05 January 2015

මොණර ගල ගවේෂණය

පළවෙනි දවසේ අපිට යන්ඩ ඕන කරලා තිබුනේ මොණරාගල රජමහා විහාරයට. එකටම තමා මයුරගිරි ලෙන් විහාරය කියලත් කියන්නේ.. මොණරාගල නගරයේ ඉදලා විහිදෙන කඳු පන්තියේ එක කන්දක් මතයි මේ විහාරය පිහිටලා තියෙන්නේ.

මේ විහාරය ගොඩක් ප්‍රසිද්ධ වෙන්නේ පොලොන්නරු යුගයේදී එවකට අට දහස් රට පාළනය කරපු සුගලා දේවිය දළදා වහන්සේට පුද සත්කාර කිරීමට ඉදි කරපු දළදා මාලිගාව නිසා. මේ දළදා මාලිගාවේ නටබුන් අද දකින්න තිබෙනවා.

ඒ වගේම තමා දේවානම්පිය තිස්ස රජතුමාගේ කාළයේ මිහිදු හාමුදුරුවන්ගෙන් දහම් අසා රහත් භාවයට පත් වෙච්ච මයුරපාද අමරුප්පොල රහතන් වහන්සේ පන්සියයක් පමණ රහතන් වහන්සේලා සමග මේ විහාරයේ ලෙන් වල බවුන් වසමින් වාසය කරපු බවට ජනප්‍රවාදත් තියෙනවාලු.

කොයි හැටි වෙතත් ලස්සන පරිසර පද්ධතියක පිහිටලා තිබෙන විහාරයක්.

මායි අපේ තාත්තයි නේවාසිකාගාරයෙන් පිටත් වෙලා කඩේකින් උදේ කෑම ගත්තා. ඊට පස්සේ මොණරාගල පොතුවිල් පාරේ පොතුවිල් පැත්තට ගමන පටන් ගත්තා.


මයුරගිරි රජමහා විහාරෙට එනවා නං මොණරාගල බස් නැවතුමෙන් බුද්ධම ( මාර්ග අංක 6/909) හෝ ඇතිමලේ (මාර්ග අංක 199) වගේ බස් වල ඇවිත් වැලියාය කණිටු විද්‍යාලය ගාවින් බහින්ඩ ඕන. මේ පාරේ පොතුවිල් බස් එහෙමත් යනවා ඒ උනාට ඒවා නම් ඉස්කෝලේ ගාව නවත්තන එකක් නෑ.. :)

අපි ගමන පටන් ගත්තේ මොණරාගල ඉස්පිරිතාලේ ගාවින් නිසා අපිට යන්න තිබ්බේ කිලෝමීටරයක දුරක් විතරයි. අපි ඒ දුර පයින්ම ගොඩ දාගත්තා. මොණරාගල ටවුමේ ඉදලා එනවා නං කිලෝමීටර් 3ක් විතර එන්න ඕන.

ඒ එන ගමනේදි 254වෙනි කිලෝමීටර් කණුව පහු කරනකොට ඈතින් පේනවා පංසලට හැරෙන තැන ගහලා තියෙන නාම පුවරුව... :)


 

ඔය ඉහලින් පෙනෙන බෝඩ් එක ගහලා තියෙන පාරෙන් හැරුනා. එතන ඉදලා තමා පඩිපෙල් ටික හම්බ වෙන්නේ. සිරිපාදේ නගිනවා වාගේ ගමනක්. වියළි කලාපීය පරිසරයක් කියලා හිතුනෙම නෑ. ඒ තරමටම ලස්සනයි


 

අපි ඒ පාරේ තව දුරටත් ගියා. එතකොට තමා පඩිපෙල් ටික හම්බ උනේ. එතැන ඉදලා තියෙන්නේ නැග්මක්. සුන්දර ගමනක් !!!



වැස්ස දවසක් නිසාම ද මන්දා පඩිපෙල් හරහාත් වතුර පාර ගලාගෙන ගියා. එක පැත්තකින් පොඩිවට දිය ඇල්ලක සද්දෙත් ඇහෙන්ඩ ගත්තා. ඒ අතරේ අපේ අප්පොච්චා බුලත්විටක් කන්ඩ කියලා මග නැවතුනා. :)

අපි ආයෙම ගමන පටන් ගත්තා. එතකොට තමා ඔය පහල පින්තූරේ තියෙන අත්වැට කොටස හම්බ උනේ

  අපි ඒකත් පහු කරගෙන උඩට නැග්ගා. අපි මුලින්ම ගියේ මයුරගිර ලෙනට... ඊට පස්සේ තමා ඉතුරු ටික බලන්ඩ ගියේ. ඔය පහලින් තියෙන්නේ මයුරගිරි ලෙන.



ඊට පස්සේ අපි විහාරයේ අන්ති තැන් ටික බලාකියා ගත්තා. අපේ ඊලඟ බලාපොරොත්තුව උනේ මයුරගිරි කන්ද නගින්ඩ. ඔය පහලින් තියෙන්නේ අපේ ඉලක්කය !


ඔය වගේ පාරකින් තමා අපි ගමන පටන් ගත්තේ. පෑ දෙකක් වෙනකොට හිමින් හිමින් කන්ද නැගලා ඉවර කර ගත්තා.පලාතම ලස්සනට පේනවා. පින්තූර වැඩි වෙන නිසා ඒ ගොඩක් මම අප්ලෝඩ් කලේ නෑ..

තව පින්තූර බලනවා නම් ලක්දසුන් අඩවියේ මේ ලිපියෙන්ම බලන්න,

වරුවක් ගත කරලා කන්දක් නැගලා එන්න අපූරුම තැනක් තමයි මොණරාගල රජමහා විහාරය කියන්නේ. වෙලාවක් ලැබුනොත් ගිහින් එන්න !

විහාරස්ථානය ගැන වැඩි විස්තර ඕන නං මේ ලින්ක් එකට ගිහින් බලන්ඩ !

18 comments:

  1. ලස්සනයි.
    තාම ඔච්චර දුරකට යන්න හම්බඋනේ නෑ. බලමු.

    ReplyDelete
    Replies
    1. හම්බ වෙච්ච දවසක යමුකෝ !

      Delete
  2. වෙලාවක් කියන්නේ සෑහෙන වෙලාවක් ඕන වෙනවා වගේ මේ ගමනට, හැබැයි, හරිම සිත නිවන, තැනක් බව නම් පේනවා

    ReplyDelete
    Replies
    1. ඔවු... යන්ඩ දවසයි එන්ඩ දවසයි දවස් දෙකයි. තව දවසක් ඕන කන්ද නගින්ඩ !

      Delete
  3. ශෝක් ගමන ... පින්තූර ටික නිසා අපිත් ගියා වගේ..

    ReplyDelete
    Replies
    1. අනිවා.. වෙලාවක් හම්බ උනොත් ගිහින් එන්ඩ..

      Delete
  4. අම්මෝ ඉතින් අර කන්ද නැග්ගද? කඩවලින් කාපු කෑම ගැනත් කියන්ටකෝ...:D

    මේ විහාරේ දැක්කම දඹුල්ලත් මතක් වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒ කෑම ගැන නම් කියලා වැඩක් නෑ.. මරේ මරු !

      Delete
  5. ඔහැක්
    හෙනං මොණරාගලත් ගියා...
    හිටුකො මාත් කොහෙ හරි ගිහින් පොටෝ ටිකක් අල්ලනව

    ReplyDelete
    Replies
    1. යනවා නං කියන්ඩ... මාත් එනෝ... :)

      Delete
  6. මටත් යන්න ආසයි. ලෝකෙ බලන්න කලින් ඌවෙම තව කොච්චර තැන් තියේද බලාගන්න.

    ReplyDelete
    Replies
    1. ඒකනේ... අපි නොදන්න තැන් කොච්චර නම් ඇති ද

      Delete
  7. අහල තිබ්බත් ගිහින් තිබුනේ නෑ.. පොඩි උන් එක්ක යන්න පුළුවන්ද? මටම ලැජ්ජයි වගේ මං ගැන මේවා දකිනකොට..

    ReplyDelete
    Replies
    1. අපොයි පුලුවන්.. පඩිපෙල් තියෙනවා.. විහාරේ බලලා එන්න පුලුවන්. විහාරයේ ඉදලා කන්ද නගින්න තමා පාරවල් නැත්තේ.

      Delete
  8. දවසක යන්න ඔිනේ..
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. යන්න යන්න.. එලද බ්‍රා

      Delete
  9. නියමයි... අනිවාර්යයෙන් දවසක මාත් යනවා. ගිහිං ඇවිත් පෝස්ටුවක් දාන්නං

    ReplyDelete
    Replies
    1. නියමයි... තව තැන් කීපයක් තියෙනවා. ඒවත් සෙට් කරගෙනම ගියා නම් මරු !

      Delete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.