ඊට පස්සේ සුපර්ණිකා මේ සිද්ධය රාවණට සැල කරනවා.තමන්ගේ අක්කට ලක්ෂ්මණගෙන් වෙච්ච අතවරය දැකලා රාවණ කෝප වෙනවා. ලක්ෂ්මණ ලංකාද්වීපයට ඇවිදින් සුපර්ණිකාගෙන් වැඳලා සමාව ගන්න ඕන. රාවණා එහෙම හිතනවා.
මේ නිසා රාවණ රජතුමා සීතාව දඩුමොනරයෙන් ලක්දිව අශෝක උයනට ගේනවා. ඊට පස්සේ රාවණා, දාසියන්ව යොදවනවා සීතාට සත්කාර කරන්නෙයි කියලා. කොටින්ම සීතාට කිසිම අඩුපාඩුවක් සිද්ධ නොවෙන්න සලකන්න කියලා රාවණ රජතුමා දාසියන්ට අණ කරනවා.
අශෝක උයනේ ජීවත් වෙච්ච කාළයේදි රාවණ රජතුමා සීතාට ගිනි සිසිල කියන මායා ධර්ම උගන්වනවා.
රාමා, තමන්ගේ සේනාවත් එක්ක ඇවිදින් ලංකාපුරයට සෑහෙන විනාශයක් සිද්ධ කරලා සීතාව ඉන්දු දේශයට අරගෙන යනවා. නමුත් ලංකා රාජ්‍යයේ සෑහෙන කාලයක් ජීවත් වෙච්ච සීතාගේ පතිවෘතාව ගැන රාමට සැකයක් පැන නගිනවා.
මේ සැකය නිසාම සීතා ගිනි මැලයකට පනින්න සූදානම් වෙනවා. "මා පතිවෘතාව රැක්කා නම් මේ ගින්නෙන් නොපිලිස්සේවි" කියලා අධිෂ්ඨානයෙන් යුක්තව ගිනිමැලයට බිලි වෙනවා. නමුත් සීතාව ගින්නෙන් පිලිස්සෙන්නේ නෑ. ඒ වෙනකක් හන්දා නෙමේ. රාවණා උගන්නපු ගිනි සිසිල කියන මායා ධර්ම නිසා. !
මේ සියළුම කතාව තියෙන්නේ මම ලඟදි කියවපු පොතේ. පොතේ නම තමා මේ ලිපියේ හෙඩිම. පොත ලියලා තියෙන්නේ අපි කවුරුත් හඳුනන භද්‍රජි මහින්ද ජයතිලක මහත්තයා. පහුගිය පොත් ප්‍රදර්ශනයේදි මම ගත්ත පොත් වලින් අන්තිමටම කියවලා ඉවර කලේ මේ පොත. ඒ වගේම ආයේ ආයේ කියවන්න ආස හිතෙන පොතක්.
මේ තියෙන්නේ පොතේ කවරය |
සමන්ති පොත් ප්‍රකාශකයයෝ තමයි පොත මුද්‍රණය කරලා තියෙන්නේ. පුලුවන් වෙලාවක පොත හොයාගෙන කියවලා බලන්න.