16 November 2022

පරාටායි බිත්තර රොටියි

 මගේ ආසම කෑමක් තමයි පරාටායි බිත්තර රොටියි කියන්නේ. පරාටා දෙකකුයි බිත්තර රොටියකුයි කපලා ඒක උඩට පරිප්පු හොදියි මිරිස් හොද්දකුයි යහමින් වත් කරලා අරගෙන කන්න තිබ්බා නම් ආයේ ඉතින් කියලා වැඩක් නෑ. ඔය සෙට් එක කන ගමන් අඩු සීනි ඉඟුරු දාපු ප්ලේන්ටියක් බොන්න තියෙනවා නම් ඉතිං නාග සලං ! කිව්වාලු.



කෝවිඩ් ඉවර වෙන්න කිට්ටුව පරාට දෙකයි බිත්තර රොටියකුයි කන්න රුපියල් 130ක් වගේ තිබ්බා නම් හොදටම ඇති. පරාටයක් 20යි බිත්තර රොටිය 50යි හොදි දානවට 40ක් වගේ ගත්තා. ඒ ගාන ශේප් !

පහුගිය දවසක මම මොරටුව පැත්තේ ඉඳලා එනකොට පානදුරෙන් පරාට දෙකටයි බිත්තර රොටියටයි රුපියල් 310ක් ගියා කියහන්කො !

කොටින්ම ඒ දවස්වල චිකන් රයිස් එකක් හරි චිකන් කොත්තුවක් හරි කන්න යන ගානත් ඕකමයි ! අනේ කාලේ !

ඉස්සරහා කාළ වලදි අපට කන්න බොන්න වෙන්නේ නං නෑ මේ විදිහට ගියොත් ! බඩු මිල ගණන් යමර වැඩිවීමක් වැඩි වෙන්නේ.

2 comments:

  1. ඉස්සරහට කෑම සඳහා වෙනම job එකක් කරන්න වෙයි. ලඟදි යාලුවෙක් එක්ක... කොත්තු දෙකක් කෑව. ගාන1,000යි.

    ReplyDelete
  2. මෙහේනං පරාට 1 බිත්තර රොටියයි හොඳි දාල ප්ලේන්ටියක් එක්ක 220 යි.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.