08 June 2011

සම්මුඛ පරීක්ෂණ වල බුද්ධි පරීක්ශණ ප්‍රශ්න (IQ)

මේ දවස්වල ගෙදර ඉන්නවාට වඩා ඉන්නේ කොළඹ කොහේ හරි තියෙන කම්පනි එකක. ඒ තරමටම මේ දවස්වල මට ඉන්ටර්විව් තියෙනවා. ගොඩක්ම ඉන්ටර්විව් වලට ගියාට තාම එකක්වත් හරි ගියේ නම් නෑ. ගොඩක් තැන්වල ඉන්ටර්විව් වලට ගියාම ප්‍රශ්න පත්තරයකට උත්තර ලියන්න දෙනවා. එහෙම දෙන ප්‍රශ්න පත්තර වල ඉගෙන ගත්ත දේවල් වලට අමතරව බුද්ධි පරීක්ෂණ (IQ) ප්‍රශ්නත් තියෙනවා.

මුලින්ම ඔහොම ප්‍රශ්නයක් මට අහන්න ලැබුනේ ට්‍රේනින් එකක් හදා ගන්න ඉන්ටර්විව් ගියපු දවස්වල.ඒක දොඩම් ගැන ප්‍රශ්නයක්.ඒක ලියන්න තිබ්බ එකක් නෙමේ. කෙලින්ම උත්තර දෙන්නයි තිබ්බේ. ඒ නිසා ඒ ප්‍රශ්නේ නම් හොද හැටියටම නා ගත්තා. කැමති කට්ටිය ඉන්නවනම් මෙතන ක්ලික් කරලා ඒ ප්‍රශ්නය කියවන්න.

ඔහොම මගේ යාලුවෙක්ටත් ඔය වගේ බුද්ධි පරීක්ෂණ ප්‍රශ්නයක් අහලා තිබ්බා. ඒක බැක්ටීරියා ප්‍රශ්නයක්. මේකයි ප්‍රශ්නය. එක දීසියක බැක්ටීරියාවක් තියෙනවා. ඒ බැක්ටීරියාව දීසියෙන් ගන්න වර්ගඵලය හැම දවසකම දෙගුන වෙනවාලු.ඒ කියන්නේ අද සෙන්ටිමීටර් එකක වර්ගඵලයක් තියෙන බැක්ටීරියාවක් තිබ්බොත් හෙට බලද්දි ඒක සෙන්ටිමීටර් දෙකක් වෙලා.මේ බැක්ටීරියවෙන් මුලු දීසියම වැහෙන්න දවස් තිහක් ගත වෙනවලු. දිසියෙන් බාගයක් වැහෙන්න කොච්චර කල් ගත වෙනවද කියන එක තමයි ප්‍රශ්නේ. දන්න කට්ටිය ඉන්නවනම් උත්තරේ පහලින් කමෙන්ට් කරන්න.

ලගදි මට ප්‍රශ්නයක් හම්බ උනා ඒක නම් ඒ ප්‍රශ්නේ හදපු එකාගේ පුද්ගලික ප්‍රශ්නයක්.

මේකයි ප්‍රශ්නේ.
එක්තරා රටක ගෑනු කෙනෙක් බැදලා ළමයි හදනවලු. පුතෙක් ලැබුනොත් ආයේ ළමයි හදන්නේ නැති ලු. බැරි වෙලාවකවත් දුවෙක් ලැබුනොත් ආයෙම ළමයෙක් හදනවලු. දෙවෙනි එකා කොල්ලෙක් (පුතෙක්) උනොත් ආයේ ළමයි හදන්නේ නැහැල්ලු. බැරිවෙලාවත් ඒකා කෙල්ලෙක් (දුවෙක්) උනොත් ආයේ ළමයෙක් හදනවලු. ඔහොම කොල්ලෙක් (පුතෙක්)ලැබෙනකන් ළමයි හදනවලු. ඒ ගෑනු කෙනාගේ දුවලාට පුතාලගේ අනුපාතය තමයි අහලා තිබ්බේ.

මට නම් ඒකට උත්තර දෙන්න බැරි උනා. දත්ත ප්‍රමාණවත් නෑ. අඩුමගානේ ගෑනු කෙනාගේ වයසවත් තිබ්බා නම් උත්තර දෙන්න තිබ්බා. මේකේ උත්තරේ දන්න කෙනෙක් ඉන්නවනම් පහලින් කමෙන්ට් කරන්න. ඒක ලොකු පිනක්.

මගේ යාලුවෙක්ට හම්බ වෙච්චි ප්‍රශ්න තුනක් මම ඒ දවස්වල පෝස්ට් වල දැම්මා.

(1.) ගණිත ගැටලුවක් !!!! - 1වන කොටස
(2.) ගණිත ගැටලුවක් !!!! - 2වන කොටස
(3.) ගණිත ගැටලුවක් !!!! - 3වන කොටස

51 comments:

  1. පලවෙනි ප්‍රශ්නෙට උත්තරේ නම් දවස් 29යි.

    ReplyDelete
  2. අර බැක්ටීරියා case එ​කටනම් දවස් 29යි නෙ... අහන්න කලින් උත්තර දෙන්න තිබුනනෙ...

    ReplyDelete
  3. දෙවනි එකටනම් අදහසක් නෑ N:1 වගේ කියන්න පුළුවන් නේද?

    ReplyDelete
  4. බැක්ටීරියා ප්‍රශ්නෙට උත්තරේ : දවස් 29

    නිකම් හිතල කියන්නත් පුළුවනි. නැත්තම් සමීකරණයක් දාගෙන හදන්නත් පුළුවනි:
    If total of petridish = x & initial area covered at end of day 1 is = b,
    x = 2^29 b
    x/2 = 2^29 b /2

    :)

    ReplyDelete
  5. පොඩ්ඩක් ඉන්න බලන්න තව හිතන්න ඕන..:-පී

    ReplyDelete
  6. අර වර්ගඵලය ප්‍රශ්ණයට උත්තරයනම් දවස් 29යි.
    ළමයි අනුපාතෙනම් උගෙන්ම තමා අහන්ට වෙන්නේ.. :)

    ReplyDelete
  7. (1/2)*2 = 1 kiyala therune nedda. ekiyanne dawas 29k yanawa bhagayak deesiya pirenna(mata hithena widiyata awuala thiyenne oba kalpana karana krmayei, mekedi wenna one thiyena dattha walin apassata awith hithannai).

    ReplyDelete
  8. මේකට දාන්න හිතපු කොම් එක ලියලා තියෙන්නෙ වෙන එකක්..
    අයියෝ සහෝ සොරි...

    බැක්ටීරියා කථාවට දවස් 29ක් යනවා නේද ?

    ReplyDelete
  9. man hithanne dawas 29 k yanawa.

    ReplyDelete
  10. http://www.thoughtclusters.com/2011/01/good-math-bad-math-explanations/

    menna ara pawule prasnaya thiyenawa(habai meke thiyenne ratak kiyala)

    ReplyDelete
  11. 01 අයියෝ සුලු දෙයක් නෙ!දවස් විසි නවයක් ගතවෙනවා.
    02 දුවලාට : 1(පුතාලා)

    ReplyDelete
  12. appata siri..mewath ahanawada prashna walata..ane ammooo...welawata api campus yanne natte..

    ReplyDelete
  13. bacteria takes 29 days to fill the half of the dish

    ReplyDelete
  14. Bacteria takes 29 days to fill the half of the dish

    ReplyDelete
  15. if the woman has X number of children the ratio would be => X-1 girl(s) : 1 boy

    ReplyDelete
  16. 1/ මම හිතන විදිහට පලවෙනි ප්‍රශ්නෙට උත්තරේ දින 29යි.

    දෙවෙනි එක ගැන... තව හිතන්න ගියොත් - හිතේ පොට - යන්න පුලුවන්.
    ඒ හන්දා දන්න කෙනෙක් දානකම් බලන් ඉන්නවා.

    ReplyDelete
  17. සිම්පල්නේ අයියේ දෙකට එක අනුපාතය ! .......

    මම හිතන්නේ මම හරි ! . ඉන්ටර්විවු වල ඕව අහනවා කියලා මම බ්ලොග් කියවලාම තමයි දැනගත්තේ . මම ඉටවු ගිය මුල් දවසේ මගෙන් ඇහුවේ .

    නම . කොහේද ඉන්නේ . හෙට ඉඳන් එන්න පුලුවන්ද ? ඔන්න ඔච්චරයි !

    ReplyDelete
  18. දෙවෙනි ප්‍රශනේ ගෑනු කෙනාගේ හස්බන්ඩ් කැමති එක ළමයටයි. හස්බනඩ් ගෙන් අහල කියන්නම්. අනෙක ඔයාලා එච්චර හිතන්න ඔයාලා ළමයින්ගේ තාත්තලද?

    ReplyDelete
  19. පළවෙනි ප්‍රශ්නෙට නම් උත්තරේ 29යි....දෙවෙනි එකට නම් හරි හමන් උත්තරයක් නෑ.

    ReplyDelete
  20. අපේ පොඩි මලයා මේ පාර ඔලිම්පියාඩ් එක්සෑම් එකට ලිව්වා...ඌටත් අර බැක්ටීරියා ප්‍රශ්නේ දීලා තිබ්බා..කොල්ලත් හරියට උත්තරේ දීලා ඇවිල්ලා තිබ්බා දවස් 29 කියලා

    ReplyDelete
  21. පළවෙනි එකටනම් ඔය උත්තරේ හැමෝම දිලා තියෙන්නේ.. ඒත් දෙවෙනි එක තමා ප්‍රශ්ණේ.. ඒක ප්‍රශ්ණෙ අහපු එකාගෙන්ම තමයි අහන්න ඕන..

    ReplyDelete
  22. මම ඔය ගණන් වලට කැමති නැතෝ ........

    ReplyDelete
  23. මම ගණන් වලට කැමති නැතෝ ......

    ReplyDelete
  24. අනේ ඔය වගේ ඉන්ටවු නම් සෙට් වෙන්න එපා මට. අනිවා පස්න එකක් දෙකක් හරි ඈනගන්නවා.

    ReplyDelete
  25. බෑක්ටීරෙයා ප්‍රශ්නේ නම් තේරුනා.. දින 29 නේ.. අනිත් එකට නෝ අයිඩියා...ඉන් විකිපිඩියා :පී .. ඒප්‍රස්නේ හදන්න ඈත්තේ ඒ කම්පෑනියේ බොසා.. එයා ගේ පුද්ගලික පරස්නයකට උත්තරේ ඔයගොල්ලෙන්ගෙන් ගන්න හදන්නේ.. හික්ස්

    ReplyDelete
  26. මම ගනන් වලට කැමති නැතෝ .......

    ReplyDelete
  27. ඒ මම් මේක දැක්කෙ දැන්නේ.:/

    ReplyDelete
  28. අර පලවෙනි එකට උත්තරේ නම් ඔය අනික් අය දුන්න එකම තමා.දින 29යි.දෙවනි එක නොදනී

    ReplyDelete
  29. @පිණිබිඳු... :
    ඔයාගේ උත්තරේ හරි. දෙවෙනි එකට උත්තරේ දන්නවද ? ඒක මාත් දන්නේ නෑනේ.

    @කේෂාන් De சில்வா :
    ඕක ඉතින් මගෙන් අහපු එකක් නෙමෙයි නේ. මගේ යාලුවෙක්ගෙන් අහලා තිබ්බ එකක් නේ.

    @රොබින් :
    ඔව් ඔබේ පිලිතුර නිවැරදියි.

    ReplyDelete
  30. @niroshinie :
    අඩේ ඔච්චර සමීකරණ දාන්න ඕනෙද ? කොහොමහරි ඔයාගේ උත්තරේ හරි. අනිත් එකත් ට්‍රයි කරලා බලන්න පුලුවන් නම් හොදයි.

    @රවින් :
    හිතන්න කියලා එච්චර වෙලාවක් දෙන්නේ නැත. ගොඩක් ප්‍රශ්න පැය දෙකට උත්තර ලියන්න කියලා තමයි දුන්නේ.

    @පුතා :
    හොද වෙලාවට ඌ හිටියේ නැත්තේ. හිටියනම් අහගන්න තිබ්බා.

    ReplyDelete
  31. @Anonymous 1 :
    පලමුවෙනි එකේ උත්තරේ හරි.

    @Anonymous 2 :
    යකෝ මේක මට හම්බවෙච්චි ප්‍රශ්නයක් නෙමේ. යාලුවෙක්ට හම්බ වෙච්ච ප්‍රශ්නයක්. ඇනෝ කමෙන්ට් දම්මා මදිවට මට බනින්නත් එනවා. අනේ අනෝ !!!!!

    @තරු අහස :
    ඒ කමෙන්ට් එකත් ඔන්න ඔහේ තිබිච්ච දෙන්. වැඩියක් නෑ.
    ඔයාගේ උත්තරේ හරි.

    ReplyDelete
  32. @amila :
    උත්තරේ හරි.

    @Anonymous 3 :
    උබ නම් දෙයියෙක්. උබ විතරයි උත්තරේ දන්න තැන පෙන්නුවේ තෑන්ක්ස් ඇනෝ !!!!

    @රාජ් :
    පලමුවෙනි එකේ උත්තරේ නම් හරි. ඒත් දෙවෙනි එකේ උත්තරේ හරියි කියලා සහතික වෙන්න බෑ. මොකද මමවත් ඒකේ උත්තරේ දන්නේ නෑනේ.

    ReplyDelete
  33. @හුදකලා යාත්‍රිකයා :
    පලමුඑනි එකේ උත්තරේ නම් හරි. ඒත් දෙවෙනි එකේ උත්තරේ නම් කොහොමත් හරි වෙන්න බෑ. ඔච්චර ළමයි හදනකන් ගෑනි ජීවත් වෙලා ඉන්න එකක් නෑ. :)

    @Anonymous 4 :
    ඔබගේ පිලිතුර නිවැරදියි.

    @Chanaka Aruna Munasinghe :
    මකරා සර්, පලමුවෙනි එකේ උත්තරේ නම් හරි. ඒත් දෙවෙනි එකේ උත්තරේනම් කියන්න අමාරුයි.

    ReplyDelete
  34. @එදිරි :
    උත්තරේ හරි. දෙවෙනි එකත් ට්‍රයි කරලා බලන්න.

    @දිලීප :
    කැම්පස් ගිය හින්දා තමා අවුල. නැත්නම් මේ ප්‍රශ්න නෑ නේ.

    @Sasindu Mendis :
    පලමුවෙනි එක නම් හරි. ඒත් දෙවෙනි එක නම් කොහොමද කියලා කියන්න අමාරුයි.

    ReplyDelete
  35. @- නිල් අහස - :
    පලමුවෙනි එකේ උත්තරේ හරි. දෙවෙනි එකේ උත්තරේ හිතන්න එපා. නැත්නම් මට වගේ කොයිල් වෙයි.

    @හිස් අහස :
    එහෙම අහන ඉන්ටර්විව් තියෙනවනම් මාරම වාසනාවක් මල්ලි. එහෙම ඒවා අපට නෑනේ.

    @Anonymous 5 :
    හස්බන්ඩ් නම් කමති වෙන එකක් නෑ ඔච්චර ළමයි ගොඩක් හදන්න.

    ReplyDelete
  36. @ශාන්..... :
    පලමුවෙනි එක නම් හරි. ඒත් දෙවෙනි එකට මටත් හරි හමන් උත්තරයක් නෑ.

    @රත්ගමයා :
    අයියා වගේම නැතෑ මල්ලිත්. මාර මීටරයක් නේ මල්ලිත්.පොඩි රත්තත් ලොකු රත්තා වගේ හෙනම ඩයල්ස් එකක් නේ.

    @Dinesh :
    ඒක තමයි මටත් ප්‍රශ්නේ.

    ReplyDelete
  37. @කල්හාර දිසානායක :
    ගනන් නම් පට්ටය. පාඩම් කරන්න කිසිත් නැතය. ඒත් හිතන්න යන එක නම් මාරම අමාරුය...

    @prasanna86k :
    උබ එකක් දෙකක් ඇනගන්න එක නම් කමක් නෑ. මම මුලු ඉන්ටවු එකම ඇන ගත්තනේ.

    @සූර සරදියල් :
    ඒක තමා මල්ලි. බොසා උගේ ප්‍රශ්න අපේ කරපිටින් හදන්න යවලා තියෙන්නේ..

    ReplyDelete
  38. @නදී :
    ඒක තමා මාත් බැලුවේ. වෙනදා මුලින්ම වගේ කමෙන්ට් කරන කෙනා අද පරක්කු මොකෝ කියලා. ඒ උනාට අපේ අක්කා පරක්කු වෙලා හරි ආවනේ.

    අක්කගේ පලමුවෙනි උත්තරේ හරි. ඒත් දෙවැන්නට කෝ උත්තර.........

    ReplyDelete
  39. දෙවෙනි එකට උත්තරයක් නෑ බන් මගෙ ලග.
    පරණ ඒවා ටිකත් බැලුවා. ඔය වගේ දෙවල් බෙදා ගන්න එක හොද වැඩක්..

    ReplyDelete
  40. @තාරක Dilsh@n :
    මාලගත් ඒ ප්‍රශ්නෙට උත්තරයක් තිබ්බේ නැතු හින්දයි ඇහුවේ. කියෙව්වා නම් මට ඒ ඇති.

    ReplyDelete
  41. හනගහපිය ගනං බලාපිය කිව්ව ! වෙලාවට මට මේ ජොබට කිසිම ඉන්ටර්වීව් එකක් තිබුනෙ නැත්තෙ. ආවගමන් දුන්න, දුන්න ගමන් පැනල ගත්ත ! :D

    ReplyDelete
  42. @nawammawatha :
    අපට කොයින්ද පැනලා දෙන ජොබ් !!!! ජොබ් එකට යන්න හෙනම කට්ටක් කන්න එපැයි.

    ReplyDelete
  43. ඉස්සර මම ඉන්ග්‍රීසි වලට ක්ලාස් ගියා බොරැල්ලේ ෆෙයාෆීල් ගාඩ්න් වල. ඒකේ උගන්වපු ගුරුතුමිය අපිට ඉගැන්නුවා ඉන්ටවීව් වලට ගියාම හැසිරෙන්න ඕන විදිහ. ඇය ෆැක්ටරි සහ ආයතන කීපෙක හිමිකාරිනියක්. ඒ ගැන වෙලාවක ලිපියක් ලියන්නම්. කාටත් ප්‍රයෝජන්වත් වෙයි.

    ReplyDelete
  44. @දුකා :
    අනිවාර්යෙන්ම ලියන්න අයියා. ඒක අපට ගොඩක් වැදගත් වෙයි. මේ දවස්වලම ලියන්න පුලුවන් නම් හොදයි. මේ කාලේ තමා ලංකාවේ කැම්පස් වල අලුත් බැච් අවුට් වෙන්නේ.

    ReplyDelete
  45. දෙවැනි එකට උත්තරය 1:n n=0,1,2,3,4,5.....

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.