01 August 2011

ගෑනු සහ කැරපොත්තෝ

එදා ගොඩක් වැඩ තිබ්බ දවසක්. සාමන්‍යයෙන් නම් 6.30 වෙද්දි වැඩ ඉවර වෙනවා. එදා 8.30 වෙද්දිත් වැඩ ඉවර වෙලා තිබ්බේ නෑ. මොනා කරන්නද දවසම ඔෆිස් එකට වෙලා ඉන්න කියලා යෑ.එතන වැඩ කරපු ගොඩක් කට්ටිය ගෙදර ගිහින්. හිටියේ මමයි තව කිහිපදෙනෙකුයි විතරයි.

මම කම්පියුටරය ඕෆ් කරලා බෑග් එක අරගෙන ගෙදර එන්න හදනවත් එක්කම අපේ ප්‍රධාන තාක්ෂණික නිලධාරිනිය වොෂ් රූම් එකේ ඉදලා කෑගහගෙන එලියට පැන්නා. කොච්චර බයවෙලාද කියනවනම් කොරිඩෝවේ හිටපු මාවත් තල්ලු කරගෙන එලියට පැන්නා. යන්තන් මගේ ඔලුව බිත්තියේ වැදිලා ෂේප් උනා. වැඩිය ආපදාවක් උනේ නෑ.

ඊට පස්සේ කඩ්ඩෙන්ම මොනවද කිව්වා. උඩබිම බල බල හිටපු මට එච්චර මීටර් උනේ නෑ. කොහොමහරි යන්තමට තේරුනා වොෂ් රූම් එකේ මොකෙක් හරි ඉන්නවා කියලා. මම් හිතුවේ හොරෙක් ජනේලෙන්වත් ඇවිල්ලවත් ද කියලා. කොයිකටත් කියලා වොශ් රූම් එකේ දොර ඇරලා බැලුවා. ම්හු.... මොකෙක්වත් නෑ.

ඒ වෙනකොට බයවෙලා හිටපු මිස්ගේ බය අඩුවෙලා තිබුනා. එතකොට යන්තන් කැඩිච්ච සිංහලෙන් කිව්වා. වොශ් රූම් එකේ කැරපොත්තෙක් ඉන්නවාය කියලා.ඒ කැරපොත්තා කොමඩ් එකේ කැරකි කැරකි ඉන්නවා දැක්කා. මමත් ඉතින් උට නිදහසේ ඉන්න දීලා ගෙදර යන්න හැරුනා.

"අනේ එයාවත් අරගෙන යන්නකෝ !!!!!" ඒ මිස් කිව්වා. යකෝ !!! ගෙදර ඉන්න හතර දෙනාට අමතරව තව කැරපොත්තෙකුත් අරන් පලකෝ !!!!

"අනේ මිස්, අපේ අම්මා කියලා තියෙන්නේ තාම කවුරුවත් ගෙදෙට්ට ගේන්න එපාය කියලා." එහෙම කියන්න හිතුනට කිව්වේ නෑ.කිව්වනම් මගේ ට්‍රේනින් එකේ අවසාන දවත් එදාම වෙන්න තිබ්බා.කොහොමහරි මම මගේ සපත්තුවෙන් කැරපොත්තව වැහුවා. ඌ නිදහසේ අවසන් ගමන් ගියා. ආයෙත් ගෙදර යන්න හැරුනා. මට ඒ යන්න දුන්නෙත් නෑ.

"අනේ එයාව ඩස්පින් එකට දාලම යන්නකෝ !!!" මිස් ආයෙත් කිව්වා. මොනා කරන්නද ටොයිලැට් පේපර් එකකින් ඔතපු කැරපොත්තව ඩස්පින් එකේ මිහිදන් කරලා ගෙදර යන්න බස් හෝල්ට් එකට ආවා. යන්තම් අන්තිම බස් එකෙන් ගෙදර ආවා.

ගෙට ගොඩ උනා විතරයි "යකෝ උබ සිවිල් කලා නම් ඉවරයි. රෑට පාරවල් හදන්නේ නෑනේ. මෙච්චරවෙලා මොනවද බොල කලේ ? මම් කීපාරක්නම් බස් හෝල්ට් එකට ගියාද !!!" අපේ මල්ලි ගෝරනාඩු කරන්න ගත්තා.මම ඉතින් කරබාගෙන හිටියා.මූත් එක්ක වාද කරනවට වඩා හොදයි පොල්ලෙල්ලකින් කට උලාගන්න එක !!!

ඇත්තටම ගෑනු අය මෙච්චරම කැරපොත්තන්ට බය ඇයි ? මුන් අච්චර පොඩි කැරපොත්තන්ට තමයි බය. ඊට වඩා දස දහස්ගුණයක් විශාල අපිව තමයි කන්න හදන්නේ !!!!!

79 comments:

  1. මමත් නම් කැරපොත්තොන්ට එච්චරම ආස නෑ.එත් ඉතින් අවුලක් නෑ.මට පේන්නම බැරි ගෙම්බො.

    ReplyDelete
  2. එතකොට උඹ ගෑණියෙක්ගෙ කීම අහල අර අහිංසක සතාව මැරුවා.බලපන් කොයි තරම් පාපයක්ද කරගෙන තියෙන්නෙ.

    මම හිතන්නෙ බං අර අලිත් කටුස්සන්ට බයයි කියනවනෙ හොඬේ අස්සෙ යයි කියල.ඒ වගේ රෙද්ද අස්සෙ යයි කියල වෙන්නැති ඔච්චර බය.

    ReplyDelete
  3. මොකද කියන්නේ අපිත් කැරපොත්තෝ වෙලා කට්ටියව බය කරමුද..?

    ReplyDelete
  4. " ඇත්තටම ගෑනු අය මෙච්චරම කැරපොත්තන්ට බය ඇයි ? මුන් අච්චර පොඩි කැරපොත්තන්ට තමයි බය. ඊට වඩා දස දහස්ගුණයක් විශාල අපිව තමයි කන්න හදන්නේ !!!!! "

    ලොල්..ලොල්..ලොල්..ලොල්..... නෝ කමෙන්ට්ස් මධුරංග අයියා...දවසේ වාක්‍යය :D :D

    ReplyDelete
  5. අපෝ කියල වැඩක් නෑ මල්ලි මුන්ගේ සෝබන වැඩ. ඔය මහ ලොකු පොෂ් කියල හිතාගෙන ඉන්න ලොකු කට්ටිය හූනෙක් කැරපොත්තෙක් දැක්කොත් චීයා චීයා ගගා දුවන්නෙ හරියට සුනඛ කක්කා ගොඩක් පෑගුනා වගේ. හැබැයි බැදපු මස් එහෙම කිසි හිරිකිතක් නැතුව අඹරනවා. සතා ලොකු නිසා වෙන්න ඇති. කැරපොත්තගෙ ඇඟත් එක්ක බැලුවම මිනිස් අපේ තියෙන දේවල් බැලුවොත් අපි තමයි ඊයා.
    මොනව වුනත් ගෑණියෙක් හන්දි උඹ ඒ සතාට කරපු අපරාදෙ..

    ReplyDelete
  6. කැරපොත්තෝ හූනො පුංචි මකුළුවෝ..... හා හා හා හා....!!

    ReplyDelete
  7. ඒකනේ බය වෙන්නේ නැතුව මේ ම්ං වගේ ප්‍රශ්නේ කැරපොත්තත් එක්ක ගොඩින් බේර ගත්තා නම් ඉවරයිනේ..

    ReplyDelete
  8. හෙහ් හේ . . . දුක තමයි මලයා . වෙලාවකට හිතෙනවද කැරපොත්තෙක් වුණානම් සැපයි කියලා . . .:P

    ReplyDelete
  9. මොන හුයන්නක්ද යකෝ මේ කියන්නේ. යකෝ නිකන් මෝඩ් චූන් කතා කියන්නේ නැතුව පලක් ඇති දෙයක් ගැන හිත යොදවපන්කෝ. ඒක එඹට වගේම බලන අපිටත් ප්‍රයෝජනයිනේ.

    ReplyDelete
  10. මම නම් බය නැහැ. හැබැයි අප්පිරියයි, ඔය අනික් සත්තුන්ට නම් බයයි, නයි වගේ අයට

    ReplyDelete
  11. මඩම් ඉස්සරහා කරපොත්තෙක් මරලා වීරයෙක් වෙලා වගේ කොල්ලා

    ReplyDelete
  12. අපරාදේ අහිංසක කැරපොත්තා ! ඌ මොන වරදක් කලාටද අර චප්ප කලේ ? දාන තිබුනේ නෝනගේ හෑන්ඩ් බැග් එකටයි..

    ReplyDelete
  13. කැරප්පොත්තොන්ට බයයි නෙමේ..කැතයි...ඒකයි කෑ ගහන්නේ..හි හි නැත්තම් බයට නෙමේ අනේ..
    අර දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ දෙන්න වෙන්නේ..අවස්ථාව අනුව..හි හි..(මොකද ඉතින් ඔයාලත් කරන්නේ කන්න හිතෙන වැඩනේ)

    ReplyDelete
  14. අම්මෝ බං කැරපොත්තො නම් මතක් කරන්න එපා. මාත් මාර බයයි ඕකුන්ට. කලින් රෙඩි වෙලා ඉන්නකොට නම් අතින් ගහල එලවන්නත් පුලුවන්. හැබැයි එක පාරට ඇවිත් ඇඟේ වැහුවොත් හරි, වටේ කැරකෙන්න ගත්තොත් හරි නම් ඉතින් සංසාරෙ එපා වෙනව.

    ReplyDelete
  15. හෆොයි මොන පිස්සුවක්ද හැබැට!
    එහෙම කිව්වට මාත් කැරපොත්තොන්ට පරාන බයයි. ඒ උනාට කොහෙවත් ඉන්න අහිංසක කොල්ලොන්ට කියල නම් කැරපොත්තෝ මරල නෑ! ඔයාට තිබ්බේ අර ෆාස්ට් කිල් ද මොකද්ද තියෙන්නේ එයින් එකක් ඔය හුරතල් නෝනට ගිහින් දෙන්න හික්ස්

    ReplyDelete
  16. අනේ මන්ද...මේක ගෑනු අයට තමා ගොඩක්ම තියෙන්නෙ.

    ReplyDelete
  17. අනේ මමත් හේතුවක් දන්නෙ නෑ බන්. :D
    ඒ උනාට මේ ලෝකෙ මිනිස්සු වැඩිපුරම ප්‍රමාණයක් බය මකුළුවන්ටද කොහෙදලු. :)

    ReplyDelete
  18. අද නම් ලෙසටම ලියල තියෙනවා. අපෝ මම නම් බය නෑ ඔය කැරපොත්තන්ට. මට අහු උනොත් අවසන් ගමන් තමා. මෝර්ටී.........න්. දළඹුවා තමා මට පේන්න බැරි සතා. බයකට නෙමෙයි. ගෑවුනොත් එහෙම සංසාරෙම කසානා තමා.

    ReplyDelete
  19. අපොයි කැරපොත්තන්ට බය නෑ. එත් තාමත් මල්ලි එනවා බස් හෝල්ට් එකට නේද?....:D

    පිරිමින්ට ඉතින් කැරපොත්තන්ට වගේ කකුල් ගොඩක් තිබුනා නම් අපි එයාලටත් බයවෙනවා...:)

    ReplyDelete
  20. අනේ මන්ද ඒකනම් ඇත්ත මොන එකකට බය වෙනවද කියල. ඒත් ගොඩාක් අය බයයි.බය අයගෙන් තමා දැනගන්න වෙන්නේ..

    ReplyDelete
  21. :P හපෝ... මමත් ආසම නැති සතා කැරපොත්තා. පියාඹන නිසා තමයි මම නම් බය, බයටත් වඩා අප්පිරියයි..
    දැන් කවුද මධුරංග අයියව කන්න හැදුවේ.. :P ;)

    ReplyDelete
  22. හු,.,....ටොයිලට් මධු.....
    ඉකේ....... අක්කා නෝටි අක්කා...මධුරංග අයියට කියලා ලැට් සුද්ද කරලා...

    ReplyDelete
  23. ahinsaka karapoththa...ganu nisa thamai itin minissu gaha maragannet karapotto miyo marennet..lol

    ReplyDelete
  24. ඇය් බන් කොමඩ් වලට අත දාල කැරපොත්තො අල්ලන්නෙ.ලැජ්ජ නැද්ද.

    ReplyDelete
  25. හික්ස්...ටොයිලට් මධු....
    මම ඔය කැරපොත්තන්ට,හූ නන්ට කැමතිම නෑ..
    ඇයිද මන්දා.බයේ බෑ.........

    ReplyDelete
  26. @Anonymous :
    මචං උබට මේ කතාව මෝඩ ආතල් නම් නොකියවා ඉදින්. මොකද මේ බ්ලොග් එක කියෙව්වා කියලා උබට මං සල්ලි දෙන්නේ නෑනේ.තව එකක් !!! උබට දෙයක් කියන්න තියෙනවනම් කොන්ද පන ඇතුව නම දාලා කමෙන්ට් කරපන්. මෙතන ඇනෝ කමෙන්ට් දාලා උබේ නොහැකියාව පෙන්නන්නේ නැතුව !!!!!

    @Nuwan Kalhara :
    උබ හිතුවද කොමඩ් එකට අත දාලා කැරපොත්තව අරන්දාන්න තරම් මම් මෝඩයෙක්ය කියලා !!!! යකෝ එහනම් කෙලින්ම හැන්ඩ්ල් එක කරකවලා ෆ්ලශ් කරලා දානවානේ !!! කැරපොත්තා හිටියේ කොමඩ් එකේ පිට පැත්තේ.

    ReplyDelete
  27. මම නම් බය නෑ මට තියෙන්නේ අප්පිරියාව

    ReplyDelete
  28. @නදී :
    කැරපොත්තන්ව නම් දුටු තැන මරන්න තියෙන්නේ අක්කේ. ජරා සත්තු. ඒ උනාට ගෙම්බෝ පව්. ඉස්සර අපි ගොටු ගහලා ගෙම්බෝ එකතු කරනවා.

    @sithuwam :
    ඒකද කියලා නම් කියන්න දන්නේ නෑ. කැරපොත්තා මරනකන ඒ ගෑනි මැරෙන්න හැදුවනේ බං. නත්නම් ඔහේ උන්නදෙන් කියලා යන්න හිටියේ.

    @prasanna86k :
    අනිවා. බය කරමු අයියා !!! ඔන්න මාත් එනවා එහෙනම්.

    ReplyDelete
  29. @ChammA :
    මොකෝ මල්ලි ඒ වාක්කියට ඔච්චරම ආසා. ඇත්තනේ මල්ලි. උන්දැලා කැරපොත්තන්ට තමා ඔච්චර බය !!!! :)

    @..ChAnDiKa.. :
    අපෝ මහ පොෂ් ගෑනියෙක් අයියා. ඒ ගෑනි කැරපොත්තා මරකනක් මරෙන්න හැදුවා. මට යන්න දුන්නෙත් නෑ. මොනා කරන්නද මට කැරපොත්තව මරලා හරි ගෙදර යන්න තමයි ඕන උනේ.

    @ක්සැන්ඩර් | Xander :
    ඔක්කොම බය අහිංසක පුංචි සත්තුන්ට !!!! පවු නේ :)

    ReplyDelete
  30. @චතුර.... :
    ඒ උනාට ඒ ගෑනි ඒක ගොඩින් බේරගන්න කැමති උනේ නෑනේ :)

    @සුශාන් ප්‍රියනාත් රත්නායක :
    අනිවාර්යෙන්ම අයියා. කරපොත්තෙක් හරි වෙලා ගෑනුන්ව බය කරගෙන ඉන්න තියෙනවනම් නෙහ් :)

    @deeps :
    අපේ අම්මත් ඔය සත්තුන්ව දැක්කම අප්පීය කරනවා. යූක්... ඩිස්ගස්ටින් !!!!!

    ReplyDelete
  31. @Tharanga :
    නෑ බං කොල්වින්.!!!!
    ඒ ගෑනි කැරපොත්තව මරනකන් මට යන්න දුන්නේ නෑ බං. මං ඉතින් ගෙදර යන්න ඕන හන්දා ඌව මරලා දාලා ආවා.

    @සරත් ලංකාප්‍රිය :
    එහෙනම් ඒ ගෑනු කෙනා ආයෙම වැඩට එන එහෙකුත් නෑ. ඒ තරමට අප්පිරියාවක් තිබ්බේ !!!!

    @අසනි :
    එතකොට යාලු ඔහෙලා කරන වැඩ වලට අපිට කන්න හිතෙන්නේ නැද්ද අප්පා. හික්ස් :)

    ReplyDelete
  32. @Kasun :
    අඩේ උබත් කැරපොත්තන්ට බයද බං !!! අප්පිරිය තමයි. ජරා සත්තු. ඒ උනාට බය වෙන්නේ මොන එහෙකටද බං

    @අමා :
    ඒ ගෑනු කෙනාට පුලුවන් නම් ෆාස්ට් කිල් එකක් ගෙනිහින් ඒ ගෑනු කෙනාගෙම මනුස්සයාට ඉහියි !!!! :)

    @චාටර් කොල්ලා :
    ඒක නම් ලෙඩක් වෙන්න ඇති නේ :)

    ReplyDelete
  33. @Madhawa Habarakada :
    මකුලුවන්ට නම් බය උනත් කමක් නෑ. දිවි මකුලුවෝ වගේ භයානක උන් ඉන්නවනේ. ඒ නිසා උන්ට බයවෙන එක සාධාරණයි !!!! :)

    @පිණිබිඳු... :
    හරිනේ !!!! හරිනේ !!!!
    පිණිබිඳු දැලබුවෝ මතක් කලානේ. දැන් කහන්න ගත්තා. මට නම් මතක් උනත් ඇති කහනවා.

    @Podi Kumarihami :
    දුර වැඩියි අක්කා. ඒ වෙලාවට ගමට යන අන්තිම බස් එකත් ගිහින්. ඒකයි. නැත්නම් බස් එකෙන් ගෙදර යනවා. මල්ලි එන්න ඕනෙත් නෑ. :)

    ReplyDelete
  34. @Gimhani :
    කොස්ස අරගෙන දෙන්න තියෙන්නේ චට පට ගාලා !!!! මොන එහෙකට බය වෙන්නද !!!! හික්ස් :)

    @tracker :
    ඇයි ෂා........... ?????

    @ප්‍රාර්ථනා :
    කන්න හැදුවේ අපේ මල යකා තමයි. කවුද ඉතින් මලයා මිසක්කා !!!!

    ReplyDelete
  35. @රත්ගමයා :
    අඩේ ඉතින් ඔහොම හූ කියන එක සාධාරණද මන්දා. ඒ ගෑනු කෙන මාව බලෙන් රදව ගත්තා. කැරපොත්තා මරනකන් !!

    @පූසා :
    අනේද කියන්නේ :D

    @දිලීප :
    කැරපොත්තො නම් අහිංසකයි !!!!

    ReplyDelete
  36. @මි හරක් පිඩියා :
    අහුවෙයන්කෝ !!!! කැරපොත්තෙක්ව ගෙනල්ලා ඇගට දානවා.

    @ශානු :
    සමහරු නම් බය නෑ. තියෙන්නේ අප්පිරියාවක්. :)

    ReplyDelete
  37. බොරු ඇඩ් එකට බං ඔය.අහුවෙන්න එපා ඕවට.ඊළඟ දවසෙ මොකා ඉන්නවා කියයිද දන්නැහැ වොශ් රූම් එකේ.

    ReplyDelete
  38. අපේ අක්කා කෙනෙක් හිටපු කාමරේට දවසක් කැරපොත්තෙක් ඇවිත්. එයා ඇඳට නැඟලා නෙට් එකත් දාගෙන අපිට කෝල් කරලා කීවා කාමරේට කැරපොත්තෙක් ඇවිත් . උව මරලා දාන්න කියලා.
    අනේ මන්දා. ඇයි දන් නෑ ඒ වගේ සතෙකුට එච්චර බය...

    ReplyDelete
  39. ෆව් අෆ්ෆා කැරෆොත්ථා! අයියා අයෙ යේම කරන්ඩ යෙපා.. ගෑනුන්ට ‍රැවටෙන්ඩ යෙපා

    ReplyDelete
  40. අම්මපා...මොකද මන්දා කාන්තා පාර්ශවේ මේ හැටි ඔය එක එක සත්තුන්ට බය....!!!!
    වැදගත් පුරස්නයක්....හික්ස්

    ReplyDelete
  41. චිකේ.. නෝන්ඩිනෙ.. මෙයා ටොයිලටුත් සුද්ද කරලා.හෆොයි හෆොයි... ඔයා කොයි කාලෙද ජොබක් කලේ????

    ReplyDelete
  42. අපෝ..... කැරපොත්තො ගැන නම් කතා කරන්න එපා. අර පියාඹගෙන එන කැරපොත්තො සමහර වෙලාවට මම බය හින්ද්ද මන්දා මගේ ඇඟටම වහනවා. ඒ වෙලාවට වහලෙ උළු හෙල්ලෙන තරම කෑ ගහනවා ඇරෙන්න දිල් මොනා කරන්නද ? :(

    ReplyDelete
  43. මටත් පේන්න බෑ.මට අහුනොත් ඌට සොරිම තමා

    ReplyDelete
  44. කැරපොත්තොනම් මට එච්චරම අවුලක් නෑ....හැබැයි මකුළුවොනම්......ඊඊඊඊඊඊඊ....මම බයම..සතා මකුළුවා...

    ReplyDelete
  45. එලම වැඩේනේ

    ReplyDelete
  46. කැරපොත්තෙක් මරල හරි ලකුණු ට්කක් එකතු කර ගත්තනේ. එහෙම නොකලනම් තියෙන ටිකත් කැපෙන්න තිබ්බා..

    මෙහෙනම් පාරවල් හදන්නේ රෑටම තමයි!

    ReplyDelete
  47. පොස්ට් එකේ මගේ සිත් වඩාත්ම ඇදගත් වචන පේලිය "මුන් අච්චර පොඩි කැරපොත්තන්ට තමයි බය. ඊට වඩා දස දහස්ගුණයක් විශාල අපිව තමයි කන්න හදන්නේ !!!!! "

    ලොලේ ලොල්ය..

    ReplyDelete
  48. එතකොට එහෙනම් මධුරංග "ගෑණු සතාට" බය වුන ස්ටොරිය වහගන්න මෙතෙන්ට කැරපොත්තෙක්ව ඇදලා ගත්තා නේද?
    ("ගෑණු සතාට" බය වුන හැටි අපූරුවට ඔය ලියවිලා තියෙන්නේ :)

    ReplyDelete
  49. කැරපොත්තටනම් බය නැහැ මම නම්. එත් සර්පයින්ටනම් මම පුදුම බයක් තියෙන්නේ.අම්මෝ මතක් වෙනකොටත් මාව වෙවුලනවා . . :(

    ReplyDelete
  50. ඔව් ඔව් චන්දිකයා කියන එක ඇත්ත. මුන්ගේ සෝබන වැඩ.
    මෙහෙත් ඉන්නවා ඔය කූඩැල්ලෙක් කැරපොත්තෙක් දැක්කාම බොරුවට බෙරිහන් දෙන කෙල්ලෝ.
    යකෝ අපි වගේම උනුත් ඉන්න එපයි මේ ලෝකේ.

    ReplyDelete
  51. මම නම් කැරපොත්තන්ට බය නෑ .. මම වැඩියෙන්ම බය ගෝනුස්සොන්ට ! සහ පත්තෑයොන්ට .. දවසක් මම කලිසමක් ගැසුවා අඳින්න කලින් .. මෙන්න බොලේ දම්පාට ගෝනුස්සෙක් දුවනවා හුරේ කියලා .. මම ඒ කලිසම ගසන්නැතුව ඇන්දානම් .. මම ආයේ ගසනවා බොරු !

    ReplyDelete
  52. පහත් තැනින් යයි ගලා ජලේ කිව්වලු...අන්තිමට වන්දි ගෙව්වෙ අර අහින්සක කැරපොත්තා...ඕකව අල්ලලා දාන්න තිබ්බෙ අරයගෙ හෑන්ඩ් බෑග් එකේ... :D

    ReplyDelete
  53. බ්ලොග් එකේ ලිපි 20 ක් විතර බැලුවා. නියමයි.
    RKS

    ReplyDelete
  54. කැරපොතගේම පිහිට තමා.

    ReplyDelete
  55. අපෝ කැරපොත්තන්ට වඩා අපි බය වෙන්න ඕනා පිරිමින්ටයි!!!!

    ReplyDelete
  56. පන්සිල් පදයක් කැඩුවා නේද?. :D

    ReplyDelete
  57. අප්පටසිරි කොමෝඩ් එකේ කැරකි කැරකි උන්නනම් බය වෙන්න එක සාධාරණයිනෙ. මිස් කොයිවෙලාවෙද දන්නෙ නෑ කැරපොත්තා දැක්කේ.. වැඩේට කලින්ද පස්සෙද?

    වැඩේට කලින් නම් මධුරංගට වොෂ් රූම් එක සෝදන්නත් වෙනව. ඒත් එහෙම උලව්වක් උනේ නැති හන්ද මම හිතන්නෙ වැඩේට පස්සෙ තමා ඌව දකින්න ඇත්තෙ. ඒක හොඳටම බයවෙන්න ඕනෙ අවස්ථාවක් තමා.......

    ReplyDelete
  58. මොනවා උනත් වැදගත් කරපොත්තෙක් ඒ කැරපොත්තා කොමඩ් පාවිච්චි කරනවා .

    ReplyDelete
  59. අපෝ මටත් අප්පිරියම ...සතා..ඕකා තමයි.
    කරුමයක්ම තමයි..ඔය ජරා සතාට බය හිතෙන එක.

    ReplyDelete
  60. @දිනුක ජයකොඩි :
    හොදන් වෙලාවට මගේ ට්‍රේනින් එක ඉවර උනා. නැත්නම් මොකෙක් ඉන්නවද කියලා කියයිද දන්නේ නෑනේ. හික්ස් :)

    @RoshanHerath :
    අක්කා ඒ තරමටම කැරපොත්තන්ට බයයිද. මම නම් එහෙම මලාට එන්නේ නෑ. පොඩ්ඩක් බය වෙන්න ඉඩ අරිනවා. :)

    @විසිතුරු :
    අම්මෝ නෑ මල්ලි. ගෑනුන්ට රැවටෙන්නේ නෑ.

    ReplyDelete
  61. @චතූ......:
    එක එක සත්තුන්ට කියලා කිව්වට අපිට ඇරෙන්න අනිත් උන් ඔක්කොටම තමා බය.

    @සීතල අයියා :
    මොන ටොයිලැට්ද සීතලේ. ඒවා වොෂ් රූම් !! පොෂ් වොෂ් රූම් !!! හික්ස් :)
    මම ජොබ් එකක් කලේ නෑ. ට්‍රේනින් හිටියේ.

    @දිල් :
    අම්මෝ දිල් අක්කා එච්චරටම බයයිද. ඔහොම බය තිබ්බොත් මදෑ. කොහොමද ඔයැයි බැන්ද කාලෙක මහත්තයා රබර් කැරපොත්තෙක් එහෙම ගෙනත් තියාගත්තොත් !!! :)

    ReplyDelete
  62. @පිස්සු පුසා :
    මාත් එහෙම්මමයි. සෙරෙප්පුවෙන් තමයි ගේම දෙන්නේ.

    @හිතුවක්කාරි :
    මකුළුවන්ට බය වීම අවුලක් නෑ. දිවි මකුළුවොත් ඉන්නවනේ. :)

    @නරක සමනලයා :
    එල නේන්නම්.

    ReplyDelete
  63. @තාරක Dilsh@n :
    මෙහෙ කිව්වේ කොහෙද ?
    කැරපොත්තා හින්දා විතරයි ලකුණු ටිකක් එකතු උනේ. අනිත් හැමවෙලේම ලකුණු කපා ගත්තා.

    @ADK කොලුවා :
    අනේ මන්දා ඔය වාක්කියට චම්මා මල්ලිත් මාරම ආසයි ලූ.

    @නාකියා :
    ඒ ගෑනු සතාටත් බය උනා. මොකද එතන හිටිය ලොකුම කෙනාත් එයාමනේ.

    ReplyDelete
  64. @සිතුමි ප්‍රියංගා :
    සර්පයන්ට බය කෙනෙක් අපේ කැම්පස් එකේත් හිටියා. හික්ස් ::
    කොටින්ම සත්තු වත්තේ ගියත් උරගයෝ ඉන්න හරියට යන්නේ නෑ.

    @Nuwan Kumaranayake (නුවන් කුමාරනායක) :
    බය උනාට කමක් නෑ. ඔච්චරම බෙරිහන් දෙන්නේ ඇයි කියලා තමයි මට ප්‍රශ්නේ. බොරු වඩනේ අයියා. එවුන් පොෂ් වෙන්න යනවා.

    @හිස් අහස :
    නෝ කමෙන්ට්ස් !!!!! හිනාවෙලාම පන ගියා. කොහොමද ගසන්නේ නැතුව ඇන්දනම් !!!!

    ReplyDelete
  65. @ප්‍රසංග :
    ඌව අල්ලලා ඒ ගෑනිගේ කටට දාන්න තිබ්බේ. කෑගහපු කෑගැහිල්ලට !!!!

    @RKS :
    බොහොම ස්තුතියි !!!

    @රතු මුහුද :
    කාටද මටද !!!! හික්ස් :)

    ReplyDelete
  66. @Maneka :
    අපොයි ඔවු. මනෙකනේ කියන්නේ. අපි නොදන්න මනෙකා !!!!
    මොකෝ මේ දවස්වල නිවාඩුද මනෙකා ?

    @~ Explorer ~ :
    කීවෙනි සිල් පදයද ?

    @nawammawatha :
    නෑ නෑ යන්න කලින් !!!
    ඒකනේ වොෂ් රූම් යන්න නෑ කියලා බෙරිහන් දුන්නේ. අම්මෝ එහෙම උනා නම් මම ආයේ ඒ පැත්ත පලාතේ එන්නේ නෑ.

    ReplyDelete
  67. @Tharanga :
    වැදගත් එකෙක්ද කියලත් අහනවා.

    @- නිල් අහස - :
    අප්පිරියයි නේ අයියා. ජරා සතා !!!

    ReplyDelete
  68. පරක්කු උනාට නම් සොරි.. ඊයෙ මේ පැත්තෙ එන්න බැරි උනා... මම ගෙම්බොන්ට නම් හරී....ම ආදරෙයිනේ... ඒ වගේම තමයි කැරපොත්තන්ටත්.. හි හි.. අසනි කිව්වා වගේ ඒක බයක්ම නෙමෙයි හිරිකිතක්... :D

    ReplyDelete
  69. මම ඔය ලොකු සතුන්ට එකෙකුටවත් භය නෑ. ඒත් කැරපොත්තන්ට සර්පයින්ට ගෙම්බන්ට හා කෘමි සත්තු ඔක්කෝටම නම් තියෙන්නේ පුදුම භයක්. කොටින්ම කියනවා නම් උන් එකෙක් ගෙදර ඉන්නවා කියන්නේ මම ගෙදරින් එලියේ හරි නිදාගනියි.
    ඒක පොශ් වැඩක් කියලා මම දැනගත්තාමයි. යකෝ ඒ කියන්නේ මම පොශ් ද?
    මම දන්න විදියට නම් ඒක ෆෝබියා එකක්... අර අපේ ඇබ්නෝමල් මලී කියනවා වගේ මැරයෙක් වුනත් භයයි මේ මැස්සන්ට...

    ReplyDelete
  70. අම්මප කියන්නෙ මටත් දවසක් කෙල්ලෙක් කියනවා.... මම නයාට පොඩ්ඩක්වත් බය නෑලු ඒත් කැරපොත්තට මාර බයයිලූ.. ඌ ගෑවුනාම හිරිකිතයිලු... මට අහන්න හිතුන නයා ගෑවුනාම ආතල්ද කියල... ඒත් ඇහුවෙ නෑ ඉතිං...

    ReplyDelete
  71. මොනවා කරන්නද මධුරංග ,ඔය ෆෝබියා කියන තත්ත්වය හැම දහදෙනෙක් ගෙන් එක් අයෙකුට වත් තියෙනවා , එක්තරා විදියකින් එය සුළු රෝග තත්ත්වයක් කියන්නත් පුළුවන් , ඒත් හුඟක් කාන්තාවන් ඒ ලක්ෂණ මෝසතරයක් බවට පත් කරගන්නවා , සමහර අය පිරිස අතරේ කැපී පේන්නත් මේ ලෙඩේ මෝස්තරයක් කරගන්නවා , ඒත් මේක ජීවිතේට කරදරයක් වන මට්ටමට , ඒ කිව්වේ ඔය වගේ සාමාන්‍ය දෙයක්වත් කර ගන්න බැරි තරමටම “බය“ නම් හොඳම දේ මනෝ උපදේශකයෙක් හම්බ වෙලා ප්‍රතිකාර ගන්න එක , නැත්නම හැමදාම ඔයාට කැරපොත්තෝ මකුළුවෝ එක්ක සටන් කරන්නට වේවි ...

    ReplyDelete
  72. ඔව්ව බොරු දර්ශන මලය... ඕවට අහුවෙන්න එපා... උඹ අන්තිමට කියල තියෙන එක තමයි දවසේ කතාව...
    "මුන් අච්චර පොඩි කැරපොත්තන්ට තමයි බය. ඊට වඩා දස දහස්ගුණයක් විශාල අපිව තමයි කන්න හදන්නේ !!!!! "

    ReplyDelete
  73. හි හි මටත් අද ඔය වගේ අවස්ථාවකට මුහුණ පාන්න සිද්ද උනා.ඕවා බොරු ෂෝ අපිත් ඉතින් අහුවෙනවා.

    ReplyDelete
  74. @තාරා :
    තාරාද ගෙබි මරුවා !!!! හික්ස් :)
    ඔවු ඔවු අපිත් දන්නවා ඔයා ගෙම්බන්ට ආදරෙයි කියලා.

    @Il mondo di una povera pazza :
    ඔව් ඔව් සමහරුන්ට සමහරු සත්තු ගැන නම් තියෙන්නේ ෆෝබියා එකක්.

    @මහේෂ් නිශාන්ත :
    ගොඩක් ස්තුතියි අයියේ කමෙන්ට් කරලා ඒ ගැන දැනුවත් කලාට. මම් හිතුවේ බොරු බයක් ය තියෙන්නේ කියලා.

    @සාතන් :
    දවසේ වාක්කියට ගොඩක් කට්ටිය කමතියි වගේ. හික්ස් :)

    @rmpmcreation :
    හික්ස් :) මාරම වැඩනේ වෙලා තියෙන්නේ.

    ReplyDelete
  75. @හිස් අහස,
    නොදකින් විතරක්, කිව්වොත් කුප්ප කතාවක් ....

    ReplyDelete
  76. මරපු එක නම් වැරදියි ටිෂූ එකකට අරං එලියට වීසි කලා නම් ඉවරයිනෙ ..........

    ReplyDelete
  77. @පන්සල් හංදිය :
    බෑනේ අයියා. ඌව කොහාට්ට කියලා විසි කරන්නද !!!!
    මේ ගෑනි කිව්වෙම මරන්න කියලනේ.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.