03 February 2011

ආදරනීය ගුරුතුමා !!!!


අද මම කෝච්චිය එනකන් ස්ටේශන් එකට වෙලා ඉන්නැද්දී මට ටිකක් ඈතින් මම දන්න කියන කෙනෙක් ඉන්නවා දැක්කා. මම ත් එයා ගාවට කිට්ටු කරලා බැලුවා. බැලින්නම් අපේ ඉස්කෝලේ අපට සිංහල උගන්වපු ප්‍රසන්න රණසිංහ සර් !!!

මට සර්ව දැක්ක ගමන් එකපාරටම මගේ අත කෙලින්ම ගියේ මගේ කම්මුල ලගට. සර්රුත් ඒක දැකලද මංදා යාන්තමට වගේ හිනා උනා. මම සර් ලඟට ගිහින්, ස්ටේසමේ උනත් කමක් නෑ කියලා දණගහලා වැන්දා.

දැන් කට්ටියම බලනවා ඇති එකපාරටම සර්ව දැක්ක ගමන් මගේ අත කම්මුල ගාවට ගියේ ඇයි කියලා. මෙකයි අතීත කතාව !!! (එහෙනම් කට්ටියම මමයි සර්රුයි ඉන්න රූපරාමුව ටිකක් බොද කර ගන්න. අතීත කතාවක් කියන්නයි යන්නේ )

මම ඉස්කෝලේ දහය වසරේ ඉන්නකොට අපේ ගෙවල් පැත්තේ මාත් එක්කම වගේ ඉස්කෝලේ ගිය නංගි බබෙක් ගැන පොඩි ආදරයක් ඇති උනා.ඉස්සර ඒවා ආදරය කියලා හිතුනට දැන් හිතෙනවා ඒවා මහ බොරු වැඩ කියලා. කොහොම කොහොමහරි මම මගේ අදහස ලියුමකින් කියනවා කියලා හිතලා කොටු රූල් පොතකින් කොලයක් කඩාගෙන ලියුමක් ලිව්වා.

ඉස්සර ඉතින් අන්තර්ජාලේ එස් එම් එස් , දුරකතන ඇමතුම් තිබ්බේ නෑනේ. ලියුම ලියලා කොහොම කොහොම හරි මගේ පුරුශ ශක්තිය අතට අරන් ඒ ලියුම ඒ නංගිගේ අතටම දුන්නා. නංගිත් හැමදාම කතා කරකර ඉස්කෝලේ යන අයියනේ කියලා ලියුම බාර ගත්තා.

ලියුම අරගෙන පැය බාගයක් යන්න හම්බුනේ නෑ. මට රිප්ලයි එක ආවා ප්‍රසන්න සර් හම්බවෙන්න එන්න කිව්වා කියලා. මමත් ඉතින් මරන්න ගෙන යන හරකා වගේ. (වගේ මොකො!!!! නැත්නම් ඔහොම දේවල් ඔය කාලේ කරයි යෑ ) සර් ලඟට ගියා. මම සර් ලඟට යනකොට, සර් මගේ ලියුමට පිලිතුරු ලිපියක් ලිය ලියා හිටියේ.

සර් මාව දැක්කට පස්සේ බොහොම කරුනාවෙන් '' තෝ මොකද යකෝ මගේ පංතියේ ඉන්න පොඩි කෙල්ලන්ට ලියුම් දෙන්නේ '' කියලා ඇහුවා.

මමත් '' සර් ඒ නංගි පොඩි නෑ '' කියලා කට ගන්න හම්බුනේ නෑ.සර් මගේ ෂර්ට් එකෙන් ඇදලා අරගෙන වම් කම්මුලට උම්මා දෙකක් දුන්නා. ඒ වෙලාවේ සර්ගේ පීතෘ සෙනෙහස උපරිමයෙන්ම මම අත්වින්ඳා.

''සර් මේ කම්මුලටත් උම්මා දෙකක් දෙන්නකෝ '' කියලා ඉල්ලන්නත් හදලා එක්කෝ ඕනේ නෑ කියලා හිතිච්ච හන්දා.ආයෙ පන්තියට ආවා.

කොහොමහරි ඉස්කෝලේ ඉවරවෙලා ගෙදර යද්දි මගේ වම් පැත්තේ කම්මුල සර්ගේ පිය සෙනෙහසේ ප්‍රථම හාද්ද හින්දා ඉදිමිලා තිබ්බේ. කොහොමහරි මම ගේ ලඟටම ආවයි කියමුකෝ.

'' මොකද ලොකු පුතේ වම් කම්මුල ඉදිමිලා. හිටින්න මම අලි හක්ක ටිකක් දෙහි ඇඹුලෙන් උරච්චි කරලා අරන් එන්නම් '' කියලා අපේ අම්ම කිව්වේ නැතෑ. මට අලි හක්ක කන්න තරම් කේන්තියි.

'' අම්මේ අයියට දෙහි ඇඹුල් ඕනේ නෑ. දෙහි ඇබුල් ඇතුව හම්බ උනා. '' කියලා මල්ලි කාමරේ ඉදන් කෑ ගැහුවේ නැතෑ. අම්මත් දැන ගත්තා මොකක් හරි දෙයක් හින්දා මම ගුටිකාලා කියලා. ඒනිසා අම්මා ඒ ගැන හාර හාර ඇවිස්සුවේ නෑ. කොහොමහරි දවස් දෙකක් විතර යනකන් ඉදිමුම තිබ්බා. ලැජ්ජාවෙන් උනත් කියන්න ඕනේ මේක තමයි මගේ ගොඩ යෑමේ පලමු ප්‍රයත්නය කියලා.මාස දෙකක් යනකන් සිංහල පීරියඩ් එක වෙනකොට මම හිටියේ පෝක් සමුද සංධියෙනුත් එහා ඩෙල්ෆ්ට් දූපත් වල.

මං කැම්පස් තේරුනා කියලා සර්ට කියන්න දවසක ඉස්කෝලේ යද්දි ආයෙත් ඔය සිද්ධිය මතක් කරලා එදා සර් එහෙම මට ගැහුවේ කුලි වැඩ කරලා අපිට උගන්වන අපේ අප්පච්චිගේ බලාපොරොත්තු මං නැති කරලා දායි කියන බයටලු. සර් දැනගෙන ඉදලා තියෙනවා අපේ අප්පච්චි කරන රස්සාව මොකද්ද කියලා. සර් මට එහෙම දඩුවම් කලත් මං තුන් හිතකින්වත් සර් ට වෛර කරන්නෙ නෑ.

සර් එදා ගැහුවෙ නැත්නම් මං අර නංගිත් එක්ක යාලුවෙලා අධ්‍යාපනය කඩා කප්පල් කරගෙන ගොඩක් කල්. එහෙනම් මධුරංග, ඉන්ජිනේරුවෙක් වෙන එක සැබෑ නොවන හිනයක් වෙලා ගොඩක් කල්. මම තවමත් සර්ට කට පුරා ස්තුති කරනවා එදා දඩුවම් කරපු එකට. ඉස්සර සර් හරි දරුනුයි කියලා හිතුනට දැන් නම් මගේ හොදම යාලුවා වගේ .මේ වගේ ආදරනීය ගුරුවරයෙක් ලබන්න මම ගිය ආත්මේ ලොකු පිනක් කරලා තියෙනවා ඇති.

ප්‍රසන්න සර්ට දලදා සමිදු පිහිට පතමින් මේ ලිපිය නිමා කරනවා !!!!

--------------මේ පිටුව මෙතනින් නමන්න---------------------
ප. ලි.- පස්සේ දවසක් ආරංච් උනා සර්ට මං ගැන ඔත්තුව දීලා තිබුනේ මල්ලි යාලුවෙලා හිටපු ගෑනු ළමයා කියලා. නැත්නම් අර නංගි මට කැමැත්තෙන් හිටියා කියලාත් ආරංචි උනා. කොටින්ම අපි දෙන්නව බිඳවලා තියෙන්නේ මල්ලිගේ කෑල්ල !!!

හැබැයි ආයෙත් ඇහුවොත් නම් ඒ නංගි කැමතියි කියලා කියයි. නමුත් මට දැන් ඒ නංගි මගේම නංගි කෙනෙක් ගානයි. පාරෙදි දැක්කත් හිනා වෙලා කට පුරා නංගියේ කියලා කතා කරනවා.

ආහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා.අලි හක්ක කියන්නේ කම්මුල් වල අමාරු හැදුනාම ගාන බේතක්.ඒක අලියෙක්ගේ හකු අස්ථියමද කියලා කියන්න දන්නෙ නෑ.නමුත් පැත්තේ හැටියට අලි, හක්ක ගලවලා තියලා මැරෙනවද දන්නෑ. සමහර වෙලාවට කම්මුල්ගාය හැදිච්ච අයටත් ඔය අලි හක්ක උරච්චි කරලා ගානවා

29 comments:

  1. මධු අයියා ට සර් සැහෙන්න පැණි පාරක් නේ දිලා තියෙන්නේ මතකම තියෙන්න....

    හැබැයි ඉතින් මොකද මන්දා අර නංගි ගැන විශේෂයෙන්ම කිවේ ඒ නංගි මගේම නංගි කෙනෙක් වගේ කියලා... පාරේ සැරට තාමත් නංගිව මතකෙන් වගේ.. :P

    ReplyDelete
  2. වත්තල ඇන්තනිස් එකේ ප්‍රසන්න සර් ද? හික්ස්

    ReplyDelete
  3. ඔය ගැන නම් කතා කරලා වැඩක් නෑ....

    ReplyDelete
  4. අලි හක්ක කියන්නේ අලියෙකුගේ දතක් හෝ අස්ථියක කොටසක්.. ඇත්තටම කම්මුල්ගාය හැදුනාම ඒකෙන් ඇති සෙතක් තියෙනවාද කියලා නම් දන්නේ නෑ.
    කම්මුල්ගාය කියන්නේ වෛරසයක් නිසා කම්මුලේ සහ මුහුණේ ඇති ඛෙට ග්‍රන්ථි ඉදිමීම. මේ නිසා ඒවා අක්‍රිය වෙලා කම්මුල් ඉදිමෙනවා. දෙහි ඇඹුල් මගින් කරන්නේ ඒ ඛෙට ග්‍රන්ථි නැවත සක්‍රීය කිරීමයි. මෙි නිසා ඉක්මනින් ඒ ඛෙට ග්‍රන්ථි යථා තත්ත්‍වයට පත් වෙනවා. නමුත් වෛරස් රෝගයක් නිසා දින 14ක් පමණ රොගියා අන් අයගෙන් ඈත් රකලා තියන්නේ ඒ කාළය තැළ රෝගය අන් අය වෙත බෝවීම වැලැක්වීමට. ඉතින් අලි හක්ක නැති වුනත් අමාරුවෙන් හරි දෙහි ඇඹුල් ටික ටික රෝගියාට දෙන්න පුළුවන් නම් ඒක හොඳයි. කම්මුල්ගාය හැදුනාම කෙළ ගිලින්නවත් කටට කෙළ උණන්නේවත් නැ...අලි හක්ක දෙහි ඇඹුලෙන් උරච්චි කරලා ගාන එකේ වාසිය තියෙන්නේ දෙහි ඇඹුල් නිසා කටට කෙළ ඉණීමත්, මානසිකව රොගියාට සහනයක් ඒමත් යන කරුණු...
    ඇත්තෙන්ම සර්ලා මිස්ලා අපට ගහලා හදපු නිසා තමයි අද අපි මේ තැන්වල ඉන්නේ. දැන් නම් හැම මගුලකටම මූලික අයිතිවාසිකම් රෙද්දක් ඇවිත් තියෙන නිසා ගුරුවරුන්ට ළමයින් ගහලා බැනලා නිසි මඟට ගන්න බැරි වෙලා තියෙනවා... ඒක ඇත්තටම හරිම කණගාටුදායක තත්ත්‍වයක්....

    ReplyDelete
  5. ගුරුවරු එහෙම තමා බං......

    අපි හකකකියන්නේ කම්මුල්ගායට ගාන එකක් තමා...

    ජය වේවා...!!

    ReplyDelete
  6. අපේ ආච්චි අම්මලගෙ දිහාත් තිබුන ඔය කියන අලි හක්කක්.හැබැයි මටනම් ඕක උරච්චි කරන්න තරම් පාරවල් ස්කෝලෙදි වැදිල නෑ :)
    මල්ලි එල බුවෙක්නෙ මලේ.මලය උඹට වැඩිය ගොඩක් බාලද.එතකොට ඌ දාගෙන ඉඳල තියෙන්නෙ හතේ,අටේ විතර කෙල්ලෙක්නෙ.
    සර්ගෙ පිංතූරයක් ගෙදර තියාගෙන වැන්දත් කමක් නෑ බං.මොකද මටත් කෙල්ලො හින්ද තමා අධ්‍යාපනේට කෙල උනේ.

    ReplyDelete
  7. දෙවිවරු වගේ ගුරුවරු ඉන්නවා.
    ඔයාටත් එයින් එක්කෙනෙක් හම්බ වෙලා !!

    ReplyDelete
  8. ඔය ටික තේරුං ගන්න කල් යන එක තමයි අව්ල. අම්මයි අප්පච්චියි කොච්වර බුධ්දිමත් ඇද්ද සර්ගේ උගුරු දන්ඩ ගලවගන්න හදනවාට වඩා කොල්ලගේ වරද හැදෙන එක හොදයි කියලා ක්ෂනිකවම තීරණය කරන්න.අනාගතයට සුභපැතුම්.

    ReplyDelete
  9. නියමයි මධුරංග. සර්ට උඹ හැදිල ඉන්නව දැකල හරිම සතුටක් එන්න ඇති එදා දුන්න පාරට පව් නෑ කියල. ඔය අලි හක්ක මාත් ගාල තියෙනව දෙහි ඇඹුලෙන් උරච්චි කරල. ඕක ගෑවම අත නළියනව වේලිච්ච පතුරු ගලවන්න.

    ReplyDelete
  10. ඔය පුරුෂ සක්තිය වඩවන පෙත්ට්කුත් තියෙනව නේද....හික්ස්...කොහොම හරි ඔය නෑනා නම් ඉකේයිය හරිය...ඔහොම නෑනලා ලැබෙන්නේ පෙර කල අකුසල කර්ම පඩිසන් දුන්නාම තමා..සර්ට කියලා උම්ම ඉල්ලපු එකත් හරිම ඉකේයියා....හැබැයි සර් නම් උත්තමයෙක් වගේ...දැන් ඔය මධුරන්ග දරුව විස්ස විජ්ජාලේ ගියේත් සර් නිසා කියලයි මට හැගෙන්නේ...පොඩ්ඩක් හිතහන් අයියේ..ඔය පොඩි,පොඩි කිව්වම ගෑනු පරාන ඔක්කොම එකයි හරිය....උඹ ඕක සෙට් කොර ගත්ත නම් අද උඹ මහ පාරේ බොම්බයි මොටයි විකුනනවා වෙන්න පුලුවන්..ඒක නිසා සර්ට තව තව කොල්ලන්නට් කබුල් පාරවල් ගහන්න සක්තිය ලැබේවායි මම පතනවා

    ReplyDelete
  11. හි හි... ඔයා සර්ට අද හොඳ කියනවා වගේ මල්ලිගෙ කෙල්ලටත් ස්තුති කරන්න ඔනේ..

    ඇත්තටම ගුරුවරු දෙවිවරු වැනිය...

    ReplyDelete
  12. මැක්සා කතාව මචෝ, අපි හැමෝටම වගේ නොකියා නොකියා නොකියා හිටියට මේවගේ හැංගිච්ච දේවල් තියනවා. මොනවා උනත් උඹට හොඳම උදව්ව කරලා දීල තියන්නෙ මල්ලිගේ කෑල්ලනේ. හික්...

    ReplyDelete
  13. ලවුද ? නොකරන තරමට හොඳයි අයියේ .. ඒත් නොකරත් බෑ ..දැන් ඔවුව ගැන හිතන්න එපා . ඩිග්‍රිය ගහලා කෑලක් දාගෙන අපිවත් මතක් කරගෙන සතුටෙන් ඉන්න ...ඒත් ..

    දැන් ඇය ඔබේ සොහොයුරියක් වාගෙම ද
    එලෙසින් සිතා සැනසෙන්නට පුලුවන්ද ද
    කරුනක් තිබේ පවසන්නට අවසර ද
    ඔබ මේ කියන්නේ අලි බොරුවක් නේ ද

    ඇත්තම අයියා මටනම් එහෙම බෑ පරන ලවු එකක් මතක් වෙනකොට තවම මගේ හඳුන්පොත කී ගානවා .! හි ..හි

    ඔය රත් ගමයගේ කටේ අලි බෙට්ටක් ඔබපල්ලා !

    (වැඩිය කිය උනාද මන්දා ..මම ජිංඩක් අරං ඉන්නේ )

    ReplyDelete
  14. @හිස් අහස නොකෙරිය යුතු වැඩක් කරල වගේ නේ?

    ReplyDelete
  15. අම්මෝ 10 වසෙරෙ ලව් ස්ටෝරියක්! අම්මෝ ඒ කෙල්ල (දැන් ඔය උම්බේම නංගි වගේ එක්කෙනා) කීය වසරෙද එතකොට? :D hikkzZZz!!!

    ආ කොල්ල ඉංජිනේරු, එතකොට ඒ කෙල්ල (දැන් ඔය උම්බේම නංගි වගේ එක්කෙනා) මොනා කරනවද?

    ප.ලි
    බලාගෙන ලමා හා කාන්තා කාර්යාශයේ කවුරුහරි මේ ලියුම කියෙව්වොත් මධුරංග මලය ගස් :D

    ReplyDelete
  16. @නිම්ශා :
    අපොයි ඔව් මම එදා නම් පැනි බේරෙන්න කෑවා. මතක හැටියට ගුරුවරයෙක්ගෙන් කාපු හොදම පාර තමයි එදා කෑවේ.
    විෂෙශත්වයක් නෑ නිම්ශා නංගි. හැමදාම දකින කෙනෙක් නේ. අපේ ගමේ නේ.

    @සූර සරදියල් :
    ඔව් ඔව් වත්තල ඇන්තනීස් එකේ තමයි. ඒකේ තමයි මම අකුරු කලේ. අද මම මේ තැනට එන්න පදනම දැම්මෙත් ඔය ඉස්කෝලෙන්ම තමයි.

    @MaRLaN :
    අපොයි ඔව් මට මතක් කරද්දිත් එපා වෙනවා.

    ReplyDelete
  17. @ariyananda :
    ගොඩක් ස්තුතියි ලබා දුන් කරුනු වලට. මම නොදන්න ගොඩක් දේවල් දැන ගත්තා.

    @සෝරෝ :
    මට ත් හිතුනා ගුරුවරු එහෙම්ම තමයි කියලා. ඒ උනාට ප්‍රසන්න කියලා කියන්නේ හැබෑම ගුරුවරයෙක්.

    @dinesh :
    අපේ ගෙදරත් ඔය කාලේ තිබ්බා දැන් නම් කොහාට වෙලාද කියලා නෑ. කෙල්ල එතකොට නමයෙද කොහෙද. ම ඉතින් ඒකිගේ වසරෙන් වැඩක් උනේ නැහැනේ. ගොඩ යන්න විතරයි ඕන උනේ නිසා තමයි ඇහුවේ.

    ReplyDelete
  18. @ස්වප්නා :
    අන්න හරි අපේ අක්කා මටත් ලැබිලා තියෙන්නේ හොද ම ගුරුවරයෙක්. මම මාරම පිනක් කරලා තියෙනවා.

    @arunasir :
    අනේ මන්දා ඔය දැන් වගේ නෙමෙයි සර්, අපිට ගුරුවරු මොන දඩුවමක් දුන්නත් අපේ අම්මලා කවදාවත් හ්ම් කියලා කියන්නේ නෑ. අපේ වැරදි කියනවා මිසක්. දැන් නම් එහෙම නෑ. ගුරුවරයෙක් පාරක් ගැහුවම මානව හිමිකම් ඉල්ලද තැනටම ඇවිල්ලා නේ.

    @nawammawatha :
    කිව්වත් වගේ සර්ට මාරම සතුටුයි. අපේ සිංහල සර් රුත් පේරාදෙනියෙම හින්දා මාරම සතුටුයි. සර්මයි කිව්වේ පේරාදෙනියට ඇප්ලයි කරන්න කියලා.

    ReplyDelete
  19. @රත්ගමයා :
    ඒක නම් හරි. ඔය වගේ නෑනලා හම්බ වෙන්නේ පෙර අකුසල කර්මයක් පඩිසන් දුන්නම.
    කොහොමහරි ඔය නෑනටත් ඒ පාපකර්මය පඩිසන් දුන්නා. එන්තිමේදි අපේ මලයා ඒ නංගිව අත ඇරලා දැම්මා.

    @තාරා :
    එක්ක නම් හරි තාරා. කටින් නොකිව්වත් මම හිතින් කියනවා.
    කටින් කියලා කෙල්ලෙක්ක් සෙකන්ඩ් වෙන්නේ මොන එහෙකටද ? :)

    @චන්දික ගුණතිලක :
    ඔව් ඒක හරි. ඔන්න ඉතින් මම හංගගෙන හිටියේ නෑ. මුලු සයිබර් අවකාශයටම කියලා දැම්මා.

    ReplyDelete
  20. @හිස් අහස :
    බොරු නම් නෙමෙයි මලයෝ. මට දැන් එහෙම එයා ගැන හිතක් පහල වෙන්නේ නෑ. කිව්වත් වගේ ඉස්සර නම් ඔහොම හදුන් පොත කී ගෑවා.
    මලයා අදත් සලු වෙලා වගේ. මොනා කරන්නද කියන එකක් අහන එකක් යෑ.

    @MaRLaN :
    ඒක තමයි මූව උල තියන්න වටින්නේ.

    @සංකල්පනා - රුවන් :
    එතකොට එයා හිටියේ නමයෙද කොහෙද. ඒ නංගි ගිය අවුරුද්දේ උසස්පෙල කලා. බයෝ වලින්. එෆ් හතරක් අරන් දැන් ඔන්න ඔහේ ගෙදරට වෙලා ඉන්නේ.
    ඒ නංගිට මගේ බලවත් කනගාටුව පල කරමි.

    ReplyDelete
  21. අනේ අපොයි. ඔයත් එක්ක යාලු වුණානම් දැං දෙන්නම ගොඩ.....

    ReplyDelete
  22. @..ChAnDiKa.. :
    ඉස්සර ඔහොම එකක් දන්නවනම් අනිවා යාලු වෙනවා. දැන් නම් පස්සෙන් ආවත් කැමති නෑ. හි හි හි

    ReplyDelete
  23. ඇත්තටම අයියාට හොඳක් වෙලා තියෙන්නෙ. මම කලින් දාපු කතාවෙ කෙනාත් තිබුන affair එක ගෙදරට අහුවෙලා ඒ නිසා තාමත් දුක් වෙන ඉගනීමටත් ගොඩක් බලපෑම් ඇති කරගත්ත කෙනෙක්. ඉගන ගන්න කාලෙදි ආදර සම්බන්ධතා වලට පැටළෙන්නෙ නැතුව ඉන්න එක තමයි හොඳම දේ.

    ඒ ගුරුවරයා නම් අදහන්න වටිනවා.

    ReplyDelete
  24. @හංසි :
    ඒකනේ නංගි මම කිව්වේ පෙරාපු රත්තරන් වගේ ගුරුවරයෙක් කියලා.

    ReplyDelete
  25. පාසල් කාලේ ආදරේ ක්යන්නේ අදුරේ අත පත ගෑමක්ද කියලා වෙලාවකට අසනිට හිතෙනවා...එහෙම කිව්වේ ඔතනදි මොලේට වඩා තැන දෙන්නේ හදවතටනේ...

    මොනවා වුනත් හොද ගුරුතුමෙක්....යාලු..

    ReplyDelete
  26. මාර සිද්ධියක් හි හි ලියලා තියෙන විදියත් මාර ලස්සනයි මැවිලා පේනවා අයියේ වෙච්චි හැටි.....පින් දෙන්න වටින ගුරුතුමෙක් තමයි අන්තිම කොටස කියවද්දි පිස්සු වගේ අයියට කෙලෙව්වේ මල්ලිගේ කෑල්ල මාරයිනේ....මගෙත් තියෙනවා ලව් ලියුම් සීරිස් එකක් ඒ නිසාමද කොහේදෝ මම තාමත් උ/පෙ කරනවා ගණිත අංශයෙන්...

    ReplyDelete
  27. පහන් යායේ ඔයා දාපු කොමෙන්ටුවෙන් ආවේ මේං මං එහේ දාපු ලින්කුව ඔයාටත්

    මගේ ලව් ලෙටර් සිද්ධි 1 කොටස

    2කොටස කියවලම බලන්නකෝ මගේ අත්දැකීමුත්

    ReplyDelete
  28. චිකේ චිකේ මල්ලි වැඩේ ගෙදරට ලීක් කරලා නේද? අල්ලගෙන නෙළන්න එපැයි දෙකක් අර තරහටත් එක්ක...!

    ReplyDelete
  29. මටත් ඔය අලි හක්ක ගාල තියෙනවා අපේ ආච්චී....

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.