04 November 2010

රාම රාවණා කතාව ඇත්තක් ද ??


අද මගේ බ්ලොග් ලිපියෙන් කියන්න යන්නේ අතීතයේ සිදුවුනා යැයි කියවෙන ලංකා ඉතිහාසයේ සිදුවීමක්.ඒ තමයි රාම රාවණා කතාව හා ඒ ආශ්‍රිත ජනප්‍රවාදයේ එන කතා කිහිපයක්. කවුරුත් දන්නවනේ භාරත දේශයේ හිටපු රාම කුමාරයායි ලංකද්වීපයේ එවකට රජකම් කලා යැයි කියවෙන රාවණා රජතුමා අතරේ ද්වින්ධ සටනක් තිබුනා යැයි කියවෙන සිද්ධිය . සීතා නම් දේවියක් මුල් කරගෙන මෙම සටන පැවතුන බව ඔයාලා කවුරුත් දන්නවනේ.

ඇත්තටම ලංකාවේ රාවණා කියලා රජෙක් හිටියද? එහෙනම් ඒ මොන යුගයෙද ? ජනප්‍රවාද කතා කරුවට කොතනකදි හරි වැරදුනාවත් ද ? අන්න ඒ වගේ ප්‍රශ්න කිහිපයකට යම් තර්කානුකූල පිලිතුරක් ලබා දීමට මං මේ ලිපියෙන් ප්‍රයත්නයක් දරනවා. සමහරවිට මගේ තර්ක වල අඩුපාඩු තියෙන්නත් පුලුවන්. ඒ අඩු ලුහුඩුකම් විවේචනය කිරීම මං පාඨක ඔබට භාර කරමි.

ශ්‍රී ලංකා රාජාවලියම පීරා බලන කල රාවණා යැයි නම සදහන් වන කිසිදු රජෙක් ලංකාවේ පහල වෙලා නෑ. ලේඛන ඉතිහාසයේ නැති උනත් ජනප්‍රවාදයේ එහෙම රජෙක් ලංකාවේ රජකම් කලා කියලා අපි දන්නවනේ. ඔය කියන රජතුමා සීතා දේවිය පැහැරගෙන ලංකාවට ගෙන ආවා කියලා ඔයගොල්ලො දන්නවනේ. එහෙම පැහැරගෙන ආපු සීතා දේවිය ලංකාවේ වනගත ප්‍රදේශයක සිර කර තබා ගත්ත කියනවනේ.පහල පින්තුරයෙන් දැක්වෙන්නේ රාවණ රජු ගේ රුව යැයි සදහනක් වෙයි.

කදුවලින් ගහන ඒ වන ගත ප්‍රදේශය නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළියට ආසන්නයේ තියෙන ගමක් වෙච්ච සිතා එළියේ ලු ඔය සීතා දේවිය සිරකර තබා ගත්තා යැයි කියන්නේ. ඔය ගමට නම ලැබිලා තියෙන්නෙත් ඔය සීතා දෙවිය සිර කර තබාගෙන හිටපු හින්දා කියලයි ජනප්‍රවාදයේ සදහන් වෙන්නේ. ඒ කතාවත් යම් ඇත්තක් තියෙන්න පුලුවන්. මොකද නුවරඑළියේ සංචාරය කරපු ඔබ දන්නවනේ කදුවලින් වටවෙච්ච තැනක් නේ නුවරඑළිය කියන්නේ.

ඔය රාම රාවණ යුද්ධයේ එක් අවස්ථාවක රාමගේ සේනාවේ හිටපු හනුමන්තා කියන වානර සේනාධිපතියා තමන්ගේ වලිගයට ගිනි දල්වා ගෙන ලංකාව ගිනි තිව්වා කියලා අහලා ඇති නේ. එහෙම ගිනි තිබ්බට පස්සේ ඒ නගරය එහෙමත් නැත්නම් නුවර එලිය වැටුනලු. ඒ නගරය ගිනි ගත්ත ප්‍රදේශය පහු කාලිනව "නුවරඑළිය" උනා ලු. (නුවර = නගරය ) මේකත් ඇත්ත වෙන්න පුලුවන්. නමුත් මෙයත් ලේඛන ඉතිහාසයේ නෑ.

තව දෙයක් තමයි රාවණ රජතුමා යුද්ධ කරන්න ගියේ දඩුමොනරය කියන අහසින් යන්න පුලුවන් අහස් යානයකින් කියලා කියනවනේ. මේ අහස් යානය නවත් වා තැබුව ස්ථානය වර්ථමානයේ කුරුනෑගල දිස්ත්‍රික්කයට ආසන්න ගමක ලු. ඒ ගම පහුකාලීනව වාරියපොල උනාලු. වා + රිය + පොල එහෙමත් නැත්නම් වාතයේ ගමන් කරන රිය නැවතුම් පොල ලෙස අර්ථ දැක්වෙනවා.

තව දෙයක් තියෙනවා. ලංකාවේ මන්නරම ත් ඉන්දියාවේ රාමේශ්වරම ත් අතරේ වැලි වැටියක් තියෙනවා. මේ වැලි වැටිය හදුන්වන්නේ හනුමන්තගේ පාලම එහෙමත් නැත්නම් හනුමන්ගේ පාලම කියලයි. ඔය රාම රාවණ යුද්ධයේ දී හනුමන්තා තම සේනාව සමග ලංකාව ආක්රමනය කරන්න මහ සාගරය හරහා පාලමක් හැදුවා කියලා කතාවක් තියෙනවා. ඔය වැලි වැටි සියල්ල ඒ හදපු පාලමේ නටබුන් කියලා අදහසකුත් තියෙනවා. තලෙයි මන්නාරම් දූපත් වල සංචාරය කරන්නෙකුට හනුමන්තගේ පාලම නම් වැලි වැටිය අදත් දකින්න පුලුවන්.

ඉන්දියාවෙ ජනතාව සමහර කාල වලදි රාවණ පිලිරුවක් හදලා ඒක ගිනිබත් කරන උත්සවත් කරනවා.එහෙන් පැහැදිලි වෙන්නෙ රාවණ කියලා රජෙක්, රාමා සමග යුද්ධ කලා කියන එක ද ?

එක් අවස්ථාවක රාවණගේ හීයක් වැදී රාම ගේ සොයුරු ලක්ශ්මන සිහි මුර්ජා වෙනවනේ. එතකොට ලක්‍ෂ්මන සුව කලේ ලංකාවේ වෙදෙක් කියලා සදහනකුත් තියෙනවනෙ. ඒ සිද්ධිය මෙතනින් කියවන්න.

තව දෙයක් තියෙනවා. රාම රාවණ යුද්ධයේදී රාවනා පරදිනවනේ. ඊට පස්සේ ලංකා රාජ්ජය විභීෂණ කියන රාවනාගේ සොයුරෙකුට භාර දෙනවනේ. ඒ විභීෂණ කියන සොයුරා පසු කාලිනව කැලණිය ප්‍රදේශයට අධිපති ලංකාද්වීපය සුරකින විභීෂණ දෙවියන් ද ???ඔය පහලින් තියෙන්නේ විභීෂණ දෙවියන්ගේ රුපයක්.

මේ සියලුම ජනප්‍රවාදයන් සියල්ල යොමු වෙන්නේ එකම දිශාවටය. එනම් ලංකාද්වීපයේ රාවණා කියලා රජෙක් හිටියා ඒ රජතුමා රාම කියලා කුමාරයෙක් එක්ක යුධ වැදුනා එයින් රාවන පරාද වුනා යන සියල්ල ඇත්තට සිදුවුන සිදුවීම ලෙසටය. මා නැවත නැවතත් කියන්නේ මේවා ලේඛන ඉතිහාසයේ නැති කරුනු ලෙසට හා ජනප්‍රවාද කතා කරුවාගේ නොබිදුන තර්කයන් ලෙසටය.


සමහර විට ඔබටත් මේ පිලිබද අදහස් ඇති.ඒවා පහල කොමෙන්ට්ස් විදිහට ඉදිරිපත් කරන්න. කවදත් මගේ බ්ලොග් ලිපි වල කියවා ඒවායේ අඩු ලුහුඩුකම් හුවා දක්වමින් මා දිරිමත් කරන වින්ධ්‍ය මල්ලිට තුති පුද කරමින් මේ ලිපිය මෙතකින් නිමා කරමි.
මේ ජනප්‍රවාදය ගැන තවත් දැනගන්න ඕන නම් මෙතන ක්ලික් කරන්න.

සියලු දෙනාට ජය වේවා !!!!

13 comments:

  1. ඔය රාවනා ඇල්ලත් ඔය රාම රාවණ කතාවට සම්බන්ධයි කියලා මං අහලා තියෙනවා. ඒ කතාව මෙතනින් කියවන්න.

    ReplyDelete
  2. මම නම් හිතන්නේ .. පුරාණ දේව කතාවක් හා ගලපන ලද රජ කතාවක් කියලයි..

    මේ කතාව ඇත්ත නම් ලංකාව ගැන ආඩම්බර වෙන්නත් පුලුවන්..

    අහසින් යන පළවෙනි වාහනය හදන්න ඇත්තෙ ලංකාවෙන් ..

    මට නම් හිතෙන්නේ පුංචි ඇත්ත කතාවකට ගොඩක් බොරු එකතු වෙලා හැදුන කතාවක් කියලයි..

    ReplyDelete
  3. @wath: ම්.... එහෙම වෙන්නත් පුළුවන්. විජය රජතුමා ලංකාවට ගොඩ බහින්නත් කලින් වෙච්ච සිද්ධියක් නේ. මේ කතාව ලිව්වේ ඉන්දියාවේ වාල්මිකී කියලා කෙනෙක් නේ. ඉතින් මේ වාල්මිකිට ඕන කරන විදිහට කතාව සංස්කරණය කරලා ලිව්වා වෙන්නත් පුළුවන්.

    ReplyDelete
  4. නොයෙක්‌ මිස දිටු ගත්
    අයෙක්‌ කව් නළු රස දත්
    පෙර තමතමනු ගත්
    රාම සීතා කතා තෙපලත්

    ReplyDelete
  5. සුළු නිවැරදි කිරීමක් :)

    අයෙක් මිස දිටු ගත්
    නොයෙක් කව් නළු රස දත්
    පෙර තමතමනු ගත්
    රාම සීතා කතා තෙපලත්

    ReplyDelete
  6. @Anonymous : බොහොම ස්තුතියි සහොදරයා අදහස් දැක්වීමට.

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. මට මේ ගැන කියන්න තියෙන්නෙ මෙහෙමයි. රාමායණ කතාකරුවාගේ කතාන්දරය පොඩිකාලෙ ඉඳලා අපට රසකරලා පොවපු අපේ ඇත්තොන්ගෙම වැරදි නිසා අපි අදත් රාමායණ කතාව හුදෙක් කතාවක් හැටියට හෝ රාමායණ කතාන්දරයටම අනුවම හෝ සිදුවූවක් ලෙස අදහගෙන ඉන්නවා. නමුත් ඉතිහාසය පීර පීරා සොයාගන්නා සෙවුම් වලදී ඇත්ත කාරණා හෙමින් උඩට එන්න ගන්නවා. ඒ නිසාවෙන් අපට යම් අදහසක් දෙන්න පුළුවන් මේකෙ ඇත්ත කතාව මේ විදියටයි වෙලා ඇත්තෙ කියලා.

    රාවණ රජතුමා, මන්දෝදරිය දරුවා ප්‍රසූත කරන්නට පළමුව ඉපදෙන හෝරාව ගණනය කළේ අනාවැකි බලන්නට. මොකද ඔහු ජෝතිෂ්‍යය පිළිබඳ හසල දැනුම් ඇත්තෙක් නිසා. ඒත් ගණනය කිරීම්වලට අනුව සුබ හෝරාව පන්නා දරුවා උපන්නොත් දරුවාගෙන් විශාල ව්‍යසනයක් සිදුවන බව ගණනයට හසුවෙලා. රාවණට මේකෙ බරපතල කම තේරුණු නිසාම, වෙනත් ප්‍රවීන ජෝතිෂඥයෙක් ගෙන්නවලත් බලවලා තියනවා. කොහොමින් හරි රාවණ රජුගේ පුත් මේඝනාදයන් අහසේ මේඝ නාදයද පරදවන තරමට හඬමින් මෙලොව එළිය දුටුවේ අසුබ හෝරාවට ඔන්න මෙන්න කියා තිබෙද්දී, සුබ හෝරාව තුළදී යි. ඒත් මන්දෝදරී නැවත ප්‍රසූතිවේදනාවෙන් ඇඹරෙමින් තවත් දරුවෙක් බිහිකරා. නමුත් සුබ හෝරාව පන්නා උපන් ඒ බිලිඳා මිය ගිහින් කියායි රජුටත් දේවියටත් දැනුම් දුන්නේ.

    අන්තිමේ රාවණ රජු සීතා රැගෙන ඇවිත් සිරකර ගත්තේ, රාවණගෙ අක්කා සුපුර්ණිකාට රාමගෙ මල්ලි ලක්ෂ්මණ කළ පිළිකුල් සහගත වද හිංසාව නිසා රාම ලක්ෂ්මණ දෙදෙන සුපුර්ණිකා ළඟට ගෙන්වා සමාව ගන්නට පුළුවන් ඉත්තෙක් ලෙසටයි. සීතා හිරකරගෙන ඉන්න කාලයේ රාවණා දැනගෙන තියනවා සීත කියන්නෙ තමන්ගෙ නිවුන් දරුවන්ගෙන් කෙනෙක් කියලා. අර මිය ගියායැයි කිව් බිලිඳා අසුබ හෝරාවෙන් උපන් බැවින් විපතක් සිදුවිය හැකියි සිතා කාටත් හොරා උපන්හැටිම මුහුදට පාකර දමලා.

    කතාවෙ අන්තිමට සීතා රාමට තම පතිවත ඔප්පු කරන්නට ගින්නට පැන්න උනත් නොපිළිස්සුණේ, රාවණ රජුන් සීතාට උගැන්වූ ගිණි සිසිල නම් මායා ධර්මය නිසා කියලා සඳහන්. ඒත් රාමා, සීතා කළ ඒ ආශ්චර්යමත් ඒත්තු ගැන්වීමෙන් පසුව තම භාරයට ගත්තා උනත්, ඔහු කැමති වෙලා නෑ සීතා තව දුරටත් ඔහු ළඟ තියාගෙන ඇත්ත පිළිගන්න. ඒ නිසාම ඔහු ගැබ්බර සීතාව කැලේට නෙරපනවා. මෙතැනදි ඇයට වාල්මිකී මුණගැහිලා වාල්මිකීගෙ අසපුවේදී දරු දෙදෙනෙක් වදනවා. වාල්මිකී සීතගෙන් මේ කතාව අහලා ඔහු ලියනවා කතාවක්, තමන්ගෙ පාලකයන්ට ගැතිවෙලා. (තමා වරදස නොදිස්නේ - මරමා දොස්ම දිස්නේ) ඔන්න ඉතින් ඒ රාමායණය කතාවට අපිත් ගැතිවෙලා පොතේ තියන කතාවම රසකරමින් කියවමින් ඉන්නවා. ඒත් අපි හොයන්නෙ නෑ ඇත්ත මොකද්ද කියලා.

    ඉන්දියන්කාරයෝ හැම දෙවි කෙනෙකුටම වගේ ඔළු දාස් ගණනක් දීල තියනව. ඒ වගේම රාවණටත් ඔළු දහයක් දීල තියනවා. ඒත් ඇත්තටම ඔය ඔළු දහයෙන් කියන්නෙ රාවණ රජු ප්‍රගුණ කළ දස්කම් දහය. 1.සිද්ධ 2.විද්‍යාධර 3.සංගීතඥ 4.චිත්‍රකලාවේදී 5.මන්ත්‍ර ශාස්ත්‍රඥ 6.වෛමානික 7.පෘථිවි ගර්භ 8.රාජ්‍ය ක්‍රම ශාස්ත්‍ර 9.ගෘහනිර්මාණ ශිල්පී 10. මන්ත්‍ර ශාත්‍රඥ

    ඉතින් අන්තිමට අර අසුබ හෝරාවෙ උපන් දරුවා නිසා උනේ, වාල්මිකී කියන කතා කරුවාට හෙවත් රත්නකාරට එහෙමත් නැත්නම් හොර දෙටුවට අපේ හෙළද්වීපයේ නමටත් කැළලක් වෙන විදියෙ රසවත් කතාවක් ලියලා, අපේ ඉතා ශ්‍රේෂ්ඨ රජ උතුමෙක්ගෙ නමත් ඈඳා ගෙන ලොකු කැළලක් ඇති කරන්න පුළුවන් වීමයි.

    අපිත් ඉතින් මේ කතාවල ඇත්ත නැත්ත හොයන්නෙ නැතුව කතාවෙ රසයට අපේ ඉතිහාසයත් පාගගෙන කතාව අහගෙන ඉන්නවා. ඒත් ඇත්ත සොයන කොට ඇත්ත මතු වීම වළක්වන්න බෑ. මධුරංගගෙ මේ ලිපියේ සඳහන් ලෙසින්ම මේ පෙන්වා ඇති සාධක අතුරින්ම සැබෑවටම මේ කතාව ඇත්ත සිදුවීමක් කියා හිතන්න සාධක තියනවා. ඒත් අපි ඒ ඉතිහාසය පාගාගෙන විකාර දොඩවමින් සිටීම කොයිතරම් අවාසනාවක්ද?

    ඇත්ත සොයන්න. එතකොට ඇත්ත දකින්න පුළුවන්. බුදුහාමුදුරුවොත් කියා තිබෙන්නෙ, තමාගේ ප්‍රත්‍යක්ෂයට හසුවූ පසුව විශ්වාස කරනවා මිසක්, ඇහින් නොදැක, කනින් නොඇස, කෙනෙක් කිව් පළියට විශ්වාසයට ගන්න එපා කියල නේ. ඉතින් මේ මම කිව්වටවත් " ආ ඇත්ත නේන්නං" කියා ඉන්නෙ නැතුව හොයන්න. හොයල අපි විසින්ම වලට ඇඳ දැමූ ඉතිහාසය අපි විසින්ම ගොඩ ගමු.

    ReplyDelete
  10. @මුතූ : බොහොම ස්තුතියි මුතු අක්කේ. දන්නා කියන තොරතුරු අපිත් එක්ක බෙදා ගත්තට.

    ReplyDelete
  11. මම අහල තියෙන්නේ රාමායනය කියන්නේ වාල්මිකීගේ ලංකාවට එරෙහි ප්‍රබන්දයක් කියල..

    ReplyDelete
  12. @ඔස්කා : මෙහෙමයි සහෝදරයා. ඒක වෙන්නත් පුලුවන්. කොහොමත් වෙන්නත් පුලුවන්. කොහොමත් වෙන්නත් පුලුවන්. කොහොමත් කවුරු උනත් තමන්ගේ රටට අවනම්බුවක් වෙන්නෙ කතා ලියන්නෙ නැහැනේ. ඒ නිසා ඒක එයාලගේ වාසියට කතාව වෙනස් කරගත්තා වෙන්නත් පුලුවන් !!!

    ReplyDelete
  13. මේ කථා ගැන,යදා තුම්හේ කාලාමා අත්තනාව ජානෙය්‍යාථ (යම් කලෙක,තමාගේම විචක්ෂණ ඥානයෙන් දැන ගැනීමේ වැදගත්කම)අදටත් වටිනවා.නැත්නම් තල්කොලගොඩේ වැටුණු තල්ගෙඩියෙ හඬට ලෝකය පෙරලෙන බව අනුන්ට කියා දුන්නු හා සංස්කෘතියට අහුවුණා වෙනවා.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.