15 July 2011

සර්ප විෂ ගැනයි මේ ලිපිය.

මගේ පලමුවෙනි ලිපියට කමෙන්ට් ගොඩක් තිබ්බ හන්දා දෙවෙනි ලිපියත් ලියන්න හිතුනා. මේකත් මගේ සායනික අත්දැකීමක් ගැන තමයි ලියන්න හිතුනේ. වැඩි කතා මොකටද කෙලින්ම කතාවට බහිමු.

කාලයකට කලින් මම රාගම රෝහලේ දහතුනේ වාට්ටුවේ ඉන්නැද්දි උදේ නමයට විතර ලෙඩෙක් ගෙනාවා.ඒ ලෙඩාට සර්පයෙක් දෂ්ට කරලා.දෂ්ට කරලා තියෙන්නේ අතට. ගෙදර අය කොහොමහරි සර්පයාව අල්ලලා බෝතලයකට දාලා ගෙනල්ලා තිබ්බා. ඒ නිසා බෙහෙත් කරන්න ගොඩක්ම ලේසි උනා. ඒ ලෙඩාට දෂ්ට කරලා තියෙන්නේ කුණකටුවෙක් !!!

මේ ලෙඩාට බෙහෙත් කරන්න යද්දි වාට්ටුවේ තිබ්බ සර්පයෝ ගැනයි විවිධ විෂ වර්ග ගැනයි තිබ්බ පොතක් බැලුවා.ඒකේ තිබ්බ කරුණු ටිකක් පෝස්ට් කරන්න හිතුනා. ඒවා සමහරවිට ඔයගොල්ලන්ට වැදගත් වෙයි.

---------------------------------------------------------------------
ලංකාවේ සර්ප විෂේශ 93ක් විතර ඉන්නවා. ඒ උනාට මාරක උග්‍ර විශ තියෙන්නේ 5කට විතරයි.
එනම්,
(1) නයා (විද්‍යාත්මක නාමය - Naja Naja Naja - නජා නජා නජා )
(2) තෙල් කරවලා - මග මරුවා (විද්‍යාත්මක නාමය - common Krait)
(3) දුනු කරවලා - පොළොන් කරවලා
(4) තිත් පොළඟා - දාර පොළඟා
(5) වැලි පොළඟා

ගොඩක් මරණ සිද්ධ වෙන්නේ පොළගාගෙනුයි තෙල් කරවලාගෙනුයි ඇතිවෙන දෂ්ට කිරීමෙන් කියලා තමයි පොතේ තිබ්බේ. කුණකටුවා, මූකලන් මුණකටුවා, පලා පොළඟා වගේ සර්පයෝ මද විෂ තියෙන සර්පයෝ විදිහට තමා හදුන්වලා තියෙන්නේ.
මේ සර්පයෝ දෂ්ට කිරීමෙන් වෙන හානිය සර්පයා මත හා ශරීරයට ඇතුලුවෙන විෂ ප්‍රමාණය මත රදා පවතිනවා.

සර්පයෙක් දෂ්ට කරපු ස්ථානයේ වේදනාව ඉදිමීම සිදුවෙනවා.සර්පයා අතකට කකුලකට දෂ්ට කලා නම්, එතන ඇතිවෙන ඉදිමුම සාමන්‍ය අතක එහෙමත් නැත්නම් කකුලක ප්‍රමාණයෙන් බාගෙකට වඩා ඉදිමිලා නම් ගොඩක් විෂ ඇතුල් වෙලා තියෙනවා.

සර්ප දෂ්ට කිරීමකින් පස්සේ එන රෝග ලක්ෂණ සර්පයාගෙන් සර්පයාට වෙනස් වෙනවා.

- නයි විශ හරි කරවලාගේ විශ ස්නායු පද්ධතියට ගොඩක්ම බලපෑම් ඇති කරනවා.ඒ හින්දා ඇසි පිය බාගෙට වැහිම, මුහුනේ පේශි දුර්වල වීම, මුහුන විකෘති වීම, ගිලීමේ අපහසුතා, ප්‍රතීක ක්‍රියා දුර්වල වීම, කල්පනාව නැති වීම, ස්වසන පේශි දුර්වල වීම වගේ දේවල් සිද්ධ වෙන්න පුලුවන්.

- පොළගෙක් කෑවොත් ඒක ගොඩක් වෙලාවට රුධිරයට තමා බලපාන්නේ.ඊට අමතරව ලේ කටි ගැසීම ප්‍රමාද වෙන්න පුලුවන් ඒ නිසා ගොඩක් ලේ යන්න පුලුවන්.හම මතුපිටට ලේ ගලනවා.ඒ නිසා හම මතුපිට රතු ලප, ඇහැ වටේ නිල් වීම, ලේ වමනය, ගුද මාර්ගයේ ලේ ගැලීම් වෙන්නත් පුලුවන්.

ඊට අමතරව ඒ විශ ස්නායු පද්දතියට බලපාලා පෙනීම අඩු වීම, ඇස් චලනය කිරීමේ අපහසුතා වෙන්න පුලුවන්. මීට අමතරව මුත්‍රා ප්‍රමාණය අඩු වීම, මුත්‍රා සමග ප්‍රේටීන් පිටවී, රතු පාටට මුත්‍රා පිටවීමත් සිද්ධ වෙන්න පුලුවන්.
------------------------------------------------------------------

ඔය ටික තමයි මට ඒ පොතෙන් ඉගෙන ගන්න ලබුනේ. සර්පයෙක් දෂ්ට කලොත් කරන්න තියෙන හොදම වැඩේ තමා ලගම තියෙන රෝහලකට අදාල රෝගියාව අරගෙන යන එක. ඊට අමතරව අදාල කෙනාට දෂ්ට කරපු සතාව බෝතලයකට වගේ එකකට දාගෙන එන්න පුලුවන් නම් ගොඩක්ම හොදයි.ඒක ප්‍රතිකාර වලටත් ගොඩක්ම පහසුයි.සතා දෂ්ට කරපු ස්ථානය හොලවන්නේ නැතුව අරගෙන එන්න පුලුවන් නම් විශ ගමනාගමනය අඩු කරගන්න පුලුවන්.

ලිව්වේ....
මධුසංක

48 comments:

  1. O.o
    සරුපයින් ලෙසි නැත!

    ගැරඬි අව්ලක් නැ??
    මොකද අපෙ පැත්තෙ වැඩිපුරම ඉන්නෙ ගැරඩි :D

    ReplyDelete
  2. මට මතක විදිහට ඉස්පිරිතාල ව‍ල පෝස්ටර් වලින් දැකල තියෙන්නෙ උග්‍ර විෂ සර්පයො 7ක් ඉන්නව කියල... ඒ වගේම මම දන්න විදිහට සාර්ථක නිර්විෂ එන්නතක් තාම නෑ...

    ReplyDelete
  3. වැදගත් ලිපියක්.. සාමාන්‍යයෙන් නම් ඉතින් සර්පයෙක් දැක්කාම විස එකෙක් වුනත් විස නැති එකෙක් වුනත් ඌට සොරි තමා.. :D

    ReplyDelete
  4. මේක මම රූපවාහිනී වැඩසටහනකින් දැකපු කතාවක්....

    ඔය නයා සහ පොළඟා කියන සත්තු දෙන්නගේ විශ දළ වල ස්වභාවය එකිනෙකට වෙනස්...
    ඒ කියන්නේ නයාගේ විශ දළය සැකසිලා තියෙන්නේ දතේ හෑරිච්ච කානුවක් වගේ.විශ ගලාගෙන එන්නේ ඒ කානුව දිගේ...ඒ හින්දා නයෙක් දශ්ඨ කළොත් නයා නිකුත් කරපු මුළු විශ ප්‍රමාණයෙන් යම්කිසි ප්‍රමාණයක් ශරීර ගත නොවී පිටතට ගලාගෙන යන්න පුළුවන්....
    හැබැයි පොළඟගේ විශ දළ නිකම් එන්නත් කටු වගේ.ඒ හින්දා පොළඟා දශ්ඨ කලොත් ෆුල් ඩෝස් එකම ඇඟ ඇතුලේ.විශ බිංදුවක්වත් ඉවතට යන්නේ නෑ.....
    මේ හේතුව හින්දා නාගයාගේ විශ පොළඟගේ විශට වඩා ප්‍රභල වුනත් මිනිස්සු මිය යන්නේ ගොඩක් වෙලාවට පොළොං දශ්ඨනයෙන්.මොකද ප්‍රභලතාව අඩු වුනාට ශරීර ගතවෙන විශ ප්‍රමාණය වැඩි හින්දා....

    ඒ වගේම තමා සර්ප ලෝකේ ඉන්න තේජවන්ත සතා තමා නාගයා කියන්නේ.ඌ ආවට ගියාට දශ්ඨ කරන්නේ නෑ.ඌ කරන්නේ බය කරන එක.බැරිම වුනොත් තමා කෙළලා අරින්නේ.හැබැයි පොළඟා කියන්නේ පෝරිසාදයෙක්.ඌ ගොඩක් වෙලාවට සොමියටත් දශ්ඨ කරනවා.

    සාමාන්‍යයෙන් ඕනම සර්පයෙක්ගේ සුන්දරත්වයක් තියෙනවා.ඌට හිංසාවක් නොකරනතාක් අපිට උගෙන් කරදරයක් නෑ.උගේ පාඩුවේ ඌ යන්න යනවා...දැනට මායි අප්පච්චි අපේ වත්තේ ඉඳලා නයි තුන්දෙනෙක් එළවලා තියෙනවා.ඒ හැම සෑරේම උන් කලේ අපිව බය කරන්න හදපු එක විතරයි.ඌට වදයක් නෑ කියලා පෙනිච්ච හැටියේ පෙනේ පාතට දාගෙන පාඩුවේ යන්න ගියා.

    ඒ වගේම තමා කුණකටුවා...වියළි කලාපයේ සුලභම සර්පයෙක්.උග්‍ර විශ කියලා වර්ගීකරණය කරාට සාමාන්‍යයෙන් දශ්ඨනයකින් මිය යාමේ ප්‍රතිශතය 10%ක් ව‍ගේ කියලා කියන්නේ.හැබැයි ජරා විදිහට දශ්ඨ කරපු තැන ඉදිමෙනවා.සෑහෙන අහිංසක සර්පයෙක්.
    අපේ ගේ ඇතුලට එකම කුණකටුවා දෙපාරක් රිංගුවා.අපේ පූස් තඩියට පිං සිද්ධවෙන්න දෙපාරම ඌව අල්ලා එළියට විසිකරලා දාන්න පුළුවන් වුනා.හැබැයි තුන්වෙනි පාරත් ගෙට රිංගපු හින්දා ඌව මරලා දැම්මා.මොකද බැරිවෙලා හරි ගෙට රිංග ගෙන මෙට්ටයක් අස්සේවත් හැංගිලා හිටියොත් කියලා.

    කොයිම වෙලාවකවත් ආවට ගියාට සර්පයෙක්ව(උග්‍ර විශ සර්පයින්ගෙන් විශේෂයෙන්ම නයි හා කුණකටුවෝ) මරන්න යන්න එපා.එළවලා දාන්න පුළුවන් නම් එළවලා දාන්න.හැබැයි පොළොංගු කරවල්ලුන්ට නම් ඉතින් කරුණාව පාන එක ගැන දෙපාරක් විතර හිතන්න වෙනවා.

    ඒ වගේම තව සර්පයෙක් ඉන්නවා දෙපත් කළුවා කියලා.මූව වර්ගීකරණය කරන්නේ මද විශ කියලා.හැබැයි මූත් උග්‍ර විශ.මුගේ විශ දළ පිහිටලා තියෙන්නේ මුඛයෙන් ඉදිරියට.හරියට අං දෙකක් වගේ.ඒ හින්දා කට ඇරලා දශ්ඨ කරන කිසිම වෙලේක මුගේ විශ දල ශරීරියට වදින්නේ නෑ.ඒ හින්දා දෙපත් කළුවගේ දශ්ඨනය කිරීම් දුර්ලභයි.‍

    හැබැයි ඔය මොන සර්පයා කෑවත් වැඩි බක පණ්ඩිතකම් කරන්නේ නැතුව පුළුවන් තරම් ඉක්මනට රෝහලට යන එක තමා හොඳ.මොකද ප්‍රතිවිශ වර්ග රෝහල් වල තියෙනවා.සර්පයා අඳුනාගෙන ගියොත් ගැලපෙන ප්‍රතිවිශ වර්ගය පහසුවෙන් ලබා දෙන්න පුළුවන්.සාමානයෙන් ප්‍රමාද වෙන්නේ නෑතුව රෝහල් ගත කළ කිසිම රෝගියෙක් දන්න තරමින් මිය ගිහිල්ලා නෑ(වෙන රෝගාබාධ තිබ්බේ නැත්තම්.උදා - වකුගඩු රෝග,හෘද රෝග).

    තව දෙයක් සර්ප විෂ කියන්නේ ඇත්තටම කිව්වොත් ප්‍රෝටීනයක්.(සාමාන්‍යයෙන් නයි විශ බත් එකක් කෑවොත් මොකුත් වෙන්නේ නෑ කියලා කතාවක් තියෙනවා.)...

    මධුසංඛ අයියා මේ කරුණු වැරදි නම් කරුණාකරලා නිවැරදි කරන්න...මම කියවපු පොත්පත් වලින් හා රූපවාහිනී වැඩසටහන් වලදී අහපු දැකපු විස්තර තමා මේ.....

    නියම ලිපියක් අයියේ....

    ReplyDelete
  5. bohoma isthuthi... sahodharayaa..

    ReplyDelete
  6. නයා විද්‍යාත්මක නාමය නියමයිනෙ. :D
    සරපයෝ කියන්නෙ මගේ ජීවිතේ මම බයම සතෙක්. ගල්ගමුව සෙන්ට්‍රල් එකේ උගන්වන කාලයේ ඇඟේ ලී වතුර වෙලා උන්නෙ එහෙ ඉන්න සරපයො නිසා.

    හොඳ වටිනා ලිපියක්. අගය කරනවා

    ReplyDelete
  7. දන්නෙ නැති දේවල් ගොඩක් දැන ගත්තා.නියමයි,තව ලියන්න.

    ReplyDelete
  8. නජා නජා නජා... හී හී... හින්දි ෆිල්ම් එකක සින්දුවකට හොඳයි...
    ඇත්තටම වැදගත් ලිපියක්. අපි නොදන්න සර්පයෝ ගැන දැනුවත් කරන්නත් එක්ක ඒ සර්පයොන්ගේ පින්තූර ටිකකුත් එකතු කරා නම් තවත් වටීවි..

    ReplyDelete
  9. @මකුළුවා-: කොහොමද නයි එලවන්නේ??? මම ඌට 60 පාරක් විතර යන්න කිව්වා.මේකා හිටිය නේ යකෙක් දැක්ක ගානට බලාගෙන... :D :P
    @මධුසංක-: ලිපිය ගොඩක් වටිනවා නයා නම් දැක ඇත.තිත් පොළගාගේ තිත් ඇති නේ.අනිත් එවුන් අදුන ගන්නේ කොහොමද???
    @මධුරංග-: අයියට බය නැත.මල්ලි ගෙදර ඇත.. :P

    ReplyDelete
  10. වැදගත් ලිපියක් මලයෝ. ගොඩක් ස්තූතියි.

    ReplyDelete
  11. හොද ලිපියක් සහෝ.පොලගා මැරීමට ඉතාමත් අපහසු නිසා මම පස් හය දෙනෙක් දැක දැක නොමරා ඇත්තෙමි. :ඩී
    තඩි නයෙක් නම් මැරුවා(අඩි 6ක් විතර)

    ReplyDelete
  12. සර්පයෙක් රෙද්ද අස්සේ දාගන්න කලින් මේ ටික ගැන හිතන්න වෙනවා එහෙනම්...

    නියම පෝසට් එකක් මල්ලි.

    ReplyDelete
  13. අපේ පැත්තේ නම් ඉන්නේ ගැරඬි ...එවුන් ඉතින් අහිංසක අයනේ..එක නිසා අවුලක් නැහැ

    ReplyDelete
  14. පට්ටා...අපිට නායකත්ව පුහුනුවේදිත් මේ වගේ සිද්දි රගපාලා පෙන්නුවා..ඒත් කොල්ලෝ ලෙඩාගේ අත අල්ලගෙන ඉන්නවා මිසක් දෂ්ඨ කරපු තැන බලන්න ගියේ නෑ...
    ලෙඩාට ඉදියේ හමුදාවේ අක්කා කෙනෙක්...හික්

    ReplyDelete
  15. ඉස්පිරිතාල වල ඉන්නවද විෂ වදවරු කියල වෙනම කට්ටියක්?

    ReplyDelete
  16. ඌකොම සරුපයින්ගේ විස වලට බෙහෙත් හොයාගෙන තිබුනට සියෝළඟහිම විස තියෙන මනුසර්පයේගේ විෂට වෙදකමක් හොයාගන්න බැරිඋනා නේ..

    ReplyDelete
  17. හොඳ වටිනා ලිපියක්.දන්නෙ නැති දේවල් ගොඩක් තිබුනා..

    ReplyDelete
  18. ගොඩක් වැදගත් post එකක්....

    ReplyDelete
  19. මධුසංක, ඇත්තටම වටින ලිපියක්.. නියමයි.. ඒ වගේම මකුලුවත් මාර කොමෙන්ටුවක් දාල තියනවා... නියමයි..!

    ReplyDelete
  20. මේ කොන්ක්‍රීට් වනන්තරේ අපේ සර්පයෝ දකින්නේ සත්තු වත්තේදී විතරක් උනාට, ගොඩක් වටිනා ලිපියක්. වැරදිලාවත් සරුපයියෙක් පාර දුන්නොත් දැන් කොල්ල දන්නවා කරන්න ඕනේ දේ. ටක ගාල මදුරංග අයියට දෙනවා කොල එකක්... හිකි හිකි..

    ReplyDelete
  21. @ThoppiYa :
    ගැරඬි නම් අවුලක් නෑ. ගෙවල් පැත්තේ ගැරඩි විතරක් නම් ඉන්නේ ගැරඬි මරලා පව් පුරෝ ගන්න එපා. !!

    @සාතන් :
    ඒක නම් මම දන්නේ නෑ අයියා. මල්ලි කිව්වෙ පස් දෙනයි ඉන්නේ කියලා.

    @චතුවා (ළමයා) :
    මාත් කරන්නෙම ඔය ටික තමා. ඌව අපාගත කරලා දානවා.

    ReplyDelete
  22. @මකුළුවා..... :
    දීර්ඝ කමෙන්ටුවට ගොඩක් ස්තුතියි මල්ලි. මම අපේ මලයට කියන්නම් මේ කමෙන්ටුවට ප්‍රතිචාර දක්වන්න කියලා.
    ගොඩක් වටින විස්තරයක් මල්ලි දීලා තියෙන්නේ.

    @saradiyal :
    මොකෝ සරාමල්ලි අද හොරපාරෙන්ම ඇවිත් කමෙන්ට් කරන්නේ. කොහොම උනත් හොදයි වැඩේ.

    @දිල් :
    ඒක තමයි අක්කේ. මාර ලස්සන විද්‍යාත්මක නමක්. කවුද දන්නේ නෑ මේ නම දැම්මේ.

    ReplyDelete
  23. @නදීර සඳරුවන් ලියනගේ :
    අපෝ අපේ මලයට තව ලියන්න දෙන්නේ නෑ. ඌ මේකේ ලිව්වොත් තනිකරම මේක මෙඩිකල් බ්ලොග් එකක් වෙයි.

    @ප්‍රාර්ථනා :
    ඒක තමයි. කවදහරි හින්දි ෆිල්ම් එකක් ගහුවොත් මේ නමත් ගනීවි නේ. නම ලස්සනයි නේ.

    @චතුමිතු :
    අපේ ගෙදර නයි නැත. බය වීමට කිසි දෙයක් නැත.

    ReplyDelete
  24. @Kasun :
    මම කියන්නම් කසුන් අයිය ස්තුති කලා කියලා.

    @පිස්සු පුසා :
    නයෙක් නම් මැරුවත් කමක් නෑ. මොකද බැරි වෙලාවක වත් කෑවොත්.

    @prasanna86k :
    ඒක හරි අයියේ.
    රෙදි අස්සේ දාගන්න කලින් දෙපාරක් හිතන්න ඕනේ.
    නැත්නම් කනෝ කනෝ කියලා වැඩක් නෑනේ.

    ReplyDelete
  25. @deeps :
    ගැරඬි නම් බයවෙන්න කාරණවක් නෑ.

    @රත්ගමයා :
    මොනා උනත් අක්කෙක් නේ. ඒ නිසා කට්ටිය අත අල්ලගෙනම ඉන්න ඇති නේ.

    @ගලායන ජීවිතය :
    එහෙම විෂ වෙද්දු කියලා ජාතියක් නෑ ලු. සාමාන්‍ය දොස්තරලා ඉන්නවලු. ඒ අයට බෙහෙත් දෙන්න පුලුවන් ලු විශවීම් වලට.

    ReplyDelete
  26. @සරත් ලංකාප්‍රිය :
    ඒක හරි අයියේ. මනු සතා තමයි විශම සතා. උට දෙන්න බේතක් තාම හොයාගෙන නෑලු.

    @~~තරූගේ ලෝකය~~; :
    කියෙව්වට ස්තුතියි යාලු !!!

    @Chiran :
    කියවලා කමෙන්ට් කලාට ගොඩක් ස්තුතියි යාලු

    ReplyDelete
  27. @සනා :
    ඒක තමයි සනා. මකුලුවා මල්ලිගේ කමෙන්ට් එක තමයි කමෙන්ට් එක කියලා කියන්නේ. මරු විස්තරයක් තියෙන්නේ.

    ReplyDelete
  28. @ADK කොලුවා :
    මට කෝල් එකක් දුන්නට වැඩක් නෑ. මොකද මම දන්නේ නෑ ඔය සත්තු ගැන. අපේ මල්ලිට කෝල් එකක් දුන්නා නම් තමයි හොද.

    ReplyDelete
  29. දැනුම් පොතට වටිනා කියන ලිපියක්...දන්න හැටියට නම් විශම මනු සතාට තියෙන එකම බෙහෙත "ධර්මය".ඉස්පාසුවක් ලැබුනොත් ඒ ගැනත් වටිනා ලිපියක් දාන්නකෝ..අපි එනවා බලන්න..

    ReplyDelete
  30. වැදගත් ලිපියක් ,
    …මලයත් අයියන්ඩිගේ බ්ලොගේම ලියනව නේ. හොඳා හොඳා

    ReplyDelete
  31. විෂ උරලා අයින් කරන එක ගැන මොකක්ද කියන්නෙ?

    ReplyDelete
  32. බීලා ඉන්න වෙලාවක සර්පයා දෂ්ඨ කලොත් විස ඉක්මනින්ම පැතිරෙනවද ? මගේ යාලුවෝ කට්ටියක් කැලේ බීලා සර්පයෙක් කාලා එකෙක් මැරුණා පස්සේ තමා මට ඕක ආරංචි වුනේ ..

    මේ මධුරංග අයියාගේ මල්ලිද ?

    ReplyDelete
  33. අපි උන්ගෙම වාසස්ථාන බලෙන් අල්ලගෙන උන්වම මරලා දානවා ? අනේ මන්දා ?

    @ සීතල අයියා - ඒක කවදාවත් කරන්න එපා , කටේ චූටි තුවාල එහෙම තිබ්බොත් සර්පයා කෑව එක්කෙනාට කොහොම වෙතත් උරන කෙනාට ගොක්කොළ පෙනෙයි

    ReplyDelete
  34. @අසනි :
    හොදයි මම් ලියන්න බලන්නම්කෝ. ඔන්න මම ඔයාලගේ බ්ලොග් අඩවිය පැත්තෙත් ගියා.

    @බීටා :
    ඒකනේ උට ලියන්න ඕන උනාම මගේ එකේ කොටලා දානවා.
    ඒකට ඉතින් මම් පලි !!!!

    @සීතල අයියා :
    මල්ලි කිව්වා එහෙම විශ අයින් කරන්න බෑ ලු. ඒක බොරු වැඩක් කියලා කියන්නේ

    ReplyDelete
  35. @හිස් අහස :
    මල්ලි නම් කිව්වේ හරියට ඒ ගන දන්නේ නෑ කියලා. පොඩ්ඩක් හොයලා කියන්නම් කියලත් කිව්වා.
    (ඌ කවදා හොයලා දෙයිද දන්නේ නෑ. මම් බල කරලා කියන්නම්.)

    @චත් :
    ගොඩක් වෙලාවට එහෙම තමා වෙන්නේ. සත්තුන්ගේ වාසස්තනවල අපි ගෙවල් හදනවා. ඊට පස්සේ උන්ට යන්න තැනක් නැති වෙනවා. ගෙවල් වලට එනවා. අපි කනෝ කනෝ කියලා කෑගහනවා. අපිනේ වැරදි !!!!!

    ReplyDelete
  36. ගොඩක් වැදගත් ලිපියක් මධු අයියෙ. බොහොම පින්! පුළුවන් නම් ප්‍රථමාධාර ගැනත් ලියන්න

    ReplyDelete
  37. දැන් නයෙක් දශ්ට කලාම ඉස්සර වගේ වෙද්දු සොය සොය යන්න ඔනේ නෑ නේද එන්නතක් තියන නිසා.

    හොද ලිපියක්. ස්තුති

    ReplyDelete
  38. @විසිතුරු :
    ස්තුති කරන්න ඕනේ මට නෙමෙයි අපේ මල්ලිට.

    @Gimhani :
    කොහොමත් විශ වෙද්දු ඕනන්නේ නෑ.

    ReplyDelete
  39. ගොඩක් වැදගත් මේක.. බොහොම ස්තුතියි

    ReplyDelete
  40. නිවාඩු සුව තවමත් විඳින්න හම්බ වුනේ නෑ මේක දැක්කේ දැන්ය..වටින කරුණු ටිකක්.

    ReplyDelete
  41. හුඟක් වැදගත් ලිපියක්. ඒ වගේම මකුළුවාගෙ විස්තරයත් අගනේයි. බොහොම ස්තුතියි.

    @ ගලායන ජීවිතය: විෂ ද්‍රව්‍ය පිළිබඳ පශ්චාත් උපාධි ලංකාවෙ ඇරඹුණේ මෑතකදි. පිටරටවලදි ඒ ගැන හැදෑරූ වෛද්‍යවරුන් බොහෝවිට කායික වෛද්‍ය අංශයෙ සේවය කරන්නෙ. නමුත් ප්‍රධාන රෝහල්වල ඇතැම්විට වෙනම අංශයක්/වාට්ටුවක් තියෙනවා වසවිස ශරීරගත වී එන අයට ප්‍රතිකාර කිරීමට. උදා: පේරාදෙණිය

    ReplyDelete
  42. @චතුමිනි - එළවනවා කියන්නේ ඌ ඉන්න දිහවට වැලි ටිකක් විසි කරලා...ලොකු ශබ්ද ඇති කරලා...කම්පන වගේ දේවල් නිර්මාණය කරලා එලවන්න පුළුවන්....

    ReplyDelete
  43. @Nalaka :
    මොනවහරි දෙයක් දැන ගන්න ලැබුනා නම් සතුටුයි

    @චතුර.... :
    මේ දවස්වල නිවාඩු කියලා මටත් හිතුනා. බ්ලොග් එකේ පෝස්ට් ටිකක් දාලා තියෙන්නේ.

    @නලිනි චන්දිමා :
    මම් නොදන්න දෙයක් ගැන දැනුවත් කලාට ගොඩක් ස්තුතියි

    @මකුළුවා..... :
    චතුමිනි නෙමෙයි චතු මුතු.
    චතු මුතුටත් තියෙන ප්‍රශ්න තමා !!!! චතුට උත්තර දුන්නට ගොඩක් ස්තුතියි.

    ReplyDelete
  44. ස්තුතියි බෙදාගත්තට

    ඒ උනාට මෙතන පොඩි නිවෙරදි කිරීමක් කරන්න කෙමතියි
    Highly venomous Common crait or Ceylon crait දෂ්ට කරපුවහම, කාපු තැන ඉදිමෙන්නේ නෙහ. කෙවද කියල පේන්නෙත් නෙහ.
    ඒ උනත් ඒ වෙන විටත් විස ශරීර ගත වෙලා ඉවරයි.
    සාමාන්‍යයෙන් දෂ්ට කරපු තැන ඉදිමිලා එන්නේ Cobra, Saw scaled viper and Russel's viper කපුවහමයි.

    සහ තවත් පොඩි දෙයක්

    Common Krait විද්‍යාත්මක නාමයක් නෙමෙයි.
    http://en.wikipedia.org/wiki/Common_Krait

    ReplyDelete
  45. ස්තූතියි මේ ලිපියට. ඔබේ දැනුම සහ මල්ලිගේ දැනුම එක් තැන් කරල ලිව්ව මේ ලිපිය මම අහම්බෙන් කියවලා තිබ්බා මතක නිසා හොයාගෙන ආවා ආයෙමත්. අපේ රෝහලටත් දවසට ලෙඩුන් අවම වශයෙන් 5-10 පමණ සර්ප දෂ්ඨ කිරීම් නිසා ඇතුල් වෙනවා.ඒ ගැන ලියනවාට වඩා ඔබේ ලිපියට ලින්ක් කිරීම අගෙයි කියා සිතුනා. අනිත් අය පෙන්වා දුන් අඩු පාඩූ සකස් කරන්න මල්ලී. හොඳ සවීස්තරාත්මක කරුණු පෙළ ගැස්වීමක්. ස්තූතියි.

    ReplyDelete
  46. මම හිතුවෙ ඇත්තටම නයා කියන්නෙ උග්‍ර විස සර්පයෙක් නෙමේ කියලා. එතකොට මලයා ඕන සර්පයෙක් කෑවට ඉක්මනට ඉස්පිරිතාලේ ගියොත් හොඳ කරගන්න පුලුවන්ද ..........

    වැදගත් පෝස්ට් එකක .......

    ReplyDelete
  47. හොඳ ලිපියක්. මමත් කාලෙකට කලින් මේ ගැන ලීවා.
    @ සඳරෑ
    මත්පැන් නිසා රුධිර ගමනාගමනය වේගවත් වෙනවා. එය සර්ප විෂ වේගයෙන් පැතිරෙන්න හේතුවක්. එම නිසා සර්ප දෂ්ඨයකදී කිසිම මත්පැන් වර්ගයක් දෙන්න එපා. බීමත් අයෙකු දෂ්ඨයකට ලක්වීනම් ප්‍රතිකාර සඳහා ගෙනයෑමේදී වඩා ඉක්මන් වන්න.

    ReplyDelete
  48. sarpa visata alopathi prathikara samahara velawata sarthaka nahaneda? e ganath kiyanna.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.