මතකනේ කලින් ලිපියෙදි මම කිව්වා අපි තුන් දෙනා සිංහ කටින්ම අලගල්ල කන්දේ අමාරුම හරිය තරණය කලා කියලා. ඒ හරිය නගිනකොට ටිකක් විතර අවදානම්.. ඒ නිසා පරිස්සම් වෙන්න ඕන.
අලගල්ල නැගලා ජාතික කොඩියක්
කන්ද මුදුනේ ගැහැව්වට පස්සේ අපි ඊලඟට කන්ද බැහැලා පූජා ගලට යන්ඩ සූදානම්
උනා. ඒකට අලගල්ල කන්දේ තිබුන කටුසු කොන්ද කියන බෑවුම තරණය කරන්ඩ වෙනවා. ඒක ටිකක් සීග්‍ර බෑවුමක්.. පොඩ්ඩ මිස් උනොත් ගල පල්ලේ !!
ඔය පේන කඳුවැටිය දිගේ යන්ඩ වෙනවා පූජාගලට...
ඔන්න
ඕකට තමා කඹයක් ඕන උනේ.. මට කඹයක් හොයාගන්ඩ බැරි උන නිසා ඒ හරිය මඟ ඇරලා
ආපහු ගෙදර එන්ඩයි උන්නේ. අපේ වෙලාව හොඳකමට ගමේ අය කඹයක් දාලා තිබුනා. අපි
කඹේ අල්ලගෙන ගල දිගේ පහලට ගියා.
පහලට ගියා නෙමේ පහලට බඩ ගෑවා කිව්වොත් හරි. මේ පේනවා නේද කොළු නඩේම ගල දිගේ පස්ස උල උල යන ලස්සන..
කටුසු කොන්ද දිගේ පස්ස උල උලා යෑම
ඕං
කඹය දිගේ මගක් එනකොට එකෙක් ගෑ ගහනවා කඹේ ඉවරායි කියලා...එතකොට තමා බොක්ක
කූල් උනේ..ආයේ උඩට යන්ඩ කියලා යෑ.. මේ ලියන වෙලේත් හී ගඩු පිපෙනවා ඒක මතක්
වෙලා. දෙයියෝ බුදුන් සිහි කරගෙන හිමි හිමිහිට පහලට යාත්‍රා කරන්න ගත්තා. ටිකක් ඈත ඉදන් බැලුවහම තමා අමාරුකම තේරෙන්නේ.
සීග්‍ර බෑවුමක්...
හිතට පුදුම බයක් දැනෙන්නේ... අඩියෙන් අඩියට පපුව ගැහෙන සද්දේ ටික ටික වැඩි වෙනවා...
කිසිම අතුරු අන්තරාවක් නං උනේ නෑ.. අපේ අනිත් සගයට සෑහෙන වෙලාවක් ගියා කඹේ තිබුනේ නැති හරිය බැහැගන්ඩ. ඒ වාගෙම උන්දෑ සෑහෙන්ඩ බය වෙලා.
ඔන්න
ඔතනින් එහාට්ට කන්ද අඩුයි. අඩි පාර දිගේ කිලෝ මීටර් 2කට කිට්ටු දුරක්
යන්ඩ ඕන පූජා ගල නගින්ඩ. එතන සිරිපතුලක් තියෙනවාලූ. ඒක බලා කියා ගන්ඩයි අපේ
බලාපොරොත්තුව.... !
අපි කැලේ මැද්දේ තිබුනු අඩි පාර දිගේ දිගටම ගියා.. එක එක බේත් ජාති විවිධ ගස් වල් වලින් වැහිච්ච තුරු වියනක් වාගේ කැලයක් මැද්දෙන් යන්ඩ තියෙන්නේ. ඒ නිසා ගමන සුන්දරයි. මහන්සියක් දැනෙන්නේ නැති තරම්...
කන්ද දිගේ තිබ්බ අඩි පාරෙන් සෑහෙන දුරක් ගියාට පස්සේ එලිමහන් තැනක් හම්බ වෙනවා. ඒ හරියෙදි අපට
ඈතින් පෙනුනා අපේ ඉලක්කය.. ඒ පූජාගල ! කට්ටියක් කලින්ම පූජාගලට ගිහින් තිබුනු විත්තියත් දැකගන්ඩ ලැබුනා. අපි ඉතුරු ටිකත්
අමාරුවෙන්ම ආවා.
පූජාගල ඈතින් දිස්වෙන අපූරුව...
මේ වෙනකොට අපේ වතුර බෝතලේ ඉවර වෙලා තිබුනේ. ඒ නිසා දිව
ගිලෙන්ඩ වාගේ තිබහයි.ඒත් ගේම අතෑරියේ නෑ.. අඩිය අඩිය ඉස්සරහටම ගිහින් සිරිපතුල දැකගත්තා.. පහලින් තියෙන්නේ මම කිව්ව පූජාගලේ තිබ්බ සිරිපතුල. මේ සිරිපතුල හන්දම වෙන්න ඕන මේ ගලට පූජාගල කියලා කියන්නේ.
පූජාගලේ සිරිපතුල
සිරි
පතුල දැකබලා ගත්තට පස්සේ අපි විනාඩි විස්සක් විතර පූජාගල උඩ ඇවිදලා ගිමන්
හැරියා. මේ වෙනකොට කට්ටිය බොන්ගෝ ගගහා සිංදු කිව්වා. තවත් සමහරු නැටුවා..
කෑම ගත්තා. බොන කට්ටිය බිව්වා. එක එක අය එක එක විදිහට තමන්ගේ නිදහස විනෝදයෙන් ගත කලා.
පූජාගලට ආපු සෙනග... අයිස් කිරිං මාමා කෙනෙකුත් උන්නා.
හැබැයි ඉතිං එක දෙයක් කියන්ඩ ඕන.. බොන කට්ටිය බොන්ඩ කලින් හිතන්ඩෝන බීවට පස්සේ තමන්ට අවුලක් නැතුව කන්ද බැහැගන්ඩ පුලුවන් ද කියලා. ඒ වගේම බීවට පස්සේ හිස් බෝතල් කන්දේ තැන තැන දාලා යන එකත් ගල් වල ගහලා කුඩු කරලා යන එකත් ඒ තරම් හොඳ දෙයක් නෙමේ..පරිසරය ගැනත් හිතන්ඩ ඕන.
ගී ගයමින් විනෝද වෙන තාරුණ්‍යය
අපි
ඒ අයගේ විනෝදය දිහා බලාගෙන කන්ද බැස්සා. අර ආපු දුරම එන්ඩ ඕන. ඒ එනකොට
මඟක් දුරදි කටුසු කොන්ද හරිය පේනවා. ඔය හරියට කටුසු කොන්ද කිව්වට මම දන්න
තවත් කටුසු කොන්ද කන්දකුත් තියෙනවා.. ඒ හන්තාන කන්දේ... !
හන්තාන
සම්පූර්ණයෙන්ම නැගලා ගවේශණය කරනවා නං නගින්ඩ ඕන හොඳම තැන තමා කටුසු කොන්ද
කියන්නේ. ඒකට නුවර ඉදන් මහකන්ද බස් එකක එන්ඩ වෙනවා :)
ඔය වගේ බෑවුම් වලට කටුසු කොන්ද කියලා කියන්නේ ඒවා තරණය කරන්න කටුස්සෙක් වාගේ ඇවිදින්ඩ ඕන හන්දද මන්දා.
ඔය
කටුසු කොන්ද හරියෙදි අපේ අනිත් සගයා ඇහැව්වා "ආපහු කටුසු කොන්දට නැගලමද
බහින්ඩ ඕන පාර තියෙන්නේ" කියලා. මම නිකමට ඔවු කියලා කිව්වා. මුගේ
මූනත්තෙක්කම වාගේ මැල උනා.. :)
ඊට පස්සේ පවු කියලා මම
කිව්වා නෑ තව පාරක් තියෙනවා කටුසු කොන්ද මගෑරලා යන්ඩ. අපි ඒ පාරේ යන් කියලා
කිව්වා. කටුසු කොන්ද මගෑරලා කන්ද බැහැගෙන එනකොට ඈතින් පෙනුනා අපි නැගපු
අලගල්ලේ අමාරුම හරිය... !
කොඩිය ගහපු අලගල්ල කන්ද
අපි යන්නං කියාගෙන පල්ලම් බැස්සා... !
නගිනවා
වාගේ තමා පල්ලම් බහින එකත් ලේසි නෑ. ඒ මදිවට දිව ගිලෙන්ඩ යන පිපාසේ..
අලගල්ලේ යනවා නං සෑහෙන වතුර අරගෙන යන්ඩ.. උඩදි දිය පාරක්වත් නෑ වතුර ටිකක්
බීගන්ඩ. පෑ දෙකක් විතර යනකොට කන්දේ අමාරු හරිය බැහැගෙන ඉවර උනා. එතකොටම
වාගේ තැඹිලි ලොරියක් නවත්තලා...
අපේ සතුට ඉහවහා ගියා....
තිබහා නිවෙන්ඩ අපි තැඹිලි වතුර බීවා. තැඹිලි බීලා තව ටිකක් කන්ද බහිනකොට බඩ
ඉරිඟු තම්බන කට්ටියක් උන්නා. කට්ටියම බඩ ඉරිඟුත් ගත්තා. ඒක කන ගමන් කන්දේ
ඉතුරු හරිය බැස්සා. ඊට ටික වේලාවකට විතර පස්සේ අපි ඉහල කෝට්ටේ පාරට ආවා.
එතනින් එහාට්ට ගමන ටිකක් ඉක්මන් කලා.. ඒ... මීයන්ගල්ල බිංගේ බලන්ඩ යන්ඩ.. ලංකාවේ දෙවෙනියට දිගම බිංගේ ලු නේ. ඒක නොබලා කොහොමද.
මේ බිංගෙය දිගින් මීටර් 300ක් වෙනවා... !
ගමට යන පාර ඉවර වෙලා ආපහු පඩි පෙල් තිබ්බ හරියට කිට්ටු උනා. අම්මෝ උදේ ආසාවෙන් නැගපු පඩි පෙලවල් දැං දකිනකොට එපා වෙනවා.ඒත් එහෙම කියලා කෝමෙයි.. අපි ඒ ටිකත් බැහැලා මීයන්ගල්ල බිංගේ ගාවට කිට්ටු කලා.
බිංගෙය පටං ගන්න තැන
ජීවිතේ පලවෙනි වතාවටයි බිංගෙයක් ඇතුලින් යන්නේ.. ආසාවයි බයකුයි මිශ්‍ර වෙච්ච අමුතු හැඟීමක් හිතට දැනෙමින් තිබ්බේ.
මුලදි මුලදි එලිය තිබුනට පස්සේ පස්සේ ලඟ ඉන්න එකාවත් පේන්නේ නැති තරමට කලුවරයි. ෆෝන් එකේ තිබ්බ ටෝච් එක කිට්ටු කරන්ඩ බෑ. ඒ එලියෙන් අපේ කකුල් දෙකවත් හරියට පේන්නේ නෑ. කෝච්චියක් එනකොට රිංගලා ඉන්න පුලුවන් තරමේ මෑන් හෝල් නම් තිබ්බා.
අපි බිංගෙට ඇතුල් වෙන්නයි හදන්නේ...
මෑන් හෝල් නම් පෙනුනේ නෑ.. බිත්තිය අල්ල අල්ල යනකොට දැනුනා. ටික ටික අපේ ඇස් කළුවරට හුරු උනා. එතකොට හීනියට වාගේ ඇතුල පේනවා.
බිංගෙය ඇතුලත දී. මේ එලිය ලැබුනේ කැමරාවේ ෆ්ලෑශ් ලයිට් එකෙන්
බිංගෙයි කෙලවර
බිංගේ ඇතුලින් ගියපු අපි ඊලඟට බිංගේ වටෙන් ස්ටේෂන් එකට ආවා. එතකොට තමයි අම්මා බැඳලා දීපු බත්මුල ලිහා ගත්තේ. ඒ වෙනකොට වෙලාව හතරාමාරයි. අපේ වාසනාවට බත් ටික නරක් වෙලා තිබ්බේ නෑ
බඩිගින්න වැඩිකමට බත්මුල සට සට ගාලා කෑවා.
කාලා ඉවර වෙලා අපි ටික වෙලාවකින් ටිකට් ගත්තා කෝච්චියේ එන්ඩ. අපි ගෙවල් වලට ආවේ ඉහල කෝට්ටෙන් හවස 4.56ට තිබුනු පොඩිමැණිකේ කෝච්චියෙන්.
ඒකෙන් ඇවිත් රාගමින් බහිනකොට වෙලාව හත හමාර විතර ඇති. මලයයි මායි රාගම ඉදලා බයිසිකලෙන් ගෙදර ආවා. අපේ අනිත් සගයා කොළඹටම කෝච්චියේ ගිහින් බෝඩිමට යා ගත්තා.
කඳු නැගපු බිංගෙවල් බලපු ලස්සන දවසක් ගෙවුනේ ඔන්න ඔහොමයි... මේ දවසේ අපූරත්වය මේ මාසේ පුරාම මගේ හිතේ තියේවි.. අනිත් අයටත් එහෙම වේවි.
අන්තිමේදි එක දෙයක් කියන්ඩ ඕන... අලගල්ල කන්දේ සුන්දරත්වයට හානි වෙන විදිහට පොලිතින් ප්ලාස්ටික් තැන තැන දමන්නෙපා. ඒ සුන්දරත්වය මතු පරපුරටත් විඳගන්න ඉඩ ලබා දෙන්න.. !
එහෙනං මං ගියාවේ...ජය වේවා.. !
----------------------------------------------------------------------
ප.ලි. - ගමනට ඕන කරන මූලික විස්තර ලබා දුන් අපේ කෝච්චියා අයියා.. එහෙමත් නැත්නම් ගිහාන් චන්දික අයියට බොහොම ස්තූතියි.. !
මධු කොමන්ට් කලේ නැති වුනාට පෝස්ට් දෙකම කියෙව්වා. මට නම් කියනන් තියෙන්නේ මේ ඔයාලා ගිහින් තියෙන්නේ භයානක ගමනක් කිසිම ආරක්ශක පියවරක් නොගෙන ඔහේ යන්නන් වාලේ කඳු නඟින්න හොඳ නෑ. (කඳු නඟින්න විතරක් නෙමෙයි එක්ස්ට්‍රීම් ස්පෝර්ට් එකක්වත්) මම අපි දාන සපත්තුව, බෙහෙත්, අඳින ඇඳුම බැක් පැක් එක විතරක් නෙමෙයි ගෙනියන්න ඕනේ ආම්පන්න හිටන් තියෙනවා.
ReplyDeleteපට්ටම ගති මචන්.. යන්න ආස හිතෙනවා
ReplyDeleteමධු මේ චාරිකා සටහන් හරිම වටිනවා. බොක්කෙන්ම ස්තුතියි...
ReplyDeleteමාර ත්‍රාස්‍යජනක චාරිකාවක්නෙ මධූ. අර බඩ ගාලාම පස්සෙ භාගයක් ගෙවිලා ඇති :-D
ReplyDeleteඑකම අසල්වාසීන් වෙච්චි යමුකො වෙලාවක හොද ත්‍රිපක්.
මෙච්චර සේනාවක් ගියාද බං... උඹ, ගල උඩ ජනාවාසයක‍් පිහිටුවන්න ද හදන්නේ... :D
ReplyDeleteIl mondo di una povera pazza :
ReplyDeleteඑක්ස්ට්‍රීම් ස්පෝර්ට්ස් ??? ඒක නං දන්නේ නෑ රංගි.
ඔවු. අපි කිසිම දෙයක් අරගෙන ගියේ නෑ නේ. බාටා කෑලි දෙකක් දාගෙන ගියේ. කූඩැල්ලෝ එල්ලෙනවට විතරයි සිද්ධාලේප එක හරි අරගෙන ගියේ... භයානක ගමනක් ! ආයේ යද්දි ප්ලෑන් කරලා යන්ඩ ඕන.
ගාලු කොල්ලා :
අනිවාර්යෙන්ම දවසක යන් !
දේශක යා :
ස්තූති කරලා හරියන්නේ නෑ. කට්ටියත්තෙක්ක දවසක යමු ට්‍රිපක් !
Chathuranga Priyashad :
අනිවාර්යෙන්ම පස්සෙන් බාගයක් නෑ. :)
එල කිරි... දවසක යං.. අපි දවසක ගලබොඩ ඇල්ල බලන්ඩ යන්න ඉන්නේ. දිනයක් සෙට් කරගෙනම කියන්නම්. එදාට යං :)
සෝරෝ :
ReplyDeleteසේනාවක් ගියේ නැත... අපි තුන් දෙනයි ගියේ. ඉතුරු සෙට් එකම අහල පහල ගම්වල කොල්ලෝ කුරුට්ටෝ සහ ඈත පලාත්වලින් ආපු සංචාරයකයෝ.. !
නියමයි මධු. මේව දැක්කම යන්න ආස හිතෙනව. ගොඩ කාලෙකින් මේ වගේ ගමනක් යන්න ලැබුණෙ නෑ.
ReplyDeleteIl mondo කියල තියෙන විදියට ආරක්ෂිත පියවර ගන්න ඕන මිනිස් වාසයක් නැති භයානක පැතිවල ගමණක් යනකොට මම හිතන්නෙ. මේ වගේ චාරිකාවකදිනං අවශ්‍ය වෙන්නෙ තමංගෙ පරීක්ෂාකාරී බව විතරයි.
කටුසු කොන්ද කියන්නෙ උඩ ridgeඑකේ හෑඩයට නේ? ඉන්ග්‍රීසියෙන් sharp ridge එකට razor-back කියනව වගේ. හෑබෑයි කටුසු කොන්ද sharp විතරක් නෙවේයි serrated -කියත වගේ . කන්දත් එහෙමද?
ReplyDeleteඅපිත් එක්ක ගිය එකෙක්ව ඔතනදි ලිස්සන්න පටන්ගත්ත ...! උගෙ පස්ස පැත්තෙ ඝර්ශනය මදි...කට්ට ගෙවිල :-) අඩිදෙකක් විතර ලිස්සගෙන යනකොට යන්තම් අනිත් එවුන් අත්වලින් දම් වෑලක් වගේ හදල අල්ලගත්ත. නෑත්තන් ඌ තාම වැටෙනව :-) ඊට පස්සෙ එතනින් එහාට යන එක අමතක කරල ආපහු ආව. අරු බයවෙච්ච පාරට අදටත් ඔයවගේ පොඩි බෑවුමක්වත් බහින්න බෑ. වෙවුලන්න පටන්ගන්නව. බොහොම භයානක තෑනක්. ඔතනදි කඹයක් ඕනෙමයි. ඔය වගේ කටුසු කොන්ද තියෙන තවත් තෑනක් තමයි කිරිගල්පොත්තෙ අන්තිම කොටස. ඔය තරම් බෑවුම නෑතත් ප්‍රපාත දෙකක් මෑදින් පටු ගල් නාරටියක් තියෙන්නෙ. අලගල්ල මුදුන, ලකේගල මුදුන කොටස අනතුරුදායක තෑන්. පරිස්සමට යන්න ඕනෙ. පනට ආදරයක් තියේනම් බීල එහෙම යන්න එපා !
ReplyDeleteඋබ අපිව අවුස්සනව බං..යන්නම හිතෙනව.
ReplyDeleteසුපිරි ගමනක් නොවැ
ReplyDeleteනියමයි මධු, මං අර සිරිපතුල වගේ තැන අදමයි දැක්කේ ,මාත් හරි ආසයි ඔයවගේ ගමන් වලට ,, ඒ වගේම අපි වෙනුවෙන් ලියා දැම්මට ස්තුති
ReplyDeleteහප්පේ. ඇවිදින එකමයිනේද වැඩේ. මමත් මේ ලංකාවට අවම ඇවිදින්න තැන් හොයා හොයා ඉන්නේ.
ReplyDeleteකියවනකොට හරිම ආසා හිතෙනවා මධු,ඒත් අපට යන්න නං නොවැ
ReplyDeleteකටුසු කොන්දේ ගිහින් බොන එකනම් එච්චර හොඳ වැඩක් නෙවෙයි. උමබ් මේ ජීවිතේ පලවෙනි වතාවට බිංගෙයක් අථුඑ ගියේ කිව්වම මට මතක් වුනේ ..ඉසර අපේ එවුන් නම් සූස්ති ගහපු තරමක් අඝුවේ බින්ගේ ඇතුලේ ඉඳන්
ReplyDeleteසුපිරිම චාරිකා සටහනක් මධූ. මෙහෙම චාරිකා යන්නත් පිං තියෙන්න ඕන. ආසාවේ බෑ පිංතුර ටිකත් මරේ මරු
ReplyDeleteබලහං මේ කන්ද උඩ මෙච්චර දෙයක් තියනවා කියලා දන්නේ නෑනේ. යනවා අද හෙටම
ReplyDeleteස්තුතියි ඔබට. බොහොම වටිනා සංචාරක සටහනක්.
ReplyDeleteගමන සුපිරි හොදේ..
ReplyDeletePraසන්ன :
ReplyDeleteඅනිත් වතාවේ යනකොට ආරක්ෂක ක්‍රමත් අනුගමනය කරන්න ඕන කියලා හිතුවා. මාර බයක් හිතෙන්නේ.. හැබැයි මතක් වෙනකොටත් සෑහෙන සතුටුයි !
Pra Jay :
ඒ හැඩයට වෙන්න ඕන ප්‍රා ජේ...
ආයේ දවසක හන්තාන නගින්න ඉන්නේ කටුසු කොන්ද හරහා.
Anonymous :
අපොයි ඔවු.. බිලා නම් කටුසු කොඳු දිගේ රූටන එක භයානකයි. ලිස්සුවො අර කියන්නා වගේ දවසක්වත් වැටෙයි. සෑහෙන උස කඳු නෙව :)
පෝස්ට් එක රසවත් කරන්න කමෙන්ටුවක් ලබා දුන්නට ස්තූතියි ඇනෝ... කඳු නගින සංචාර වලට කැමති ඇනෝවෙක් වගේ :)
රජ වීදියේ උමේෂ් :
ReplyDeleteයමු බං යමු. ඔන්න ඊලඟ අවුරුද්දේ නං උබවත් ඇදගෙන යනවා. :)
රොබින් :
සුපිරියි.. පට්ට ගමනක් !
අපූර්වී :
මාත් එනකන්ම දැකලා නෑ.. මෙහෙම දැක්කහම ආස හිතුනා.
ලංකාවට ආපු කාලෙක බ්ලොග් ලියන කට්ටියත්තෙක්ක යමුකෝ ඔය පැත්තේ.. :)
chaminda wickramasinghe :
ReplyDeleteලංකාවට ආපු කාලෙක අපටත් කියන්ඩ ඈ.. මාත් එනවා ඇවිදින්ඩ.. ඇවිදින එක ජොලි වැඩක් :)
Helapa kade :
යන්න තිබ්බා නං තමා ජොලි.. බලමුකෝ නෙහ්..
ඉවාන් පවුලූශා :
අපට ඉතිං බිංගෙවල් කිට්ටු නෑ නේ බං.. ඔය කියන්නේ කොයි බිංගෙය ගැනද ? කොයි බිංගෙයි ද සූස්ති ගැහැව්වේ ??
Naleen Dilruksha :
ReplyDeleteතැන්කූ තැන්කූ..
වෙලාවක අපි කට්ටියටත් යන්න බැරුව යෑ :)
යක්ෂයා :
අන්න හරි අන්න හරි..
යාළුවෝ දෙතුන් දෙනෙක් එක්ක යන්න. සති අන්තයක යන එක තමා හොඳම :)
Wicharaka Asami Dakimi Soyami :
කියවලා රස වින්ඳටත් ස්තූතියි !
Dinesh :
හ්ම්ම්ම්... සුපිරි ගමනක් !
අලගල්ල අපිත් නැග්ගනේ.හැබැයි මුදුනටා නැග්ගේ නෑ.මොකද නැග්ගේ මායි මගේ මිත්‍ර අකු යි අපි දෙන්නගේ බිරින්දෑවරු දෙන්නයි හින්දා
ReplyDeleteදිනුක :
ReplyDeleteඅකු ඔය ගැන පෝස්ට් එකක් ලිව්වා නේද ? අකුරැටිය පවුලයි ජයකොඩි පවුලයි අලගල්ල නැග්ගා කියලා :)
මම යන්ඩ කලින් ඒකත් කියෙව්වා :)
මේ ගමන මමත් ගිය තරමට දැනුනා...ඇත්තටම උඹ ඉතාම හොදට ගමන විස්තර කරලා තියෙනවා වගේම ඒ පරිසරය නාස්ති කරන්න එපා කියලා වරින් වර දක්වලා තියෙන කාරණාත් ඉතාම වටිනවා...
ReplyDeleteසිරාගෙ කාමරේ :
ReplyDeleteඔවු.. ලස්සන පරිසරයක්.. මිනිස්සු ගිහිං නිස්කාරනේ නාස්ති කරනවා. ඒ නිසයි එහෙම කිව්වේ.. දවසක අපි සෙට් එකත් මෙහෙම ගමනක් යමු ! :)
අනේ අපිටත් යන්ඩ තිබ්බා නම්
ReplyDelete