06 November 2010

බෙල්ලන්විල රජමහා විහාරයට යමු ද ???

අපේ පුහුණු කාලය පහුගිය සිකුරාදා දිනයෙන් ඉවර උනා. ඒ හින්දා දැන් ටිකක් විතර විවේකයක් තියෙනවා මොකද මේ දවස්වල විශ්ව විද්‍යාලේ කලබල හින්දා පටන් ගන්න දවසක් තාම කියලා නෑ. ඉතින් මේ විවේකයේ පොඩ්ඩක් ඇවිදින්න ඕනෙ කියලා හිතුන නිසා කොළඹ නගරයේම තියෙන පූජනීය ස්ථානයක් වැද පුදා ගන්න කියලා ගියා. ඒ බෙල්ලන්විල රජමහ විහාරය ට.

කොළඹ කොටුවෙන් පානදුර හරි මොරටුව හරි බස් එකක ගිහින් දෙහිවලින් බැහැලා දෙහිවල - මහරගම පාරේ ටික දුරක් ගියාම බෙල්ලන්විල පන්සල ලගින්ම බැහැ ගන්න පුලුවන්. මේ පන්සල කෝට්ටේ යුගය දක්වා පැරණියි කියලා තමයි ඉතිහාසයේ සදහන් වෙන්නේ.

සංඝමිත්තා මෙහෙනින් වහන්සේ විසින් ජය ශ්‍රී මහ බෝධියේ දක්ශිණ ශඛාව ලක්දිවට ගෙනවිත් අනුරාධපුරයේ රෝපණය කලාට පස්සේ දෙවෙනි වර හට ගත්තු දෙතිස් පැළ වලින් එක් පැළයක් බෙල්ලන්විලට ගෙනවිත් රෝපණය කලා කියලා තමයි ඉතිහාසයේ සදහන් වෙන්නේ.

ක්‍රි. ව. 1505න් පස්සේ පෘතුග්‍රිසින්, ලන්දේසින් , ඉංග්‍රිසින් ලංකාව ආක්‍රමනය කිරීමත් සමගම ලංකාවේ වෙහෙර විහාර රාශියක පරිහානිය ඇති උනා. ඉතින් මේ විහාරයත් එලෙස පරිහානියට පත් උනා ලු. ඔහොම පරිහානිය පත්වෙලා මේ විහාරය වල් බිහිවුනා ලු.

බෙල්ලන් විල විහාරය කිට්ටුවෙන් තියෙන කටු ඇල කියන ඇල මාර්ගයේ යාත්‍රා කරමින් හිටපු කට්ටියකට බෙල්ලන්විල හරියෙන් යනකොට හේවිසි හඩක් ඇහුනලු. ඉතින් මේ පිරිස ගමන් නවත්වලා ඇවිත් බැලුවලු හේවිසි හඩ ආවේ කොහෙන්ද කියලා. නමුත් හේවිසි හඩ ආපු තැනක් නැති ලු. ඊට පස්සේ ඔවුන් දැක්ක ලු මේ විහාරයේ බෝධීන් වහන්සේව. ඊට පස්සේමෙම බෙල්ලන්විල වෙහෙර භූමිය හාස්කම් ඇති තැනක් කියලා හිතපු මේ අය මේ වෙහෙරබිම පිලිසකර කරවන්න ඇතැයි කියලා සදහනක් තියෙනවා ලු.


කොහොම උනත් කොලඹ කටුක පරිසරයෙන් මිදිලා සිත දහම කෙරෙහි යොදවන්න මේ පින්බිම කදිම තෝතැන්නක්. විවේක තිබෙන වෙලාවක බෙල්ලන්විල විහාරයට ගියොත් මේ නිස්කලංක සුවදායක පරිසරයේ අසිරිය ඔබටත් අත් විදින්න පුලුවන්.

මේ විහාරයට යන මග කියා දුන් මම සේවය කල ආයතනයේ කුමාර සොහොයුරාට තුති දෙමින් මෙම බ්ලොග් සටහන මෙතනින් නිමා කරමි. සියලුම සේයාරූ බෙල්ලන්විල රජමහා විහාරයේ වෙබ් අඩවියෙනි.

2 comments:

  1. හොඳ ලිපියක්. ඒ වගේම බෙල්ලන්විල ගැන කියද්දී සෝබන්ධු විද්‍යාපති මහතා නිර්මාණය කරපු විහාරගෙයි බිතු සිතුවම් ගැනත් අනිවා මතක් කරන්න ඕනේ...........

    ReplyDelete
  2. @Hasitha : චිත්‍ර ඇදපු කෙනාගෙ නම නම් මම දැනගෙන හිටියේ නෑ. හසිත මල්ලිගෙනුයි ඒක දැන ගත්තේ. ඒ වගේම බෙල්ලන්විල කිවුවම බෙල්ලන්විල විමලරතන හාමුදුරුවන්වත් මතක් කරන්න ඕනෙ.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.