09 February 2019

රුබික් කැටය හදමු - 2 පාඩම

රායිට් !!
එහෙනම් හා හා පුරා කියලා කැටය හදන්න පටං ගම්මු. ඊට කලින් පළවෙනි පාඩම බලලා එනවා නම් හොඳ. මොකද මම ඒ කොටසේ වැදගත් කරුණු කිහිපයක්ම කිව්වා.


කැටය හදන හැටි පියවරවල් 6කට වෙන් කරන්න පුලුවන්. ඒ පියවරවල් ටික මම පහලින් සදහන් කරන්නම්.

ආහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා. මම කැටය හදන්න පටන් ගන්නේ සුදු පාට පැත්තේ ඉදලා. වෙන ඕන කෙනෙක් ඉන්නවා නම් තමන් කැමති පාටකින් පටන් ගන්නත් පුලුවන්. ඒකේ තහනමක් නෑ. ඒත් මාත් එක්ක ඉස්ස ඉස්සෙල්ලාම කැටය දහන කෙනෙක් නම් සුදු පාටින් පටන් ගන්ඩ !

1. සුදු පාට මුහුණතේ කුරුසය නිර්මාණය කිරීම
2. සුදුපාට මුහුණතේ කොන් හතර හරියාකාරව හදා ගැනීම.
3. දෙවෙනි ලේයරය සම්පූර්ණ කර ගැනීම.
4. කහ පාට පැත්තේ කුරුසය නිර්මාණය කර ගැනීම
5. කහපාට පැත්තේ මුළු හතරට එන කැට ටික හරියාකාරව ස්ථානගත කර ගැනීම.
6. රුබික් ගණකය සාදා නිම කිරීමේ පියවර.



එහෙනම් අපි පලවෙනියට පියවරට යොමු වෙමු.   මං කලින් කිව්ව වගේ මේ පියවරේදී මුලින්ම කරන්න ඕන සුදු කුරුසය නිර්මාණය කිරීම. සුදු  කුරුසය නිකන් හදලා බෑ. ඒත් එක්කම වටේ තියන කොටුත් ගැලපෙන්න ඕන. කාරණය තාම තේරුනේ නැත්තංම් පල්ලෙහා පින්තූරේ බලන්න.
 තව පොඩ්ඩෙන් අමතක වෙනවා. මුලින්ම කියන්න ඕනේ මේ හැම පැත්තකම තියෙන මැද කොටුව මක්කරලාවත් වෙනස් කරන්න බැහැ.  තව විදිහකට කියනවා නම් මේ මැද කොටුවේ පාට තමයි අදාළ පැත්තේ පාට වෙන්නේ උදාහරණයකට අපි කියමු කහපාට   මැද කොටුව තියන පැත්ත තමයි කහපාට  වෙන්නේ.  රතු පාට මැද කොටුව තියෙන් පැත්ත තමයි රතුපාට පැත්ත වෙන්නෙ ඒ වගේම තමයි අනිත් පැතිත්. අන්න ඒ හින්දා මැද කොටුවේ තියෙන පාට වටේ කොටු වලට සෙට් කරන එක තමයි කරන්නේ.

උඩ පින්තූරෙ ට අනුව රතුපාට මැද කොටුව තියන පැත්ත තමයි රතු පාට පැත්ත. කොළ පාට මැද කොටුව තියන පැත්ත තමයි කොළපාට පැත්ත. ඒ වගේම තමයි සුදු පාට මැද කොටුව තියෙන පැත්ත තමයි සුදුපාට පැත්ත. ඒ කියන්නේ අපි මුලින්ම හදන්න පටන් ගන්නෙ සුදුපාට පැත්තේ ඉදලා.

උඩ පින්තූරෙ ට අනුව තමයි කුරුසේ හැදෙන්න ඕන. එහෙම හැදුවේ නැත්තං ඊළඟ පියවර හදන්න අමාරුයි. හරි අපි එහෙනම් බලමු කොහොමද මේ සුදු  කුරුසය හදන්නෙ කියල.

 මේ පියවරේදී නිශ්චිතවම ඇඟල්ගොරිතමයක් නෑ.මේ පියවර තමයි නිදහස්ම පියවර මොකක්ද කිසිම කොටුවක් හරියට හදලා නැති හින්දා කැඩෙන්න දෙයක් නැහැ. ඒ හින්දා අපිට පුලුවන් නිදහසේ කොටු මාරු කර කර සුදුපාට කුරුසය හදන්න.   පල්ලෙහා තියෙන විදියට කොටු තිබ්බොත් ඒ ඒ  algorithm ටික පාවිච්චි කරන්න .

පල්ලෙහා වීඩියෝ එක බලලම ඉන්නකෝ.


මේ වීඩියෝ එක බලල තාමත් කුරුසය හදා හදාගන්න බැරි කවුරුහරි ඉන්නවනම් මට බැණ බැණ ඉන්නවට වඩා නිදහස් වෙලාවක කැටය පොඩ්ඩක් එහෙට මෙහෙට පෙරළලා පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න තනියම කුරුසේ හදාගන්න පුලුවන්ද කියලා.

මේ වීඩියෝ  එකේ තියෙන පියවරවල් ටික හරියට කලානම් අපේ රුබික් කැටය පල්ලෙහා තියෙන පින්තූරෙ වගේ පේන්න තියෙනවා.

කොහොමහරි දඟලලා  සුදු පාට පැත්ත හදා ගත්තා කියන්නේ පලවෙනි  ලේයරය ඉබේම හදා ගත්තා  වගේ වැඩක්.  ඊළඟට අපිට කරන්න තියෙන්නෙ  දෙවෙනි ලේයරය හදා ගන්න එක. ඒක මම ඊලග ලිපියෙන් කියන්නම්.

එහෙනම් මං ගිහින් එන්නම්. ජය වේවා !!

4 comments:

  1. මාත් ඕක කාලයක් වීඩියෝ බලල හදන්න ගිහිල්ල අතෑරල දැම්ම. බලමු ආයෙත් ට්‍රයි එකක් දීල. ඉස්සෙල්ලම කැටේ හොයා ගන්න එපැයි.

    ReplyDelete
  2. හිටාං මාත් කැටේ අරන් එන්න

    ReplyDelete
  3. ස්තූතියි මේ අපුරු සෙල්ලම ගැන කියලා දුන්නාට

    ReplyDelete
  4. ඒ මාත් හැදුව බම්.......😂

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.