22 June 2011

මගේ හිත

නවතින්නයි කියුවත් හිටිවනම
හැමතනම දුවන,
නොහඬා ඉන්නයි මා කීවත්
තොරක් නැතුවම දුකට හඬන
මතුපිටින්ම සිනහාවූවත්
මා ලඟට වී කදුලු සලන
පුදුමයි මේ
මගේ සිත
කවදාවත් සිනා නොවෙන

---------------------------------------------------------------------------------------
ප.ලි. - සගරාවක පල කිරීම සදහා ලියන ලද නිසදැසකි.

35 comments:

  1. මේ හිත නම් කවදාවත් අපිට තේරුම් ගන්න බැරි දෙයක්.

    ReplyDelete
  2. මොකක් හරි බූට් පාරක් කෑවද?...

    නියම නිර්මාණයක්..!!!

    ReplyDelete
  3. දැන් ලැබුන සපත්තුවේ සයිස් එක මොකද්ද??

    ReplyDelete
  4. boot eka daragannama barida??
    iwarai..kello ohommamai

    ReplyDelete
  5. මොකෝ බූට් එක සැරටම කෑවද ? අපොයි.

    ReplyDelete
  6. දැන් එතකොට මේක සඟරාවක්ද?

    ReplyDelete
  7. ඔය මධුරංග ලියලා තියෙන්නේ..එයාගේ හිත ගැනම විතරක් නොවෙයි.
    අපි හැමෝම ගාව තියෙන -හිත- ගැන.

    ඒ හන්දා නෝන්ඩි දාන්න එපා..මචංලා.

    ReplyDelete
  8. නිල් අහස කිව්ව එක හරි.මේ ලියල තියෙන්නෙ අපි හැමෝගෙම හිත් ගැන.පොඩ්ඩක් නැවතිල හිතට තට්ටුවක් දාල අහන්න,මේ කිව්වෙ මම් ගැන නේද කියල.මතුපිටින් හිනාවෙලා හිටියට මොකක් හෝ හේතුවකට අඩන් දොඩන,ගින්දර ඇවිලෙන, හිතක් නෙමේද අපිට තියෙන්නෙ?

    ReplyDelete
  9. දුරං ගමං එක චරං
    අසරීරං ගුහා සයං
    කියල අපේ බුදු හාමුදුරුවෝ කිවුවේ ඕක නෙවෙයිනේ..

    ReplyDelete
  10. හිත ජිවත් වෙන්නෙත් මෑරෙන්නෙත් අපිත් එක්කම් නෙද

    ReplyDelete
  11. ලස්සනයි අයියේ, ඇත්තටම හිත තේරුම් ගන්න හරිම අමාරුයි

    ReplyDelete
  12. හිත.... අපේ ජීවිතවල අපි නොදන්න ඇඩ්මින්....

    ReplyDelete
  13. ආ මෙයත් කාලා වගේ.හරි හරි.ඕවා ඔහොම තමා.ගනං ගන්න එපා.

    ReplyDelete
  14. මගේ හිත පුදුමයි මටම
    හිනාවෙන්නේත් නැති
    කඳුළු නවතින්නෙත් නැති
    මටත් හීලෑ නැති මගෙ හිත..

    මධුරංග අයියා ලියපු කවියක් මේ කියෙව්වමද කොහේද මම.. ලස්සනයි..

    ReplyDelete
  15. ඒ පාර උඹ මොකාටද එන්න හදන්නෙ? හැබැයි රජෝ නිසදැස නම් එල. අදහසත් ලස්සනයි, පදත් ලස්සනයි.

    ReplyDelete
  16. උඹේ විතරක් නෙවේ මල්ලි.ඕනම කෙනෙක්ගෙ ඔහොම තමයි.ලස්සන පද ගැලපිල්ලක්.සුභ පැතුම්

    ReplyDelete
  17. මේ මොකද මධුරංග අයියා නිසඳැස් ලියලා ?

    නියමයි බං ලසනයි ! දිගටම ලියමු මේ වගේ එවුවත් එතකොට තමයි වෙනසක් තියෙන්නේ .

    මේක මේ පත්තරේකට ලීව එකක් කීව නේද ?

    ReplyDelete
  18. harima lassanayi. hitha kiyanne maha puduma deyak thamayi.

    ReplyDelete
  19. කතාව සහතික ඇත්ත මදුරන්ග අයියේ.අපි හැමෝම මෙහෙම හිනාවෙලා හිටියට කාටහරි අපේ හිත එලියට අරගෙන කියවන්න පුලුවන් නම් ඒ කෙනාට හිතෙයි මෙච්චර ප්‍රශ්න ගොඩක් හිතේ හන්ගගෙන මේ මිනිහා කොහොමද හිනාවෙලා ඉන්නේ කියලා.

    ReplyDelete
  20. @පිණිබිඳු... :
    ඒක හරි තමා. හිතක් කියන දේ තේරුම් ගන්න හරිම අමාරුයි.

    @prasanna86k :
    නෑ නෑ මේක නෙමෙයි සඟරාව. මම නිකන් දැම්මේ. කට්ටිය මොනාද කියන්නේ කියලා බලන්න.

    @- නිල් අහස - :
    ඔව් අයියා. මේක මගේ හිත නෙමෙයි. සගරාවේ නම හිතේ සහනය කියලා. ඒක නිසා හිත ගනම ලියන්න වෙනවා. මේ කවිය ලියන්න උනේ සඟරාවේ හිස් තැනක් වහන්න.

    ReplyDelete
  21. @සනා :
    @ADK කොලුවා :
    @දිලීප :

    මම බූට් පාරක් කෑවේ නෑ. මම මේ කවිය ලිව්වේ සඟරාවකට දාන්න. බූට් කන්න ඉතින් කෙලෙක් ඉන්න එපැයි !!! කෙල්ලෙක් නැතුව කොහොමෙයි බූටක් කන්නේ

    ReplyDelete
  22. @නදී :
    අන්න හරි අක්කේ. අපේ අක්කායි නිල් අහස අයියයි විතරයි මාව තේරුම් ගත්තේ. මම කාපු බූට් එකක් නෑ අක්කේ.

    @සරත් ලංකාප්‍රිය :
    මම නම් ඒක අහලා තිබුනේ නෑ. :)

    @රෙස්ලින්.lk :
    හිතක් කොහොමද මැරෙන්නේ. ඒ සිතුවිලිත් එක්ක ඊලඟ ආත්මේ ඉපදෙනවා. සිත මැරෙන්න නම් නිවන් අවබෝධ කරගන්න ඕනේ.

    ReplyDelete
  23. @ප්‍රාර්ථනා :
    හිතක් තේරුම් ගත්තේ බුදු හාමුදුරුවෝ විතරයි.

    @කිඩෝ :
    මට නම් හිතෙන්නේ ඇඩ්මින්ට වඩා සුපර් යූසර් කියලා. වෙලාවකට මිනිස්සු හිතට වහල් වෙනවා.

    @Dinesh :
    මේන් මල්ලි ඒ ටිකට කවියකුත් ගොතලා. මට මේ ටික ලියා ගන්න දවසක් විතර ගියා. මල්ලිගේ කවි නම් පංකාදුයි

    ReplyDelete
  24. @Kasun :
    මොකාටවත් එන්න නෙමේ. සගරාවකට දාන්න බං මේක ලිව්වේ.

    @සීතල අයියා :
    කෑවේ නෑ. නිකන් සගරවකට දාන්න තමයි ලිව්වේ.

    @beleka :
    බෙලෙක් අයියා මේ පැත්තේ ආව එක හොදයි. අපේත් තියෙනවා ටින් කෑලි ටිකක්. ඒ ටිකත් අරං කීයක් හරි දීලා ගියා නම්....
    කවිය ලස්සනයි කිව්ව එකට ගොඩක් ස්තුතියි.

    ReplyDelete
  25. @හිස් අහස :
    ඔව් මල්ලි පත්තරේකට ලියන්න කියලා ගත්ත එකක්.

    @StArry aNgeL :
    ඒක නම් ඒංජල් හොදින්ම දන්නවා ඇති.

    @පාල :
    අඩේ මේකා ජපානේ කලගුණය වගේ නේ. කාලෙන් කාලයට පින්තූර මාරු කරනවා නේ.

    @Anonymous 1 :
    ඔව් ඔව් සැරටම කෑවා. ඇයි මොකෝ !!!!!

    ReplyDelete
  26. හික් හික්.කාලේ වෙනස්,තාලේ අලුත්

    ReplyDelete
  27. අනේ "මධුරංග අයියාගේ හිත"එක සැරයක් හිනා වෙන්න.. ^_^
    ඇත්ත.. මට හමුවුන හිනස්සන්න අමාරුම කෙනා තමයි මගෙ හිත..

    ReplyDelete
  28. @පාල :
    එහෙනම් හොදයි. හැමදාම එකම එකා වෙන්නේ නැතුව වෙනස් වෙන එක. ඒත් මල්ලි ෆොටෝ එක වෙනස් කලාම අපිට හිතෙන්නේ මේ පරණ එකාම නෙමේ කියලනේ. :)

    @ප්‍රාර්ථනා :
    මම අඬන්නේ නෑ නංගි. මේ මම් ලියපු කවියක්.

    ReplyDelete
  29. එපා කියන්න එපා, එහෙම උනොත් ඒකමයි කරන්නෙ, පොඩි එකෙක් වගේ.

    ReplyDelete
  30. පට්ට අදහස...වචන ටිකත් ගති..නියමයි :)

    ReplyDelete
  31. @nawammawatha :
    පොඩි එකෙක් වගේ නේන්නම්.

    @ChammA's බ්ලොග් :
    තෑන්ක්ස් බඩී !!!!

    ReplyDelete
  32. මාත් මේ පැත්තට ආවා ඔන්න... මචෝ කවදාවත් සින්න නොවෙන කියන්න එපා බං... අර කියමනක් තියෙන්නේ "සෑම කලු වළා කුලකම රිදී රේඛාවක් ඇත" කියලා... මේ ලොකේ දුක සැප හැමදාම එක විදිහට නැහැ බං...

    ReplyDelete
  33. ඔන්න ඕක තමයි මටත් තියෙන ප්‍රස්නෙ... නිර්මාණයක් කරාම ගොඩක් කට්ටිය හිතන්නෙ ඒකෙ තියෙන්න අපේ පවුද්ගලික අත්දැකීම් කියලා... එහෙම වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්... මූනුපොතේ කරගෙන යන කවි කියන ගෲප් එකකත් මට ඔය ප්‍රස්නෙ දිගට හරහට ආවා...

    එක එක්කෙනාගෙ රසවින්දර හැකියාව තමයි... හ්ම්ම්ම්

    ReplyDelete
  34. @අපරාජිතයා :::: Aparajithaya :
    හැමදාම දුක් වෙවී ඉන්න වෙන්නෙත් නෑ.හැමවෙලේම සිනහා වෙන්න ලැබෙන්නෙත් නෑ. :)

    අපරාජිතයව මගේ බ්ලොග් අඩවියට සාදරයෙන් පිලිගන්නවා !!!!

    @පොඩි මෑන් :
    ඔව් සමහරු මම ලියපු කලින් පෝස්ට් වලත් ඔහොම කියලා තියෙනවා. මමත් ඔන්න ඕහෙ ඕන එකක් කියලා නිකන් ඉන්නවා. :)

    පොඩි මෑන්ව මගේ බ්ලොග් අඩවියට සාදරයෙන් පිලිගන්නවා !!!!

    ReplyDelete
  35. කොච්චර හිතුවත් හිතා ගන්න බැරි දෙයක් තමා හිත කියන්නෙ, ලස්සන අදහස් පෙලක් ..........

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.