
මං දැන් මේ කියන්න යන්නේ ගොඩාක් කට්ටියට යල් පැන ගියපු මාතෘකාවක් ඒක තමයි අධ්‍යාපනය පෞද්ගලීකරනය කිරීම . නමුත් විශ්ව විද්යාල සිසුවෙක් හැටියට මට නම් මේක දවසක් උනත් කථා කරන්න පුලුවන් මාතෘකාවක්. ඉස් ඉස්සෙල්ලාම කියන්නම්කෝ මගේ අදහස. කොටින්ම කියනවානම් මං අධ්‍යාපනය පෞද්ගලීකරනය කිරීමට විරුද්ධයි. දැන් ඔයාලා කියයි මං ආත්මාථකාමි කෙනෙක් කියලා. එහෙම හිතන්න කලින් චුට්ටක් මේක කියවලා ඉන්න.
අපට රජයෙන් නොමිලේ ලැබෙන දේවල් ටිකක් තියෙනවනේ. සෞඛ්‍ය අංශය . ආරක්ශක අංශය හා අධ්‍යාපනය යන මේ ටික තමයි අපට රජයෙන් නොමිලේ ලැබෙන්නේ. මං දැන් අනිත් ඒවා ගැන කියන්න යන්නේ නෑ. මන් කියන්න යන්නේ අධ්‍යාපනය ගැන. ලාංකීය අධ්‍යාපනය කොටස් තුනකට බෙදෙනවා ප්‍රාථමික, ද්විතියික හා තෘතියික අධ්‍යාපනය කියලා.
අද රටේ තත්වය දැක්කම මේ සියලුම කොටස් පෞද්ගලීකරනය වෙනවා කියල කියන්න පුලුවන්. දිනෙන් දින ලංකාවේ අධ්‍යාපනය සදහා අය වැයෙන් වෙන් කරන මුදල අඩු වෙනවා. ඒ නිසා රජයේ පාසල් අලුත් වැඩියා කරන්න ලැබෙන්නේ නෑ. ඒවායේ පහසුකම් වැඩි දියුනුවක් කරන්න ලැබෙන්නෙත් බොහොම කලාතුරකින්. අය වැයෙන් සදහා වෙන්කරන මුදල අඩු උනාම ගුරු පුරප්පාඩු පිරවීමක් සිදු වෙන්නේ නෑ.
මේ හින්දම පාසල් සිසුවාට පුද්ගලික පංති සදහා යොමු වෙන්න වෙනවා. දැන් ඔයලට කියන්න පුලුවන් කොහොමත් සිසුන් පුද්ගලික පංති යනවනේ කියලා. නෑ ඒක වැරදි කතාවක් එහෙම වෙන්නේ නගරාසන්න සිසුන් විතරයි එහෙම පංති යන්නේ. පිටිසර බද පලාත් වල සිසුන්ගේ දෙමව්පියන්ට පුද්ගලික පංති වලට වියදම් කරන්න පුලුවන්කමක් නෑ. මේ නිසා ගුරු පුරප්පාඩු නිසා අර පිටිසර පලාත් වල සිසුන්ට ලොකු අසාධාරණයක් වෙනවා. ගුරුවරු අඩු උනාම සිසුන් පාසල් ඒමත් අඩු වෙනවා. එතකොට මේ පාසල් දිනෙන් දින වැසී යෑමේ අවදානමක් තියෙනවා.
දැන් බලමු ඇයි මේ අයවැයෙන් අධ්‍යාපනය සදහා වෙන් කරන මුදල අඩු වෙන්නේ කියලා. අධ්‍යාපනයට කරන වියදම් වලින් කිසිම ලාභයක් ලැබෙන්නේ නෑ. ඒවා හුදෙක්ම වියදම් දැරීමක් පමනයි. ඉතින් ඒක හින්දා මේ ක්ෂේත්‍රයට කරන මුදල් වෙන් කිරීම් අඩු වෙනවා. ආහ් … තව එකක් කියන්න ඕනේ ලංකාවේ මේ වනවිට පුද්ගලික පාසල් විශාල ලෙස ආරම්භ වෙමින් පවතිනවා. ඒවයේ සිසුන් ඉගෙන ගැනීමත් මේ වනවිට සිදු වෙනවා. රජයේ පාසලුයි පුද්ගලික පාසලුයි සංසන්දනය කරලා බලනකොට පුද්ගලික පාසල් වල සුපිරි පන්තියේ විද්‍යාගාර, පරිගනක මධ්‍යස්ථාන, උපාධිදාරී ගුරුවරුන් (මං කියන්නේ නෑ රජයේ පාසල් වල උපාධි දාරී ගුරුවරු නැහැයි කියලා. ) යන මේ සියලු දේවල් වලින් අංගසම්පූර්නයි.
ඉතින් මේ පාසලක අධ්‍යාපනය කරලා එලියට එන ළමයාගෙයි රජයේ පාසලක අධ්‍යාපනය කරලා එන ළමයෙකුගෙයි ලොකු වෙනසක් තියෙනවා කියලා ඔයාලට තේරෙනවා නේ. පුද්ගලික පාසල් වල ඉදල එන ළමයෙක් ට පරිගණක වැනි නව තාක්ෂණ වල ස්පර්ශය එයාලගේ පාසල් අවධියේ ඉදලම ලැබෙනවා. රජයේ මේ වගේ පහසුකම් තියෙන්නේ නගරා සන්න පාසල් වලයි ජනප්‍රිය පාසල් වල විතරයි. (මේක ලියන මමත් ගමේ පාසලක ඉදලා විශ්ව විද්‍යාලයට ඇතුල් උනේ. පුලුවන් නම් විශ්වාස කරන්න. මං මුලින්ම පරිගණකයක් අතින් ඇල්ලුවේ විශ්ව විද්යාලයේ දියි. )
දැන් ඔයාල හිතනවා ඇති මං හරි කුහකයි කියලා. නෑ ප්‍රශ්නය ඒක නෙමෙයි. ඇයි රජයේ පාසල්වල සිසුන්ටත් මේ වගේ සැලකිලි නැත්තේ කියන එකයි . තව එකක් කියන්න ඕනේ. ඔය පුද්ගලික පාසල්වල ගුරුවරුන්ගේ වැටුපත් රජයේ පාසල්වලට සාපේක්ශව ගොඩාක් වැඩියි. මේ නිසා ඔවුන් පුද්ගලික අංශ වලට යොමු වීමට ලොකු ප්‍රවනතාවයක් තියෙනවා.
ඔය මං දැන් කිව්වේ පාසල් අධ්‍යාපනයේ සිදුවන පෞද්ගලීකරනය ගැන. අනිත් බ්ලොග් පෝස්ට් එකෙන් විශ්ව විද්යාල වල සිදුවන පෞද්ගලීකරනය ගැන කතා කරමු.