16 January 2015

දියලුම සුන්දරත්වයට වශී වුනෙමි

අපේ මොණරාගල චාරිකාවේ තුන්වෙනි දවස උදා උනා. ඒ දවස වෙන් කරලා තිබුනේ දියලුම ඇල්ල බලන්ඩ යන්ඩ. සුපුරුදු පරිදි මායි අපේ අප්පොච්චායි උදෙම්ම මොණරාගලින් පිටත් උනා.

මොණරාගලින් මාර්ග අංක 322 මොණරාගල-වැල්ලවාය බස් එක අල්ලගෙන අපි වැල්ලවාය ටවුමට ආවා. වැල්ලවායෙන් බෙරගල හරහා බණ්ඩාරවෙල බස් එකකට ගොඩ උනා. ඒ බස් එක පැයකට කිට්ටු කාළයකදි අපිව දියලුම ඇල්ල ගාවට ගෙනාවා. මොණරාගල ඉදලා දියලුම ඇල්ල ගාවට කිලෝමීටර් 50ක්ට ආසන්න දුරක් එන්න ඕන. පෑ දෙකක දෙකහමාරක විතර ගමනක්... !

දියළුම ඇල්ල, වැල්ලවාය-බෙරගල ප්‍රධාන පාර (A4 ප්‍රධාන මහා මාර්ගය) ලඟින්ම තියෙන නිසා පහසුවෙන්ම බලන්ඩ එන්ඩ පුලුවන්. අනික බස් වලින් හිඟයකුත් නෑ.

අපි ඇල්ල ගාවින් බැස්සා මගේ ජීවිතේ මම දැකපු දිය ඇලි වලින් ලස්සනම දිය ඇල්ලක් කියලා හඳුන්වන්න පුලුවන්. ඉහල ඉඳලා පහලට වැටෙන දිය කඳ පහල ගල් තලාවට වැදිලා දුමක් වගේ විසිරෙනවා. ඇස් ඉදිරියේ අපූරු දර්ශනයක් මවන්නේ.. :)


පූනාගල ඔයෙන් නිර්මාණය වෙන අවසාන දිය ඇල්ල විදිහට දියලුම ඇල්ල හඳුන්වන්න පුලුවන්. උසින් මීටර් 171ක් වෙනවා. ලංකාවේ දිය ඇලි වලින් 3 වෙනියට උසම දිය ඇල්ල, දියලුම ඇල්ලයි. ඒ වගේම ලෝකයේ උසින් වැඩි දිය ඇලි වර්ගීකරණයේ 62වෙනි ස්ථානය දියලුම ඇල්ලට හිමි වෙනවා.

හරි වැඩි කතා ඕනැන්නේ නෑ.. පින්තූර බලලා ඉම්මුකෝ.
අපි දියලුම ඇල්ල ගාවින් බැහැගත්තා. තැන් තැන් වල කඩත් තිබුනා.
පහලින් තියෙන්නේ දියලුම ඇල්ල ගාව තිබුන පුවරුව.
අපි ඇල්ල ගාවින් බැහැල ඒ කිට්ටුවට ගියා.කලින් දවසේ වැහැපු නිසා එදා ඇල්ලේ වතුර වැඩි දවසක්. තුනී ජල වාශ්ප වැස්සක් වගේ පාරටත් එනවා.
ඇල්ල ඉස්සරහට ගියාම ඒ අපූරු සුන්දරත්වට විඳගන්න පුලුවන්. ඒක ඇස් වලින්ම විඳගන්න ඕන සුන්දරත්වයක්.
අපි ඇල්ලේ සුන්දරත්වයට වශී වෙලා පෑ තුනක් විතර හිටියා. කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති ලස්සනක් දිය අල්ලට තිබුනා.
ඇල්ල බලන්න දෙස් විදෙස් සංචාරකයෝ සෑහෙන්න එනවා.ඒ වගේම තමා මගී ප්‍රවාහන බසුත් ටික වෙලාවක් ඇල්ල ඉස්සරහා නැවතිලා ඒ සුන්දරත්වය විඳගෙන යනවා. ඒ තරමටම සුන්දර දිය ඇල්ලක්.  අපි දිය ඇල්ලේ සුන්දරත්වය විඳගෙන ආපහු වැල්ලවායට එන්ඩ බස් එකකට ගොඩ උනා.

නිවාඩුවක් ගත කරන්න යනවා නම් බලන්න වටින තැනක්. ඒ වගේම දිය ඇල්ලේ සුන්දරත්වයට හානි සිදු කරන්න එපා. මතු පරපුරටත් මේ සුන්දරත්වය විඳගන්න ඉඩ ලබා දෙන්න.

28 comments:

  1. පුවක්ගහවෙල නාය ගිය වෙලාවෙ ඔය පාරෙ ගිහිල්ල තිබුණත් ඇල්ල ගාව නැවතිලා බලන්න උනේ නෑ. ආයෙ වෙලාවක් ලැබුනොත් යන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ඇල්ල ගාව පොඩ්ඩක් නැවතිල බලලා යන්න තිබ්බා නම් මරු. ඒත් ඉතිං නාය යෑමක් නිසා ඒ පැත්තේ නවතින්ඩවත් හිතෙනවා යෑ..

      Delete
  2. ආයිත් යන්න ඕන.. තැන්කුයි

    ReplyDelete
  3. Kanda nagala alla udata yanna puluwan. Anna eka thamay yanawanam gamana.

    ReplyDelete
    Replies
    1. අඩේ එහෙම යන්ඩ පුලුවන් නම් මරුනේ..
      ඒත් ඉතිං මේ ටිකේ වැස්ස නිසා ඒ ගමන ගියේ නෑ.

      Delete
  4. දියළුම ගොඩක්ම ලස්සන වතුර අඩු කාලෙට , අර කෝමල ගතිය හොඳටම තියෙන්නේ එතකොට

    ReplyDelete
    Replies
    1. ආයේ යන්න ලැබුනොත් ගිහින් එන්න ඕන..

      Delete
  5. මේ වගීමයි පීස්ස දිය ඇල්ල. හැබැයි බලන්න යන්න තියෙන ගමන නම් හරිම දුෂ්කරයි, හැකිනම් බලන්න යන්න මචෝ..

    ReplyDelete
    Replies
    1. මාත් ආසාවෙන් ඉන්නවා ගිහින් එන්ඩ. ඒත් ඉතිං බදුල්ලේ නවතින තැනක් සෙට් කරගෙනම යන්ඩ එපෑ..

      Delete
  6. අැත්තට ම ලස්සන දර්ශනයක් තමයි...........

    ReplyDelete
    Replies
    1. ඒකනේ.. ඇස් වලින්ම බලන්න ඕන.

      Delete
  7. ඇත්තටම හරිම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ඒකනේ.. සෑහෙන්න ලස්සනයි !

      Delete
  8. හරිම ලස්සනයි. වතුරේ සීතල දැන් පවා දැනෙනවා වගෙයි

    ReplyDelete
    Replies
    1. තුනී වතුර බිංදු වැස්සේ තෙමෙන්න තිබ්බා නම් මරු.

      Delete
  9. ස්තූතියි විස්තරයට.. බලන්න යන කෙනෙකුට වටිනවා.. නාය යෑම් නිසා බෙරගල කොස්ලන්ද වැල්ලවාය මාර්ගයට හානි වෙලා නැද්ද? ලඟකදි යන්න බැරි උනා. ඇල්ල වැල්ලවාය මාර්ගයනම් සෑහෙන්න අබලන් වෙලා පහුගිය නාය යෑම් එක්ක.

    ReplyDelete
    Replies
    1. එච්චර දුරකට ගියේ නෑ.. අපි ගමන පටන් ගත්තේ වැල්ලවායෙන්. බෙරගල ඉදලා ආවොත් තමා කොස්ලන්දට එන්න පුලුවන් වෙන්නේ. වැල්ලවායේ ඉදලා දියලුමට එනකං පාර කිසි කේස් එකක් නෑ..

      Delete
  10. දියළුම නම් මම දෙපාරක්ම දැකල තියෙනවා...

    ReplyDelete
  11. මේක මාර සංචාරයක්නේ. ඉරිසියාවේ බෑ...:P

    ReplyDelete
    Replies
    1. මාර සංචාරයක් නේන්නම්... ආයේ යන්න හිතෙනවා.

      Delete
  12. බොලාගෙ පින්තූර මේ තරම් ලස්සන නම් ඒ පරිසරය මොන තරම් ලස්සන ඇතිද..මට එහෙම හිතුනා.

    ReplyDelete
    Replies
    1. ඒකනේ... මම පින්තූර ගහන්ඩ දන්න එකක් යෑ.. එහෙව් එකේ ඒවා මේ තරං ලස්සන නං ලඟට කෝම ලස්සන තියේද ? මාරම ගති !!!

      Delete
  13. යන්ඩ ඕන ඔය පැත්තෙ ආය සැරයක් බලල එන්න

    ReplyDelete
    Replies
    1. ගිහිං එන්ඩ.. මරු ගමනක් වෙයි ඒක !

      Delete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.