25 February 2011

ඇත්තම කතාවක් !!!!


මට හිතුනා, මම අත්දැකපු එක සත්‍ය සිදුවීමක් බ්ලොග් එකේ ලිව්වොත් හොදයි කියලා. සිද්ධිය කියන්නේ ඒකෙන් අපිට ගන්න දෙයක් තියෙන හන්දා.

සිද්ධිය මේකයි. අපේ මල්ලිගේ හොදම යාලුවාගේ ආච්චි නැති උනා (අන්ත්‍රා උනා). ඉතින් මමයි අපේ මල්ලීයි ආරංචිය ලැබුන වහාම ගියා. මොකද කෙනෙකුගේ සතුටකදී හිටියේ නැති උනත් දුකකදී අනිවාර්යයෙන් යන එක යුතුකමක් හන්දා.

. ගියාට පස්සේ එයාලගේ ගෙදර වැඩ පල ටිකට උදව්වක් දීලා එදා රෑ එහේ නැවතිලා හිටියා. මල්ලියි මමයි හිතන් හිටියේ එලි වෙනකන් තේ යි පානු යි බිස්කටුයි එන කට්ටියට අල්ලන්න වෙයි කියලා. ඒ හින්දම කෝකටත් කියලා සූදානම් පිට හිටියේ.

නමුත් නෑදෑ කට්ටියයි මල්ලිගේ යාලුවෝ ටිකයි ඇරෙන්න වෙන කිසිම කෙනෙක් ඇවිත් හිටියේ නෑ. අපි හිතන් හිටියේ පලවෙනි දවස හින්දා සෙනග එනවා අඩු ඇති කියලා. නමුත් දෙවෙනි තුන්වෙනි දවසෙත් ඔය විදිහමයි. වැඩි කට්ටියක් නෑ. අහල පහල අය ටිකක් ඇවිත් යනවා කවුරුවත් රෑ නයිට ගහන්න ඉන්නේ නෑ.

ඊට පස්සේ මම අපේ මල්ලිට කිව්වේ අපේ පැත්තේ මල ගෙයක් උනා නම් පාර පිරෙන්නත් මිනිස්සු ඉන්නවා. දාම් බෝඩ් කැරම් බෝඩ් කාඩ් පැක් ඇති වෙන්න තියෙනවා. තේ හදලම පන යනවා කියලා

කොහොමහරි දවස් තුනකින් අති උත්සවාකාරයෙන් දේහය භූමදාන කලා. දවස දෙක ගෙවිලා ගිහින් හත් දොහේ දානෙත් තියෙන දවස් ලඟට ආවා. මමයි මල්ලීයි දානෙට කලින් දවසේ බණට යන්න කියලා ආවා. යාලුවාගේ අප්පච්චි තවත් පුටු ගොඩක් ගෙනත් ඒක බාගන්න බලන් ඉන්නවා.

" අයියේ බලහන්කෝ. තවත් පුටු ගේන්නේ, දානේ උයලා පුටු වලට තියන්නද දන්නෙ නෑ. ''

මල්ලිගේ කතාව ඇත්ත. මලගමට ආපු නැති අය දානෙට ඒවි යෑ. මලයා කිව්වත් වගේ දානෙට ආපු කට්ටිය ගොඩක්ම අඩු උනා. ආපු අයට කන්න දීලා. අහල පහල ගෙවල් වලටත් කෑම යවලා. ඉතුරුවා විසි කරන්නත් උනා ලු.

පස්සේ තමයි ආරංචි උනේ මේ අය සල්ලි මත්තෙම නැහුනු සල්ලි විතරක්ම හම්බ කරගන්න හදපු අය කියලා. ඒ කියන්නේ අහල පහල කෙනෙක් එක්කවත් වැඩිය ඇයි හොදයියක් තිබිලා නෑ ලු. ඒකලු ඒ තරම් කට්ටියක් මලගමට නාවේ. කොටින්ම මෙයාලා බොරු මාන්නෙන් පිම්බිලා හිටපු අය.

ජීවත් වෙන්න සල්ලි හම්බ කරන්න ඕන බව ඇත්ත. නමුත් සල්ලිත් එක්කම මිනිස්සුත් හම්බ කරන්න දැන ගන්න ඕනේ. දොස්තරවරුන්ට කොයි තරම් මිනිස්සු කන්දරාවක් හම්බ කර ගන්න පුලුවන්ද ? නමුත් මේගොල්ලෝ එහෙම නෑ. කොහොම උනත් අපි දැන්ගන්න ඕනේ කවදාහරි අපේ දුකකදි අපේ නෑදෑයන්ට කලින් අපේ උදව්වට එන්නේ අපේම අසල් වැසියෝ කියලා.

ඒ නිසා අඩුම තරමේ ඒ අය එක්කවත් හොදින් ඉන්න දැන ගන්න ඕනේ. එදා ඒ අහල පහල උදවිය ඇවිල්ලා ගියේ මේගොල්ලෝ ලඟ නැති, එයාලා ලඟ තිබ්බ මනුස්සකම හන්දා ලු.

මොනා උනා එයාලගේ ආච්චිට නිවන් සුව අත්වේවායි පතන්නෙමු !!!!

ප.ලි.- සල්ලි වලට කරන්න පුලුවන් දෙයක් නෑ කියලා එදා මේ අයට හිතෙන්න ඇති කියලා මට හිතෙනවා.මේ ලිපිය මල්ලිගේ ඒ යාලුවා ගැන මට තරහට ලියපු දෙයක් නොවන අතර මේ වගේ දේකින් හරි අපිට පාඩමක් ඉගෙන ගන්න ලැබෙනවා නම් හොදයි කියලා හිතුන නිසයි ලියන්න ගත්තේ.

13 comments:

  1. ඒ කතාව සහතික ඇත්ත සහෝ. අපිත් කැම්පස් එකෙන් ස්කීම් එකක තිබ්බ මළ ගෙදරක ගියා. ගියපු අපි ටික විතරයි සෙනගකට හිටියෙ. එන මිනිස්සුත් දඩි බිඩියෙ ඇවිත් මූණ පෙන්නල යන එක විතරයි. ජීවත් වෙන කාලෙ සල්ලි විතරක් නෙමෙයි මිනිස්සුත් හම්බ කරගන්න ඕනෙ.

    ReplyDelete
  2. මිනිස්සුත් එක්ක නැතුව සල්ලිත් එක්ක ජීවත් වුනාම මීට වඩා දේවල් බලාපොරොත්තු වෙන්න බෑ.

    ReplyDelete
  3. සල්ලි හම්බ කරනවා වගේ මිනිස්සුත් හම්බකරන්න ඕනි.. මොකද අපි කාටවත් තනියම ජීවත් වෙන්න බෑ.. කොයි මොහොතේ හරි කාගේ හරි උදවු උපකාර ඕන වෙනවා.. ඒක නිසා ඒ බව දැනගෙන ජීවත්වෙන්න ඕනි..

    ඔය වගේ පවුලක් අපේ පැත්තෙත් ඉන්නවා.. ඔහොම සීන් එකක් එයාලටත් වුනා.. ඒත් තාමත් එයාලා නම් ඒ තැනමයී.. එතනින් ඉස්සරහට එන්න ඕනකමක් නෑ වගේ..

    හොද ලිපියක්.. කවුරු හරි ​මෙහෙම ජීවත් වෙන්න හදනව නම් පොඩ්ඩක් හිතලා බලන්න.....

    ජය වේවා..!!

    ReplyDelete
  4. ඔහොම සිදුවීම් ඕන තරම් තියෙනවා අයියා...
    ඔහොම තමා....කොච්චර සල්ලි හම්බ කරත් මනුස්සකම හම්බකරලා නැති උනාම...
    කවදාවත් සල්ලි හම්බ කරන්න එපා...සල්ලි වලට වඩා මනුස්සකම හම්බ කරන්න......

    ReplyDelete
  5. ම්.....ඔය වාගෙ කස්ටියනම් අනන්තවත් ඉන්නවා.හැබැයි සමහරු ඉන්නව අනිත් අයගෙන් කරදර වැඩි උනාම තමන්ගෙ පාඩුවෙ ඉන්න අයත් .එතකොට අනිත් මිනිස්සු එයාල ගැන වරදවා වටහා ගන්න පුළුවන්,මහ උඩඟු මිනිස්සු කියල.
    අපිටනම් ඔය කැටයම් නෑ නේ බං.මල ගෙයක්නම්,සායක්,ගවුමක් පේන්න තියනවනම් ආයෙ කවුද කින්ද මන්ද බැලිල්ලක් නෑ.

    ප.ලි- ඈ බං මලේ...මේක ඇත්ත කතාවක්නම් උඹ මෙච්චර කල් ලිව්වෙ බොරුද??:)

    ReplyDelete
  6. නැ ඇත්ත ඔයා කියන එකේ...සල්ලි...මාන්නේට වඩා වටින්නේ මනුස්සකම... මැරෙද්දි අරන් යන්නේ තමන් කරපු හොද ටික විතරයි..හම්බ කරපුවා කන්නේ බොන්නේ නටන්නේ වෙන මිනිස්සු...කරපු දේකුත් නැ...අන්තිම ට මොනා කරත් ජිවත් වෙලා රැක්ක බොරුමාන්නේ හෙදිලා යනවා මේ වගේ දෙකින්.. සල්ලි අද තිබිලා හෙට මොනා වේයිද කියන්න බැ.. එත් නැතිබැරි වෙද්දි තමන්ගේ මිනිස්සුන්ට වඩා ඉක්මනට දුවන් එන්නේ අසල්වැස් මිනිස්සු..මේ දෙයින් වත් ඒ මිනිස්සු පාඩම් ඉගෙන ගත්තා නම් හොදයි..ඉස්සරහටවත් හැදෙන්න.

    ReplyDelete
  7. ඕක මමත් ගොඩක් දෑකල තියනවා.සාපේක්ශව බලද්දි ගම්වල ඔය තත්වය අඩුයි.7දවසෙ දානේ දීලා ඉවර වෙනකනුත් සෙනග.නගරබදට වෙන්න ටිකක් මේ විදියෙඅය ඉන්නෙ.අහල පහල අයත් එක්ක කතාබහ කරල හොදින් ඉන්න දන්නෙ කීයෙන් කීදෙනාද.

    ReplyDelete
  8. ජීවත් වෙනකම් සල්ලී උපයාගන්නවාටත් වඩා අපි උපයා ගන්න ඕනේ මිනිස්සුන්ව. ඒක මේ සිද්ධියෙන් පස්සේවත් එයාලට තේරුණා නම් එච්චරයි

    ReplyDelete
  9. ජීවත් වෙනකම් සල්ලී උපයාගන්නවාටත් වඩා අපි උපයා ගන්න ඕනේ මිනිස්සුන්ව. ඒක මේ සිද්ධියෙන් පස්සේවත් එයාලට තේරුණා නම් එච්චරයි

    ReplyDelete
  10. @පිණිබිඳු... :
    ඒක හරි පිණිබිදු. අපි ඉන්නකන් සල්ලිම විතරක් හම්බ කරගන්නේ නැතුව යන තැනටත් මොනාහරි කරගන්න එක වටිනවා.

    @nawammawatha :
    ඒක හරි අයියේ. මීට වඩා නම් කොහෙත්ම බලාපොරොත්තු වෙන්න බෑ.

    ReplyDelete
  11. @සෝරෝ :
    වැඩිය ඕනේ නෑ. අපේ දුකක් කරදරයක් උනාම ඉක්මනට එන්නේ අපේ ගේ වටේට ඉන්න අසල්වැසියෝ ටික විතරයි. නෑදෑයෝ උනත් එන්නේ ඊට පස්සේ.

    @රත්ගමයා :
    ඇත්ත රත්ගමස් මල්ලි. සල්ලි වලට වඩා මනුස්සකම වටිනවා. ඒක සල්ලි වලට ගන්න බෑනේ.

    ReplyDelete
  12. @dinesh :
    බොරු කතා නෙමෙයි අයියේ. ඇත්තම කතා ලිව්වේ. සායක් ගවුමක් තිබිලා හරි ඒ වගේ අනිත් අයට උදව් කරන්න යන එක වටිනවා අයියා.

    @නිම්ශා :
    හරි නංගි. අපි මලාම අරන් යන්නේ කරපු පින් පව් දෙක විතරයි. මිල මුදල්වත් දන ධාන්‍ය වත් නෙමෙයි.

    ReplyDelete
  13. @නදී... :
    ඒක හරි අක්කේ ගම්වල මේ තත්වය ගොඩක්ම අඩුයි. නගරබදව තමා මේ තත්ත්වය වැඩි වශයෙන් තියෙන්නේ.

    @Hasitha :
    පස්සේවත් ඒක තෙරුනොත් නම් හොදයි. නැත්නම් ඒකෙනුත් වැඩක් නෑ.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.