06 September 2011
අදින් ඉවරයි....
පහුගිය දවස් ටිකේම මහන්සි උනේ මගේ අන්තිම විභාගේ ගොඩ දාගන්න. ඔන්න ඒකත් අදින් ඉවරයි. ඒක මතක් වෙනකොට හිතට ලොකු සැනසීමක් දැනෙන්නේ. මොකද පාඩම් කරන එක විභාග කරන එක කියන්නේ එපාම වෙන වැඩක්.වෙන විභාග වගේම අන්තිම විභාගෙත් පුලුවන් උපරිමයෙන් ගොඩ දාගන්න මහන්සි උනා. මගේ අන්තිම සටනට සුබ පතපු හැමදෙනාටම ස්තුතියි.
ඒ උනාට වෙනදා වගේ විභාගයක් ඉවර උනාම තියෙන සතුට මේ විභාගේ ඉවර උන දවසේ නෑ. ඒකට හේතුව තමයි මේ විභාගෙන් පස්සේ මගේ අවුරුදු හතරක (4ක් කිව්වට හතරාමාරක් !!!!) විශ්ව විද්‍යාල ජීවිතයත් ඉවර වෙනවා. ඒක ගැන මතක් වෙනකොටත් මාරම දුකයි.
අවුරුදු දහතුනක් ඉස්කෝලේ ගිහින් තව අවුරුදු 4ක් කැම්පස් එකේ ඉගෙන ගත්ත කාලේ වගේ සුන්දර කාලයක් නම් ආයේ එන එකක් නැති වෙයි.
දැන් ඉතින් පෑන පැත්තකින් තියන්න කාලේ හරි !!!!
කැම්පස් ආපුම අලුත නම් හිතුනේ මේ අවුරුදු හතර ඉක්මනටම ගෙවෙනවනම් ඒකත් ලොකු දෙයක් කියලා. මොකද ගෙදරින් පිට ඉදලා හොස්ටල් කෑම කකා ඉගෙන ගන්නවා කියන එක හිතන තරම් සුන්දර එකක් නෙමේ.නමුත් ටික කාලයක් ගතවෙනකොට මේ පරිසරයට ඉබේම වගේ අනුගත උනා. මේ පරිසරයට මේ ගොඩනැගිලි වලට ආදරේ කරන්න ගත්තා. (ගෑනු ළමයින්ටත් ආදරෙයි තමා.)
කොටින්ම කාලයක් ගතවෙනකොට පේරාදෙණි හුළඟත් සැපයි කියලා හිතෙන තරම් මේ පරිසරයට මේ කැම්පස් ජීවිතයට ආස කලා. !!!
ලෙක්චර්ස් ගියපු ලෙක්චර් වල නිදා ගනිපු එකට පිස්සු කෙලපු මේ වගේ කාලයක් ආයේ නම් එයි කියලා මම නම් හිතන්නේ නෑ. ඒ තරමටම ගෙවිච්ච කාලය සුන්දරයි.අවුරුද්ද මුලදි සදරු මල්ලි කියපු විදිහට අනිත් අවුරුදු වලට වඩා මේ අවුරුද්ද ගොඩක් මතකයේ තියේවි.මොකද ඒ තරමටම පිස්සු වැඩ කලා.
වෙනදා වගේම හොස්ටල් එකේ කාමරේ ජනේලේ ඇරපු ගමන් මීදුම් වලාවකින් වැහිච්ච හන්තාන මගේ ඇස් ඉදිරියේ මවපු චිත්‍රය නම් ආයේ අමතක වෙන එකක් නෑ. ඔක්කෝටමත් එක්ක බලාගන්න කියලා මම් ෆොටෝත් ගත්තා. මීදුමෙන් වැහුනට පස්සේ හන්තාන පේන්නේ නැති හන්දා මම් දවල් වෙලාවක තමයි මේ ෆොටෝ ටික ගත්තේ.
(ඔය පැත්තකින් පේන්නේ කාමරේ කැඩිච්ච ජනේලේ.)
කියන්න නම් ගොඩක් දේවල් තිබුනට මේ පෝස්ට් එක ගොඩක් දිග එකක් වෙන නිසා මම් මේ ලිපිය මෙතනින් නිමා කරනවා.
නමදිමු බැති පෙමිනි...
පේරාදෙණි සරසවි ජනනි....
අපේ සරසවි ගීතය ඩවුන්ලෝඩ් කරගන්න මෙතන ක්ලික් කරන්න.
සංකල්පනා RSS සබැඳිය :
Post Comments (Atom)
කොහොමත් අපේ අඩවිය ලස්සනයි මධූ පේනවනෙ...ඔය කැම්පස් එක පැත්තෙ තියෙන රොබරෝසියා මල් වලට ආස නැද්ද ?
ReplyDeleteඅපේ ගේ ( මගෙ නෙමේ මිනූ නංගලාගෙ ගේ - මම ඉන්නෙ එහෙන ) එක පැත්තකින් තියෙන්නෙ හන්තාන..අනිත් පැත්තෙන් අම්බුළුවාව....හිතාගන්නකො මොන තරමක් ලස්සන ඇතිද කියලා වට පිටාව....
මගේ බ්ලොගේත් මෙහෙම ලිපියක් ලියවේවි මේ මාසේ අන්තිමට..මතක් වෙනකොටත් දුකයි :(
ReplyDeleteදුකයි තමයි. ඒත් ජීවිතේ කියන්නේ ඒකටනේ. ඔහොම යනකොට අම්මා තාත්තාගේ සෙවනෙන් නික්මෙන කාලයත් ලංවේවි. පුංචි කාලේ ඉදලා බලනකොට ඔයවගේ දේවල් අපේ ජීවිතවල කොයිතරම් නම් වෙන්න ඇතිද නේද?
ReplyDeleteමධුරංග අය්යේ ඇත්තටම ඔයා ඒක කියනකොට මටත් ඒ හැගිම හිතට දැනුනා.. ඒහෙම දේවල් ඇත්තටම දරාගන්න අමාරු උනත් ආයේ ඉස්සරහටත් ඒ වගේ ඒවම එනවා ජිවිතේ.. දැන් නම් මට ඒක පුරුදු වෙලා.. දැන් ඉතින් ආයේ වෙනදා වගේම බ්ලොග් එක පුරවමු නේද අය්යේ
ReplyDeleteමමත් මගේ සහෝදරියක් එක්ක පේරාදෙනිය කැම්පස් එකට ගියා හරිම සුන්දරයි වටපිටාව ,,කියල වැඩක් නැහැ ...හරිම සුන්දර පරිසරයක් තියෙන්නේ ...
ReplyDeleteමගේ බ්ලොගේ මීට වඩා ගොඩක් වෙනස් දෙයක් ලියවේවි ලබන මාසේ මුල... ඔයාල යද්දී අපි එනවා... තව අවුරුදු හතරකින් විතර මේ වගේම එකක් ලියවේවි
ReplyDeleteඅපොයි මට ඕක කියන්න ඉතිං 2013 අගෝස්තු වෙනකං ඉන්න වෙනවා.ඒකත් ඉතිං එක පාර ගොඩ ගියොත් තමයි...........
ReplyDeleteමටත් මතක් උනා අපි අවසාන විභාගේ ලිව්ව හැටි.විභාගේ ලියලා කැම්පස් ගේට්ටුව ගාවට තනියම ඇවිදගන ආපු හැටි.කල්පනා කර කර එද්දි පපුව හිර උනා වගේ දැනුනා,අවුරුදු 4ක අවසානය අදනේ කියල.
ReplyDeleteමම් ඔයාට සින්දුවක් දැම්මා මූනුපොතේ බලන්න.
ඉස්සරහට එතකොට මලයගේ වෘත්තිය මොකක්ද, අපිට මලයව දිගටම ආශ්‍රය කරන්න පුලුවන්ද .........
ReplyDeleteඅනාගතේ ගැන කෙටි විස්තරයක් කලොත් ...........
ෆොටෝ ටිකයි පෝස්ට් එකයි මාර සීතලයි බං මමත් කාලයක් මුල් ගම්පොල හරියේ නතර වෙලා හිටියා මම හරිම ආසයි ඔය නුවර තියන මුරුගසං දේසගුනේට ..
ReplyDeleteමහ නුවර අහස හරියට අකීකරු කෙල්ලෙකුගේ හිතක් වගේ ..! වෙනස් වෙනවා හිතාගන්න බැරි තරම් ඉක්මනට
හ්ම්ම්ම්.... මට ගෙදර මතක් උනා.. මගේ ගෙදර තියෙන්නේ ගෙලිඔයේ.. කැම්පස් එකට විනාඩි 10 දුරෙන්. හන්තානේ කන්දයි අම්බුළුවාව කඳු නුවරඑලිය කඳු වගේම සිරිපදෙත් අපේ ගෙදරට ලස්සනට පේනවා. උදේම මගේ කාමරෙන් එලියට ඇවිත් බැලුවම පේන දර්ශනෙත් මේවාගෙමයි...
ReplyDeleteමට කැම්පස් යන්න ළකුණු මදි උනා.. දෙවෙනි පාරක් නොකර පිටරට ආපු එක වෙලාවකට මෝඩකම්ක් කියලත් හිතෙනවා.. ඒත් දැන් ගිය දේ ගියා.. කොහොම උනත් ඉස්කෝලෙදි කැම්පස් එකේදී අපේ හිත් වලට එකතු වෙන මතක කවදාවත් අමතක වෙන්නේ නෑ..
ReplyDeleteදැන් අයියා කැම්පස් අවුට් වෙලා මොකද කරන්න හිතන් ඉන්නේ.. අපිට දිගටම මෙහෙම හමු වෙන්න පුළුවන්ද??
හ්ම්ම්.... මධුරංග අයියා ලියලා තියෙන දේ අපි හැමෝටම පොදුයි... තමන් කාලයක් ඉගෙන ගත්ත තැන දාලා ඒ නිදහස් ජීචිතේට සමුදෙන්න වෙනකොට ගොඩක් දුක හිතෙනවා.
ReplyDeleteප.ලි - මමත් පේරාදෙණිය සරසවියට, අම්බුළුවාව, හන්තානේ ඇවිත් තියෙනවා... කියන්න වචන නෑ ඒ සුන්දර පරිසරය ගැන නම්...
හන්තානට පායන සඳ
ReplyDeleteලස්සනයිද බලන්න
මා නොදකින ඒ පුරහඳ
ඔබට හැකිය දකින්න..
මම ආසම සරසවිය පේරාදෙණිය...තමන් ආදරේ කල පරිසරයකින් ඈත්වෙන එක හරිම වේදනවක් තමයි...අත්දැකීම්..
අමතක කරන්න බැරි මතකයන්... සමූහයක් එක්කනෙ අපි මෙතනින් ඈත් වෙන්නේ....
මට මේ ලඟදි හිතවත් බ්ලොග් කරුවෙක් කියපු අවංක අදහසක් මතක් වුනා...
ReplyDeleteමචං මට කැම්පස් යන්න බැරිවුනා කියල කිසිම දුකක් නෑ... මම මට ආස දෙයක් ඉගෙනගෙන සාර්ථක ජීවිතයක් ගොඩනගාගෙන තියෙනව... ඒත් පේරාදෙනිය කැම්පස් එක වගේ සුන්දර පරිසරයක අවුරුදු කීපයක් ගතකරන්න නොලැබිච්ච් එක ගැන අදටත් දුකයි... කියල
ජීවිතේ ඉතින් ඔහොම තමයි. ඊලඟට වෙන්නේ මොනවද ඔයාගේ හිත එතනටත් ඔය වගේම තදින් බැඳෙයි.
ReplyDeleteහරියටම එක කෙල්ලෙකුට බැඳුනු ආදරේ නැතිවෙලා අලුත් කෙල්ලෙකුට ආදරේ කරනවා වගේ. ලස්සන මතක ඉතුරුවෙයි. වේදනාව අමතක වෙයි...:)
මොනවා උනත්, විභාගේ ඉවරයක් කරගත්ත එක ලොකු දෙයක්.
අර ගත්තු පින්තූර ලඟ කවුරු හරි හිටගන හිටියා නම් තමා තවත් ලස්සන...:D:D:D
අඩෝ මල්ලියා.. මේක කියවල මටත් හෙන දුකක් බන් දැනුණෙ. දැන් ඉතින් උඹට ජොබ කරන්න කොළඹ එන්නම වෙනවනෙ.
ReplyDeleteආපු වෙලාවක කෝල් එකක් දීපන්.
හිතට දුකයි තමයි අයියේ,අපි ගියාම තව කට්ටියක් එතනට එන්නත් ඕන නේ අයියේ :)
ReplyDeleteඅයියාගේ ඉදිරි අනාගතය සාර්ථක වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා :)
හෙන දුකකින් වගේ ඉන්නේ...!
ReplyDeleteකරන්න දෙයක් නෑ නෙ බං. සෑම හමුවිමක්ම අවසන් වෙන්නේ වෙන් වීමකින් කියනවනේ. ජිවිතේ එහෙම තමයි ඉතින්.
ReplyDelete"දැන් ඉතින් පෑන පැත්තකින් තියන්න කාලේ හරි !!!!"
ඇයි බං උඹ ජොබ් එක කරනකොට පෑන් අල්ලන්නෙ නැද්ද? :D
උඹලගෙ හොස්ටල් ගැන නම් මට ඉරිසියයි බං.
තව දවස් දෙකායි ...... මැරෙන්න වෙන දවස් දෙකාක්......
ReplyDeleteඅපි හැමෝම සිහින මැව්වෙ පේරාදෙණි යන්න. ඒත් අවාසනාවට මොරටුවට එන්න උනා. මොනා උනත් කැම්පස් ජීවිතේ ඉවරයි කියන්නෙ මහම මහ හිස් හැඟීමක්. ඕක වැඩි වෙන්නෙ කොන්වකේෂන් එකෙන් පස්සෙ.
ReplyDelete@දිල් :
ReplyDeleteකම්පස් එකේ තියෙන මොන දේටද අක්කා ආස නැත්තේ. හමදෙයක්ම මරු. අක්කලාගේ පැත්ත නම් ශෝක් !!!!
ආයේ එන්න තරම් අස හිතෙනවා.
@deeps :
ඒකනේ ඩීප්ස්. මතක් වෙනකොටත් දුකයි.
ආහ්... ඔයාලටත් ලඟදි එග්සෑම් නේ.
@malmi :
අපේ අම්මත් ඔය ටිකම කාලෙකට කලින් කියලා තියෙනවා.
මට ඒක මතක් උනා. මෙන්න මේ තියෙන්නේ ඒ කතාව.
@දේවා ගේ අඩවිය :
ReplyDeleteඅනිවාර්යෙන්ම බ්ලොග් එක නම් පාලුවට යන්න දෙන්නේ නෑ. ඒක පාලුවට ගියත් කට්ටියට දාන කමෙන්ට් නම් අඩු කරන්නේ නෑ.
@Sanjaya සිතුවිලි :
ඒකනේ. මේ සුන්දර වටපිටාව දාලා කොහොම යන්නද.
@MaRLaN :
මල්ලිට දෙන්න තියෙන එකම උපදෙස තමයි පුලුවන් උපරිමයෙන් ෆන් ගනින්. ඒ වගේම එග්සෑම් ටිකත් ගොඩ දාගන්න. මොකද මෙහෙම පරිසරයක ඉන්නවා වගේම ඒ දෙවලුත් කරන්න ඕනේ.
පස්සේ කාලෙක පාඩම් කරපු දේවල් නම් මතක් වෙන්නේ නෑ. නමුත් ගත්ත ෆන් කරපු පිස්සු වැඩ නම් මතකයේ තියේවි හැමදාටම.
@දිනුක ජයකොඩි :
ReplyDeleteබලහන්කෝ !!!! එදාට ඔය අපොයි කියලා නම් කියවෙන එකක් නෑ.
මාරම අවුරුදු හතරක් !!!!
@නදී :
අක්කා එහෙනම් එදා අඬලා. අක්කා අඬලා මගෙන් අහනවා අඬුවද කියලා. අනේ බොල !!!!
අක්කලාගේ කැම්පස් එකත් නියමයි. සීතල දේශගුණයක් තියෙන්නේ.
@පන්සල් හංදිය :
අඩේ ඒ කියන්නේ මෙච්චර කාලයක් ආශ්‍රය කරපු අය මාව දාලා යන්න යනවද.
ඉස්සරහට නම් මාව දකින්න වෙන්නේ මෘදුකාංග ඉංජිනේරුවෙක් හැටියට. ඒ උනාට අර පරණ පිස්සු කොල්ලා එහෙම්මම ඉදිවී.
@හිස් අහස :
ReplyDeleteමාත් මේ පෝස්ට් එක ලිව්වේ ජර්සි අයිස් කප් එහෙමත් දාගෙන.
අර කිව්වත් වගේ දේශගුණය නම් විඩෙන් විඩේ වෙනස් වෙනවා. ඒක තමා මෙහෙ තියෙන ලස්සන තවත් වැඩි කරන්නේ.
@ක්සැන්ඩර් | Xander :
ගෙලිඔය පැත්ත නම් ටිකක් දන්නවා. වෙලාවක ඉතින් එන්න බැරුව යෑ. අයියලාගේ පැත්ත නම් පට්ට. මට මේ දේශගුණය හොදට හිතට අල්ලලා ගියා
@Dinesh :
පරණ දේවල් ගන දුක් වෙලා වැඩක් නෑ මල්ලි. ජීවිතය ආපස්සට හරවන්න බෑ. ඒක දිගටම යනවා මිසක්.
ඔවු දිගටම බ්ලොග් එකේ පෝස්ට් වලින් හම්බ වෙන්න පුලුවන්. අනිවා මම් බ්ලොග් නම් ලියනවා. ඉස්සරහට මම් මෘදුකාංග ඉංජිනේරුවෙක් හැටියට දකින්න ලැබෙයි.
@විසිතුරු :
ReplyDeleteඒකනේ මල්ලි. මේ ලෝකයත් එකම එක නවාතනක් වගේ. කවදහරි ඒකත් දාලා යන්න වෙනවා.
අපරාදේ එන දවසක් කියලා තිබ්බනම් සෙට් වෙන්නත් තිබ්බා.
@Gimhani :
ඒක හරි ගිම්හානි. අපි ආදරේ කරන දේකින් වෙන්වෙන එක ලොකු දුකක්. මොන දේ කලත් අන්තිමට ඉතුරු වෙන්නේ මතකයන් ගොඩක් විතරයි.
@සපතේරු උන්නැහේ :
නියම අදහසක් !!!!
කවුද අයියා එහෙම පෝස්ට් එකක් දම්මේ ? ලින්ක් එකක්වත් දෙන්න තියෙනවා නම්....
@Podi Kumarihami :
ReplyDeleteකෙල්ලෝ ගැන කිව්ව කතාව නම් හරි අක්කේ.
අර කිව්වත් වගේ අක්කා කියන එක හරි. මේ දෙයින් මිදිලා ගිහින් තව දෙයකට බැඳෙයි.
මම් තනියම ෆොටෝ ගහපු නිසා මාවම ගන්න බැරි උනා.
@පැණි දොඩම් :
අනිවාර්යෙන්ම අයියා. අපි කොළඹදි සෙට් වෙයි.
@ChammA :
ඒකනේ අපි යනකන් තව කට්ටියක් එන්න බලාගෙන ඉන්නවා. ඔය මලන් මල්ලිත් බලාගෙන හිටියේ අපි යනකන් නේ. ඔන්න මාලන් මල්ලි අපි ගියා.
ස්තුතියි චම්මා මල්ලි සුබ පැතුම් වලට !!!
@prasanna86k :
ReplyDeleteහෙනම දුකෙන් තමා අයියේ ලිව්වේ.
@Kasun :
නෑ නේ මචං. ජොබ් එක කරන්නේ කම්පියුටර් එකකනේ. ඒ නිසා ලියන්න නම් වෙන්නෙම නැති වෙයි.
අපේ හොස්ටල් ටික නම් පට්ට. තියෙන පැතිත් මරු. ඒ වගේම කාමරත් එල.
@හරී :
අඩේ උබලටත් ෆයිනල් ද !!!!
එහෙනම් ඒකත් ගොඩ දාගන්න. මම් සුබ පතනවා.
ගොඩ දෙනෙක් අවුට් වෙන අවුරුද්දක් වගේ මේක. හික්ස් :)
@ මධුරංග මල්ලී..
ReplyDeleteඒක පෝස්ට් එකක් නෙමෙයි... දුකට බර බ්ලොග් කරුවෙක් මේ පහුගිය දවසක මුන ගැහුනු වෙලාවක කතාකර කර ඉන්න ගමන් කියපු අදහසක්...
@ පැනි දොඩම්..
මචෝ එහෙම කියන්න එපා ඒ කාලෙ ඉඳන් ඔක්කොමල රස්සාවට කොළඹ ආවනම් ගල විදින්නෙ කවුද... :D
පස්සේ තව තේරේවි.. කල් යනකොට තවත් තේරේවි. අන්තිමට තලු මර මර රස විඳින්න වෙන්නේ ඔය ගත කල අතීතය තමයි.. දැන් අපිට වගේ..
ReplyDeleteකිව්වට තරහ වෙන්න එපා මට නං ඔය මීදුම පෙන්නන්න බෑ. නහය කුචි කැවිල කිඹුහිම් යන්න ගන්නව හිටු කියල. පීනසේ මං මට !
ReplyDeleteසුභ පැතුම් යාළුවා.... දුක තමා ඉතිං මොනා කරන්නද... පිංතූර ටිකනං එළ..
ReplyDeleteදුකයි......ඒත් ඕක ඔයාට විතරක්ම නෙමේ....අපි හැමෝටම උරුමයි....වෙන්වීම හමුවීම වගේ සුන්දර නෑනේ යාලු...
ReplyDeleteඕව ඔහොම තමයි, මොනවා කරන්නද, මං නං ඉන්ටා ජොබත් එපා කියලා විභාගේ ඉවරවෙලා ඊලඟ සතියෙම වෙන ජොබකට ගියා සේරම උඩු හිතෙන් අමතක කරලා!
ReplyDeleteජයවේවා.
ඔව් බන් මේවගේ සුන්දර කාලයක් ආයෙ ජීවිතේට ලැබෙන එකක් නෑ තමයි... මගෙත් මේ අන්තිම අවුරුද්ද තව මාස 2ක් විතර තමයි අපට තියෙන්නෙ...
ReplyDeleteමටත් මගේ දෛවයේ හැටියට කැම්පස් සිහිනය ඉටු කරගන්න බැරි උනා. පස්සෙ කාලෙක ලංකාවෙ ප්‍රකට නාට්ටි කණ්ඩායම් එක්ක ලංකාවෙ තියෙන හැම කැම්පස් එකකටම යන්න පුළුවන් උනා. ඒ වෙලාවල්වලදි මට සැබෑ කරගන්න බැරි උන හීනය හිත පතුලේ ඉඳන් හැමදාම වද දුන්නා.....!
ReplyDeleteඉදිරි ජීවිතේත් හැම අතින්ම ගොඩදාගන්න ලැබෙන්න ඕනි මලයො දෙයියන්ගෙ පිහිටෙන්...
ReplyDeleteදැන් තමයි අයියෙ ගේම පටන් ගන්නෙ.... රස්සාවල් හොයන්න දුවන්න වෙනව... පරස්සාවල් හොයන්න දුවනව.. නේද???
ReplyDeleteඅපිටත් තව අවුරුද්දකින් ඔහොම ලියන්න වේවි!!!! මතක් වෙනකොටත් දුකයි. තාම Exam ඉවර නෑ..
සුභ අනාගතයක් ප්‍රර්ථනා කරනව...
@පිණිබිඳු... :
ReplyDeleteඒක හරි පිණිබිඳු. කොන්වකේෂන් දවසට නම් ගොඩක්ම මේ හැඟිම දැනෙයි. ඔයා ඉතින් ඒක අත්විඳලා තියෙනවනේ.
@සපතේරු උන්නැහේ :
මම් හිතුවා කවුරුහරි බ්ලොග් පෝස්ට් එකක කියපු දෙයක් කියලා.
@සරත් ලංකාප්‍රිය :
අයියත් මීට ටික කාලයකට කලින් ලියපු පෝස්ට් එකේත් තිබ්බේ ඔහොම හඟීමක් තමා. මම් ඒක ආසාවෙන් කියෙව්වා. අනිවාර්යෙන්ම ඉතුරු වෙන්නේ මතක පොදිය විතරයි.
@nawammawatha :
ReplyDeleteමටත් මුලදි නම් ඔහොම උනා. පස්සේ මේ දේශගුණයට හුරු උනා. රස්නේ දේශගුණය වගේ නෙමෙයි මේක. මේක මරු දේශගුණයක් !!!!
@සනා :
මොනා කරන්නද. ඔන්න දනා නම් තව ටික කාලයක් ඉන්නවයි කියලා කියන්නේ.
@අසනි :
ඒක වෙන්ටෑ අර සිංදුවකිනුත් කියන්නේ එදා සෙනෙහෙන් නොබැදුනා නම් මෙදා වියොවක් නෑ කියලා.
පියයෙහි විප්පයෝගෝ දුඛ්ඛෝ කියලා කියනවනේ.
@කතන්දර Kathandara :
ReplyDeleteඉන්ටා ඉදලා වැඩක් තියෙනවා යෑ අයියේ අදුරන යාලුවෝ එහෙම නැතිකොට.ඔන්න බැච් එකේ කොල්ලෝ එහෙම ගොඩක් ඉන්නවා නම් ඉන්ටා ජොබ් එක නියමයි.
@ප්‍රසංග :
මම් කිව්වේ !!! මම් කිව්වේ !!!
කට්ටිය ගොඩක් අවුට් වෙන කාලයක් මේක. මොනා කරන්නද ඉතින්.
@දුමී :
එහෙම නම් දුමී අයියා පේරාදෙණි වලේත් නාට්ටි කණ්ඩායමත් එක්ක එන්න ඇති. ඒ කාලේ නම් අපි කැම්පස් නෑ.
@``` Outsider``` :
ReplyDeleteගොඩක් ස්තුතියි අයියා සුබ පැතුම් වලට.
@කේෂාන් De சில்வா :
රස්සාවක් හොයලා ඒක ලැබුන ගමන් අපේ අම්මා දුවයි මට පරස්තාවක් හොයාගෙන. අම්මෝ එතකොට තමයි ජීවන සටන පටන් ගන්නේ.
මල්ලි එහෙනම් හොදින් එග්සෑම් එක කරන්න !!!!
මගෙන් සුබ පැතුම් ඔයාටයි තාරාටයි පැන්ඩටයි.
(මම් දන්නේ ඔච්චරයි නේ.)
ඔව් සෑහෙන වාරයක් වලට ඇවිල්ල තියෙනවා. මම වාදනයෙන් සම්භන්ධ උන නාට්ටිත් එක්ක. ඒවා අතර, දෝණකතරිනා, දෝර්දණ්ඩා, බරණිය, ඇන්ටිගනී, එව බලව වගේ නාට්ටි. මේ කියන්නේ 1995 - 2000 අතර කාලේ.
ReplyDeleteඅහ්....... අයියා විභාගේ හොදටම කරාද?? කොහොමද? අයියාගෙ අනාගතේට මගෙන් සුභ පැතුම්...!!!!!
ReplyDeleteෂා.... හරිම ලස්සනයි අයියේ... ඔය ෆොටෝ එක දැක්කහම මාරම ආසයි.. මමත් ඇවිත් තියන්වා අම්බුළුවාවෙ එහෙම... මාර ලස්සන පරිසරය. කැම්පස් එක දැකල තියන්වා.. ඒත් වැස්සටවත් අපිට ඕවට යන්න පිං නැත..;)
@දුමී :
ReplyDeleteඔය කාලේ වෙනකොට නම් මම් කැම්පස් එන්නම හිතලා නෑ. අටේ පංතියේ නැත්නම් නමේ පංතියේ වෙන්න ඕනා.
@හිතුවක්කාරි :
විභගේ හොදටම කලා. සුබ පැතුම් වලට ගොඩක් ස්තුතියි නංගි. අම්බුලුවාවේ මාත් ගිහින් තියෙනවා. එහෙත් ලස්සනයි මෙහෙත් ලස්සනයි.
කරන්න දෙයක් නෑ මධුරංග අයියේ. මමත් උත්සාහ කරනවා පේරාදෙණි සරසවියට පියනගන්න. ඔයාට සැමදාමත් ජය පතනවා!
ReplyDelete