මම දන්න කාලෙක ඉදලා අපේ තාත්තට තිබුනේ පුට් සයිකලයක්. උන්දෑ ඒ සයිකලෙන් තමා හම වැඩේටම ගියේ. හමදාම වැඩට යන්නෙත්, හන්දියට යන්නෙත් එහෙම නැත්තං යාළුවෙක් හම්බ වෙන්න යන්නෙත් ඔය බයිසිකලෙන්ම තමයි.
ඔහොම වැඩ කරගෙන කාලයක් යනකොට අපේ තාත්තට ආසාවක් ආවා මෝටර් සයිකලයක් ගන්න. කාලයක් තිස්සේ ඒ මෝටර් සයිකලය ගන්න සල්ලි එකතු කලා. ඒ විතරක් නම් මදෑ, උන්දෑ වැඩ ඇරිලා එනකොට පාරේ යන මෝටර් සයිකල් දිහෑ ගොඩ වෙලා බලාගෙන ඉන්නවා.
සමහරක් දාට ගෙදර ඇවිත් අපේ අම්මට කියනවා,
"බලනවකෝ ඒයි ! දැන් ගෑනුත් බයිසිකල් පදිනවා. මට විතරයි බයිසිකලයක් නැත්තේ !" කියලා.
එහෙම කිව්වහම,
"අපිත් බයිසිකලයක් ගම්මු." කියලා අපේ අම්මා කියනවා.
ඔහොම කාලයක් ගියට පස්සේ අපේ අප්පොච්චා යන්තම් ගානක් එකතු කරගෙන හිටියා. ඒත් සයිකලය ගන්න යන්න කවුරුත් නෑ. මම ගෙදර එන දවසක් බලලා උන්දෑට වත්තල ටවුමට එන්ඩ කිව්වා බයිසිකලේ ගන්ඩ.
අපි දෙන්නම වත්තල බයිසිකල් කඩේට ගිහින් ගත්තා බයිසිකලයක්. ඒත්තෙක්කම ඒක ලියාපදිංචිත් කරගෙනම ආවා.
අම්බෝ බලන්ඩ එපෑ තාත්තගේ හිතේ තිබ්බ සතුට විතරක් !!!
ඔය සයිකලේ වාඩිවෙලා ඉන්නේ මම.
ඉහේ මලක් පිපුන ගානයි.
එදා ඉදලා අද වෙනකන් හවසට හවසට උන්දෑ බයිසිකලය පදිනවා.
මට මතක් වෙන්නෙම ගුණදාස අමරසේකර මහත්තයාගේ රතු රෝස කෙටි කතා පොතේ හිටපු සියදෝරිස්ව. උන්දැත් සල්ලි එකතු කරලා හම්බර් හර්කියුලිස් බයිසිකලයක් ගත්තා නෙව.
කාලෙක ඉදලා තාත්තගේ හිතේ තිබ්බ බලාපොරොත්තුවක් ඉටු කරන්ඩ ලැබුන එකට මටත් ගොඩක් සතුටුයි !
වැඩිහිටි දෙමව්පියන්ගේ සතුට සමාජයේ බොහෝ දෙනෙක් නොහිතන දෙයක්. තාත්තා ගොඩාක් සතුටුවෙන්න ඇති.
ReplyDeleteජයවේවා!!!
දෙමවුපියෝ, විශේෂයෙන්ම තාත්තලා, ගෙදර අනිත් හැමදෙනාම හැමදෙයක්ම ගැන හිතලනේ තමන් ගැන හිතන්නේ.
ReplyDeleteසුබ පැතුම් දෙන්නටම.
ReplyDeleteසතුටු හිතෙන කතාවක්.
ReplyDelete