මම අද පොතක් ගන්ඩ කියලා මරදානේ ගොඩගේ පොත් සාප්පුවට ගොඩ උනා.
අපේ ගෙදරට ලැබුනු අවුරුදු කෑම පිගානත් එක්ක යවන්ඩ ඕන නිසයි මම පොතක් ගන්ඩ ගියේ. ඔය අවුරුදු කෑම පිඟාන ලැබුනේ අපේ ඉස්සරහා ගෙදර මල්කාන්ති අක්කලෑ දිහෑවෙන්. ඉස්සර නං කෑම පිඟන් වලට සබන් කෑල්ලක් දෙකක් දාලා යවනවා. ඒවා ඉතිං ගාලා ඉවර වෙන නිසා වටින කියන යමක් යවන්ඩ ඕන කියන අදහස නිසාමයි පොතක් ගත්තේ.
පොත් සාප්පුවේ එක එක පොත් අතරේ පීරලා ළමා කතා පොතක් ගත්තා. ඒ පොත මල්කාන්ති අක්කලෑ ලොකු කෙලීට.. !
ඒ පොත අරගෙන තව ටිකක් වෙලා පොත් සාප්පුවේ ඉන්නකොට මට අපූරු පොතක් හම්බ උනා. ඒ පොතේ නම "මේ ගමට නම හැදුනු හැටි" කියලා. ලියලා තියෙන්නේ මහින්ද කුමාර දළුපොත මහත්මයා.. !
ඒ පොත ටිකක් පෙරල පෙරල ඉදලා එහෙන් මෙහෙන් කොළ දෙක තුනක් කියෙව්වා.ටිකක් හිතට අල්ලපු නිසා මම පිටු 20ක් විතර ඉක්මනින් කියව ගත්තා.
එක එක ගම් වලට නම් හැදිච්ච හැටි පොතේ තිබුනා. ඒත්තෙක්කම නුගේගොඩ කියන නම හැදුන හැටිත් ඒ පොතේ තිබුනා...
මේකයි ඒ කතාව කෙටියෙන්.
කවුරුත් දන්නවානෙ නුගේගොඩ තියෙන්නේ කෝට්ටේ කිට්ටුව කියලා.කෝට්ටේ කියන්නේ ජලයෙන් ආරක්ෂා වෙලා තියෙන රාජධානියක්. වඟුරුබිම් වලින් එහෙම වට වෙලා තියෙන නිසා මේ රාජධානියට ස්වභාවික ආරක්ෂාවක් ලැබිලා තියෙනවා.
දැනටත් නුගේගොඩ, දියවන්නාව පැත්තේ එහෙම තියෙන වගුරුබිම් මේ අතීතයේ ජීවමාන සාක්ෂි... !
දැනට නුගේගොඩ කියලා අපි අඳුන ගන්න තැනත් ඒ කාලේ වගුරුබිමක්.. දොළ පාරකුත් ඒ හරියෙන් ගලාගෙන ගිහින් තියෙනවා.මේ දියපාර කිට්ටුව බොහොම සරුවට හැදුන නුග ගහක් තිබිලා තියෙනවා.
මේ හරියෙන් යන මිනිස්සු මේ මහ නුග ගහේ පහලට එල්ලිලා වැටෙන නුග මුල් වල එල්ලිලා ඔය දොළ පාරේ තරණය කරලා තියෙනවා. ටාර්සන් වගේ වැලේ එල්ලිලා දොළපාරේ එහාට්ට පැන්නා කියලා හිතමුකෝ.
නුගෙන් එල්ලිලා එගොඩ වෙච්ච තැන පස්සේ කාලෙක නුගෙන් එගොඩ වෙලා තියෙනවා... නුගෙන් එගොඩ පස්සේ කාලෙක නුගේගොඩ වෙලා කියලා තමයි ඒ පොතේ තිබුනේ..
නුගේගොඩ කියන්නේ මගේ පළවෙනි රස්සාව පටන් ගත්ත ටවුම නිසයි මම මේ කතාව මතක තියාගෙන බ්ලොග් එකේ අතෑරියෙ...
ඒ වගේම තමයි,
මේ ටවුමෙදි තමයි මට මගේ වෙන්ඩ භාරියාවත් හම්බ උනේ...ඉතින් එහෙව් ටවුමක් ගැන නොලියා කොහොමද... හික්ස් :)
බඩගිනියි වාගේ... කාලා එන්නං !
ඔ්ං ඔහොමයි නුගේගොඩට නුගේගොඩ කියල නම හැදුනේ.....
ReplyDeleteජය වේවා!!!
මම අහලා තියෙන්නේ මීට වඩා වෙනස් කතාවක්නේ. ඉස්සර නුගේගොඩ නුග ගස් ගොඩක් තිබුණ ලු. ඒ නිසා නුග ගොඩ කිය කියා ඉඳලා පස්සේ නුගේගොඩ වුණා ලු. කොයි එක ද දැන් හරි?
ReplyDeleteගම්වල නම් හැදුණ හැටි කියද්දී මතක් වුණේ. ටීවී දෙරණේ යනවා පැයෙන් පැයට 'ගමට නමක්' කියලා වැඩසටහනක්. පුළුවන් නං බලන්න.
නමට ගමක් හැදෙනවනම් කොච්චර නම් ෂෝක්ද නේද..?
ReplyDeleteකාලාන්තරේකට පස්සේ blog එකකට ගොඩවුනේ....
හඳපානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට.. ;)
ReplyDeleteඒ විතරක් යැ මේ රටක් වටින මාත් ඉන්නෙ ඒ පැත්තෙනේ! හා නැද්ද?
ReplyDeleteනුගේගොඩ කොහොම හැදුණත් අවුරුදු දෙකක් තිස්සෙ සෑහෙන්න කරක් ගහපු නගරයක්!
ReplyDeleteදැන් නම් නුගේගොඩ ගිය හැටියේ මධුව මතක් වෙයි. :)
ReplyDeleteමධූ නුගේගොඩට නම හැදුන විදිහ හොය හොය ඉදලා වගේ. :)
ReplyDeleteඅපොයි නුගේ... මාගේ මුනේ දැළි ගැවා..
ReplyDeleteකෑම පිඟාන එක්ක පොතක් යැවීම කොච්චර හොඳ දෙයක්ද!
ReplyDeleteඒකත් එහෙමද. ඔයවගේ තමයි ගොඩක් ගම් වලට නං හැදිල තියෙන්නෙ.
ReplyDeleteනුගේගොඩ විතරක් නැතුව පොතේ තිබ්බ අනිත් නම් ටිකත් ලියල දාන්නකෝ
ReplyDeleteනුගේගොඩ ටිකක් කෝට්ටෙට ඈතින් නේ තියෙන්නෙ.ඉස්සර නුගේගොඩ හරියත් වතුරට යට වෙන්න ඇති ඔය විදියට බැලුවාම.
ReplyDeleteඔච්චර නුගේගොඩ රස්තියාදු ගැහුවා මේක දැන ගත්තේ අදනේ..
ReplyDeleteසී.ජේ. විදානේ.:
ReplyDeleteඅන්න හරි.. ඔහොම තමා නම හැදුනේ.. !
ධාරා :
අනේ මන්දා නංගි... කෝක හරිද කියලා දන්නේ නෑ..
Amila Prabath Samarakkodi :
ඒක තමා.... කොහෙද ගිහින් උන්නේ
හරී :
ReplyDeleteගංගාවක් ලෙස සිහිලස පිදුවයි නුබ මා හට...
Maneka :
අනේද කියන්නේ.. රටක් නෙමේ.. ලෝකයක් වටින.. !
කුරුටු ගෑ ගී පොත :
මම නං රස්සාවට විතරමයි නුගේගොඩ ගියේ..
Podi Kumarihami :
ReplyDeleteඇයි මාව විතරක්.. සුදු නෝනවත් මතක් වෙයි නෙහ්.. :)
චතුරංග ප්‍රියශාද් (ප්‍රියා) :
හෙහ්... ;)
දේශක යා :
නාට්ටියක් ද ? නාට්ටියක දෙබසක් වගේ.
රාජ් :
ReplyDeleteඒකනේ... :)
Praසන්ன :
ඔය වගේ හෙන සෙට් එකක් තිබුනා.
Pathum Herath :
මතක් වෙන මතක් වෙන වෙලාවල් වලට ලියන්නම්.
amila chathuranga :
ReplyDeleteතෙත් බිම් උද්‍යානයත් වගුරු බිමක් නෙ.
Dinesh :
දැන් දන්නවා නෙ. ආයේ නුගේගොඩ මතක හිටීවි.. මදාරා නංගිත් ඔය හරියේ නේද :)
උඹට අර ළමයට දෙන්න තිබුනෙ ඒ පොතනෙ බන්...
ReplyDeleteela ela :D
ReplyDelete