පිහිටි බිම පාවිච්චි කරගෙන පැනොරාමා තියටර් වර්ගට අදාල වෙන විදිහට 'වල' නිර්මාණය කරලා තියෙනවා.
ගොඩක් වේදිකා නාට්‍ය කලාකරුවන් අතර මතයක් තියෙනවා තමන්ගේ නාට්‍ය සංදර්ශනය වලේ පෙන්නන්න පුලුවන් උනොත් ඒ නාට්‍ය නිර්මාණය සාර්ථක වෙනවයි කියලා. ඒ වෙන හේතුවක් නිසා නෙමෙයි සරත්චන්ද්‍ර මහත්තයා වගේ කෙනෙක් මුල්වෙලා නිර්මාණය කරපු රඟමඩලක් වීම නිසයි.
වලේ වේදිකාවේ ඉදලා නාට්ටියක් රඟදක්වනකොට හැම නළුවාම අංශක 200ක් ඔලුව උස්සලා දෙබස් කියන්න ඕනේ. ඒකට හේතුව වෙන්නේ ප්‍රේක්ෂකයෝ ඉන්නේ නළුවන්ගේ මට්ටමේ ඉදලා අංශක 200ක් උඩින් වීමයි. පොඩි අවුලකට තියෙන්නේ වේදිකාව පැත්තකින් ලොකු රොබරෝසියා ගහක් තියෙන එක. ඒ නිසා ඒ ගහ පැත්තේ වාඩිවෙලා ඉන්න ප්‍රේක්ෂකයන්ට වේදිකාව හරි හැටි පේන්නේ නෑ.
ඒ හන්දම ඒ පැත්තේ සීට් ටික හැම නාට්‍ය සංදර්ශනකයදිම ඉතුරු වෙනවා.සමහර දවස්වලට වැස්ස හන්දා නාට්ටි සංදර්ශන වලට එන පිරිස අඩු වීමක් ඇරෙන්න අනිත් දවස්වල වල පිරෙන්නම සෙනග ඉන්නවා. එදාට ඉතින් පරක්කුවෙලා ආවොත් වලේ පැත්තකට වෙලා නාට්ටිය ඉවර වෙනකන් හිටගෙන ඉන්න වෙනවා.
අවුරුද්දේ අග හරියට වෙනකොට 'වල සතිය' කියලා වලේ නාට්ටි පෙන්වන සතියක් තියෙනවා. එදාට අහල පහල ගම් වල අය වගේම කැම්පස් වල ඉන්න අපිත් 'වල' බහින්න එනවා. එදාට ඉතින් පාඩම් කරනවා බොරු. වල බහින්න වලට අදින්න අපේ බැච් වල කොල්ලෝ හරියට උත්සහ කරනවා.
මට මතකයි එක වතාවක් වලේ පෙන්නුවා ලූෂන් බුලත්සිංහල මහත්තයාගේ 'තාරාවෝ ඉගිලෙති' නාට්ටිය. එදා නාට්‍යය සංදර්ශනය ඉවර වෙලා බුලත්සිංහල මහත්තයා නළු නිලියෝ හදුන්වලා දුන්නා. එදා රොඩ්නි වර්ණකුල ආදරනීය කලාකරුවගේ අම්මා අන්ත්‍රා වෙලා මිනිය ගෙදෙට්ට ගේන වෙලාවට ලූ මේ නාට්‍ය සංදර්ශනය තිබුන බවත් සදහන් කලා.
එදා ඒ කලාකරුවා කරපු කැපකිරීමට ගරු කිරීමක් විදිහට වලේ නාට්ටි බලපු හැමෝම නැගිටලා අත්පොලසන් දුන්නා.
ඒ වගේම "නියම කලාකරුවෙක් කලා නිර්මාණයකට සහභාගී නොවී ඉදීමට තියෙන එකම සාධාරණ හේතුව තමන්ගේ මිය යාම විතරක්ම ..." බවත් එතුමා සදහන් කලා මට අද වගේම මතකයි.