදානය යොමු කරන එක හොඳයි , මොකද A.D.H.D.කියන රෝග තත්ත්වයේදිත් මේ වගේ වෙනවා , අපේ පැත්තේ ආවෙලාවක කියවන්නකො ඒ ගැන , කෙසේ වෙතත් ....රාජ්‍ය පාලනයේ ක්‍රම හතරෙන් එකක්නේ “බේද කිරීම “ (සාම ,දාන, දණ්ඩ , බේද ...) , එයින් අපේ බොහොමයක් දේශපාලඥයින් (හෝ පාළුවන්) කරන්නේ නම් ඔබ කියන දේ තමයි ...

    ReplyDelete
  12. පොඩි කාලේ දඟ ළමයි තමයි පහු කාලේ හොඳට ඉගෙනගෙන ලොකු ලොක්කො වෙන්නේ කියලයි අපේ අම්මානම් කියන්නේ. ඒ ළමයි ක්‍රියාශීලියිලු...

    ReplyDelete
  13. හැම එකාම ඔහොම තමා බං... හැබැයි ඔය කම්ප්ලේන් එන්නෙ නැත්නම් තමයි පොඩ්ඩක් ඌ ගැන හොයල බලන්න ඕනෙ.

    ReplyDelete
  14. හ්ම්ම්ම්.... දේසපාලනේටම තමා ගැලපෙන්නෙ.... 18 උන ගමන්ම ප්‍රාදේශිය සබා දාන්න බලපන්.... උගන්නන්න මහන්සිවෙන්න එපා. ඒක අත්‍යාවශ වෙන්නෙ නෑ නේ...

    ReplyDelete
  15. අන්තිම චෝදනාව තමා මරු.

    ReplyDelete
  16. @Sanjaya සිතුවිලි :
    එහෙම තමයි අයියා හිතන් ඉන්නේ. මොකා වෙයිද දන්නේ නෑ.

    @අසනි :
    හැම පොඩි එකාම ඔහොමද දන්නේ නෑ නේද ආසනි ?

    @දිල් :
    පොඩි අය දග කරන්නේ නැතිව අපි දග කරන්න යෑ. එක්කා කියන කතාවත් හරි වෙන්න පුලුවන්.

    ReplyDelete
  17. @සාතන් :
    සාතන් අයියත් දරුවෝ ඉන්න තාත්තෙක් කියලා අද නේ දන්නේ. හික්ස් :)

    @නදී :
    නදී අක්කලාගේ බබා කරපු දේවල් ඇහුවම මටත් ඔහොම හිතුනා.

    @ක්සැන්ඩර් | Xander :
    අනිවාර්යෙන්ම මම් එහෙම කියන්නම්. හික්ස් :) මරු අවවාද

    ReplyDelete
  18. @Dinesh :
    අපි ඉතින් ලඟ හිතන්නේ නෑනේ. දුර නේ හිතන්නේ :)

    @Podi Kumarihami :
    අක්කටත් තියෙන්නේ පුදුම ප්‍රශ්න නේ. හික්ස් :)

    @prasanna86k :
    හෝටලයක් සෙට් උන දාට හොදටම කයි නේ.

    ReplyDelete
  19. @මහේෂ් නිශාන්ත :
    මම් එහෙනම් අයියලෑ පැත්තේ ආවම මේ සීන් එක අහන්නම්කො.

    @මන්තරකාරි :
    ඔවු හරිම ක්‍රියාශිලියි තමා. පවර් බූස්ටර් තියෙන කිරි නේ බොන්නේ. හික්ස් :)

    @පැණි දොඩම් :
    ඒ උනාට කම්ප්ලේන් ගොඩයි.

    ReplyDelete
  20. @ප්‍රසංග :
    අන්නිවාර්යෙන්ම ඡන්දේ ඉල්ලන්න යවයි මේම ගියොත්.

    @හරී- පිණිපළස :
    හික්ස් :) මටත් හිතුනා ඒක මරු කියලා.

    ReplyDelete
  21. පොඩි උන් දඟලන්නෙ නැත්තන් තමා බය වෙන්න ඕනෙ.

    ReplyDelete
  22. අනේ පවු පොඩි එකා.. පොඩි කාලෙ දග ළමයි ලොකු වෙද්දි හොද වෙනවා... අපේ මල්ලිත් ඉස්සර ඔහොමයි.. දැන් නම් එහෙම නෑ..(දග වුනත් ගානකට) ;)

    හැබැයි මධුරංග අයියා පොඩි එකාගෙ පිහිටෙන් අයියාගෙ ප්ලෑන් ගහන්න හදපු එකනම් කැතයි හරී....හික් හික් හික් ;)

    ReplyDelete
  23. අනේ ඉතිං ඔය පොඩි එවුන්ගෙ හැටිනෙ මල්ලි. මාත් පොඩි කාලෙ ඔය වගේ තමයි...:))

    ReplyDelete
  24. @පිණිබිඳු... :
    ඒකනේ. ඔය කියන්නේ අද්දැකීම් වලින්. හික්ස් :)

    @හිතුවක්කාරි :
    අපෝ එහෙම ප්ලෑන් ගැහුවේ නෑ නංගි. නිකන් ගලාගෙන යන වතුරෙන් දිය දෝතක් ගන්නයි හැදුවේ හික්ස් :)

    @නිසුපා :
    අපෝ ඒක නම් මටත් හිතාගත්තෑකි. කරලා තියෙන වැඩ හැටියට. හික්ස් :)

    ReplyDelete
  25. අනේ ඌ දේශපාලකයෙක් වෙයි කියල පොඩි එකාට අපහාස කරනවාටනම් කම විදුද්දයි ඔන්න

    ReplyDelete
  26. මධුරංග මල්ලිටත් එන්නේ මරේ මරු අදහස් නේ.
    ඇත්ත ..ඇත්ත... තව පරම්පරා 2,3ක් ගියත්...අපේ දේශපාලනේ නම් වෙනසක් වෙන එකක් නෑ.

    ReplyDelete
  27. හිකිස්... ඒක නම් ඇත්ත, ඔක්කෝටම වඩා "ළමුන් රණ්ඩු කරවා නිහඩව බලා සිටියි" කියන එක නම් ඒකට හොඳම සුදුසුකමක්..

    ReplyDelete
  28. @සරත් ලංකාප්‍රිය :
    හා අයියා. මම් ඒකාට එහෙම නොකියා ඉන්නම්.

    @- නිල් අහස - :
    ඒකනේ. මොක වෙනස් උනත් දේශපාලනේ නම් වෙනස් වෙන්නේ නැතිවෙයි.

    @ප්‍රාර්ථනා :
    ඒකනේ නංගි. සුදුස්සාට සුදුසු තැන දිය යුතුයි.

    ReplyDelete
  29. හිකිස් සිරා කොල්ලෙක්නේ..පොඩි එකාගේ හැකියාවන් වැඩිදියුනු කරල කොහොම හරි ප්ලෑන් එකත් ගොඩ දාගන්න අයියා..ලොල් ;) :D

    ReplyDelete
  30. අය්යා හිතලා තියන දුර.............
    ළමයි හදලාත් ඉවරයිනේ..
    හිකිස්

    ReplyDelete
  31. හැබැයි ‍ගොඩක් වෙලාවට පොඩි කාලෙ ඔහොම එවුන් ලොකු වෙද්දි හිතුවටත් වඩා තැන්පත් එවුන් වෙනව.

    ReplyDelete
  32. @පිස්සු පුසා :
    අනිවා අනිවා. මල්ලිලාටත් මොනාහරි ඕන් නම් කියන්න. මාව කන්ටෑක් කරන්න.

    @දේවා ගේ අඩවිය :
    අපි ඉතින් දුර හිතන්නෙපෑ. නැත්නම් කොහොමෙයි.

    @``` Outsider``` :
    එහෙම උනොත් හොදයි අයියා. නැත්නම් තමා ප්‍රශ්නේ.

    ReplyDelete
  33. උඹටත් හෙන ආස ඇතිනෙ මලය දේශපාලුවෙක් වෙනවට. :D

    ReplyDelete
  34. ඒකනේ බං උන්ට පොඩි එවුං කියන්නේ .. මට නම් තේරෙන්නේ ඔය පොඩි එකා හොඳටම නිරෝගී එකෙක් ,

    ReplyDelete
  35. අපේ නැන්දගේ පොඩි එකත් 5-6 වයසෙදී ඔහොමමයි... කට ඇරියොත් කියන්නේ කට කැඩිච්චි කථාවක්... හිමින් වැඩක් නෑ... දඟ ගෝනියක් ! කථා කරන්නේ හන්දියට ඇහෙන්න. පස්සේ පස්සේ ඕවා නිකම්ම නැතිවෙලා ගියා. දැන් ඌට 12 යි. දැන් මිනිහා හොඳම මීටරයක්... ඕන වැඩකට එවරෙඩි...!

    මම හිතන්නෙත් පොඩි කාලේ දඟ ළමයි ලොකු වුනාම හොඳ වෙනවා කියලා...!

    ReplyDelete
  36. අපෝ අපේ චූටි මල්ලියාත් හරි දඟයි. එයා එක්ක ඉන්න නම් ඉවසීම අන්තයටම ප්‍රගුණ කරන්න වෙනවා. මේ ලඟදි දවසක එයාව බලාගන්න ඉන්න ලොකු අම්මාව වෙලකට තල්ලු කරා. වැටුනා නම් කොන්දත් කැඩෙනවා. පුංචි එවුන් කොහොමත් දඟයි නේ.

    ReplyDelete
  37. අනින ගොනා වැඩ ට හොඳයි ලු නේ.... හි හී... ඒ නිසා ඒ ගැන වැඩිය හිතන්න එපා. ලොකු වෙනකොට ඔය දඟකම් අඩු වෙයි...........

    ReplyDelete
  38. නෑදෑ වෙන කෙනෙක්නං උඹටත් නැතෑ ඒ ජාන ම. හඃ හඃ හා....

    ReplyDelete
  39. @Kasun :
    නැතුව නැතුව. මම් මාරම ආසයි. හික්ස් :)

    @හිස් අහස :
    නිරෝගී වැඩිද මන්දා. ඒකනේ ඔහොම ගහ ගන්නේ.

    @චතුරංග පෙරේරා | chathuranga Perera :
    අපි එහෙමවත් හිතමු මල්ලි. මොක වෙයිද මන්දා මේ පොඩි එකා ලොකු වෙනකොට.

    ReplyDelete
  40. @හංසි :
    අම්මෝ ඒකාත් දඟ මල්ලක් නේ. අපේ එකා මට ඇරෙන්න වෙන ලොකු එවුන්ට ගහන්නේ නෑ. හික්ස් :)

    @මහි :
    හික්ස් :0
    ඒ කියන්නේ මේකා ගොනෙක්ද. ඒකත් වෙන්න පුලුවන් වෙන්න පුලුවන්.

    @දිනුක ජයකොඩි :
    අම්මෝ උබලටත් හිතෙන දේවල්. හික්ස් :)
    වෙන්න පුලුවන්....

    ReplyDelete
  41. නියම මල්ලි කෙනෙක්....
    ඔහොම පොඩි අය ලොකු උනාම ඉහල පොස්ට් වලට යනවා
    අත්දැකිමෙන් කියන්නේ...

    ReplyDelete
  42. පොඩි කාලේ මාත් ඔය වගේ තමා, හැමදාම ඉස්කෝලේ යනකොට ඇඳුම් දෙකක් දාලා යවනවා, එකක් උදේට අනික ඉන්ටර්වල් එකෙන් පස්සෙ අඳින්න .......

    ඕවා ලොකු වෙනකොට හරි යනවා ......

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.