මං පූර්ණකාලීන බ්ලොග් පාඨකයෙක් විදිහට බ්ලොග් කියවන්න පටන් ගත්තට පස්සේ ලියන්නම හිතුනේ නෑ. හැබැයි නොලිව්වට මොකෝ මම දවසගානේ බ්ලොග් ටික නම් කියෝ ගන්නවා. අද සති අන්තයේ ගෙදර කට්ටියම ගමනක් ගිහින් මං විතරයි ඉතුරු.ඒ නිසා කම්මැලිකම යන්ඩත් එක්ක මොනාහරි කුරුටු ගාන්න ඕනේ කියලා හිතුනා.
මොනවද ලියන්නේ කියලා කල්පනා කරනකොට මට පරණ කතාවක් මතක් උනා. මතකද ඒ දවස්වල රොබින් හුඩ් කතාව ටීවි එකේ පෙන්නුවා ? මොකෑ කට්ටියට අමතක වෙන්නේ නෙහ්. :)
ඔන්න ඔය දවස්වල මං දන්න කියන පවුලක අයියෙකුයි මල්ලියෙකුයි හිටියා.උන් දෙන්නා කටත් බලියන් ඒ දවස්වල ඔය කතාව බැළුවා. මේ දෙන්නෑ ආච්චි අම්මා ඒ දවස්වල ලෙඩ ගානේ හිටියේ. යන්ඩ එන්ඩ බෑ.හැමදේම උන්දැට අතට පයට කරලා දෙන්ඩෝන.
දවසක් මුන් දෙන්නා රොබින් හූඩ් බලනකොට ආච්චි මොකද්ද මන්දා එහෙකට කතා කරනවා. කතා කරනවා කිව්වට බෙරිහන් දෙනවා. ඒ දවසේ මුන්ගේ අම්මත් කොහෙද මන්දා ගිහින්. ආච්චි ලතෝනි තිබ්බත් මුන් දෙන්නා ටීවි එක ඉස්සරහින් නැගිටින්න ලෑස්ති නෑ.
"මල්ලි පොඩ්ඩක් බලහන්කෝ ආච්චි කෑගහනවා !" අයියා කිව්වා.
"ඇයි උබ මටම කියන්නේ. උබ ගිහින් බලහන්කෝ." එහෙම කිව්වේ මලයා.
"ඇයි.ඒ උබේ ආච්චි නෙමේද ?"
"මගේ ආච්චි විතරක් යෑ. උබෙත් ආච්චි නේ." මලය යන පාටක් නෑ.
"උබ ගියේ නැත්තං මං අම්මා ආපුවාම කියනවා උබ ආච්චිව බැළුවේ නෑ කියලා. හරි ද ?"
"හරි හරි ඇඩ් එකක් ගියහම යන්නං යකෝ." කතාවට වශී වෙලා හිටපු මලයා කිව්වා.
ඉතින් ඊට පස්සේ කතාවේ මැදක් හරියට යනකොට කිව්වත් වගේම ඇඩ් පෝලිමක් යන්න පටන් ගත්තා.එතකොට මලයත් පුටුවෙන් නැගිටලා ආච්චි ගාවට ගියා. මූ ආච්චි ගවට ගිහින් ටික වෙලාවකට පස්සේ ආයෙම ටීවි බලන්ඩ ආවා.ආච්චිට නින්ද ගිහින්ද කොහෙද කිසිම සද්දයක් නෑ.දැන් නන් ඉතින් කරදරයක් නැතුව රොබින් හූඩ් බලතෑකි කියලා හිතලා දෙන්නම ආයේ ටීවි බලන්ඩ ගත්තා.
"මලේ, ආච්චි මොහොකටද බං කතා කලේ ?" අර අයියා කාරයා මලයගෙන් ඇහුවා.
"කවුද බං දන්නේ. ආච්චි හැමදේටම කෑගහන එකනේ වැඩේ." මලයා උත්තර දුන්නා.
"ඉතින් උබ ගියාට පස්සේ ආච්චිට නින්ද ගියාද ? කිසි සද්දයක් නෑ නේ යකෝ !" ආයෙම අයියා ඇහුවා.
"ආච්චි නිදාගත්තේ නෑ බං"
"එහෙනං සද්දයක්වත් නැත්තේ ?"
"හෙහෙහෙහෙ.... ආච්චි කොහේ කෑ ගහන්ඩ ද මං උන්දෑ කටේ කොලගුලියක් හිරකරලනේ ආවේ !" මලයා හිනා වෙවීම කිව්වා.
"හුටා ! තෝ ආච්චිව මරන්ඩද යකෝ යන්නේ ! අම්මා ආවොත් විසුමක් වෙන්නෑ. !" කියලා කියපු අයියා කාරයා ආච්චි ගාවට ගිහින් උන්දෑ කටේ හිර වෙලා තිබ්බ කොළගුලිය එලියට ඇදලා දැම්මා.
අන්තිමේදි හවස් අතේ අර අයියගෙයි මලයගෙයි අම්මා ආවට පස්සේ ආච්චිව කොල හිර කරලා මරන්ඩ ගියපු කතාව ආච්චිම අම්මටත්තෙක්ක කියලා තිබුනා. ඒ නිසා ඒ කොල්ලෝ දෙන්නට නොසෑහෙන්න ගුටි කන්න උනා කියලා තමයි ඇසින් දුටු ආරංචි මාර්ග කියලා තිබ්බේ.
ආච්චිව මරන්න ගිය අයියා මලෝ දෙන්න මධුරංගයි මලයයි එහෙම නෙමේ මගෙ හිතේ ..:D
ReplyDeleteයකෝ මුන්ව තියන්න වටින්නේ නෑනේ
ReplyDeleteඔය අයියයි, මල්ලියි දෙන්නා කවුද කියලා අපි නම් දන්නවා...:)
ReplyDeleteඋඹලව නෑ නෑ මේකෙ මේ ඉන්න උං දෙන්නව කොටියම කන්ඩ එපැයි :D
ReplyDeleteමම නම් කියන්නේ ඒ දේට මූලික උනේ මධුරංග මල්ලියි කියල.
ReplyDeleteහයියෝ...මුන් කරන වැඩ...අපේ පවුල තව හොදයි... :)
ReplyDeleteඔයා ජාති වාදියෙක් .ඒ නිසා ඔයාට මන්
ReplyDeleteආස නැහැ ..
මුන් දෙන්නා කොලු තාත්තලා දෙන්නෙක්නෙ බොල...
ReplyDeleteඔය අයියයි මල්ලියි අතර මධුරංගයියත් ඉන්නවද දන්නෑ...
ReplyDeleteමාර යකෙක්නෙ...
ReplyDeleteඔතන පොඩි ටැපලිල්ලක් තියෙනවා නේද මධුරංග මලයෝ... ඔය කොල ගුලිය ආච්චිගේ කටේ එබුවේ මල්ලි නෙවෙයි අයියා නේද..?
ReplyDeleteහිටපියකෝ ම්ලිව හම්බුනාම අහන්න අයියද මල්ලිද කො ගුලිය එබුවේ කියලා
ReplyDeleteඅපේ ගමේ එකෙක් වෙන්ටෑ ............. උනුත් ඔහොම්ම මයි
ReplyDeleteඅයියා කවුරු උනත් මල්ලිනම් උඹලගෙම මල්ලි තමා.
ReplyDeleteඅනේ ඇත්තට මෙහෙමත් ළමයි..!!
ReplyDeleteඇත්තටම මධුරංග පූර්ණ කාලීන බ්ලොග් පාඨකයෙක් වුනු එක ගැන මොනවද හිතෙන්නෙ...
තොපි වගේ යක්කු..
ReplyDeleteඒ මාත් ඔය සුමේම කොලල ටියෙනවනේ.....:/දැන් තමා වැරැද්ද තේරෙන්නෙ....හැබැයි මම ප්ලාස්ටරයක් තමා ගැහුවෙ....මතක් වෙනකොට දැන්නම් පපුව දාල යනව අප්ප....:‘(
ReplyDeleteපොඩි කමටද මෙයාලා වැඩ කරලා තියෙන්නේ....
ReplyDelete//හැබැයි නොලිව්වට මොකෝ මම දවසගානේ බ්ලොග් ටික නම් කියෝ ගන්නවා.//
ReplyDeleteමට ඒකවත් කරන්න වෙන්නෙ නෑ මලේ.... :(
අපොයි තව ටිකක පරක්කු වුනා නම් ආච්චි.....
හික්ස්.. ඔය අයියායි මල්ලියි කවුද කියලා දැන් මුළු බ්ලොග් අවකාශෙම දන්නවානෙ.:D
ReplyDeleteආච්චි පවු ඕයි
ReplyDeleteමෙව්වා කල එවුන්ට සහ ගහන්න ඕනේ ;)
ආයේ අහන්න දෙයක් නෑ.. ඔය අයියා මධු අයියම තමා..
ReplyDeleteපිස්සු පීකුදු.. :ඵ්
ReplyDeleteඅයියයි මල්ලියි කවුද කියලනම් සුවර්. හැබැයි ඕක කරේ මල්ලි වෙන්න බෑ. අයියා වෙන්ටෝන.
ReplyDeleteපිස්සු නැත්තන් සෝක්
ReplyDeleteමලයා හරි සිම්පල් අයිඩියා කාරයෙක් නෙව. බඩ පැලෙනවා යකෝ... අනුනුගේ මගුල් නෙමෙයි මෙන්න මේ විදියට මක්කවත් ලියපං..
ReplyDeleteමරු අයියයි මල්ලියි.. අරින්න තිබුණෙ මග්ගොනට බාලාපරාධ් කාරයෝ දෙන්නා.
ReplyDeleteලියන්න කම්මැලි වෙලාද .
ReplyDeleteආච්චිගේ හුස්ම ටික ගියේ නැතුව ඇති.
This comment has been removed by the author.
ReplyDeleteඅයියා වගේ ම නැතෑ මලයත්... හ්ම්ම්ම් මමත් පූර්ණ කාලීන බ්ලොග් පාඨකයෙක් වන්නට තීරණය කළෙමි!
ReplyDeleteහපොයි.... මුන්ව තියන්න වටින්නේ නෑනේ.....
ReplyDeleteමමත් පූර්ණකාලීන් බ්ලොග් පාඨකයෙක් වේගන එනවා.හරි යන්නෑ මේ වැඩේ.මොකක් හරි ලියන්ඩ ඕනැ.
ReplyDeleteඅයියා කව්ද කියලා මම දන්නවා මගේ හිතේ :)
ReplyDeleteඅයියයි මල්ලියි කිවුවට මේ මධුරංග අයියම කරපු වැඩක් වෙන්න ඇති.. :-p
ReplyDeleteදෙවියනේ මෙහෙමත් ළමයි.....
ReplyDeleteහේ හේ මධු අයියේ මට හිතාගන්න පුළුවන් අයියායි මල්ලිගෙයි තරම. මුණ දැක්කම පෙන්නෙ හරි අහිංසක කොල්ලෙක් වගේ.
ReplyDeleteකවුද දන්නේ නෑ මේ අයියයි මල්ලියි...:D
ReplyDeleteඅයියයි මල්ලියි ගැන හිතාගත්තෑකි මේ වැඩෙන්..
ReplyDeleteඅපෝ...ලියන්නෙ නැතුව ඉන්න එපා අයියේ... අපරාදේ... :(
ReplyDeleteඅනේ මෙහෙම මුණුපුරෝ දෙන්නෙක් ලබන්න හරි වාසනාවන්ත ආච්චිඅම්ම කෙනෙක්..P
ReplyDeleteඉතින් අයියගේ ආච්චිට අවුලක් උනේ නෑනේ ;)
ReplyDeleteපව් ආච්චි!
ReplyDeleteඅයියයි මල්ලියි ගැන හිතා ගත්ත හැකි.
උඹල දෙන්නගේ හපන්කම් නේද? අකුරක් නෑර විස්තරේ කියල තියෙන්නේ ඔය අපුරුවට
ReplyDeleteඅයියා කාරයා නම් අපි දන්න කෙනෙක් වෙන්ටෑ. අපෙ අප්පෝ ආච්චි....!!!!!
ReplyDeleteමේ අයියයි මලයයි මධුරංගයි එයාගෙ මලයයි නම් වෙන්නම බෑ...
ReplyDeleteහික්ස්... හිතාගන්න පුළුවන් කවුද මේ අයියයි මලයයි කියලා...
ReplyDeleteබුදු අම්මේ...මෙහෙමත් අයියයි මල්ලියි දෙන්නක්...
ReplyDelete:-o
ReplyDeleteමල්ලි ගිය නිසා කොල ගුලියක් ඔබලා ආවා..මේ අයියා ගියා නම් ෂුවර් එකටම කොහොල්ල ගුලියක් තමයි ඔබලා එන්නේ..මොකද ඉතිං අපි දන්නවලු ඒ අයියා කවුද කියලා...
ReplyDeleteකෝ මොකෝ වුණේ ??
ReplyDeleteඅනේ යකෝ අය්ය මලෝ ගෙ වැඩ!
ReplyDeleteඔබගේ මගේ හෝ අන් අයගේ දේශපාලන මතය කුමක් උවත් මේ රජයේ පාලන ක්‍රමයට අපි පාක්ෂික හෝ නොවන එක කුමක් උවත්, මේ රට විනාශයට ඇදදැමු කොටිත්‍රස්තවාදීන්ට උඩගෙඩි දෙන උන්ට කඩේ යන එක මේ රටට සැබවින් ආදරේ කරන කෙනෙකුට ඉවසන්න අමාරුයි නේද?
ReplyDeleteමේ බ්ලොග් අවකාශයේ තිරිසනුන් කිහිප දෙනෙකු පුහු වීරයන් වෙන්න දගලන්නේ කොටින්ට පස්ස නවාගෙන අල්ලනගමන්, මාද මේ රජයේ වැඩපිළිවෙලට තදින්ම විරුද්ද මුත් මේ දක්වා බ්ලොග් වල විරයන්සේ බොරු විවේචන කර පිම්බෙන්න ගොස් නැත, එසේ වීමට දගලන, මේ රටට විරුද්දව කොටින්ට කඩේයන මාතලන් වැනි තිරිසනුන් අපි බ්ලොග් අවකාශය තුල දැන්ම හුදෙකලා කර නොදැම්මොත් ඉදිරියේදී අපට අපේ බ්ලොග්තුල උන්ට කමෙන්ට් එකක් හරි දාන දුන්න එක ගැන දුක් වෙන්න දවසක් එනවා අනිවාර්යයි.. ඔබ වැනි සන්වේදීන් එදාට හඩනු නොඅනුමානයි .
එසේනම් දැන්ම මේ පාහරයා,
ඔබේ ෆ්ලොවර්ස් අතරින් ඉවත් කර
මේ පා හරයාගේ කමෙන්ට්ස් පබ්ලිෂ් කිරීමෙන් වැලකි
ඔහුගේ අඩවියට ඇතුල් වීමෙන් වැලකි
පාට පක්ෂ ජාති ආගම් බේදයකින් තොරව සිතා මෙවන් තිරිසනුන් අතුගා දැමීමට සහය වන්න..
** දේශිහිතයිශි බ්ලොග් කියවන්නෙක් **
(රාජපක්ෂ රජයට කඩේ යන්නෙක් නොවන )
මුන් දෙන්නව කනපිට ගහන්න එපෑය.. ඔය අයිය මලෝ ජෝඩුවෙන් එකෙක් මේ බ්ලොග් එක ලියනවාදෝ කියල හිතෙනවා.. අනේ මන්ද, මට මේ දවස්වල එක එක විකාර හිතෙනව අප්ප.... :P
ReplyDeleteඅද තමා ආවෙ මේ පැත්තෙ.
ReplyDeleteහපොයි..!! තව පොඩ්ඩෙන් මලගෙයක් නේ
හැබෑට මධූ අයියට මක්කෙයි වුනේ? කසාදයක් වත් බැන්දද?
ReplyDeleteමොකද බොල ලියන්නැත්තෙ... :D
ReplyDelete