13 February 2011

පෙම්වතුන්ගේ දිනය දා..


පෙබරවාරි දහ හතර කියන්නේ ආදරය කරන අයට විෂේශ දිනයක්. ඒ එයාලගේ දවස එහෙමත් නැත්නම් ආදරවන්තයින්ගේ දවස. කාලයක් මටත් ඔය දිනය මාරම විෂේශ දිනයක් වෙලා ඇගිලි ගැන ගැන ඉන්න දිනයක් වෙලා තිබ්බා.

ඉතින් මේ ආදරවන්තයින්ගේ දිනය දා මටත් පොඩි බ්ලොග් සටහනක් දාන්න හිතුනා. එතකොට තමයි පහලින් ලියලා තියෙන කවි පෙල මතක් උනේ. ඊට පස්සෙ මුලු පර්ස් එකම අවුස්සලා සමහර මැහුම් එහෙම ගලවලා තමයි ඔය පුංචිම පුංචි කවි කොල කෑල්ල හොයා ගත්තේ. කවි කොල ටික තාමත් තියෙනවා වගේ ඒ ආදරයත් හිතේ කොනක තාමත් තියෙනවා.

ඒ ආදරය නම් කවමදාවත් මගේ හිතින් අයින් කරන්න බැරි වෙයි. ඒ තරමටම මම ඒ පුංචි කෙල්ලට තාමත් ආදරෙයි. හරියට සදරු මල්ලිගෙයි පුංචි සුරංගනාවිගෙයි ආදර කතාව වගේ. ඔන්න එහෙනම් කවි ටික පහලින් පෝස්ට් කරනවා.

නිෂාන්තයේ දිලෙනා
පුංචි තනි තරුවකට
තනිකම මකන්නට පෑයූ
සදවතිය මමම ද ?

දිනෙන් දින ගෙවෙනා දිවියට
අරුතක් එක් කරන්නට
නිහඩවම වෙර දරන
පෙම්වතිය මමම ද ?

ගිලන් සිත සනසවා
කඳුලු පිස දමන්නට
මාහටම උරුම වූ
පෙම්වතා ඔබම ද ?

මේක කවි කොලයක් කිව්වට නිකන් සිංහල ප්‍රශ්න පත්තරයක් වගේ. මොනා කරන්නද ඒ පුංචි කෙල්ල කවි ලියන්න දන්නෙ ඔහොම තමයි.

මේ ආදර කතාව ගැන වැඩිය ලියන්න යන්නේ නෑ. එතකොට එකලස් කරන් හිටපු හිත ආයෙම පෑරෙන්න පුලුවන්.
එහෙනම් ගිහින් එන්නම.ලෝක වාසි සියලුම අදරවන්තයින්ට ආදරවන්තියන්ට සුබම සුබ ආදරවන්තයින්ගේ දිනයක් වේවා !!!!

16 comments:

  1. මධුරංග අයියා හෙමීට හෙමීට කවිත් ලියලා එහෙනම් ! ඉතින් ඇයි ඕව බ්ලොග් එකේ නොදා පර්ස් එකට යටවෙන්න තියාගෙන ඉන්නේ .? නිකම් හරි බ්ලොග් එකේ දැම්මනම් කීදෙනෙක් ඕව රසවිඳිනවද ?

    බොක්කෙන් ආදරේ කරොත් අනිවා පොඩ්ඩක් හරි විඳවන්න වෙනවා අයියේ . මගේ ලවු ඉස්ටෝරියත් දැං වලකජ්ජ ගහලා ඉවරයි ..අපරාදේ මදෑ මාත් වැලන්ටයින් සමරන්න හිටියා ..

    දැං ඉතින් සමරනවා මම තනියම ,,,,,

    කමක්නෑ බං අපි තනියම වැලන් ටයින් ඩේ එක සමරමු ..අපිව බලාගන්න ඉතින් කවුරුත් නෑනේ ! මම වන් මෑන් පාටියක් දාන්න හිතන් ඉන්නේ මධුරංග අයියත් එනවද ?

    ReplyDelete
  2. ප්‍රශ්න පත්තරයක් වුනත් සරලව අහන්න ඔන දේ අහලා...ලස්සනයි..
    පුංචි සරල කවි පෙලි ටිකක ආදරේ අමුණලා...

    ReplyDelete
  3. එල එල ඉන්ජිනේරුවා කවියෙක් උනා එහෙනම්!!! සාන්ත වලෙන්ටයින් තුමාය ස්තූති වේවා

    ReplyDelete
  4. ඔන්න ඉතිං උදේපාන්දරම පරන ලව් මතක් කරන්න පටන්ගත්ත. දැං ඉතිං අපි කොහොමෙයි හිත එකලසක් කරගෙන රස්සාව කරන්නෙ?
    අද අලුත් දවසක් ! අහිමි සෙච්ච ආදරේ හිතේ කොනක උණුහුමට තියං ඉස්සරහටම පලයන් මලේ.

    ReplyDelete
  5. හදාගත්තු හිත, පෑරුනේ නෑ කියලා බොරු කියන්න ඕනේ නැ නේද?

    ReplyDelete
  6. හ්ම්ම්.. දුක වැඩි වෙනවනම් එ කතාව දාන්න එපා. ඒත් ඔයාගෙ හිතේ දුක නිවන්න යාළුවෝ සෙට් එකක්ම ඉන්නවා හොඳේ.

    ReplyDelete
  7. පුන්චි කෙල්ලොන්ට තමා මුන්ගේ හිත් යන්නේ...මම වගේ ඇන්ටි කෙනෙක්ට ලව් එකක් දැම්ම නම් ශෙප් එකේ ඉන්නව නේ...ඉකේයියා....බොරු හොදේ

    ReplyDelete
  8. පර්ස් එකට මැහුම් දාලද කවි කොළේ හංගලා තිබ්බේ..?

    ReplyDelete
  9. @හිස් අහස :
    මේක මම ලියපු කවියක් නෙමෙයි මලයෝ මට ලැබිච්ච එකක්. ඔව් මටත් තනියම තමයි සමරන්න වෙන්නේ . එහෙනම් බෝතලයක් කඩමුද ?

    @නිම්ශා :
    ඒක නම් ඇත්ත තමයි අක්කා. මම ඔය කවි ටික කටපාඩම් වෙනකන් කියවපු කාලයක් තිබ්බා.

    @සූර සරදියල් :
    මම නෙමෙයි සරා කවි ලිව්වේ. කෙල්ල ලියපු එකක් තමයි මට දුන්නේ.

    God Save me !!!!!
    හික්ස් හික්ස්

    ReplyDelete
  10. @nawammawatha :
    මතක් කලේ නෑ කසුන් අයියා. මතක් උනා මිසක්. මොනා කලත් ඕක අමතක කරන්න බෑනේ අයියා. !!!!!

    @සංකල්පනා - රුවන් :
    ඒකනේ රුවන් අයියා කෙලින්ම කියලා දැම්මේ. හිත්‍ රිදෙන්නේ නෑ කිව්වම ඒක පට්ට පල් බොරුවක් වෙනවනේ.

    @රත්ගමයා :
    ඒක තමයි. එතකොට අත්දැකීමුත් නිකන්ම වගේ ලැබෙනවනේ ඇන්ටි කෙනෙක්ට ලව් කලාම. රතා මාරම කොල්ලෙක් නේ.

    @හරී :
    ඔව් සමහර ඒවා තාමත් ඔය පර්ස් එකේම තියෙනවා.

    @ස්වප්නා :
    මොනා වෙන්නද අක්කා. පරන ක්‍රශ් එකක් මතක් උනා වැලන්ටයින් දවසේ

    ReplyDelete
  11. @පිණිබිඳු... :
    ඒකයි පිනිබිදු ඒ කතාව දාන්නෙ නැත්තෙ. අනිවා මම දන්නවා මගේ දුක නිවන්න යාලුවෝ සෙට් එකක් මේ බ්ලොග් අවකාශේඉන්නවා කියලා. තැන්කු තැන්කු

    ReplyDelete
  12. කවි ටික නම් නියමයි. ලියපු කෙනත් ඒ වගේ වෙන්න ඇති
    අළු යට ගිනි පුපුරු වගේ ප්‍රථම ප්‍රේමය වරින් වර මතු වී දෙන්නේ මිහිරි වේදනාවක් ! කොටින් කියනවා නම් බුට් එක නොකෑ කට උගේ කට හුඹස් කට !

    ReplyDelete
  13. @Lankapriya :
    කිව්වත් වගේ හරිම හිත හොද කෙල්ලෙක්. නමුත් මට වාසනාවක් නෑ එයාව ලබා ගන්න. මොනවා කරන්න ද ඉතින් !!!!

    ReplyDelete
  14. ඔබ ගියාම දුක මට දී වගේ කතාවක් ද මේක ???

    ReplyDelete
  15. @Hasitha :
    අන්න හරි. එහෙම කතාවක් තමයි මල්ලි.
    දුක සීන් එකක්

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.