11 June 2012

යෝජිත විවාහ - බලන්නට යෑම

මේ කතාවේ පලවෙනි කොටස කට්ටියම බලන්ඩ ඇති නේ.

 ඊට පස්සේ ඒ කොල්ලයි එයාගේ මලයයි පොරකකා ෆොටෝස් බැලුවට පස්සේ දෙන්නම හිතන්නේ අයියට හොයලා තියෙන්නේ මාර ලස්සන කෙල්ලෙක් ය කියලා. උන් දෙන්නම දන්නේ නෑ මේ ඉන්නේ ෆොටෝ සෝප් ගාපු කෙල්ලෙක් ය කියලා සහා මේ ප්‍රොෆයිල් එක කලින් මනාව සකස් කරන ලද ප්‍රොෆයිල් එකක් කියලා !!!

ඒ වෙලාවට තමයි ෆොටෝ සෝප් මෘදුකාංගය හදපු එකාව අමුවෙන්ම කන්ඩ හිතෙන්නේ !!!!

.කලින් කතා කරගත්ත විදිහට අම්මයි අප්පච්චියි ආච්චිඅම්මයි එක්ක මේ කොල්ලත් ජැන්ඩියට ලෑස්ති වෙලා අදාල තැනට කලින්ම යනවා.

මොකද බස් එකේම යන්ඩ එපැයි යාන වාහන තියෙනවයි කියලා එකක් යෑ !! අම්මා නම් කියන්නේ නැති යානවාහන පෙන්නලා කට්ටියට මවාපෑම් කරනවට වඩා තමන්ට තියෙන විදිහෙන්ම එන එක හොදයි කියලා!! මොකද ඔවුවා මාට්ටු උනාට පස්සේ වස නෝන්ඩිය නේ !

 ගෑල්ලමයා එන්ඩ ටික වෙලාවකට කලින්ම මේ කොල්ලයි එයාගේ ගෙදර කට්ටියයි අදාල තැනට එනවා. ඇවිදින් කෙල්ලගේ ගෙදරින් දැන් එයි දැන් එයි කිය කියා බලන් ඉන්නවා. කොල්ලෑ අම්මා නම් මෙලහකට මාපට ඇඟිල්ලෙන් බිම ලොකු වලකුත් හාරලා !!!

ඔන්න එකපාරටම  ටොයොටා යාරිස් වගේ එහෙමත් නැත්නම් මර්සිඩීස් වගේ වාහනයක් මිදුලෙන් නවත්තනවා !!!

ඒ වාහනෙන් මැදිවයසේ ගෑනු කෙනෙකුයි ඒ වයසෙම ඉන්න පිරිමි කෙනෙකුයි ඊටත් පස්සේ පට්ටම සුපිරි ගෑල්ලමයෙකුයි බහිනවා !!!  අපරාදේ කියන්ඩ බෑ ගෑල්ලමයා ඉටිරූපේ වගේ ! මාර ගති !එක පාරක් බැලුවොත් ආයෙම වතාවක් බලන ජාතියේ කෙල්ලෙක් ! හරි චාම් පාට කෙල්ලෙක් !

මේ තුන්දෙනාම එක පෙලට එනකොට කොල්ලට එකපාරටම මතක් වෙන්නේ 'ඩූම් ටූ' චිත්‍රපටියෙ ඓශ්වර්යාත් එක්ක නළුවෝ දෙන්නා එක පෙලට එනවා වගේ !! පසුබිමෙන් අර මියුසික් එකත් ඇහෙනවා ඇහෙනවා වගේ !!!

 "ලොකු පුතේ.... මේ නම් එන්නේ කෙල්ල තමයි !!" කියලා කොල්ලෑ අම්මත් රහසින්ම වගේ කොල්ලට කියනවා. එතකොටම කොල්ලත් යාන්තමට කෙල්ලගේ පාදාන්තයේ ඉදලා කේශාන්තය වෙනකන් බලාගෙන බලාගෙන බලාගෙන එනවා !!

 ඊට පස්සේ කට්ටිය එක එක දේවල් කතා වෙනවා ! කොල්ලගේ රස්සාව ගැන නම් අනිවාර්යෙන්ම අහනවා !!! (ඒකනේ වැදගත්ම දේ )

ඊට පස්සේ කෙල්ලගේ අම්මා "අපි තීරණේ දන්නලා කෝල් එකක් දෙන්නම් !" කියලා යනවා.කොල්ලට නම් ඔය වචන සෙට් එක අහලා පුරුදුයි.මොකද හැම ජොබ් ඉන්ටර්විව් එකකටම පස්සේ ඔය විදිහටම ඔය වචන සෙට් එක කඩ්ඩෙන් කියන නිසා !!!

ඊට පස්සේ කට්ටිය සතුටින් විසිරී යනවා !!

කෙල්ලගේ අම්මා  කැමැත්ත දෙයි ද ? කෙල්ල කැමති වෙයිද ? ඊලඟ ලිපිය සමග රැඳී සිටින්න !!!

54 දෙනෙක් අදහස් පලකලා .:

මඩිස්සලේ නිශාන් said...

මධුරංග අයියගේ විස්තර තමා මේ කොටස කොටස දාන්නේ.බලමුකෝ ඉදිරියට මොකද වෙන්නේ කියලා.

ආහ් ජය වේවා ඈ කෙල්ලගේ පැත්තෙන් කැමැත්ත ලැබේව!

Hasitha said...

ඊළඟ කොටස තම ත්‍රාසය, භීතිය, කුතුහලය මුසු පට්ට පට පට හරිය :D

ගැමියාගේ පත් ඉරුව said...

//කොල්ලත් යාන්තමට කෙල්ලගේ පාදාන්තයේ ඉදලා කේශාන්තය වෙනකන් බලාගෙන බලාගෙන බලාගෙන එනවා !!//

වෙන්ට බෑ.... ඇයි අයියේ මූණ දිහා බලන්නැද්ද මල කෙලියක් වෙන්නේ කොණ්ඩේ දණිහ ගාවට විතර තිබ්බොතින් එහෙම... දණිහෙන් උඩට ඇස් ගන්න වෙන්නේ නෑනේ.... අනිවා නහය ගාවට එනකන්වත් බලන්ටෝන...

මේක නම් කෙල්ල කැමති වෙච්චි නිසා ඇතිවූ සතුටට ලියන එකක් වගේ දැන් නම් පේන්නේ....

එල එල ඈ එහෙනම් මට කේක් කෑල්ල එනවා සුවර්...

නදී said...

ඉතින් ටඉතුරු ටික දාකෝ අගේ නොකර.කෙල්ල මොක කීවෙ?

ගිනි කුරුල්ලා said...

පට්ට!!.. ඉතින් ඊට [පස්සේ මොක උනේ අයියේ?
;)

සයුරි said...

නියමයි...නගලම යනවා වගේ. අනිවාර්යෙන් කැමැත්ත දෙයි. මොකෝ මධූ ට මොනවයින් අඩුවක් කියලද?

prasanna86k said...

අපෝ මල්ලි කල් ගන්නවා වැඩියි බං...

රොබින් said...

නංගිව පෙන්නලා අක්කව දේවී වගේ ....

කිරිපුතා said...

පස්ට මචෝ............
ගොඩක් දවසකින් එන්න ලැබුනේ..........

බට්ටි said...

කෙල්ල කැමති වෙයි. අම්මා කැමතී අකමැතියී වෙයි..
මං මේ නොදන්නකමටයි අහන්නේ මධු මාමට හෙනට වයසයිද අනේ? :D

Anonymous said...

මොන පිස්සුද? ෙම්කත් තව පිල්ම් ඒකක්

දයානන්ද රත්නායක said...

හදවත ගැලවිලා වැටුණා වගේ දැනුනද? ලියලා තියෙන හැටියට නම් අපිත් එතැන හිටියා වගේ තමා..ඔහොම යං... තව ඉස්සරහට.

sAm (සෑම්) said...

උබම තමා දන්නේ. මොකද උබට වෙච්ච දෙයක්නේ.

මම කිව්වා පිස්සුවෙන් වගේ ඩිග්‍රියට ඉගෙන ගන්න කාලෙ නාස්ති කරන වෙලාවේ එකක් සෙට් කර ගනින් කියල. එහෙම කලා නම් අම්මලට කරදරයකුත් නැහැ. රටේ ඉන්න‍ කෙල්ලන්ට වදයකුත් නැහැ.

නිම්ශා said...

හරි හරි මධු අයියගේ වෙඩිම අපිටත් කිව්වා නම් එහෙනම්... :D

Dinesh said...

මේවා ඔක්කොම මෙහෙම ගිහින් කතාවේ අන්තිම කොල්ලා කෙල්ලව බැන්දම කියලම දාපංකෝ බලන්න අයියේ... පහුගිය ටිකේ කොම්පීතරේ වැඩ නෑ කිය කිය හැගිලා හිටියේ ඕකට තමයි එහෙනම්..

වින්චැට් කිරිල්ලි. said...

හිකිස්....ඔය ආවෙ වෙන කෙල්ලෙක් හලෝ.....:D:D

අසරණයා said...

කොටස් දෙකම කියෙවුවා ඒත් හරි හමන් උත්තරයක්‌ අපිට ලැබුනේ නැහැ නේ. මේ උඹේ කතාවද?

සරත් ලංකාප්‍රිය said...

වයසේ වැරැද්ද.. එකයි මෙවුවා ගැන දැන් ලියන්නේ..

Podi Kumarihami said...

//එතකොටම කොල්ලත් යාන්තමට කෙල්ලගේ පාදාන්තයේ ඉදලා කේශාන්තය වෙනකන් බලාගෙන බලාගෙන බලාගෙන එනවා !!//
මොකද අනේ පිරිමි ලමයි ගෑනු ලමයි දිහා මේ විදියට බලන්නේ? :)

//හරි චාම් පාට කෙල්ලෙක් !//
ඒ කීවේ සුදුද? කලුද?:)

ඉතින් ඔය අදාල තැන ඔයාලා මිදුලේ හිටගෙනමද කතා කලේ?:)

nawammawatha said...

ඇත්ත කියහං මලේ, උඹට දැං බෝනික්කෙක් දැක්කත් නිකං මෙව්ව මෙව්ව වෙලා යනව නේද ? කොට්ටෙ මුළු හතරම නින්දෙන් හපල නේද ? ඕව තමයි රෝග ලස්සන බොල.

රාජ් said...

උඹ මෙගා ලියනව. කැතයි හොඳේ.

රූ.... said...

සජීවී විස්තර ප්‍රචාරයක් වගේ..
අනුග්‍රාහක භවතුන්ගේ දැන්වීම් සඳහා මඳකට නතර කරලා..!!

නිසුපා said...

අඩේ මඟුලක් මඟුලක්....

Pathum Herath said...

සිකිස්...කෙල්ල ද? අක්ක ද ?නංඟි ද? නැන්දගෙ දුව ද? මහප්පගේ දුවගේ දුව ද? හික් හික්.. ඉතිරි ටිකත් බලමුකෝ..

ලහිරු said...

එහෙනම් දැන් මේ දවස්වල කොල්ලගෙ පපුව ඩිග් ඩිග් ගගා \ඇතිනේද? සංතෝසයි ඈ...

සිතුවිලි දැහැන said...

ඔන්න සිතක සංකල්පනා බලන්න මමත් ආවා මේ පැත්ත‍ට..ඇත්තටම කවුද මේ ආව ලස්සන කෙනා අයියේ..ඉතුරු කොටසත් ඉක්මනට දාන්නකෝ....

සිහින සිත්තම් said...

මමත් හිතුවෙ ‍මධූ ලස්සන අයිඩියා එකක් කියලා.කවුද දන්නෙ ඔයාගෙ සිදුවීමක් කියලා...ලස්සනම හරියෙන් නැවැත්තුවටනම් ඔන්න තරහයි..ඔය තරම්ම කුතුහලයක් දෙන්න ඔට්ටු නෑ ..

අග්නි ධාරා... said...

ඉටිරි කෙටසට් ඉක්කන්ත ඩාන්ඩෝ........

ප්‍රාර්ථනා said...

මේ නම් අපේ අයියගේ කථාවක්ම තමා.... බලමුකො වෙන දේ...:D

තරුවා said...

මේ සුවර් නේද ඔය ආවෙ ඒ ගෑල්ලමයම කියලා...කියන්න බෑනෙ නංගි පෙන්නල නැන්ද දුන්නොත් එහෙම...කාල වරෙංකෝ....

වර්ණා said...

අපොයි දිග වැදී වෙයි වගේනේ :/ මේ හෙන පොඩ්ඩක් ලියල කියනවා ඉතිරි ටික ලබන සතියෙලු. තරහා යනවා හරිය

....ජනියා.... said...

ඉළග කොටස දැම්ම ගමන් මන් ගෙස් කරන්නම් ඉතුරු ටික... :D (Y)

Malya Cruise said...

පලවෙනි පොස්ට් ඒකත් මේ දැන් කියව්වා.ඔය දේවල් ඔහොමම නොවෙන තැනුත් තියනවා.පත්තරේ දැන්වීම දැම්මට පස්සේ ඔන්න කෙල්ල ගැන කියලා ඊමේල් එකක් යවනවා.රිප්ලයි එකක් ලැබුනා.මම රිප්ලයි එකටම කැමති වුනා.එකේ තිබුනේ අපේ පුතා කැමති මේ මේ දේවල් වලට. මස් මාළු කනවා. ගෙදර පුසෙක් ඉන්නවා.මේ රස්සාව කරන්නේ.අවුට් ගොන් කැරැක්ටර් එකක්.පුතා නිවාඩු පාඩු වෙලාවට මේ මේ දේවල් කරන්නේ කියලා.ඉතින් ඔයගොල්ලොන්ගේ දුවට අපේ පුතා එක්ක ඉන්න පුළුවන් වෙයිද කියලා අහලා තිබුනා.ෆොටෝස් කිහිපයකුයි ෆේස්බුක් ප්‍රොෆයිල් එකයිත් එවලා තිබුනා. ඒ දෙමව්පියෝ තමන්ගේ පුතාගේ විදිහ කියලා තිබුනා වෙන ආටෝප වලට වඩා.එක වැදගත් මං හිතන්නේ ඔක්කොටොම වඩා. අනේ ඒ අසරනයාව අපේ අක්කි ලබා අවුරුද්දේ කසාද බඳීවී.පව් අසරණයා

ඉන්ද්‍රජිත් said...

අයියගෙ අත්දැකීමක්ද?

ක්සැන්ඩර් | Xander said...

*/ ඊට පස්සේ ඒ කොල්ලයි එයාගේ මලයයි පොරකකා ෆොටෝස් බැලුවට පස්සේ දෙන්නම හිතන්නේ අයියට හොයලා තියෙන්නේ මාර ලස්සන කෙල්ලෙක් ය කියලා. උන් දෙන්නම දන්නේ නෑ මේ ඉන්නේ ෆොටෝ සෝප් ගාපු කෙල්ලෙක් ය කියලා සහා මේ ප්‍රොෆයිල් එක කලින් මනාව සකස් කරන ලද ප්‍රොෆයිල් එකක් කියලා !!! /*

ඕක තමයි රජයේ අවවාදය දීල තියෙන්නේ, තෝරපු පොල් වලට වඩා තෝරා ගන්න පොල් හොඳයි කියලා..

පුබුදු said...

බයය් බයය් හැබය් කතාව එල වගේ ඊලග එකත ඉක්මනට දාන්නකෝ

පැතුම් [සිතුම් පැතුම්] said...

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වලු.

අඩවි රජ said...

බලමු අනිකත්... අයියා එලිපිට විනාශ වෙන හැටි.. :-)

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

රවින් said...

භයානක කතාවක මූලාරම්භය දෝ????

SULAGA TEAM said...

එහෙම හොදද ඉතින්

malmi said...

කේක් කෑල්ලම ලැබුනොත් හොදයි කේක් ඔතන කොලේ නැතිව නේද? ඒකත් ජය සිරි මංගලම් කිව්වලු

ela kollek said...

අඩෝ සුබ මන්ගලම්!!!!!!

මධුරංග said...

@මඩිස්සලේ නිශාන් :
ඉතුරු කොටසත් බලලා ඉමුකෝ !!

@Hasitha :
ඔක්කොම දේවල් ඒකේ තියෙනවා !

@ගැමියාගේ පත් ඉරුව :
කේක් කෑල්ලක් !!! කේක් ඕන් නම් අරන් දෙන්නම්. මේකට කේක් කන්ඩ වෙන්නේ නෑ. :)

@නදී :
කෙල්ල හොදයි. චාම්, තැන්පත් කෙල්ලෙක් !!

මධුරංග said...

@ගිනි කුරුල්ලා :
ඒක ඊලඟ පෝස්ට් එකෙන් ! :)

@සයුරි :
මොනවයින් අඩුද නෙහ්. හික්ස් :)

@prasanna86k :
වෙලාව තියෙන්ඩ එපැයි අප්පා !!!

@රොබින් :
එහෙම සීන් එකක් ද දන්නේ නෑ

මධුරංග said...

@කිරිපුතා :
ඒක තමා..... සෑහෙන කාලෙකින් !

@බට්ටි :
ඔවු... දූ ට වැඩිය ගොඩාක් වයසයි !! දූ දන්නවා නෙහ් :)

@දයානන්ද රත්නායක :
ඉදිරිය පැහැදිලි නෑ. :)

@sAm (සෑම්) :
නෑ මචං... ඒ කාලේ පණ වගේ ආදරේ කරපු කෙල්ලෙක් හිටියා. අවුරුදු තුනකට පස්සේ ඒ සම්බන්ධය බලෙන්ම වගේ නවත්තන්න උනා.

මධුරංග said...

@නිම්ශා :
ඒ කාලෙට කියන්නම්කෝ. :)

@Dinesh :
නොප්... බිලිව් මී. ඉට්z ඇන් ඉෂු ඉන් ද මදර්බෝඩ් !!!
හික්ස් :)

@වින්චැට් කිරිල්ලි. :
යනවා යන්ඩ ! පච කිරිල්ලි !!! සෝ සෝ සෝ !!!

@අසරණයා :
හරියට හරි !!!

මධුරංග said...

@සරත් ලංකාප්‍රිය :
ජයියා හරි ජයියේ !!! :)

@Podi Kumarihami :
ඔය ප්‍රශ්න දෙකම ක්‍රකික්‍රව මඟ හරිමි !!!

@nawammawatha :
සහතික ඇත්ත !! හරියට හරි !!

@රාජ් :
නෑ අප්පා... දිග වැඩි උනාමත් කියවන කට්ටියට කරදරයි නේ !!!

මධුරංග said...

@රූ.... :
හික්ස් :)
ඔවු ..කෙටි විරාමයක් සදහා පාලක මැදිරියට ගියා !

@නිසුපා :
තාම නෑ... තාම නෑ...

@Pathum Herath :
ඉතුරු ටික බලලා වැඩකුත් නෑ.... :(

@ලහිරු :
හික්ස් :)
තමන්ගේ අත්දැකීම්ද මන්දා !!

මධුරංග said...

@සිතුවිලි දැහැන :
අනිවාර්යෙන්ම ඉක්මනට ලියන්නම්.
ජය වේවා !!!
මගේ අඩවියට සාදරයෙන් පිලිගන්නවා !!!

@සිහින සිත්තම් :
ඊලඟ පෝස්ට් එකෙන් කුතුහලය නැත්තටම නැති වෙලා යයි !!

@අග්නි ධාරා... :
ඔයාගේ කමෙන්ට් එක කියවලා මගේ දිවේ කෑලිත් නෑ.

@ප්‍රාර්ථනා :
බලමු බලමු !!!

මධුරංග said...

@තරුවා :
ඒක සුවර් සුවර් !!

@වර්ණා :
නෑ නෑ ඉක්මනටම ලියනවා !!

@....ජනියා.... :
ඔන්න එහෙනම් ගෙස් කරන්ඩ කාලේ හරි !

@Malya Cruise :
ඔහොම වාසනාවක් මට නම් නෑ...

මධුරංග said...

@ඉන්ද්‍රජිත් :
යෙශ් !

@ක්සැන්ඩර් | Xander :
තෝරපු පොල් ගෙඩිය හරි ගියේ නෑ අප්පා !!!

@පුබුදු :
හරි හරි ඉක්මනටම ලියන්නම් !!!

@පැතුම් [සිතුම් පැතුම්] :
එච්චර වෙලා ඇහැරන් ඉන්ඩ අමාරුයි !!!

මධුරංග said...

@අඩවි රජ :
රජා උනත් බලන්නේ අපට කෙල වෙනකන් වෙන්ඩෑ.. හික්ස් :)

@රවින් :
අම්බෝ නෑ...

@SULAGA TEAM :
එහෙනම් කොහොමද !!

@malmi :
කේක් කෑල්ලම ද දන්නේ නෑ දුන්නේ !!

@ela kollek :
මංගලම් කියන්ඩ බෑ බොල !!!!

පැන්ඩා said...

මොකද්ද බන් අදාල තැන සීන් එක..සාමන්‍යයෙන් කෙල්ලගෙ ගෙදරටම නේද යන්නෙ,..ඇයි බන් ගෙවල් දොරවල් එහෙම බලාගන්නටත් ඕනි නෙ කොල්ලගෙ දෙමාපියන්ට..ඊටපස්සෙ ෆැබ් එකෙන් ගෙනාපු කෙක් එකක් කන්ට දෙනව මේ අපේ දුව හැදුව කියල..බත් කන ටයිම් දැන් හුගක් වෙලාවට සෙට් කරන්නෙ නැනෙ..තේ ටයිම් එකකට තමා එන්න කියන්නෙ..

Anonymous said...

You have posted a fantastic site.
Also see my webpage :: Event dj adelaide

කමෙන්ට් එකක් දාලම යමුද ??

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.