05 September 2012

රුබික්ගේ ඝණකය

හන්ගේරියානු ජාතික අර්නෝ රුබික් කියන වාස්තු විද්‍යාව පිළිබඳ මහාචාර්ය 1974 අවුරුද්දේ අපූරු සිතුවිල්ලක් පහල වෙනවා. ඒ තමයි "කඩා වැටෙන්නේ නැතුව කුඩා ඝණක සමූහයකට එක මත එක නිදහසේ චලනය විය හැකි ද" කියන සිතුවිල්ල !


ඒ සිතුවිල්ල ඔස්සේ හිතපු මහාචාර්යවරයා ඒ අවුරුද්දෙම කුඩා ඝණක විසි හයක් එකතු වෙලා හැදිච්ච ලොකු ඝණකයක් නිර්මාණය කරනවා. ඒ තමා රූබික්ගේ ඝණකය (Rubik's Cube) !!!

මේ කියන්නේ මොකද්ද කියලා තාමත් තේරුනේ නැත්නම් පහල පින්තූරෙ බලන්ඩ !





පහලින් තියෙන්නේ සරලම එක !!!


 පහලින් තියෙන්නේ 12x12x12 රුබික් ඝණකයක්... සංකීර්ණත්වය හිතාගත්තෑකි නේ !



රූබික් මහාචාර්යවරයා මේ ඝණකය හැදුවට පස්සේ පොඩි පොඩි ඝණක ටික එහා මෙහා කරලා රටාව වෙනස් කරලා ආයේ තිබුන තත්වයට ගන්ඩ පුලුවන්ද කියලා උත්සහ කරනවා. ටික වෙලාවක් සෙල්ලම් දදා හිටපු මහාචාර්යවරයටම තේරුම් යනවා මේක හිතන තරම් ලේසි නෑ කියලා.

නමුත් මහාචාර්යවරයා ගේම අතාරින්නේ නෑ... කෑලි ටික එහා මෙහා කරලා ඝණකයේ කෙලවරවල් (මුළු) අට හරියට හරියටම හදාගන්නවා.

ඊට පස්සේ ඔය විදිහටම ටික ටික වෙනස් කරලා සම්පූර්ණම ඝණකය තිබ්බ විදිහට හදනවා.ඒකට මේ මහාචාර්යවරයට මාසයක්ම ගත වෙනවා !!!

 රූබික් මහාචාර්ය වරයා තමන්ගේ මේ අපූරු නිර්මාණයට 1975 අවුරුද්දේදි පේටන්ට් අයිතිය පවා ලබා ගන්ඩ අමතක කරන්නේ නෑ.. ඒ වගේම තමයි මේ නිර්මාණය නිසා රුබික් මහාචාර්යතුමාට දස ලක්ෂපතියෙක් වෙන්ඩත් වාසනාව උදා වෙනවා....

-----------------------------------------------------
ප.ලි. - රූබික් ඝණකය කියන නමින් දන්නේ නැති උනාට මටත් පොඩි කාලෙදි මේ ඝණකයක් තිබිලා තියෙනවා. ඒ උනාට මට නම් ඕක හරියටම හදාගන්ඩ බැරි උනා.

ඔය ඝණකය එහා මෙහා කරලා ආයෙම තිබ්බ විදිහට හදන්ඩ පුලුවන් සිස්ටෙක් (සිස්ටම් ඉංජිනේරුවෙක්) අපේ වැඩපොලේ ඉන්නවා... මිනිහා වැඩ කරලා එපා වෙච්ච වෙලාවට ඕක හද හද ඉන්නවා දැක්කහමයි මට මේ කතාව හොයන්ඩ හිතුනේ...
 
ප.ප.ලි. - මේකේ ක්‍රමේ අල්ලගත්තම වැඩේ සෑහෙන ලේසියි. එච්චර ගේමක් නෑ... !!! ක්‍රමේ ඉගෙන ගන්ඩ කැමති කෙනෙක් ඉන්නවනම් මෙන්න මේ වීඩියෝ එක බලන්ඩ !

38 දෙනෙක් අදහස් පලකලා .:

සිරාගෙ කාමරේ said...

ඔය ගැජට් එක මම නම් අල්ලලා වත් නෑ... පොඩි කාලෙ කෑලි එහෙට මෙහෙට කරලා සත්තුන්ගෙ රූප හදන්න පුලුවන් ගැජට් එකක් නම් මට තිබුනා මතකයි...

සිඳු said...

මේක මමත් හරි ආසා එකක්. හදන්නත් පුළුවන් වෙලා තියෙනවා ගොඩාක් දුරට යනකම්. ඉතුරු ටික හැදුවෙ නෑ, අනිත් අයට අවස්ථාවක් දෙන්න ඕනා නිසා.lol

මධුරංග බලල තියනවද pursuit of happiness මූවි එක? ඒකෙ ප්‍රධාන නළුවාට (විල් ස්මිත් තමයි රඟපෑවෙ) වාසනාව ගේන්නෙ මේ රූබිස් ඝණකය නිසා.

Pathum Herath said...

මමත් ට්‍රයි කරල අත ඇරල දාපු එකක්... වීඩියෝ එක බලලවත් ගොඩ දාන විදිය ඉගෙන ගන්න ඕනෙ..

තරියා අබේ said...

අනඳ අභිමන් එකේ මැත්ස් සෙක්ෂන් එකේ කොල්ලෙක් තප්පර 30කිං ඕන තරමක් අනලා දෙන රූබික් කැටයක් හදලා පෙන්නුවා....
මමනං හදාගන්න බැරිඋනාම කඩලා ආපහු ෆිට් කරනවා..
සිරා සොයාගැනීමක් තමා..

Podi Kumarihami said...

අනේ මට බෑ අය්යෝ...:D:D:D

Weni said...

මන් ළඟ අර සෝනි ලැපෙක් ගන්න කොට දීපු එකක් තියෙනවා.. තාම හරි ගස්ස ගන්න නම් බැරි උනා.. වීඩියෝ එක බලලා.. ට්‍රයි එකක් දෙන්නම් !

Anonymous said...

මේක හදන්න මමත් හෙන ආසයි. කොච්චර ට්‍රයි කලත් හරි ගියේම නැහැ. අන්තිමට පොළොවේ ගහල නිකම් ඉන්නවා, දැන් නම් මේක බලන් හදන්න පුළුවන් වෙයි .මේ ලිපිය මේ විදියටම මම තව තැනක දැම්මා. ඔබේ අයිතිය තහවුරු කලා...ස්තුතියි ...

හිරු said...

මාත් මේක හදන්න ට්‍රයි කරලා තියෙනවා... තාම නං බැරි උනා.... එකක් අරගෙන ආයිත් ට්‍රයි කරන්ඩ ඕනෙ ගෙදරට වෙලා ඉන්න එකේ....

ඉන්ද්‍රජිත් said...

ඕක මරු වැඩේ...මමත් උත්සහ කරල තියෙනව...ඒත් එක පැත්තයි එක වෙලාවකට හදන්න පුලුවං....

ළිහිණි said...

හා හා පුරා කියලා ජොබ් එකක් කරන්න පටන් ගත්ත පළවෙනි කොම්පැනියේ ඔය වගේ ඝණක තියලා තියෙනවා. ඒ ඇයි දන්නවද...වැඩ වැඩි වෙලා Stress වෙලා ඉද්දී ඔය ඝණකය පාවිච්චි කරලා මහන්සි වෙච්ච මොළයට විවේකයක් දෙන්න කියලා.මොළේට විවේකය කෙසේ වෙතත් , එක හදා ගන්න හැමදාම ට්‍රයි කලත් මට නම් බැරි උනා...හැබැයි හැමෝම කියන්නෙ ඕකෙන් මොළේට හොඳ ව්‍යායාමයක් ලැබෙනවලු

මඩිස්සලේ නිශාන් said...

මං ඕවා දැකලා තිබ්බට අතින්වත් අල්ලන්න හම්බවෙලා නැහැ

දිනුක said...

මමත් ට්‍රයි කළානේ.ඒ උනාට බැරි උනා.මක් කොරන්ඩද පුංචි මොළේට එච්චර වෙහෙස දෙන්ඩ හොඳ නෑ නෙව.

Rikko mee said...

මටත් නම් තාම ඕක හදාගන්න බැරි උනා.ඒත් මගේ යාලුවෙක් නම් කිව්වා හදන්න පුළුවන් ක්‍රමයක් ගණන් වලින් තියෙනවා කියලා :)

Sabith said...

මට ඕක හදන්න පුලුවන් විනාඩි 3.5කින් වගේ! :)

ashan said...

මම නම් ඕක හදන්න ඉගෙන ගත්තේ මෙන්න මේ වෙබ් අඩවියෙන්... http://www.ryanheise.com/cube/beginner.html

දූපත් වැසියා said...

ක්‍රම 2ක් තියනව හදන්න.
1) හරි විදියට කරකවල හදන එක. මට ටිකක් වෙලා අරගෙන පැති 2ක් තවත් මහන්සි වෙලා 3න් පැත්ත හදල තියනව එතනින් එහා බෑ.
2)ඔය හැම පැත්තේම හරි මැද තියන කොටුවේ ඇණයක් තියනව, පාට ගාපු ප්ලාස්ටික් කොටසට යටින්. ඒක පැති 3 ක ගැලෙව්වොත් ඔක්කොම ටික ගලවන්න පුළුවන්. පස්සේ හරි පාට ටික තියල ඇණ දාල හදන්න පුළුවන්. ගැලෙව්වම හිතන තරම් අමාරු තියරියක් නැති බව පෙනේවි.

අටම්පහුර said...

මට නං ඔය මංගල්ලේ දචකින කොටත් ඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ

Alexander Cage said...

මගෙත් එකක් තිබුනා මතකයි.. හැදුවේ නෑ මම මයේ හිතේ..

sAm (සෑම්) said...

ස්තුති ගොඩක්...

මම ඕක හදන විදිහහොය හොය හිටියේ බං. එක පැත්තක එක පාටක් විතරක් හදල කල්පනා කරනවා. දැන් වත් බලන්නෝනි..


ජය !

පැණි දොඩම් said...

මල්ලි ඕකට ඇල්ගොරිදම් එකක් තියෙනවා. නෙට් එකේ බලපං

ලහිරු said...

මම නම් මොළේට ව්‍යායාම දෙන්න යන්නෙ නෑ, පව්නෙ! මටත් ඕක හදන්න බෑ, වීඩියෝ එක බලලවත් ඉගෙනගන්න ඕන...

සිතුවිලි සිතූ said...

මටත් කවදාවත් හදාගන්න පුළුවන් වෙලා නෑ. වීඩියෝ එක වත් බලමුකො...

ළහිරු හිමේෂ් said...

මම නම් ඕක පාවිච්චි කරන්නේ පොඩි පොඩි දේවල් තියලා තියෙන ලස්සන අයිටම් එකක් විදියට. එකම එක පාරක් හදලා තියෙනවා. :)

මල්සරා @ ≈ මගේ ජීවිතය ≈ said...

ම‍ටත් කම්මැලි දැනුන වේලාවට ආසම සෙල්ලමක්...

Anonymous said...

//අටම්පහුර said...
මට නං ඔය මංගල්ලේ දචකින කොටත් ඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ//

gon harakta ehema hithenawa

Anonymous said...

ජීවිත කාලෙම ගියත් මේක හදන්න බැරි අය ඉන්නවා

කෝරලේ මහත්තයා said...

විකාර වෙලා තියෙන ඔලුව තව විකාර වෙනවා ඕක හදන්න ගියොත්.

Hasitha said...

3 idiots film එකෙත් අමීර් ඛාන්ගේ අතේ ඕකක් නේද තියෙන්නේ ?

මට නම් ඕක හදන්න පුරුදු වෙලා තියෙන්නේ කෑලි ගලවලා පස්සේ එකෙන් එක සෙට් කරලා :D

Kasun Dayananda said...
This comment has been removed by the author.
Kasun Dayananda said...

මේක ජොලි වැඩේ මමත් හදන විදිහYOu tube බලල ඉගෙනගත්ත :D

මධුරංග said...

@සිරාගෙ කාමරේ :
ඒකක් මටත් තිබ්බා. ඔය වගේ ගැජට් වලට මාත් මාර ආසයි.

@සිඳු :
ඒ පිචර් එක නම් බලලා නෑ...
ඔයා ඉස්පිරිතාලේ යනකොට ඔය කැටයක් අරගෙන යන්ඩ. නිවාඩු වෙලාවක හදන්ඩ පුලුවන් නෙව !

@Pathum Herath :
ඔන්න මට නම් එක පැත්තක් හදාගන්ඩ පුලුවන්... අනික්වා බෑ..

@තරියා අබේ :
හැමදාම ආනන්දේ ඉස්සරහින් වැඩට ගියත් මට ඔය ප්‍රශර්ශනේ බලන්ඩ එන්න උනේ නෑ නෙව !

@Podi Kumarihami :
ඔයා ඔහොම කිව්වම මගේ හිත කීරි ගැහුනා... හික්ස් :)

මධුරංග said...

@Weni :
සොෆ්ට්වෙයාර් එකක් දෑ ?

@Anonymous :
ලිපිය බෙදා හදා ගත්තට ස්තුතියි !

@හිරු :
ඔවු. නිවාඩුපාඩු වෙලාවක ඕකක් අරගෙන හදන්ඩ උත්සහ කරන්ඩ !

@ඉන්ද්‍රජිත් :
මටත් ඒ සෙතේම තමා. එක පැත්තයි !!!

මධුරංග said...

@ළිහිණි :
සමහර තැන් වල ඔය වගේ එක එක අයිටම් තියෙනවා ස්ට්‍රෙස් අඩු කරගන්ඩ !!

@මඩිස්සලේ නිශාන් :
මංගල්ල පොලකින් එකක් ගත්තා නම් හරි නේ මලේ !

@දිනුක :
අපොයි ඔවු.. උබලා පාඩම් කරන ප්‍රමානෙම මදෑ !

@Rikko mee :
ඔවු... අර වීඩියෝ එක බලන්ඩ !!!

@Sabith :
පට්ට කොල්ලෙක් !

මධුරංග said...

@ashan :
ඒ සයිට් එකට ගිහින් බලන්ඩ ඕනා... :)

@දූපත් වැසියා :
අපේ මලයා නම් උත්සහ කරන්නේ අර දෙවෙනි ක්‍රමේට !

@අටම්පහුර :
ඒ මොකෑ ඒ ?

@Alexander Cage :
ඔන්න එහෙනම් දැන් ඒකට කාලේ හරි. දූවිලි පිහලා එහෙම ගන්ඩ !

@sAm (සෑම්) :
එල එල !
ට්‍රයි කරලා බලන්ඩෝ !

මධුරංග said...

@පැණි දොඩම් :
අපොයි..... ඇල්ගෝරිදම් මතක් කරන්ඩත් එපා !

@ලහිරු :
අන්න හරි අන්න හරි !
කිසිම දෙයක් බෑ කියලා අතාරින්ඩ එපා

@සිතුවිලි සිතූ :
වීඩියෝ එක බලලා ඉගෙන ගෙන ට්‍රයි කරලා බලන්ඩෝ !

@ළහිරු හිමේෂ් :
මාත් උත්සහ කරලා බලන්ඩෝන !

@මල්සරා @ ≈ මගේ ජීවිතය ≈ :
ඒ කියන්නේ මේකේ දක්ෂයෙක් දෑ...

මධුරංග said...

@Anonymous :
හික්ස් :)

@Anonymous :
අපොයි නෑ. ට්‍රයි කලොත් බැරි වෙන් නෑ...

@කෝරලේ මහත්තයා :
නෑ නෑ එහෙම වෙන්නේ නෑ... උත්සහ කරලා බලන්ඩ !

@Hasitha :
ඌ අමිර් කාන් නෙමෙයි !
පන්ශුකු වන්ගුඩු නොහොත් රැන්චෝර්දාස් චාමල්දාස් චන්චාඩ් !

@Kasun Dayananda :
ඒකනේ.... අන්තර්ජාලෙ හැමදේටම විසදුම් තියෙනව !

හිරුහිමාවී said...

ට්‍රයි කරලා නම් තියනවා ඔහොම ඒවා..
හච්චෝ..පිස්සු හැදිලා තමා නවතින්නේ :)

Anonymous said...

හලො @තරිය අබෙ-මම තමයි ආනන්දෙ ප්‍රදර්ශනෙ හිටියෙ.මම කෑටෙ හදන සාමාන්ය වෙගය තත්පර 30 නෙමෙයි තත්පර 15.
මෙ තියෙන්නෙ video එකක්.
prasadmanjulago@gmail.com

http://www.youtube.com/watch?v=OqGvkIlQ_-g

කමෙන්ට් එකක් දාලම යමුද ??

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.