09 July 2011

ආදර සීනුව

දේශන නිමවී මං රූමට ආවා
විනාඩියෙන් දනි පනි ගා හැඩ වූවා
ඈ දකින ආසාව හිත පිර වූවා
ග(ර්)ල්ස් හොස්ටල් එක ගාවට ආවා

අතරින් පතරේ ඉගිබිගි බස් ඇසෙයි මට
තව තවත් කෙල්ලෝ බලයි ඇරන් කට
අනේ ඉදලා ඉදලා උන දෙයක් මට
හිටු කියලා දිව්වේ මං කැන්ටිමට

මිස් එකක් දුන්නා ඈ එබව අගවන්නට
අනේ සුදෝ පමා නොවී මෙහෙ එන්ට
පිට වෙන්නට කියලා මෙහෙන් කොල්ලන්ට
ලගයි වගේ 'ලැජ්ජ බෙල්' එක වදින්නට

ට්‍රීන් හඩින් කන් අඩි දෙක පැලෙන්නට
පුරවා ලැජ්ජ බෙල් එක සද්දෙට
නද දුන්නා හෙටවත් යලී ඇය හමු වීමට
සිත සිතා දනි පනි ගා පැනගත්තා හනිකට

නාද වුනි දුරකතනය එකවරට
අනෙක් පසින් ඇමතුවේ ඇයයි මට
'හෙලෝ සුදූ' ආදරෙන් කිව්වත් මං ඇයට
දෙසුම් ගොඩක් ආවේ කන පලන්නට

-----------------------------------------------------------
අමාරු වචන :
ලැජ්ජ බෙල් එක කියන්නේ කාන්තා නේවාසිකාගාරයට එන කොල්ලන්ට නේවාසිකාගාරයෙන් පිටවෙන්න කියලා අගවන සීනු නාදයයි.

ප.ලි.- මේක අපේ මල්ලි ලියපු කවි ටිකක්. කවි ටික කියවලා ලස්සනද කියලා කියන්න.

43 comments:

  1. මම හිතුවේ අයියත් ගොඩ ගියා කියලා බලද්දී මලයගේ වැඩනේ හොඳා හොඳා

    ReplyDelete
  2. අනේ බොරු නොකිය ඉන්න මධුරංග..පවු අර අහිසකයත් පටලව ගන්නවා... මොනවා වුනත් හොද ගැලපිල්ලක් තියන කවි පන්තිය.. :)

    ReplyDelete
  3. හී හී.. මල්ලිත් මාර වැඩනේ කරන්නේ. කෙල්ල බලන් ඉද්දි ඔහොම ලණු දුන්නම බැනුම් අහන්න වෙන එක අහන්නත් දෙයක්ද.. :D

    ReplyDelete
  4. නිකං මොකටද බන් මලයව බිල්ලට දෙන්නෙ... ;)

    ReplyDelete
  5. හෙහ් හෙහ්..... මට පේන්නේ මලයා පෝලිම පනී වගේ.... !

    ReplyDelete
  6. පව් මූ අර අසරන මලයන්ඩියව පැටලුවා :ඔ

    ReplyDelete
  7. මම මේ අහන්න හැදුවේ මොකක්ද ඔය ලැජ්ජ බෙල් සීන් එක? කොල්ලන්ට කෙල්ලන්ගෙ හොස්ටල් වලට යන්න දෙනවද?

    ReplyDelete
  8. හරිම ලස්සනයි..මරු කවි ටික.....මල්ලි පවු හැබැයි....:p

    ReplyDelete
  9. මල්ලිද?

    ReplyDelete
  10. @..ChAnDiKa..

    අපේ කැම්පස් එකේ විජේවර්ධන ශාලාව ගැන වෙන්න ඕනේ මේ කියන්නේ. ඒක ගෑනු ළමයින්ගේ හොස්ටල් එකක්. ඒ වුනාට කැන්ටිමට ඕනේ කෙනෙක්ට යන්න පුළුවන්. රෑ වෙනකල් පිරිමි ළමයින්ට ඉන්න බැහැ හැබැයි. ලජ්ජා බෙල් ඒක ගැහුවට පස්සේ එයාලා යන්න ඕනේ

    ReplyDelete
  11. maru kawiya..sirawata ehema yanna denawada kellange hostel ekata??

    ReplyDelete
  12. අපේ නම් කෙල්ලොන්ගෙ හොස්ටල් තියෙන පාරකින් වත් කොල්ලෙක්ට යන්න දෙන්නෙ නෑ... ඔයා ඔටු බංකුවට වෙලා ඉන්නකොට මලයා ලැජ්ජ බෙල් අහන්නත් ගිහින්ද....?

    ReplyDelete
  13. මමත් හිතුවේ ඔයා ගොඩ ගිහින් කියල.බැලුවම මේ මල්ලිනේ.

    ReplyDelete
  14. අහල තියනවද මේ සිංදුව?ආදර සීනුවක් ගැන කියවෙන්නෙ.:)

    ආදර සීනුව පෙම් ලොව දොර ලඟ රැව් දෙන්නේ
    ජීවන විජිතේ ආදර දෙවඟන හිනැහෙන්නේ
    ලස්සන හදවත් පමණයි ආලය හඳුනන්නේ
    ඒ ආදරයට යා හැකි දුර මා නැත දන්නේ

    කාගේ වේවා ලේ එක වාගේ දිස් වන්නේ
    මාගේ දුප්පත් කමටයි ලොව එදිරිව ඉන්නේ
    ජය ටැඹ පෙනුනත් එය හිමි වේදෝ නැහැ දන්නේ
    යා යුතු මාවත කොයි අත වේදෝ නැහැ දන්නේ

    ආදර සීනුව පෙම් ලොව දොර ලඟ රැව් දෙන්නේ
    ජීවන විජිතේ ආදර දෙවඟන හිනැහෙන්නේ
    ලස්සන හදවත් පමණයි ආලය හඳුනන්නේ
    ඒ ආදරයට යා හැකි දුර මා නැත දන්නේ

    සංසාරේ හුරු සුවඳයි ඈ මට ගෙනඑන්නේ
    අහසයි මුහුදයි ලං වී දෙනුවන් රවටන්නේ
    ආලය මායා සිතිජය වේදෝ නැහැ දන්නේ
    කාලය විසඳුම් දෙනතුරු ඉන්නද සිදු වන්නේ

    ආදර සීනුව පෙම් ලොව දොර ලඟ රැව් දෙන්නේ
    ජීවන විජිතේ ආදර දෙවඟන හිනැහෙන්නේ
    ලස්සන හදවත් පමණයි ආලය හඳුනන්නේ
    ඒ ආදරයට යා හැකි දුර මා නැත දන්නේ

    ReplyDelete
  15. අයියා කරපු ලැජ්ජ නැති වැඩ දැන් ඉතින් මල්ලිගේ පිටින් දාලා සේප් වෙන්න හදනවා වගේ .

    ඔහොම යං මධුරංග අයියේ ඔහොම යං ..


    ලැජ්ජ්ජ බෙල් එක තමයි වචනේ .

    ReplyDelete
  16. අනේ ඇයි බං අර අහිංසක මල්ලිව උඹේ වැඩ වලට මාට්ටු කරන්නෙ? අපි නං අහුවෙයි ඕවට!

    ReplyDelete
  17. මධුරංග අයියා හෙමීට මලයව වැඩේට මාට්ටු කලා නේද..

    ලැජ්ජා බෙල් එක වදින තුරු සවස
    මම මග බලා හිටියා වී කැන්ටිමට
    නුඹ නෑවිත් වෙලාවට මා දකින්නට
    දැන් දොස් මටම මා පමා වූ ලෙසට..

    ReplyDelete
  18. මලයා ප්‍රේම කුරුල්ලා....ඒක කමක් නෑ කියමුකො...එතකොට අයියා.....?

    ReplyDelete
  19. මල්ලිව මේකට ගාව ගන්න ඔනේ නැනේ... ඔන්න අපේ සුබ පැතුම්

    ReplyDelete
  20. මොනාද බං ඔක්කොම වැරදිච්චි සීන් මල්ලිගේ පිටින් යවන්නේ...? ඔය කෙල්ල වැරදිලා හරි ආවානම් මේ කවි ටික උඹ ලියපු එකක්නේ....

    ReplyDelete
  21. අර මල්ලි තාම පොඩි එකා වෙච්චි.. ඇයි බං උගේ පිට දැම්මේ මේ වගේ කේස් එකක්.. පවුනේ.. :D

    ReplyDelete
  22. කවි ටික ලියලා තියනවා ලස්සනට, මල්ලිටත් බ්ලොග් එකක් පටන් ගන්න කියන්න.

    ReplyDelete
  23. මල්ලිගෙන් මම ඇහුවා කියලා අහන්න, සිරාවටම කෙල්ලට බයයි නේද කියලා?

    ReplyDelete
  24. @බීටා :
    ගොඩ ගියේ නෑ මලේ. මේ අපේ කම්පස් එකේ වෙච්ච සීන් එකක් මලයට කියලා අවියක් ලියෝ ගත්තා.

    @චතුමිතු :
    මම පච කියලා නෑ. එහෙම තමා මල්ලිගේ කවි.

    @ප්‍රාර්ථනා :
    මේක මල්ලි කරපු වැඩක් නෙමේ. මම් මල්ලිට කිඅලා කවි ටිකක් ලියෝ ගත්තා.

    ReplyDelete
  25. @සාතන් :
    කවුද බොලව් මල්ලිව බිල්ලට දුන්නේ. මම මල්ලිට කියලා කවි ටිකක් ලියෝ ගත්තා විතරයි නේ. :)

    @ලහිරු :
    ඔව් ඔව් පනී වගේ. හික්ස්. :)

    @චාටර් කොල්ලා :
    මම පැටලුවේ නෑ ඕං !!!!

    ReplyDelete
  26. @..ChAnDiKa.. :
    ඔන්න ඔඅය ඩීප්ස් නංගි උත්තරයක් දීලා තියෙන්නේ.

    @හිතුවක්කාරි :
    මල්ලි පව් තමයි. මම් පව් නැද්ද හලෝ ????

    @නදීර සඳරුවන් ලියනගේ :
    මොකද්ද ?

    ReplyDelete
  27. @deeps :
    අන්න හරි. ඔය තේරිලා තියෙන්නේ යස අගේට. ඔන්න ඕක තමා කවියක ලිව්වේ.

    @දිලීප :
    රූම් වලට යන්න දෙන්නේ නෑ. කැන්ටිමට විතරක් නම් ඔන්න යන්න පුලුවන්. ඒකත් 7 වෙනකන් විතරයි.

    @තාරා :
    හික්ස්. තාමත් ඒ කතාව මතකයි නෙහ්!!!!

    ReplyDelete
  28. @ගලායන ජීවිතය :
    මේං නදී අක්කා සිංදුත් කියනෝ !!!! ගොඩක් ස්තුතියි අක්කේ මුලු ගීයම කමෙන්ට් කලාට.

    @හිස් අහස :
    අනේ නෑ සදරු මලේ. මම් එහෙම එකෙක් නෙමේ ඕං !!!!!

    @Kasun :
    ඔන්න අපිත් අහුවෙයි උබලෑ ගැට වලට. :)
    මල්ලිව මාට්ටු කලේ නෑ හලෝ !!!!

    ReplyDelete
  29. @Dinesh :
    ඔන්න මල්ලිත් ලස්සන කවියක් ලියලා තියෙන්නේ. මටනම් කවමදාවත් කවියක්කට කවියකින් කමෙන්ට් කරන්න බෑ. සත්තයි !!!!

    @දිනුක ජයකොඩි :
    අයියා වලා !!!! කොහොමද නියමයි නේ !!! :)

    @දේවා ගේ අඩවිය :
    මේං සුබත් පතනෝ !!!!! අඩේ මම ගොඩ ගියේ නෑ දේවා

    ReplyDelete
  30. @prasanna86k :
    නෑ නෑ මාළු අයියේ. මේ සීන් එක අපේ කැම්පස් එකේ යාලුවෙක්ට සිද්ද උනේ. මම කළේ අපේ මලයට කියලා කවි ටිකක් ලියෝ ගත්ත එක විතරයි.

    @චතුවා (ළමයා) :
    අපොයි. මම මල්ලි පිට දැම්මේ නෑ.

    @නෙතුපිය :
    මල්ලි බ්ලොග් එකක් පටන් ගන්නේ නෑ. ඌ මේකේ ලියන එක තමා කරන්නේ.

    ReplyDelete
  31. මල්ලි මොකේ ..අයියා මොකෝ කවුරු හරි ගොඩ ගියා නම්..නේද.

    කවි ටික නම් ලස්සනයි..කියන්න මල්ලිට.

    ReplyDelete
  32. :D ලැජ්ජා බෙල් එක :D

    ReplyDelete
  33. @පන්සල් හංදිය :
    මල්ලිට වෙච්ච සීන් එකක් නෙමේ අයියා. මේක මගේ යාලුවෙක්ට වෙච්ච සීන් එකක්. මල්ලි තමා කවියට නැඟුවේ !!!

    @- නිල් අහස - :
    ගොඩ ගියානම් කවුරු උනත් මොකෝ නේ. :)

    @ThoppiYa :
    ඔව් ඔව් ලැජ්ජා බෙල් එක තමයි. හොස්ටල් එකට එන කොල්ලන්ව එලෝ ගන්න ගහන බෙල් එක.

    ReplyDelete
  34. බෙල් එක වැදුණු වෙලාවේ ඉඳලා ඊලඟ විනාඩි පහ තමයි මරු!

    ReplyDelete
  35. මමත් හිතුවෙ මදුරංග සහෝදරයට වුණ වෑඩක් කියලයි... මල්ලි නියමෙට ලියලා තියෙනවා! මරු!

    ReplyDelete
  36. කෝ ඔයාගේ කවිය?.දාමු දාමු ඉක්මනට ඒකත්

    ReplyDelete
  37. @කතන්දර Kathandara :
    මට නම් ඔය අත්දැකීම නෑ අයියා. අපේ යාලුවෙක්ගෙන් අහලා බලන්න ඕනේ. කොහොමද කියලා.

    @විසිතුරු :
    ඒකනේ මල්ලිගේ පට්ට කවි ටික !!!!

    @පාල :
    මගේ කවිය මට ලියන්න ඉඩ දෙන්න !!!
    ආහ් එහෙම නෙමේ නේ.
    මගේ සිහිනය මට දකින්න ඉඩ දෙන්න :)
    කොහොමද මල්ලි ජොබ් එකට ගියාද ? එල ද ? :)

    ReplyDelete
  38. අයියාලු ඉතින් ඔය ගියේ..මල්ලිව මොකට ගාව ගත්තද ..අපුරු කවි ටික..

    ReplyDelete
  39. මල්ලි වැඩ කරය වගේ කවියට වගේම අනිත් දේවලටත්..

    ReplyDelete
  40. මරු කාව්‍ය සංග්‍රහයකි.. හී හී.. ඔය ලැජ්ජ බෙල් එක ගැන මට දනා කිව්වා.. මට නොකීවට පොරටත් ලැජ්ජ බෙල් කීපයක් වැදිල තියනවා වගේ..

    ReplyDelete
  41. @නිම්ශා :
    අපෝ මල්ලිව ගාව ගත්තේ කවි ටික ලියන්න නේ.

    @සරත් ලංකාප්‍රිය :
    අනිත් දේවල් වලට නම් දන්නේ නෑ. ඔන්න කවි ටිකක් නම් ලියෝ ගන්න පුලුවන්.

    @සනා :
    උට ලැජ්ජ ගාන්ඨාරයක් තමයි වදින්න ඇත්තේ.

    ReplyDelete
  42. අපේ කෙල්ලන්ගෙ හොස්ටල් එකේ නම් හැබැයි ඔහොම බෙල් එකක් නෑ. කෙල්ලො දාගෙන ඉන්න කොල්ලො දිවා රාත්‍රි වැඩ.. හෙහ් හෙහ්..

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.