07 July 2011

මගේ 100වෙනි ලිපිය

මම බ්ලොග් ලියන්න පටන් අරන් පහුගිය ජුනි මාසේ පලවෙනිදාට අවුරුද්දක් ගත උනත් අද තමයි මගේ 100වෙනි බ්ලොග් ලිපිය ලියන්නේ. අපේ නදී අක්කා නම් මාස 7ක් ඇතුලත ලිපි 101ක් ලිව්වා. මට නම් එහෙම ලියන්න අමාරුයි. ලියන්න ඕන දේවල් මතක් වෙන්නේ නෑ. මතක් වෙන වෙලාවට නෙට් එකට ලොග් වෙලා නෑ. නෙට් ලොග් වෙනකොට ලියන්න හිටපු දේ මතක නෑ.

ඒ හින්දා මම කරන්නේ මතක් වෙන වෙලාවට පොඩි හරි කොළ කෑල්ලක ලියලා මගේ කොම්පියුටර් එක ලඟ තියනවා.පස්සේ වෙලාවක නෙට් ලොග් උනාම ඒ ලිපිය ලියනවා. කොහොමින් කොහොමහරි ලිපි 100ක් ලියන්න පුලුවන් උනා.

මේ ලිපි 100 පුරාවට මගෙත් එක්ක රැඳී හිටපු ඔයාලට ගොඩක් ම පින්. ඔයාලගේ කමෙන්ට් එකක් එහෙමත් නැත්නම් හිට් එකක් තමයි මාව ලිපි 100ක් ලියන්න තරම් උනන්දු කලේ.නම් වශයෙන් ලියන්න ගිහින් එක්කෙනෙක් හරි මඟ ඇරුනොත් කියලා හිතලා නම් ලියන්න යන්නේ නෑ.අද මම ලබලා තියෙන පොඩි හරි සාර්ථකත්වය මම තනියෙන් ලබා ගත්තු එකක් නෙමේ.ඒකට ඔයාලා ගොඩක් උදව් කරලා තියෙනවා. ඒ උදව් වලට ගොඩක් ස්තුතියි !!!!

සියළු දෙනාටම කන්ද උඩරට මුදුන් මල්කඩ බදු සිරි දළදා සමිදු පිහිටයි !!!!

72 comments:

  1. සීය දාහක් වෙලා දාහ ලක්ෂයක් වෙනකම් ලියන්න ශක්තිය ලැබේවා කියල පතන්නම්. නුවර දළදා මාලිගාවේ කරඬුව තියෙන තැන මොහොතක් ගත කල කොල්ලෙක් වගේ !

    ReplyDelete
  2. අය්යගේ ලිපි වලට මාත් ආසයි.
    තව තවත් නිර්මාණ බිහිවෙන්න ශක්තිය ලෑබේවා!

    ReplyDelete
  3. උබෙන් පොස්ට් 100000000 ක කියවන්න අපිට වාසනාව ලැබේවා..

    පොස්ට් 100000000 ලියන්න උබට ශක්තිය ලැබේවා.. අදහස් ගැන නම කියන්න දෙයක් නෑ. උබට කොහොමත් අදහස් තියනවා...

    උණුසුම් සුබ පැතුම් සහෝදරයා.... ආවට වඩා ගොඩාරියක් දිග ගමනකට ආසිරි.....

    ReplyDelete
  4. තවත් ඉස්සරහට හොඳ හොඳ ලිපි ලියන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
  5. හුඟාක් සුභ පැතුම් මධුරංග. පටන් අරන් අවුරුද්දකටත් වැඩි උනත් මටත් තව බැරි උනා පෝස්ට් සීයක් ලියාගන්න. බ්ලොග් අවකාශයේ දිගු ගමනකට ආසිරි.

    ReplyDelete
  6. මචං මධුර, මමත් ආසාවෙන් කියවන බ්ලොග් එකක් තමයි මේක... 100 වෙනි ලිපියට උණුසුම් සුභ පැතුම්.. ඒ වගේම මේ වගේ ලිපි දහස් ගණනක් ලියා බ්ලොග් මාස්ටර් කෙනෙක් වේවා කියල මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
  7. මම නම් මෑතක ඉදන් තමයි මල්ලිගේ බ්ලොග් එකට යන්න එන්න පටන් ගත්තේ. ඒකත් අහම්බෙන් වගේ කල්හාරගේ බ්ලොග් එකට දාපු කමෙන්ට් එකක් හරහා. මතකද මන්දා.."වෑල්ඩින් වෙද මහත්තයා ගැන".
    එදා ඉදන් හැමදාම ඔයාගේ බ්ලොග් කියවන්න ආවා. ඒ... ඔයාගේ බ්ලොග් වල ලස්සන කලාවක් තිබුන හන්දා.

    ඉතිං..මල්ලි..රසවත්..හරවත් ලිපි රැසක් සමගින්..කාගෙත් හිත දිනා ගනිමින් බ්ලොග් අවකාශයේ..දිගු ගමනක් යන්නට..අවංකවම..සුභ පැතුම්..මගෙනුත්..!!!

    ReplyDelete
  8. දිගු ගමනකට ආසිරි...........

    ReplyDelete
  9. ලියමු ලියමු තව ඇට්ටි හැලෙන්න, පැණි බේරෙන්න, රෙදි ගැලවෙන්න.............එකසිය විස්සට දෙසිය විස්සක් ආයුබෝ වේවා....!

    ReplyDelete
  10. 100 ට මගෙනුත් සුභ පැතුම් .... මම නම් තාම ප්ටන් ගත්ත ගමන්

    ReplyDelete
  11. තවත් කාලයකින් ලිපි දහස් ගානක් එක්කම මේ බ්ලොග් එක දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බ්ලොග් කලාවට අලුතින්ම ආපු මට මධුරංග අයියා ලොකු ධෛර්යයක් දුන්නා. සුබ පතනවා බ්ලොග් කලාවේ දිඟු ගමනක් යන්න.

    ReplyDelete
  12. එල තමා මදුරංග අයියේ.තව චිරාත් කාලයක් බ්ලොග්කරණයේ යෙදෙන්න සුභ පැතුම්......!!!

    ReplyDelete
  13. මගේ සුභ පැතුම් සහෝදරය! තව තවත් හොඳ දේවල් වැඩි වැඩියෙන් ලියන්න හැකියාව ලැබේවා. උඹ ලියන දේවල් කියවන්න අපි හැමදාම බලන් ඉන්නවා. ජය!

    ReplyDelete
  14. මගෙනුත් උණුසුම් සුබ පැතුම්.තවතවත් රසවත් හරවත් පෝස්ට් ගොඩක් ලියන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව.

    ReplyDelete
  15. සුභ පැතුම් මධුරංග මල්ලී, මම බ්ලොග් ලියන්න ආපු දවස්වල ඉඳලම කියවාපු බ්ලොග් එකක්. බොහෝම සන්තෝසයි සෙන්චරියක් ගැහුවට. දිගටම කලබලයක් නැතුව ලියමු.

    ReplyDelete
  16. මගෙනුත් උණුසුම් සුභ පැතුම් අයියේ.. තව තවත් ලස්සන ලිපි ලියන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
    ඒක නෙමෙයි අර මල් අතු ටික වේලෙනවා.. එක හිටවන හැටි කිවුවනම්...

    ReplyDelete
  17. මගේ සුභ පැතුම් මදුරංග අයියේ! ජය වේවා!

    ReplyDelete
  18. හදවතින්ම සුභපැතුම් මල්ලි...

    (පුළුවන් ඉක්මනට අර මල්පැල සීන් එකේ ඊළඟ කෑල්ල ලියපං, හොරෙන් උස්සපු පැල ටික ගෙදර වේලෙනවා...)

    ReplyDelete
  19. සුභ පැතුම් අයියේ, හැමදාමත් හරවත් රසවත් දේවල් ලියන්න දීරිය ශක්තිය ප්‍රාර්ථනා කරනවා මුලු හදවතින්ම

    ReplyDelete
  20. සුභ පැතුම් මචෝ....
    තව තවත් වැඩි වැඩියෙන් ලිපි ලියවේවා!

    ReplyDelete
  21. අපෙන් සුබ පැතුම් ඔබ තමයි අපිට හරි මාර්ගය පෙන්නුවේ අපි එකට ස්තුති වෙනවා තවත් හොගක් ලියන්න ශක්තිය ලැබේවා,
    රෙස්ලින්. lk කන්ඩායම

    ReplyDelete
  22. හදවතින්ම සුබ පැතුම් මල්ලියා .....

    ඔයා ලියනවා වගේම ලියන අයටත් ලොකු සේවයක් කරනවා, මම දැකලා හුඟක් බ්ලොග්වල ඔයාගේ කමෙන්ට් එකක් තියනවා ....

    දිගු ගමනකට මගෙන් උණුසුම් සුබ පැතුම් ........

    ReplyDelete
  23. good luck----------

    ReplyDelete
  24. දිගටම ලියන්න. මගෙනුත් සුබ පැතුම්....

    ReplyDelete
  25. දෙසීය පන්සීය දාහා හා ඉන් එහා වගේ කඩ ඉම් දක්වා සාර්ථකව යන්න ලැබේවා කියා පතන ගමන් 100ට ත් සුභ පතමි.

    ජය!

    ReplyDelete
  26. සුභ පැතුම් මලයා . . . .:)

    මට නම් පෝස්ට් 100 දාන්න මාසයක් යන්න ඇති වැඩිම වුනොත් . මම දාන්නේ ගොඩාක් දිග , කතාන්දරානු රූප පෝස්ට් නොවන නිසාත් මුලින් මුලින් වෑඩි අවබෝදයක් නොතිබීම නිසාත් තමයි එක දිගට මම නම් දාලා තිබූනේ . මට මතකයි මගේ " හොරා පොලිස් " පෝස්ට් එකට මධුරංග කොමෙන්ටුවෙත් කියලා තිබ්බ බොහොම ඉක්මන්ට මම පෝස්ට් පබ්ලිශ් කරනවා නේද කියලා . ටිකක් මම ඒ දේ කන්ට්‍රෝල් කරගත්තා . ගොඩාක්ම ඔබේ කීම නිසා .

    ඔබේ පෝස්ට් 100 කඩඉමේදී පුංචි වචන ටිකක් තෑගි කරන්න හිතුවා . ඒ තමයි , මලේ ගමන හෙමිං යන්න . හොඳ සැලැස්මකට අනුව . එතකොට ඕනම ශේශ්ත්‍රයක කලාන්තරයක් වැජඹෙන්න පුළුවන් . හැබැයි එහෙමයි කියලා ඉක්මන් වියයුතු තැනදී ඉක්මන් නොවෙන එකත් ගමනට අවාසියක් . නුවනින් බලා කටයුතු කරන්න .

    සුභ පැතුම් . . .

    ReplyDelete
  27. සුභ පැතුම් මල්ලිය...

    ReplyDelete
  28. දිගටම ලියන්න වාසනාව ලැබේවා..

    ReplyDelete
  29. මම බ්ලොග් ලියන්න පටන් ගත්ත දවසෙම මගේ බ්ලොග් එකට ඇවිල්ලා පොස්ට් කියවලා මුලින්ම කමෙන්ට් කරපු කෙනක් තමයි මධුරංග අයියා..අලුතෙන් බ්ලොග් ලියන අයට අයියා මාරම සපෝට් එකක් තමයි දෙන්නේ..

    ඔය ලිව්වා වගේ 1000 වෙනි පොස්ට් එකත් ලියන්න ලැබෙන්න කියල මම හදවතින්ම ප්‍රර්ථනා කරනවා..මටත් එකේ කමෙන්ට් කරන්න පුළුවන් වෙන්න කියලත් ප්‍රර්ථනා කරනවා :)

    ඉස්සරහටත් වටිනා , හොද පොස්ට් දාන්න අයියට හැකිවේවා :) :)

    ReplyDelete
  30. පොස්ට් 100 ක් නෙමේ යාලුවා දස ලක්ශයකට එහාගිය අකුරු කී බොඩ් එකේ ඔබන්න වාරු ඇති තුරා.... අපට වටින දේවල් ලියන්න ශක්තිය ලැබේවා කියලා හදවතින්ම සුභ පතනවා...

    ReplyDelete
  31. ජය වේවා ! මගෙන් සුබ පැතුම් !

    ReplyDelete
  32. සුභ පැතුම් අයියා......නිකම් වචන වලින් නෙමේ බොක්කෙන්ම සුභ පතනවා......

    ReplyDelete
  33. සීයෙන් දාහට දාහෙන් තවත් ඉදිරියට ලියන්ට කාලය, ශක්තිය ලැබෙන්ට සුභ පතනවා..

    ReplyDelete
  34. සතු‍ටුයි.ඔහොම යං

    ReplyDelete
  35. සුභ පැතුම් අයියා.... සොරි වෙන්න ඕනේ කියවන්න බැරිවුන පෝස්ට් තොගයක් තියනවා දිග කමෙන්ටුවක් දාන්න වෙලාවක් නෑ තරහා වෙන්න එපා.....

    ReplyDelete
  36. සීයට සුභ පැතුම් මල්ලි....! තව තවත් වැඩි වැඩියෙන් ලියන්න වාසනාව හා ශක්තිය ලැබේවා !

    ReplyDelete
  37. සුබ පැතුම් කොල්ලා.දිගටම එහෙනම් ලියමු. :)

    ReplyDelete
  38. මගෙත් උණුසුම් සුභ පැතුම්......!!!!!දිගටම ලියන්න ශක්තිය ලැබෙන්න ඕනෙ....

    ReplyDelete
  39. මකුළු පැංචිගෙ දිහාත් නිතරම යන එන...පැංචි හුඟක් කල් ඉඳන් දන්න අඳුනන කෙනෙක්නෙ ඉතින් ඔයා..ඔන්න මගෙනුත් හද පිරි සුබ පැතුම්..ජයෙන් ජයම වේවා....!!

    ReplyDelete
  40. සුභ පැතුම් මධුරංග මල්ලී!!!!

    ReplyDelete
  41. සුභ පැතුම් යාලුවා

    ReplyDelete
  42. දැක්කේ දැන්ය
    මගේ සුභ පැතුම් සහෝ..
    සුභ පැතීමට ප්‍රමාද වූවාට මාගේ බලවත් කනගාටුව..

    ReplyDelete
  43. ජය වේවා අයියේ...!!

    ඔයා මගෙ බ්ලොග් එක ෆලෝ කරපු දවසෙ මම ඔයාට කිව්වා ඔයා වගේ දැවැන්ත පොරක් මේ පැත්තට ආවට බොහෝම ස්තූතියි කියලා... ඒත් ඔයා එදා කිව්‍වෙ ඔයා තාම බ්ලොග් කෙරුවාවේ දී පොඩි එකෙක් කියලා... ඔයා තාමත් හිතන් ඉන්නේ එහෙමද..?? ඔව් කියල නම් කියන්න එපා.. එහෙම උනොත් මම වගේ අලුත් අයට කියන්න නම් නැති වෙනවා :D

    ReplyDelete
  44. 100වෙනි ලයිට් කණුව ලඟ ටිකක් හති අරිනකම්.. ඔයා ආව පාර හරිම ලස්සනයි... ගොඩාක් සටහන් ඇත්තටම වුණු දේවල් නිසා ඒවා තවත් රසවත්..

    ඒ නිසාම මේ බ්ලොග් එක මගේ ප්‍රියතම බ්ලොග් දෙක තුනෙන් එකක්..^_^

    සුභ පතනවා අයියේ 100වෙනි පෝස්ට් එකට... ඔහොමම 200..300ත් ගණිමු හොඳේ..?

    ReplyDelete
  45. සුභ පැතුම් අයියා... ලබන උපන්දිනේ එනකොට ලිපි ලක්ෂයක් ලියන්න ශක්තිය ලැබේවා කියල පතනවා....!!! අලුතෙන් බ්ලොග් ලියන අයට ඔයාලගෙ අතහිත හුඟක් වැදගත්...

    ReplyDelete
  46. දිගටම ලියන්න මධුරංග අයියේ . සීය ගැහුවා වගේම 1000 ගහන්නත් හයිය හත්තිය ලැබේවා !!!

    ReplyDelete
  47. මම මුල ඉඳල නම් හිටියෙ නෑ එත් ඉස්සරහට සිතක සංකල්පනා එක්ක ඉන්නවා..

    ReplyDelete
  48. මම මුල ඉඳල නම් හිටියෙ නෑ එත් ඉස්සරහට සිතක සංකල්පනා එක්ක ඉන්නවා..

    ReplyDelete
  49. @සරත් ලංකාප්‍රිය :
    මම් කන්ද උඩරට ඉන්න කෙනෙක් තමා අයියා !!!

    @Gimhani :
    සුබ පැතුම් වලට ගොඩක් ස්තුතියි.

    @ADK කොලුවා :
    බිංදු ගාන වැඩිද මන්දා. සුබ පැතුම් වලට ස්තුතියි

    @බීටා :
    සුබ පැතුම් වලට ගොඩක් ස්තුතියි මල්ලි.

    ReplyDelete
  50. @buwa :
    සුබ පැතුම් වලට ගොඩක් ස්තුතියි මචං. මාත් එන්නම්කෝ බුවාගේ අඩවිය පැත්තේ !!

    @පිණිබිඳු... :
    ඔයත් ඉක්මනට 100ක් ලියයි. සුබ පැතුම් වලට ගොඩක් ස්තුතියි පිණිබිඳු !!

    @සනා :
    අම්මෝ බ්ලොග් මාස්ටර් කෙනෙක් !!!
    සුබ පැතුම් වලට ගොඩක් ස්තුතියි සනා

    @- නිල් අහස - :
    මතයි අයියා. එදා අර වෑල්ඩින් වෙදාගේ නම්බර් එක ඉල්ලුව එක නම්.සුබ පැතුම් වලට ගොඩක් ස්තුතියි අයියා

    @හරී :
    සුබ පැතුම් වලට ගොඩක් ස්තුතියි හරී !!!

    ReplyDelete
  51. @දිනුක ජයකොඩි :
    ලියමු ලියමු !!! :)
    සුබ පැතුම් වලට ගොඩක් ස්තුතියි මචං.

    @DBL :
    කලින් කියන්න එපැයි අලුත් කෙනෙක් කියලා. එහෙනම් මාත් අද ඉදන්ම ඒ පැත්තට සෙට් වෙනවා.
    සුබ පැතුම් වලට ගොඩක් ස්තුතියි.

    @හංසි :
    දන්න දෙයක් කියලා දෙන එක ලොකු පින්ක් නේ නංගි. ඒ වගේම ඔයාගේ සුබ පැතුම් වලටත් ගොඩක් ස්තුතියි.

    @පාල :
    චිරාත් කියන්නේ කොච්චර කාලයකට ද ?
    සුබ පැතුම් වලට ගොඩක් ස්තුතියි.

    @Kasun :
    අනිවාර්යෙන්ම මම ලියන දේවල් කියවන්න උබලා ඉන්න එක මට ශක්තියක්.සුබ පැතුම් වලට ගොඩක් ස්තුතියි කසුනෝ.

    ReplyDelete
  52. @නදී :
    අක්කගේ සුබ පැතුම් වලටත් ගොඩක් ස්තුතියි අක්කේ.

    @nawammawatha :
    සුබ පැතුම් වලට ස්තුතියි අයියා. හරි හරි හිමිහිට ලියන්නම්කෝ !!! :)

    @Dinesh :
    හිටින් හිටින් ඒ ටික ලියන කන්. මම තාම කරුණු හොයනවා.
    සුබ පැතුම් වලට ගොඩක් ස්තුතියි මල්ලි.

    @විසිතුරු :
    සුබ පැතුම් වලට ගොඩක් ස්තුතියි මල්ලි.

    @prasanna86k :
    හරි අයියා. මම ඉක්මනට ඉතුරු ටිකත් ලියන්නම්. සුබ පැතුම් වලට ගොඩක් ස්තුතියි අයියේ !!!

    ReplyDelete
  53. @ප්‍රාර්ථනා :
    සුබ පැතුම් වලට ගොඩක් ස්තුතියි.

    @පූසා :
    සුබ පැතුම් වලට ගොඩක් ස්තුතියි පූසයියේ !!!

    @රෙස්ලින්.lk :
    අනිවා. දිගටම ඉන්නවා මම උබලත් එක්කම.

    @Nadun Ranaweera :
    සුබ පැතුම් වලට ගොඩක් ස්තුතියි

    @පන්සල් හංදිය :
    අනිවා අයියේ. අලුත් කෙනෙක් නම් මම පස්සෙන් එලව එලවාහරි කමෙන්ට් කරනවා.සුබ පැතුම් වලට ගොඩක් ස්තුතියි අයියේ.

    ReplyDelete
  54. @Anonymous :
    සුබ පැතුම් වලට ගොඩක් ස්තුතියි

    @උදාර :
    සුබ පැතුම් වලට ගොඩක් ස්තුතියි උදාර.

    @දුකා :
    අම්මෝ දුකා අයියා. ගොඩක් ස්තුතියි සුබ පැතුම් වලට.

    @සුශාන් ප්‍රියනාත් රත්නායක :
    ගොඩක් ස්තුතියි අයියේ අදහස් වලට. මම එහෙම කිව්වේ කමෙන්ට් කරනකොට මිස් වෙන හින්දා.

    @සාතන් :
    අඩේ යක්කුත් සුබ පතලා !!!! :)
    ගොඩක් ස්තුතියි සුබ පැතුම් වලට.

    ReplyDelete
  55. @sameerausa :
    සුබ පැතුම් වලට ස්තුතියි අයියා.

    @ChammA :
    අනිවා මල්ලි ඉස්සරහටත් අපි ලියමු නේ. මම අනිවා මල්ලි ලියන ඒවා කියවන්න එනවා. සුබ පැතුම් වලට ස්තුති.

    @දේවා ගේ අඩවිය :
    සුබ ඇතුම් වලට ගොඩක් ස්තුතියි දේවා (සදරු)

    @දිල් :
    සුබ ඇතුම් වලට ගොඩක් ස්තුතියි දිල්.

    @මකුළුවා..... :
    අනිවර්යෙන්ම මම ඒක දන්නව මල්ලි. සුබ පැතුම් වලට ගොඩක් ස්තුතියි මල්ලි.

    ReplyDelete
  56. @පුතා :
    සුබ පැතුම් වලට ගොඩක් ස්තුතියි.

    @නදීර සඳරුවන් ලියනගේ :
    යං යං. දිගටම යං

    @කිඩෝ :
    වචන දෙකක් කෙටුවත් ඒක ලොකු ශක්තියක් මල්ලි. සුබ පැතුම් වලට ගොඩක් ස්තුතියි.

    @දුමී :
    අම්මෝ වාසනවන්. දුමී අයියත් මගේ බ්ලොග් එකට ඇවිදිල්ලා. සුබ පැතුම් වලට ගොඩක් ස්තුතියි දුමී අයියේ.

    @සීතල අයියා :
    සුබ පැතුම් වලට ගොඩක් ස්තුතියි සීතල අයියේ.

    ReplyDelete
  57. @හිතුවක්කාරි :
    ඔන්න මම දිගටම හිතුවක්කාරිගේ බ්ලොග් එකට එනවා. සුබ පැතුම් වලට තුති.

    @මකුළු පැංචි :
    අම්මෝ ඔව් කැම්පස් අපු මුල්ම කාලේ ඉදන් දන්නේ. සුබ පැතුම් වලට ගොඩක් ස්තුතියි නංගි.

    @..ChAnDiKa.. :
    සුබ පැතුම් වලට ගොඩක් ස්තුතියි අයියේ.

    @රාජිත අනුරාධ***රජී-සන්නස.... :
    සුබ පැතුම් වලට ගොඩක් ස්තුතියි.

    @චතුර.... :
    එහෙම කියන්න එපා. කොහොමහරි එන්න පුලුවන් උනා නේ. ඒ ඇති.සුබ පැතුම් වලට ගොඩක් ස්තුතියි.
    වෙනදා වගේ මේ පැත්තේ ආවට ගොඩක් ස්තුතියි.

    ReplyDelete
  58. @සුපර් මාරියෝ :
    තාමත් කියන්නේ මල්ලි මම පොරක් නම් නෙමේ. තාම පොඩි එකෙක්. බ්ලොහ් කලාවට ගොඩක්ම ආධුනිකයි.
    සුබ පැතුම් වලට ගොඩක් ස්තුතියි.

    @ප්‍රාර්ථනා :
    හති ඇර ඇර ඉන්න බෑ. අලුත් බ්ලොග් ලියන අයගේ ඒවා කියවන්න එපැයි. සුබ පැතුම් වලට ගොඩක් ස්තුතියි නංගි.

    @ගයන්ත :
    අනිවා මම දිගටම කියවන්න එන්නම්. සුබ පැතුම් වලට ගොඩක් ස්තුතියි.

    @හිස් අහස :
    දාහා ලියන්න කලින් කූරියා ගහයි ද දන්නේ නෑ. :)
    මම බ්ලොග් ලියන්න ආපුම දවස්වල ඉදන් මල්ලිගෙන් මට ලැබුන සහයෝගය කියලා නිම කරන්න බෑ. ගොඩක් ස්තුතියි මල්ලි ඒ උදව් වලට.

    @අoජලී. :
    එන්න එන්න. මම සාදරයෙන් පිළිගන්නවා.

    ReplyDelete
  59. ela ela...matat oya ledema thama thiyenne..liyanna oni dewal mathak wenne na..mathak wena welawata liyanna widihak na....
    thawa liyamu....

    :D :D

    ReplyDelete
  60. සුබම සුබ පැතුම් අයියේ..දිගටම ලියන්න....

    ReplyDelete
  61. ජය වේවා තව තව වෑඩියෙන් බ්ලොග් ලියන්න ලෑබේවා කියලා ප්‍රාර්තනා කරනවා....
    හෑමදාමත් මල්ලිගෙ බ්ලොග් කියෙව්වට අද තමා කොමෙන්ට් එකක් දෑම්මේ ඉස්සල්ලාම :)

    ReplyDelete
  62. සුභ පැතුම්!

    කොල කෑලිවල ලියන්නේ ඇයි?
    මං කරන්නේ මොබයිල් එකේ ටෙක්ස්ට් එකක් විදියට සේව් කරගන්නවා.
    පුටුවේ වාඩි වුණු ගමං වෙන්ඩ කතන්දර ඩොකියුමන්ට් එකට මාතෘකාව ඇඩ් කරගන්නවා.
    නින්දෙන් මතක්වෙන කතන්දරයි, ෂවර් එකේ මතක්වෙන ඒවයි විතරයි අමතක වෙන්නේ!

    ReplyDelete
  63. සුබපැතුම් මචෝ.. උබේ බ්ලොග් එකත් මම ආසාවෙන් කියවන බ්ලොග් වලින් එකක්.. :)

    ReplyDelete
  64. ඔයා ලියන ලිපි හරිම ලස්සනයි මදුරංග අයියේ... දිගටම ලියන්න. ඔයාට මුළු හිතින්ම සුභ පතනවා.

    ReplyDelete
  65. මාත් අවුරුදු ගානක ඉඳලා ලියන්නේ එත් තාම 100 ගහන්න බැරි වුනා. ඒ අතින් අයියා දස්සයා :) සීයක් නෙවේ ඒ වගේ දස දහස් ගුණයක් ලියන්නට දිරිය ලැබේවා

    ReplyDelete
  66. අනේ ප්‍රමාද වෙලා හරි කම් නැහැ මගේ හදපිරි උණූසුම් සුබ පැතුම්..
    :ඩි ..

    ReplyDelete
  67. සුභපැතුම් :)


    මම පරක්කුයි ඔන්න :(

    ReplyDelete
  68. @දිලීප :
    ලියමු ලියමු. සුබ පැතුම් වලට ගොඩක් ස්තුතියි යාලුවා.

    @නිම්ශා :
    බොහොම ස්තුතියි නංගි සුබ පැතුම් වලට.

    @Gizaa :
    ඔන්න අයියා මාත් ඔයැයිගේ බ්ලොග් එක පැත්තේ ගියා. දිගටම ලියමු අයියා.

    @කතන්දර Kathandara :
    අයියගේ රම ටිකත් අත්හදා බලන්න ඕනේ. කතාවක් අමතක උනාම ආයේම ඒක මතක් කරගන්න එක මාරම අමාරුයි. සුබ පැතුම් වලට ස්තුතියි අයියා.

    ReplyDelete
  69. @Kanishka | කණියා :
    බොහොම ස්තුතියි. උබ තමයි මගේ බ්ලොග් එක සරල කරලා දාන්න කියලා කිව්ව එකා. ඔන්න මම සරල කලා. දැන් ලෝඩ් වෙන්න වෙලා යන්නේ නෑ.

    @StArry aNgeL :
    සුබ පැතුම් වලට බොහොම ස්තුතියි නංගි.

    @deeps :
    බය වෙන්න එපා. ඔයාලත් සියයක් ලියාවි. සි වගේම දෙසීය තුන්සිය ගණනක්ම ලියන්නත් පුලුවන් වෙයි.

    @˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ :
    සුබ පැතුම් වලට ගොඩක් ස්තුතියි.ඇත්තටම කොහොමද ඔය රූප ටික දැම්මේ ?

    @ThoppiYa :
    පරක්කු නෑ පරක්කු නෑ. සුබ පැතුම් වලට ස්තුතියි මල්ලි.

    ReplyDelete
  70. සුබපැතුම් මල්ලි ,, දිගටම ලියන්න

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.