10 October 2012

skype වෛරසයක්

මේ දවස්වල මම ලොවෙත් අන්තරස්ධාන වෙලා ඉන්නේ. ඒ නිසා බ්ලොග් කියවන්නයි ලියන්නයි එන්නම උනේ නෑ. ඒත් අද අපිට මුහුන දෙන්න වෙච්ච සිදුවීමක් නිසා යන්තම් අකුරු තුන හතරක් ලියලා දාන්න හිතුවා.

වෙනදා වගේම ස්කයිප් ලොග් වෙලා මගේ පාඩුවේ මම වැඩ කරගෙන ගියා. ස්කයිප් එකෙන් තමයි මෙහෙ වැඩ කරන අය අදහස් හුවමාරු කරන්නේ. ඒ නිසා ස්කයිප් ලොග්වෙන එක අනිවාර්යයයි.

ටික වෙලාවක් මම වැඩකරගෙන යනකොට මෙන්න බොලේ ස්කයිප් චැට් තොගයක් එකපාරටම ආවා. හැම චැට් එකේම තිබ්බේ පහල තියෙන මැසේජ් එක.

  lol is this your new profile pic?
 http://goo.gl/Ya6Se?image= මගේ ස්කයිප් අයි ඩී එක

මම අදාල ලින්ක් එක ක්ලික් කලා. ඊට පස්සේ එකපාරටම සිප් ෆයිල් එකක් ඩවුන්ලෝඩ් වෙන්න ඇහුවා. ඒකත් ඩවුන්ලෝඩ් කරලා ඩබල් ක්ලික් කරල ඕපන් කලා.  එතකොට සිප් ෆයිල් එක ඇතුලේ ඇප්ලිකේශන් එකක් තියෙනවා දැක්කා.

 ඊට පස්සේ කොයිකටත් කියලා චැට් එක එවපු කෙනාගෙන්ම අහලා බැලුවා මොකද්ද ඒ ෆයිල් එක කියලා. බැලින්නම් ඒක වෛරස් එකක් !!!! අම්මෝ යන්තන් බේරුනා ! ඇප්ලිකේශන් එක රන් කලා නම් ඉවරයි !

 මේ වෛරස් එකේ භයානක කම කියන්නේ විඩින් විඩේ  චැට් මැසේජස් යාළුවෝ ලිස්ට් එකටම යවන එක ! මේ නිසා ලොකු නෙට්වර්ක් ට්‍රැෆික් එකක් හදන්න පුලුවන් ! අතින් එක තමා සමහර ස්කෑනින් වලට මේක අහු වෙන්නෙත් නෑ !

ඒ නිසා කියන්න තියෙන්නේ මේ වගේ ලින්ක් ක්ලික් කරන්න එපා කියන එක !  අපි නම් දවසම පට්ට ෆන් එකක් ගත්තා මේ ස්කයිප් වෛරස් එකෙන් !!

ප.ලි. - ආරක්ෂක හේතුන් මත ඉවත් කරන ලදි..

36 දෙනෙක් අදහස් පලකලා .:

Podi Kumarihami said...

හපොයි දැනගත්තු එක හොඳයි. මම හිතුවෙ Missing in Action කියලයි. :D

පිණිබිඳු... said...

අපිත් ඕන මැසේජ් එකක් බලන්නැතුවම ඕකේ කරනවනෙ. මරන්නද කියලා මැසේජ් බොක්ස් එකක් පොප් අප් උනත් අපි ඕකේ කියයි.

හිරු said...

හානේ මෝඩයෝ... තමන් අමාරුවේ වැටුවේ නැති හින්දද අනිත් උන්ට තව විදියක් කියලම දුන්නේ.... හපොයි... මාත් උදේ ඉඳන් ස්කයිප් එකේ තමා ඉන්නේ.. එහෙනං ඉතිං ෆයිල් එහෙ මෙහෙ යවන එකත් පරිස්සමින් කරන්න වෙයි......

සිතුවිලි සිතූ said...

මමත් ඔය එන මැසේජ් බලන්නේ නැතුවම ක්ලික් කරනවනෙ. හොඳ වෙලාවට මේක දැනගත්තේ.

දිනුක said...

ආ මධුරංග අයියා වැඩ වගේ ඈ......ඔන්න ඉතිං ඉඳලා ඉඳලා ඇවිත් කියලා නෙව වෛරස් එකක් ගැන

මධූ said...

අම්මෝ මමත් ඔහේ ක්ලික් කරනව. තුර පව්නේ.

නිදහසේ නවාතැන said...

හප්පේ දැනුවත් කිරීම ගැන ස්තූති අයියා..
…ඇහිල්ලක් බැලිල්ලක් නෑනෙ අපිටත් යාලුවෙක් ලින්ක් එකක් දැන්මොත් ඉතින් බලනවාමනෙ..
…අයියා බේරුනට මට වගේ උනා නම් ඉතින් සොරි තමයි.

Red Riding Hood said...

අම්මෝ.. දැනගත්ත එක හොඳයි.. හැබැයි ඉතින් මම කොහොමත් ඔය ලින්ක් ක්ලික් කරන්නේ නැ නොවැ..

Pramudi said...

මාත් ඔය දන්නේ නැති ලින්ක් ක්ලික් කරන්න යන්නේ නෑ

මඩිස්සලේ නිශාන් said...

අපිටත් දන්වපු එක ලොකු දෙයක් අයියා

රූ.... said...

දැන් ස්කයිප් දිගෙත් වෛරස් එනවද? අයියෝ..

sAm (සෑම්) said...

හොද වැඩේ නොදන්න රට කෑලි ඇඩ් කොරගන්නවාට !

Timathu ~ ටික්කා said...

Ammoo.. Nona ekaa tharaha unath yalu unath matanam skype oennanna be yanneth ne.. Eka eka baila link click karanneth ne facebook eketh nehe eth 24/7 hathmaluwa kiyawanawa.. Hikz

ළිහිණි said...

හැම එකම " ක්ලික් " කරන්න ගියාම ඔහොම වෙනවලු :P

Timathu ~ ටික්කා said...

Typing mistake.. "nonaa ekaa" nemei "mona ekaa.."

Dinesh said...

හප්පේ.. දවසෙන් වැඩිහරියක්ම ස්කයිපිය පැත්තෙනෙ..
එන්න කලින් දැනුවත් කල එකට ගොඩක් ස්තූතියි..
නැතිනම් මෙලහකට :D

සිරාගෙ කාමරේ said...

හොදා හොදා දැනුවත් කිරීම ගැන මගේ ස්තූතිය...

මඩයා said...

Mevva mehema danuvath karana eka hodayi nathnam ape janathaava ena hama ekama click karanna gihin makka hari karagannava :)

සිත්තමී said...

කමෙන්ට්ස් වලින්නම් පේන්නේ පෝස්ට් එක සමාජසත්කාරයක් වගේ....

මධුරංග said...

හොඳ වැඩේ හැම එකම ඔබල බලන්න යනවට..

ලහිරු said...

මම නම් ඕවා ක්ලික් කරන්න යන්නෙ නෑනේ එදා වුණ වැඩෙන් පස්සෙ...

අළුත් මල්ලි : Shan Dissanayake said...

හ්ම්ම්... කිව්ව එක නම් ගොඩක් හොඳයි... නොදන්න හැම දේම ක්ලික් කරොත් අනාතයි... අපි නොදන්නව වුනාට ගොඩක් මෘදුකාංගත් ඔහොම තමා... ෆ්රීවෙයා වුණත් ගොඩක් අය හිතන්නේ පිං පිණිස දෙනවා කියලනේ...

පැතුම් [සිතුම් පැතුම්] said...

භාවිතා නොකරන හන්දා අවුලක් නෑ. මට අර ප.ලි.ය ගැන හිතාගන්න අමාරුයිනේ. ආරක්ෂක හේතුන් මත කිවේ වෛරස් එක හින්දා ගත්ත ෆන් එක හෙළිකිරීමෙන් මුණ දෙන්න වෙන අතුරු විපාකද මධුරංග අයිය.?

නිසුපා said...

වෙලාවට වැඩිය ස්කයිප් ලොග් වෙන්නෙ නෑ. :D

Chandana said...

මමත් ස්කයිප් නම් පාවිච්චියක් නෑ. ඒත් වැදගත් කාරණයක් ගැනයි අපිව දැනුවත් කලේ..

ඉන්ද්‍රජිත් said...

ස්තූතියි දැනුවත් කිරීමට....

දිනිති දීපිකා said...

මටත් මේක ඊයෙ ආව යාලුවෙක්ගෙන්...මම ක්ලික් කලේ නැහැ. ස්තුතියි මධුරංග ඔයාට වැඩිපුර දැනුවත් කළාට.

නොහික්මුණු ඇස said...

ස්තුති සහෝ දැනුවත් කිරීමට , :) ඔයාගේ මේ පොස්ට් එක නිසා මම ඒ ගැන ආරක්ෂා වෙන හැටි පොස්ටුවක් දැන්ම

http://nohikmunuasa.blogspot.com/2012/10/removing-skype-worm-virus.html
ස්තුතිය ඔයාටයි :)

හිතුවක්කාරි said...

හම්මා... දැනගත්තු එක නම් හොදයි!!!

හිරුහිමාවී said...

ස්තුතියි සහෝ දැනුවත් කිරීමට.

malmi said...

man nam onna mokawath danne naha

Gayani Wedage said...

ස්තුතියි ඔබේ දැනුවත් කිරීමට
http://manasindiviyata.blogspot.com/

මලිති said...

මේ ගැන කිව්වට ස්තුතියි :D

Sanjaya සිතුවිලි said...

ස්තුතියි

මකුළු පැංචි said...

අප්පා....මේක මටත් ආවා...වෙලාවට ඇරියෙ නෑ... :O

SHIRAN LIYANAGE said...

VIRUS EKA INSTALL UNOTH MOKADA KARANNE KEYALA DANNA KENEK INNAWANAM KEYANNA. MAMA DANNA KEYANA COMPANY EKAKA COMPUTER SEVER EKAI SYSTUM EKAI OKKOMA VINASAMA WELA.

කමෙන්ට් එකක් දාලම යමුද ??

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.