15 July 2012

කොළඹ නටපු දහ අට සන්නිය

මීට සති දෙහෙකට විතර උඩදි අපේ ජනියා මලයා එයාලෑ විශ්ව විද්‍යාලයේ පවත්වන්න යන දහ අට සන්නි ශාන්තිකර්මයක් ගැන ලියලා තිබ්බා. ඉතින් මේ ලිපිය කියවපු වෙලේ ඉදන් ඒ ශාන්තිකර්මය බලන්ඩ යන්න මට මාර ආසාවක් තිබ්බේ. ඒ නිසාම ජනියා මලයට බුකියෙන් පණිවිඩේකුත් තිබ්බා අපට එන්න බෑ ද කියලා අහලා.

අවුලක් නෑ එන්ඩ පුලුවන් කියලා ප්‍රතිචාරයක් දාලා තිබ්බ නිසා ගිය සිකුරාදා සන්නි බලන්ඩ යන්න ලක ලෑස්ති වෙලා හිටියා. පොඩිම කාලේ අපේ අප්පච්චිත්තෙක්ක සන්නි බලන්ඩ ගිහින් තිබ්බට කවදාවත් ඉවර වෙනකන්ම බලලා තිබ්බේ නෑ. රෑ මැදක් වෙනකොට "දැන් ඉතින් ඔය මදෑ. යං !" කියලා එක්ක යනවා.

සිකුරාදා හවස වැඩ ඇරිලා එහෙම්ම ගියා නුගේගොඩ යාළුවෙක්ගේ බෝඩිමකට. ගිහින් ඇඟපත හෝදගෙන රෑ කෑමත් කාලා  සන්නි භූමියට ආවා. හොද වෙලාවට මම් එනකොට සන්නි පටන් අරන් නෑ.

 ටික වෙලාවකට පස්සේ මුලාසනයේ හිටපු සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ආරියරත්න කළුආරච්චි මහත්තයා ආරාධිත කතාවෙන් සන්නි යකුම ශාන්තිකර්මයේ උත්පත්ති කතාව කිව්වා.

කතාව කෙටියෙන්ම මෙහෙමයි,

ලිච්චවි නුවර රජකම් කරපු සංඛපාල රජතුමාගේ බිරින්දෑ වෙච්චි අසූපාල කුමාරියට මී ඇඹ කන්න දොලදුකක් ඇති වෙනවා. සංඛපාල රජතුමා මේ දොළදුක තියා කුමරිය දරුවෙක් පිළිසිඳගෙන ඉන්න වගක්වත් දන්නෑ නෑ. ඔය අල්ල පනල්ලේ රජතුමාටත් යුද්ධයකට යන්ඩ වෙනවා. යුද්ධය ඉවර වෙන්ඩ දින සති ගෙවෙනවා.

කුමරිය දරුවා පිළිසිඳගත්ත කාලයේම කුමරියගේ මෙහෙකාරියත් දරුවෙක් පිළිසිඳගන්නවා.ඉතින් මේ දාසියටත් ඔය කියන දොළදුකම හැදෙනවා ලූ. ඉතින් මේ කුමරියගේ දොළ සංසිදවන්න රාජපුරුෂයෝ යවනවා මි අඹ ගේන්න. වැඩේ කියන්නේ ඒ කාලේ මී අඹ අවාරෙලු. තිබ්බෙත් එකම එක මී අඹයක් ලූ. රාජපුරුෂයෝ මේ මී අඹය කුමරියට ගෙනල්ලා දුන්නලු.කුමරිය මී අඹ කනවා දැකලා දාසියත් කෑල්ලක් ඉල්ලුවා ලු.

නමුත් කුමරිය කමති උනේ නෑ දාසියට අඹ කෑල්ලක් දෙන්න. මේ දාසිය, කුමරිය කෙරෙහි උපන් තරහව ඇති කරගෙන රජතුමාට කේලම් කිව්වා 'කුමරියට ලැබෙන්න ඉන්න දරුවා මහ ඇමතිට දාව උපදින දරුවෙක් !' ය කියලා. මේ කතාව විශ්වාස කරපු රජතුමා, කුමරියව අමු සොහොනක තිබ්බ කැබැල්ල ගහක එල්ලලා දෙකඩ කලා ලු.

කුමරියව දෙකඩ කලාට කුමරියගේ කුසේ හිටපු කුමාරයාට මුකුත් උනේ නෑලූ. දෙකඩ වෙච්ච කුමාරියගේ කුසෙන් කුමාරයෙක් බිහි උනා ලූ. තම මවගේ සිරුරේ ඕජස් බීලා මේ කුමාරයා හැදුනා ලු. පහලොස් වියට පැමිණිච්ච මේ කුමාරයා තම මව් මරපු පලිය ගන්න සියළු වස විස එකතු කරලා ගුලි දහ අටක් ඇඹරුවා ලු. ශක්‍රයා මේ ගුලි 18, යක්කු 18 දෙනෙක් කලා ලු.

පහු කාලිනව අර කුමාරයා මහ කෝල සන්නි යකා උනා ලූ. අර ගුලි දහ අටෙන් ඉපදුන කට්ටිය මහකෝල සන්නි යකාගේ පිරිවර උනා ලූ.ඉතින් මේ යක්ෂ සේනාව විශාලා මහනුවර තුන් බිය ඇති කරන්න සමත් උනාලූ. අප ගෞතම බුදුරජානන් වහන්සේ මේ තුන් බිය දුරු කරන්න රතන සූත්‍රය දේශනා කර වදාල බව කවුරුත් දන්නවා නේ ?

ඔන්න ඕකයි කතාව. නමුත් අපේ කළුආරච්චි මහත්තයා තව මතයක් ඉදිරිපත් කලා. මට මතක විදිහට ඔය සන්නි ටික සේරම ඉපදුනේ මහා කෝල සන්නි යකා 'හඃ' කියලා හෙලපු හුස්මකින් ඇති වෙච්ච දුර්ගන්ධවත් වායුවකින් කියලා.

කොහොමින් කොහොමහරි සන්නි යක්කු එනකොට යක්කු ගස් නගින වෙලාවත් පහු වෙලා. රෑ දොලහා උනා. යකෙක් ආවට පස්සේ උගේ නම ගම අහනවා අහලා ආතුරයාට සෙත් පදලා දොළපිදේනි අරන් යකා යන්ඩ යනවා. යක්කුත් එක්ක කතාව නම් මරු. හිනා වෙලාම පන යනවා.

(කතා බහෙන් නම් මුන් හෙන වලත්ත යක්කු ! දෙපැත්ත කැපෙන කතාමයි කියන්නේ. !)

පාන්දර දෙක විතර වෙනකොට මහාසෝන් සමයමත් පෙන්නුවා. ඒකට නම් පැයක් විතර ගියා.හොරණ ශ්‍රීපාලි මණ්ඩපයේ මලයෙක් තමා නැටුවේ. මුන්දෑ කුකුලා අල්ලපු විදිහට මට හිතුනේ කුකුලෑ කකුල් දෙකෙන් ඉරලා දාවි ය කියලා. උදේ හතරට විතර කෝපි පොල් කට්ටක් එහෙමත් ආවා. ඒ වෙනකොටත් මට එන්ඩ කියපු ජනියා මලයා පැත්ත වැටිලා නිදියෑවා.

සම්පූර්ණ වැඩේ ඉවර වෙනකොට උදේ හය විතර උනා.මුලු රෑක් ඇහැරන් හිටිය නිසා උදේ වෙනකොට මඥ්ඥං වෙලා වගේ. නොසෑහෙන්න වැනෙන්න ගත්තා.
(තාමත් මඥ්ඥංද මන්දා)

ගෙදර ඇවිත් වරු තුනක් නිදියෑවා. මේක ටයිප් කරන වෙලාවෙත් නිදිමතයි.අපේ අම්මා කියන විදිහට මට සිකුරිටි ජොබ් එකක් එහෙම ලැබුනොත් නිදියලා ඉවරයක් නැති වෙයි ලූ.

මොනා උනත් වැඩේ නම් පංකාදුයි !!

----------------------------------------------------------------

ප.ලි. - සන්නි ගැන වැඩිදුර කියවන්න ලංකාදීප පත්තරේ ලිපිය කියවන්න.

51 දෙනෙක් අදහස් පලකලා .:

නදී said...

අඩේ මටත් මී අඹයක් කන්න හිතුනා.රහ ඇතිනේ?.අපෝ මෙයා සන්නි බලලා අපිට වද දෙනව යක්කු එවන්නද අහල

රාජ් said...

දාසියගෙ දරුවත් රජාගෙම වෙන්ටැති. ඒකනෙ එක‍ම දොලදුක හැදුනෙ.

හිරුහිමාවී said...

හී හී..මාත් යන්න ඕන වෙලාවක..

කතන්දර Kathandara said...

මට හිතුනෙත් රාජ්ට හිතුණු දේමයි. ඒ හින්දම තමයි දාසිය කියපු ගමං රජා ඒක විශ්වාස කලේ. කොටු පණින මිනිහා හිතනවා ඇත්තේ තමන්ගේ ගැණීත් එහෙම ඇති කියලනේ.

දිනුක said...

ඔන්න නදීටත් දොළක් පහල වෙලා.

මමත් පොඩි කාලෙ එක පාරක් දහ අට සන්නිය බලලා තියෙනවා.ඊට පස්සෙනං හම්බ උනේ නෑ.

අඩවි රජ said...

මාර සීන් එක නේ... :-)

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

හරී said...

දහාට සන්නියෙ මූලාරම්භය අදමයි ඇහුවෙ..

මම නම් 18 සන්නියක් බලලා නෑ.. වෙලාවක ඔයාලගෙ ගෙවල් පැත්තෙ එන්නද?

ela kollek said...

අපිට කොහෙන්ද මචන් ඔය ආතල් ගන්ඩ වෙලාවක්!!!

prasanna86k said...

දහ අට සන්නිය බැළුවා වගේ තමා කතාව කියෙව්වම...

මකුළුවා..... said...

දහ අට සන්නිය තාම බලන්න අවස්ථාවක් නම් ලැබුනේ නෑ...හම්බුන ගමන් යන්න ඕනේ බලන්න.....

විසිතුරු said...

අපරාදේ! අයියා එනවග දන්නවා නම් සෙට් වෙන්න තිබුණා. මමත් හිටියා එදා.....

sAm (සෑම්) said...

සන්නි 18 මොනාද බං ?

Dinesh said...

සන්නියක් මම බලලම නෑනේ...

Podi Kumarihami said...

කලින් අහලා තිබුනේ නෑ. ගොඩක් වටිනවා විස්තරේ. ලියලා තියනවත් ලස්සනයි. :)

වින්චැට් කිරිල්ලි. said...

මේ බ්ලොග් අවකාශෙ තියන සන්නි ටික දැක්කාම 18 සන්නිය මොනාද කියල හිතෙනව.......

Anonymous said...

photos danna

අපරාජිතයා :::: Aparajithaya said...

හප්පා එක පාරක් අපේ ඉස්කෝලෙත් නැ‍ටුවා දහ අට සන්න්යක්....... කුනු හරුපනම් කිව්වා නෙමෙයි මැරුවා... ඔය කුකුලා අල්ලගෙන නටන සීන් එකෙදී පට්ට ආතල් එකකුත් දුන්නා කට්ටියට........

සිතුවිලි දැහැන said...

සන්නියක් නම් මම කවදාවත්ම දැකලා නෑනේ..හැබැයි මොන වගේද කියලා බලන්න නම් ආසයි දැන්නම්....

මඩිස්සලේ නිශාන් said...

මාත් තාම සන්නියක් දැකලා නැහැ

පිණිබිඳු... said...

ෆොටෝ ටිකකුත් දාන්න මධුරංග

අවතාර් said...

දැන් එහෙම ඔය සන්නියක යකෙක් ආවොත් ආපු ක්ෂණික ආපහු යනවා මෙහෙ ඉන්න උන් යක්කුන්ටත් අන්තයිනේ

නිසුපා said...

අඩේ මිස් වෙලා නොවැ.මටත් ඔයාට වුන සෙතේම තමා පොඩි කාලෙ වුනේ.

ක්සැන්ඩර් | Xander said...

මමත් ආසාවෙන් ඉන්නවා ඔය සන්නියක් යක් නැටුමක් බලන්න. තවම බැරි උනා.

තරුවා said...

යකෝ හැම තැනම යක්කුනොවැ...එළ ඈ..මාත් මේ දවස් නල යක්කු එක්කමයි..

හිතුවක්කාරි said...

මම බලලත් නෑනෙ සන්නියක්!!!! :( බලන්න ආසාවක් නම් තියෙනවා... :D

කිරිල්ලිගෙ කමෙන්ට් එක තමා මරු!!! හික්ස්ස්... :D

සිඳු said...

අහලා නැති කතාවක්. මගෙ ලොකු ආසාවක් තියනවා මේ වගේ එකක් බලන්න. දැකලා නෑ තවම

Bindi said...

වටිනා අවස්ථාවක් . අපිත් පොඩි කාලේ ඔය තොවිල් බලන්න හෙම ගියාට ඉවරයක් වෙන්න බලලා නැහැ . අපෝ මහා මෝඩ රජ ගොල්ල ඒ කාලේ ඉඳල තියෙන්නේ . හිතක් පපුවක් තිබිලත් නැහැ .

ඉන්ද්‍රජිත් said...

සිරාවට මරු වැඩක්...

ලහිරු said...

බොලෑ අප්පච්චි නම් බොලා නිසා ඕනතරම් දහ අටසන්නි බලලා ඇති හිච්චි සන්දියෙ ඉඳන් ම මයෙ හිතේ!!! ශක්‍රයා මොකටද ගුලි ටික යක්කු කළේ, වෙන මොකක් හරි කරන්න තිබ්බනෙ, එහෙම කළේ නැත්තම් ඔය කිව්ව තුන්බිය නෑනේ. අනේ මන්දා මටත් මහ විකාර ප්‍රශ්න... ඵල ඵල!

දයානන්ද රත්නායක said...

මමත් දැක්කා කොළඹ විහ්ව විද්‍යාලයේ ඉදිරිපිට මේගැන ලියලා ලොකු කටවුට් එකක් දාලා තිබුණා. හැබැයි මම කැමිපස් එකට ඇවිත් ගියා ඒ සෙනසුරාදා එතකොට වැඩේ ඉවර වෙලා.

Hasitha said...

ෆොටෝස් ගත්තේ නැද්ද අයියා ?

දුමී said...

අර දහ අට සන්නිය හැදිච්ච කතාව කලින් අහලා තිබුනට මතකේ තිබුනේ නෑ. ඒක මතක් කලාට ස්තූතියි.

මමත් කැමතිම ඔය යක්කුන්ගේ ඩබල් මීනින් ජෝක් වලට තමයි.

පැතුම් [සිතුම් පැතුම්] said...

මමත් ඉස්කෝලේ යන සන්දියේ කොහොඹා කන්කාරියක් බලන්න ගියා, ඒකත් ශාන්තිකර්මයක්නේ. ඒක බලන්නත් හෙන කට්ටක් කෑවා. මේ කතාවල උප්පත්ති කතා නම් හරි අමුතුයි. අර දෙපැත්ත කැපෙන කතා ගැනනම් කියල වැඩක් නෑ මධුරංග අයියේ.

ඩොටි ගේ කතාව said...

මමත් ගියා ඔය සන්නියක් බලන්න. අපි ඒලෙවෙල් කරන කොට. අපිට බලන්න් අනිවාර්ය කරලා තිබුනේ. මොකද අපි නාට්‍ය හා රංග කලාවනේ කරේ. ඉතින් අපි ගියේ යුනිවසිටි ඔෆ් රජරටට. අෆෝ....
එතන සන්නි ගොඩක් තිබුනා... 18 සන්නි වෙනුවට සන්නි 60 ක් විතර තිබුනා... දන්නැද්ද කැම්පස් කොල්ලෝ කෙල්ලොනේ හිටියේ.. අපි ඉතින් ඔරිජිනල් සන්නිය බලන ගමන් හොරෙන් හොරෙන් අනිත් සන්නිත් බැලුව්...

ඇත්තටම ජීවිතේ එක වතාවක් හරි මෙම සන්නියක් බලනඑක ගොඩක් වැදගත්.....

nawammawatha said...

මමත් පොඩි එකා කාලෙ බැලුවයි පස්සෙ දහාට සන්නියක් දැක්කෙ නෑ. ගරා යකා අයිලෙ පදින්නෙත් ඔතනදි නේද. ඌ නං මහ කුපාඩි යකෙක් වගේ තමයි මතක.

මධුරංග said...

@නදී :
ඔයා එදා බය උනා නෙහ්. නිදියන්ඩ යන වෙලාව නේ.:)

@රාජ් :
හොද ප්‍රශ්නයක් !!!

@හිරුහිමාවී :
කට්ටියත් එක්කම ගිහින් බලන්ඩ !! :)

මධුරංග said...

@කතන්දර Kathandara :
හ්ම්ම්ම්... ඒකත් හොද තර්කයක් !!!

@දිනුක :
ආයේ වෙලාවක තිබ්බොත් යං ! අනිවා යන් මලේ !

@අඩවි රජ :
මාර සීන් එක නේන්නන් !

මධුරංග said...

@හරී :
නොදන්න දෙයක් අහන්ඩ ලැබුනානන් ඒ ඇති... :)

@ela kollek :
වෙලාවක සෙට් වෙලා යං !

@prasanna86k :
කොහෙද ඉතින් බොලාට වැඩ නේ පහුවෙනිදා. නිවාඩු දාන එක අපරාදේ නෙව

මධුරංග said...

@මකුළුවා..... :
අනිවාර්යෙන් යං. පට්ට ෆන් ලෝකයක් මේක !

@විසිතුරු :
අයියෝ... කවුදෑ දන්නේ. අපරාදේ

@sAm (සෑම්) :
ඔය ලංකාදීපේ ලින්ක් එක බලහන් මචෝ !!!

මධුරංග said...

@Dinesh :
වෙලාවක ලංකාවට ආවොත් තියෙන දවසකුත් සෙට් උනොත් කියන්නම් :)

@Podi Kumarihami :
අම්බෝ වඩාගෙන උම්මා එකක් දෙන්නත් හිතෙනවා... :)

@වින්චැට් කිරිල්ලි. :
ඒ තරමටම මේකේ සන්නි තියෙනවද ?

හරී said...

@ මධුරංග,

මේ ටික දැකලා නෑ..

"මම නම් 18 සන්නියක් බලලා නෑ.. වෙලාවක ඔයාලගෙ ගෙවල් පැත්තෙ එන්නද? "

මධුරංග said...

@Anonymous :
ෆොටෝ ගැහුවේ නෑනේ. :(

@අපරාජිතයා :::: Aparajithaya :
අඩේ උබත් බලලා තියෙනවද. එල නේ !!! එල කොල්ලෙක් !

@සිතුවිලි දැහැන :
වෙලාවක ගෙදර කට්ටියත් එක්කලා යන්ඩ. ගිහින් බලන්ඩ !

මධුරංග said...

@මඩිස්සලේ නිශාන් :
බොලාලාව තමා එක්ක යන්ඩ වටින්නේ. වෙලාවක යන් !!!

@පිණිබිඳු... :
ෆොටෝ ගැහුවේ නෑනේ අක්කා. :(

@අවතාර් :
දහ අට සන්නියට වඩා මෙහේ යක්කු වැඩියි නෙ. හික්ස් :)

මධුරංග said...

@නිසුපා :
එනවා කියලා දන්නවා නම් කියනවා අක්කටත් !
කොහෙද ඉතින්.....

@ක්සැන්ඩර් | Xander :
ඔය ගම් පලාත් වල නම් සෑහෙන්න සන්නි නැටුං ඇති...

@තරුවා :
නල යක්කු ? ඒ මොක්කු ?

මධුරංග said...

@හිතුවක්කාරි :
කිරිල්ලිගේ කමෙන්ට් එකට ඒ තරම්ම ආසද ? වෙලාවක කොළඹ ඉන්න එකේ යාළුවෝ සෙට් කරගෙන යන්ඩ තියෙන්නේ.

@සිඳු :
වෙන්ඩ මහත්තයාත් එක්කලා යන්ඩ තියෙන්නේ :)

@Bindi :
හිතක් පපුවක් තිබ්බා නම් එහෙම වෙන්නේ නෑ නෙ.

මධුරංග said...

@ඉන්ද්‍රජිත් :
මරු වැඩක් නේන්නම් :)

@ලහිරු :
එක එක්කෙනා හිතන විදිහ වෙනස් නේ. හික්ස් :)
අපොයි ඔවු අපේ අප්පොච්චා යක්ෂ නැටුං දැකලා ඇති. හික්ස් :)
මම නම් ගරා යකෙක් !!!

@දයානන්ද රත්නායක :
අපරාදේ.කලින් සෙට් උනා නම් යන්ඩ තිබ්බා.

මධුරංග said...

@Hasitha :
නෑ මලයා. ෆොටෝස් ගන්ඩ තරම් සිහියක් තිබ්බේ නෑ.

@දුමී :
ඒවා නම් පට්ට ජෝක් !
පොඩ්ඩක්වත් කම්මැලි හිතෙන්නෙම නෑ ඒ ජෝක් අහනකොට !

@පැතුම් [සිතුම් පැතුම්] :
මම නම් කොහොඹා කංකාරිය බලලා නෑ. වෙලාවක සෙට් උනොත් ඒකත් බලන්ඩ යනවා !

මධුරංග said...

@ඩොටි ගේ කතාව :
නාට්‍ය හා රංගකලාව තියෙන්නේ උසස් පෙළට නේ ? ඒ කියන්නේ ඔයා කළා විෂයයන් කරපු කෙනෙක් දෑ.
කොහොම උනත් කමක් නෑ. මගේ අඩවියට සාදරයෙන් පිලිගන්නවා !!!

@nawammawatha :
අයිලෙ පදිනවා ? මට නම් මුකුත් ම හිතුනේ නෑ ඕං !!! :)

@හරී :
ආහ් සොරි මචං. හදිස්සියට කමෙන්ට් කරාගෙන කරාගෙන ගියා.

හරි හරි වෙලාවක එන්ඩ. ගරා යකෙක්ගේ වැඩ බලාගත්තෑකි. ආහ්.... මෙඩිකල් කරන රීරි යකෙකුත් ඉන්නවා නෙව !!!

mudithsilva said...

colombo science faculty eke wadak keroth elama thama ,...... niyamai !!!!

Anonymous said...

when i read this i felt so sad about not watchng the whole program after stayng there for the whole day also..too tired to watch it dat day..need to watch it at least online :)

http://www.cmb.ac.lk/academic/Science/posts/sanni-bhumi-%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%92-%E0%B6%B7%E0%B7%96%E0%B6%B8%E0%B7%92-2012

....ජනියා.... said...

හි හි ... මරු මරු... පට්ට නිදි මතේ හිටියේ... ඉතින් මන් එහා පැත්තේ නිදා ගත්තා..! :D

කමෙන්ට් එකක් දාලම යමුද ??

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.