10 August 2011

රසායන විද්‍යා පංතිය -1 කොටස


ගම්පහ පැත්තේ රසායන විද්‍යාව උගන්වන ටිකක් විතර සැර ඒ උනාට කැපවීමෙන් උගන්වන සර් කෙනෙක් ඉන්නවා. ගම්පහ වගේම නුගේගොඩ නුවර කුරුනෑගල පංති කරන හන්දා මේ සර්ගේ නම කියපු ගමන් සර් කවුද කියලා ගොඩක් කට්ටියට මතක් වෙනවා.ඒ හන්දා මම ඒ සර්ගේ නම කියන්නේ නෑ.

මම් උසස්පෙළට රසායන විද්‍යා පංති ගියේ මේ සර් ලඟට.පංතියේ ළමයි දෙදාහක් විතර ඉන්නවා. හැමදාම මේ පංතිය පටන් ගන්න කලින් බෝඩ් එකේ මොකක් හරි ප්‍රශ්නයක් ලියලා තියෙනවා සර් පංතියට එනකම් කරන්න කියලා. ළමයිනුත් පංතියට ආපු ගමන් මේ ප්‍රශ්න ටික පොතේ ලියාගෙන උත්තර ලියනවා.

දවසක් මේ සර්ට ආරංචි උනා මෙහෙම ප්‍රශ්න බෝඩ් එකේ ලියලා ගියාට සමහරු උත්තර ලියන්න නෑ කියලා.ඒ වෙනුවට ෆෝන් වලින් එක එක සිංදු කෑලියි ෆොටෝයි වීඩියෝ වැල කෑලියි එහෙම බලනවා කියලා.ඔහොම දවසක් සර් එකපාරම පංතියට ඇවිත් ෆෝන් වලින් සිංදු අහන එවුන්ව චෙක් කරගෙන යනවා. එකෙක් සර්ව දැකලා එකපාරටම ෆෝන් එක හංග ගත්තා කියලා සර් දැක්කා.

සර් මූ ලඟට ආවා. මුට ෆෝන් එක එලියට ගන්න කියලා කිව්වා. ම්හු... මූ ෆෝන් එක එලියට ගත්තේ නෑ. ඔහොම දෙතුන් පාරක් කිව්වට පස්සේ සර්ට කේන්ති ගියා.මූව පංතිය ඉස්සරහට අරගෙන ගියා. මූට බනින්න ගත්තා. පංතියේ අනිත් එවුන් 'මීක්' නෑ. බැනලා බැනලා ෆෝන් එක එලියට ගන්න කිව්වා. කොහොමහරි මුටත් තේරුනා ෆෝන් එක සර්ට දුන්නේ නැත්නම් වැඩේ බරපතල වෙයි කියලා.

මූ එකපාරටම බෝඩ් එක පැත්තට හැරිලා කලිසමේ සිප් එක ඇරලා අර අහවල් තැනින් ෆෝන් එක එලියට අරගෙන ඒක සර්ට දුන්නා. මේකා බයටම ෆෝන් එක කලිසම ඇතුලේ දාගෙන. ඒක නොකියා 1100 වර්ගයේ එකක්. කෝල් එකක් මැසෙජ් එකක් ගහනවා ඇරෙන්න සිංදු අහන්න බෑ.මුට වස ලැජ්ජාවයි. අච්චර ළමයි ගොඩක් ඉස්සරහා ෆෝන් එක දෙන්න වෙච්ච එකට. සර්ටත් මාර ම දුකයි මේ වගේ අහිංසකයෙක් පංතිය ඉස්සරහට ගන්න වෙච්ච එකට.

ඊට පස්සේ මේකාට හිටපු තැනට යන්න කියලා කිව්වා. ගොඩක් වෙලාවට පංතියේ මොකක් හරි ප්‍රශ්නයක් උනාම සර් බනින එක ලේසියෙන් ඉවර කරන්නේ නෑ. සමහර දාට එකම එක ප්‍රශ්නයක් විතරක් සාකච්ඡා කරලා පංතිය අවසන් කරනවා. එහෙම කලත් වෙලාවට විශය නිර්දේශය නම් අඩුවක් නැතුව ඉවර කරනවා.

පැය 4ක විතර පංතියක් හන්දා පැය දෙකක් විතර උගන්වලා පොඩි විවේකයක් දෙනවා.මේ විවේකයේදී අර ෆෝන් එකට මාට්ටු වෙච්ච කොල්ලා සර්ව හම්බ වෙන්න ආවා.

ඊට පස්සේ මොකද උනේ කියලා ඊලඟ කොටසින් බලාපොරොත්තු වන්න.

-------------------------------------------------------------------

ප.ලි.- ඔය උඩින් තියෙන්නේ නොකියා 1100 වර්ගයේ ෆෝන් එකක්. කතාවේ ඉතුරු කොටස වැඩිකල් නොයවා ඉක්මනටම ලියන්නම්

48 comments:

  1. ඊයා ඒ කොල්ලට පිස්සුද?

    ReplyDelete
  2. මම නම් දන්නවා සර් කවුද කියලා... :D

    ReplyDelete
  3. අපි නම් රසායන විද්‍යාව ඉගෙන ගත්තේ ලොකු ඉස්කෝලේ ගුරාගෙන්..පවු අර කොල්ලා..

    ReplyDelete
  4. උගන්නන ක්‍රමේ නම් හොඳ ඇති... හැබැයි මට නම් පළවෙනි දවසෙදිම එපා වුනා...

    නෝට් එකක් දුන්න එක දිගට පිටු දහයක් විතර ලියන්න වුනා... අත් දෙකට වෙනමම ප්‍රැක්ටිස් එකක් දීල තියෙන්න ඕන නෝට් එක ලියාගන්න...

    ReplyDelete
  5. ඔයා සර් ගැන පුලුවන් තරම් දේවල් දැනගන්ට ලියලා අන්තිමට කියනවා එයාගේ නම කියන්නේ නෑ කියලා.

    සර්කාරයා පවූඌඌඌ...:)

    ReplyDelete
  6. හම්ම්...ඉතිරියත් දාමු බලන්න...කතාව තේරුම් ගන්න...

    ReplyDelete
  7. අඩේ ඊලග කෑල්ල දාපන් ඉක්මනට

    ReplyDelete
  8. කවුද බං සර්? කේසර සර්ද?

    ReplyDelete
  9. කේසිරි සර් වෙන්න ඕනෙ මේ.... අම්මෝ.... ම ංඒ සර් ගෙ පංතිනම් ගියේ නෑ... ඒත් දවසක් මං ඇස් දෙකටම දැක්කා පිරිමි ලමයෙක්ට සර් ගහලා එලවනවා... :(

    ReplyDelete
  10. ඔන්න මල්ලි මටත් කියන්න වෙන්නෙ ඔයා මටත් කියපු එක තමයි...ඉක්මනට ඊලඟ කොටස දාන්න...:)))

    ReplyDelete
  11. වෙන කුඩා ඉතින් මේ කෙසිරි සර් ( රාළහාමි )ම තමා වෙන කයුරුත් ඔය වගේ වැඩ කරනවද ?
    මොනවා උනොත් ටියුසන් කරන ගුරුවරුන්ගෙන් මහත්මා ගති තියන ගුරුවරයෙක් මේවගේ ගුරුවරු තවත් පහල වේවා !!!!

    ReplyDelete
  12. Ahanna deyak nae..k siri vithanage sir thama!!! math sir lagata clz giya masayak. :D mama giya maseta sir nokia 5800 4n ekak pole gehuwa kudu wennama!Ahanna deyak nae..k siri vithanage sir thama!!! math sir lagata clz giya masayak. :D mama giya maseta sir nokia 5800 4n ekak pole gehuwa kudu wennama!

    ReplyDelete
  13. අප්පටසිරි ! ෆෝන් එකයි කියල වෙන එකක් එහෙම එලියට ගත්තනම් බඩුම තමා....

    ReplyDelete
  14. අඩේ ‍දැන් උඹ මෙගා ලියන්නද යන‍්නේ.
    මදි මදි චැප්ටර් එක තව දික් කරන්න ඕනේ.

    මතකද ඒ කාලේ 1100 එකට තිබ්බ ඩිමාන්ඩ් එක...

    ReplyDelete
  15. සර් ඉතින් ඒ phone එක අතට ගත්ත එක නෙව පුදුමේ....

    ReplyDelete
  16. අප්පා අරුට මැරෙන්න හිතෙන්න ඇති පන්තිය ඉස්සරහට ගෙන්නුවම.. හෙහ් හෙහ්

    ReplyDelete
  17. අනේ පව් ඒ පිරිමි ළමයා..ඉක්මනට ඉතිරි කොටස දාන්නකෝ...යාලු

    ReplyDelete
  18. අද වුණත් වන් වන් ඩබල් සීරෝ එකට මම මාර කැමතියි අපේ ගෙදර පොදු ජිංගම දුරකථනය ඔන්න ඔය වන් වන් ඩබල් සීරෝ එකක් තමවම . කොල්ලෝ කෙල්ලෝ අර අහිංසක බුවාට කින්ඩි දාන්න ඇති අම්බානෙට .

    සර් අරූට හොඳ ෆෝන් එකක් අරං දුන්නා වත්ද ?

    ඉතිරිය ලියැවෙන තුරු ..

    ReplyDelete
  19. ඉතිරි කොටස.. ඉන් පසුව මගේ නිගමනය.. :D

    ReplyDelete
  20. @Anonymous :
    නම නොකියමි. :)

    @නදී :
    නෑ අක්කා. පිසූ කොල්ලෙක් නෙමේ. ඒ කොල්ලා බය වෙලා සර්ට. හොදටම. ඒකයි. මොකද ඉතින් ඔය සර් යකා වගේ නේ. තැන නොතැන බලන්නේ නැතුව බනිනවා.

    @පොඩි මෑන් :
    පවු වැඩේ නේන්නම්. අපට දුකේත් බෑ ඌ ගැන.

    ReplyDelete
  21. @ChammA :
    දන්නවා නම් කියන්න එපා. පවු නේ සර්.

    @චතුර.... :
    පවු නේන්නම්. ඌ අහිංසකයෙක්. වැරදි කරුවෝ නිදැල්ලේ. අහිංසකයෙක් මාට්ටු විය.

    @සාතන් :
    ඒක හරි. ප්‍රින්ටඩ් නෝට් දෙන්නේ නෑ. ඔක්කොම නෝට් එක අතින්ම ලියා ගන්න ඕනා. ඒ අතින් නම් එපාවෙනවා.

    ReplyDelete
  22. @Podi Kumarihami :
    ඉතින් අක්කණ්ඩි මම් නොතේරෙන්න නේ ලීවේ. ඔයැයිට තේරුං ගියාට මම් මක්කා කරන්නෙයි !!!!

    @ප්‍රසංග :
    ඉතිරිය චුට්ටයි. සම්පූර්ණ කතාවම වගේ තමයි.

    @කිඩෝ :
    හරේ හරේ !!!!! ඉක්මනටම දාන්නම්.

    ReplyDelete
  23. @blog gadol :
    මේ පූසටත් ඕන් නැති සර් කෙනෙක් නෑ. මම් කියන්නේ නෑ ඒ සර්ගේ නමය කියලා. කැමැත්තක් හිතාගන්න. ගම්පහ කොල්ලෙක් නේ පූසා !!!!

    @හිතුවක්කාරි :
    කේසිරි සර්ට ඔච්චර බයද අප්පා. ඒ සර් එහෙම ළමයින්ට දඩුවම් කරන්නේ නෑ. :)

    @Nisupa :
    මගේ අරක්කු මටම ගහනවා කියලා කියන්නේ මේම අවස්ථාවලදි වෙන්ටෑ. හික්ස් :)

    ReplyDelete
  24. @Tharanga :
    උබ තමයි මචං දවසකට හරි කමෙන්ට් කරන්න ඕන එකා !!!!
    උබ දාන කමෙන්ට් වලට මට ආයේ ලියන්න හිතෙන්නේ නෑ. ඒ තරමටම පට්ට කමෙන්ට් !!!! :)

    @චාටර් කොල්ලා :
    ඕක ඉතින් දෙපාරක් කියන්න ඕනයෑ. සර්ගේ නම නම් මම් කියන්නේ නෑ කොල්ලෝ !!!!!! :)

    @nawammawatha :
    ඒවා ඉතින් බේරලා එලියට ගන්න ඕනේ. නැත්නම් මල් හතයි නේ. :)

    ReplyDelete
  25. @පැණි දොඩම් - [නුවන් කුමාරනායක] :
    අම්මෝ මෙගා ලියන්නේ නෑ අයියා.කතාව දිග වැඩි උනා. ඉතින් කතාව කෙටි කලා.
    අර කිව්වත් වගේ 1100 වලට ඉස්සර මාරම ඉල්ලුමක් තමා තිබ්බේ. දැන් නම් කම්පැණි එකෙන් එහෙම ෆෝන් ගහන්නෙත් නෑ ලූ.

    @Gimhani :
    සර් ෆෝන් එක අතට ගත්තේ නෑ ගිම්හානි. එලියට ගන්න කියලා විතරයි කිව්වේ. නැත්නම් සර්ගේ අතට හා...පික් දාන්න වෙනවනේ. :)

    @Gayan Rupasinghe :
    මොනා කරන්නද සිංහයෝ. පවු අප්පා ඒ කොල්ලා.

    ReplyDelete
  26. @අසනි :
    ඉක්මනටම ලියන්නම් යාලු.

    @හිස් අහස :
    මල්ලිට කියන්න තාමත් මා ලඟ තියෙන්නේ ඔය ජාතියේ ෆෝන් එකක් තමයි. ඒකත් ගත්තේ මේ ලඟකදි. ඉස්සර නම් අපට ෆෝන් කියලා නාමයක් නෑනේ.

    @චතුමිතු :
    නිගමනයට මාව ගාව ගන්න එපා යාලු. හරිද !!!! :)

    ReplyDelete
  27. මොන පිස්සු ගුරුවරුද මේ.
    මං කාලෙකට කලින් වෙන බ්ලොග් එකක දැක්කා බද්දෙවිතානද කවුද කියලා තව පිස්සෙක් ගැණ ලියලා තියෙනවා.
    ගුරුවරු කියන නමටත් අගරුවක්.

    ReplyDelete
  28. කේ. සිරිගේ පන්ති මමනං ගියේ නෑ.ඒත් මට ආරංචි වෙච්ච ඒවයෙ හැටියට මට මිනිහව ඇල්ලුවෙ නෑ.

    ReplyDelete
  29. මදූ කොහොමද දන්නෙ විවේක කාලෙ වෙච්ච සීන් එක??? :-\
    මටනම් පේන්නෙ ඔය කියන පුද්ගලයගෙ නමත් මදුරංග වෙන්න ඇති නේ??? හො හො හො...

    ReplyDelete
  30. හිතුවක්කාරි සර්ගෙ නම කියල තියන්වනේ.. මමත් ගියෙ සර් ගාවට. චරිත ලක්ෂන කියපු ගමන් අඳුනගන්න පුලුවන්. Chemestry ගොඩදාගත්තෙ සර්ගෙන් තමා. මොකක් හරි කේස් එකකට නරි හරක්,බූරුවො වගේ සත්තුන්ගෙ නම් එක්ක ඉරිද උදේම විනාඩි 45 ක විතර බැනුමක් අහගත්තහම සති 3, 4 ක් මහන්සි වෙලා වැඩ කරන ඕන ගට හම්බවෙනවා. සර්ට අදටත් ගරු කරනවා.
    කතන්දරගෙ අදහසත් එක්ක එකඟ වෙන්න බෑ. මේ සර්ල දෙන්නම( කේසිරි සර් සහ බැද්දෙවිතාන) හොඳ ගුරුවරු. ඒ අයගෙන් ඉගනගත්ත අය ඒක දන්නව. නීති තදයි. ඒත් ඒ නීති තිබ්බෙ නැත්නම් අද අපි මෙතන නෑ.

    ReplyDelete
  31. හික් හික්...සර්ගේ වැඩේ නම් චාටර් හොඳේ අයියේ..

    ReplyDelete
  32. පවු බං අහිංසකයා...

    ReplyDelete
  33. මේක දෑක්ක ගමන් මටත් පොස්ට් එකක් ලියන්න හිතුනා කේසිරි ගැන නම් නෙමේ.. ෆේමස් මැතෙක් ගැන..... අදම ලියනවා

    මෙයා මෙහෙම තමා....
    එත් ඉතින් මම ආගමට දහමට ලැදි නිසා ගියේ පින්නපොල සර් ලගට අ(මම දන්නේ නැ මෙය ගම්පහ කරනවද කියලා නම්)
    මෙයාත් ගොඩාක් හොද සර් කෙනෙක්.....

    ඉක්මනට අනිත් පාට් එකත් දාන්නකෝ

    ReplyDelete
  34. සර් ඒ ෆෝන් එක තියාගත්තෙ නෑ නේද?

    ReplyDelete
  35. ඇඊ මු අරක අතනම දාගත්තේ.

    ReplyDelete
  36. @කතන්දර Kathandara :
    නෑ අයියා. මේ සර් ට මල පනින එක තමයි තියෙන්නේ. ඒ ඇරෙන්න සර් අවුලක් නෑ.

    @දිනුක ජයකොඩි :
    ගොඩක් අයටත් මේ සර්ව දිරවන්නේ නෑ.

    @සීතල අයියා :
    බෑ අප්පා. සීතලයියා හැම කතාවකම මාව කොහේට හරි සෙට් කරනවා. :(

    ReplyDelete
  37. @හපා :
    ඔවු ඒ සර්ලා බනින්නේ නරකක් දැක්කොත් මිසක් වෙන දේකට නෙමේ නේ. හොද ගුරුවරු දෙන්නෙක්.

    @ආගන්තුකයා :
    කොල්ලා එකපාරටම බය උනා. ඒකනේ ෆෝන් එක අරහෙම දාගත්තේ. සර්රුත් දැනගෙන හිටියේ නෑ. නැත්නම් එහෙම ඉස්සරහට ගන්න එහෙකුත් නෑ. පවු තමයි මල්ලි.

    @Prasanna :
    පවු තමයි. මට මේ කතාව අහපු ගමන් දුකත් හිතුනා.

    ReplyDelete
  38. @Kasun :
    නෑ නෑ සර් ඒ ෆෝන් එක තියාගත්තේ නෑ.ඒක ඌටම දුන්නා.

    @දේවා ගේ අඩවිය :
    පින්නපොල සර් ගම්පහ ක්ලාස් කරනවා. ඔන්න ඔයා ලියපු කතාවත් මම් කියෙව්වා.

    @රතු මුහුද :
    බයටනේ. සර් ගැන අහන කතා අනුව ගොඩක් අය සර්ට මාරම බයයි. ඒකයි ඌ එහෙම කරගෙන තියෙන්නේ.

    ReplyDelete
  39. අයියා ඉන්ජෙක් නේ???
    පස්සේ දැනගත්තේ..

    ReplyDelete
  40. @මදුරංග අයියා-අම්මෝ... ඔව් ම නම් හරිම බයයි... සර් උගන්වන පංතිය ලගින් යන්නවත් බයයි ඉස්සර රොටරියෙදි.... ඒත් ඒ සර් හොදට ඉගැන්නුවා කියලනම් දන්නවා...:)

    ReplyDelete
  41. @සරත් ලංකාප්‍රිය :
    අනිවාර්යෙන්ම බලන්න අයියා.

    @ආගන්තුකයා :
    ඔවු මල්ලි ඉංජිනේරුවෙක් තමා. පේරාදෙණියෙන් අවුට් වෙච්ච එකෙක්.

    @හිතුවක්කාරි :
    මාත් මාර බයයි. එක වතාවක් සර් පංතියේ දි කෙලගෙන එනවා එකෙක්ට ගහන්න. ඒ එන්නේ මගේ දිහා බලාගෙන. මට චූ බරත් හැදුනා. ඊට පස්සේ සර් මට පස්සේ හිටපු එකාට ගහුවා. මට උන හැදුනා !!!!!!

    ඒ තරමටම මාත් බයයි. ඇයි පොල් අඩිනේ ගහන්නේ.

    ReplyDelete
  42. හිකිස් සර්ට කලන්තේ එහෙම දැම්මේ නැද්ද සුවදට ලොල්

    ReplyDelete
  43. ඌට තිබුනෙ පොත් ටිකත් අරං පන්තියෙන් යන්නනෙ .....
    මොකට කින්ඩි වෙනවද ......

    ReplyDelete
  44. 2008 theory clz එකේ වෙච්ච දෙයක් නේද මචං...........
    අපිටත් ඔය කේස් එක හොඳට මතකයි.......
    අපිත් ගියෙ කේ.සිරි සර් ගාවටමනේ....
    මොනවා වුනත් සර්ගෙ ඩියුටිය සර් හරියට කලා........
    එළ එළ මැක්සා..
    අර වහින වෙලාවෙ එකෙක් හූවක් කියලා වෙච්ච සිද්දියත් දාපන් මචෝ........

    ReplyDelete
  45. සර්ට පින් සිද්ද වෙන්ට අපිත් ගොඩ ගියා!
    සර්ට ගොඩක් පින්...

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.