09 January 2015

නව ජනාධිපතිවරයෙක්- යහ පාලනයක්

පහුගිය ටිකේ ඡන්දේ ඡන්දේ කිය කියා හිටියා. ඕං දැන් ඒකත් ඉවරයි. කොහොමින් කොහොමහරි මෛත්‍රිපාල මහත්මයා නව විධායක ජනාධිපතිවරයා විදිහට තේරී පත් උනා.

හරි ඒවයිං කාරි නෑ...කොහොමහරි මහින්ද ජනාධිපතිවරයාගේ පාලනය පරාද කලැයි කියමු. තාම මෙතුමට ඡන්දේ දීපු ජනතාව දිනුවේ නෑ.. ඒ ජයග්‍රහණය තමා හැබෑ ජයග්‍රහණය වෙන්නේ. ඒ ජයග්‍රහණය ලබන තෙක් ජනතාව දෑස් දල්වා බලා සිටී.

ඒ නිසාම නව ජනාධිපතිවරයාට යුතුකමක් තියෙනවා තමන්ව මේ තත්වෙට ගේන්න තම වටිනා ඡන්දය ප්‍රකාශ කරපු මහජනතාවට ඒ ජයග්‍රහණය අත්පත් කර දීමට..


තව දෙයක් තමයි මෛත්‍රිපාල නව ජනාධිපතිවරයා ඉල්ලා සිටි දින 100ය හෙටින් ඇරෙඹෙනවා. මේ නිසා ඒ ගැනත් සැලකිල්ලෙන් පසු වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

ඔය ඇති කරනවයි කියන යහපාළනය ඇති කරලා රටේ ජනතාව වෙනුවෙන් සේවය සලසන්න අද ඉදන්ම හිතට ගත්තා නම් හරි.

එහෙම නැත්නම් එතුමාටත් ජනතාව නිසි පිළිතුරු නිසි වෙලාවෙදි ලබා දේවි.. !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැති තුමා ගැන වචනයක් කතා කරනව නම් එතුමාගෙන් වෙච්ච සේවය මෙතෙකයි කියා නිම කරන්න බෑ. සෑහෙන වැඩක් කරපු ජනාධිපතිවරයෙක්. එතුමන්ට අද මේ තත්වය උදා කරන්න එතුමා වටේ හිටපු අය යම් පමණෙකින් හෝ දායක නොවුනා යැයි කිව නොහැකි ය.

මෙතුමාගේ නික්ම යෑම අපේ හිත් තුල දුකක් ඇති නොකලා යැයි කිව්වොත් ඒක බොරුවක් වෙනවා. උද්ධය ජයග්‍රහණය කරා මෙහෙයවපු ජන නායකයෙක්ගේ නික්මයාම රටේ පුරවැසියන්ගේ හිත් තුල සදා අනුස්මරණීය වේවි.

හෙට ඉදලා අළුත් පාලනයක් යටතේ බලාපොරොත්තු සහගතව ඉම්මු. ඉහලින් කියලා තියෙන දේවල් මගේ අදහස් නිසා හරි හෝ වැරදි හෝ වෙන්න පුලුවන්. මම වැරදි නම්  නිවැරදි කරන්න..

9 comments:

  1. දැන් ඉතිං කතා කළා ඇති. වැඩ බටන් ගමු නේද?

    ReplyDelete
  2. නිකම යාම් හැමෝටම පොදුයි , මෙලොව ඇත්තේ යාම් සහ ඊම් පමණි, අවශ්‍ය වන්නේ ජනතා පරමාධිපත්‍යය සුරැකීමයි

    ReplyDelete
  3. අපේ රටේ බොහොමයක් දේශපාලනඥයන්, වෙනත් බොහෝ නායකයන්, වරද්දාගන්න තැන තමයි මයිමෑන් ලා ගේ උපදෙස් නිසා අමාරුවේ වැටෙන එක. යම්කිසි සැබෑ බුද්ධි මණ්ඩලයක් සකස් කරගෙන, සෑම වැඩපිළිවෙලක්ම සාකච්ඡාවෙන් සහ සම්මුතියෙන් නොකළහොත් මෛත්‍රී යුගයද අවාසනාවන්ත ලෙස අවසන්වනු ඇති.

    ReplyDelete
  4. වෙනසක් වෙනුවෙන් හඬක් නගපු හැමෝම අදින් පස්සෙ හැමදේම ඉවරයි කියල නිහඬ නොවී හිටියොත් හොඳයි.රට අයිති රාජ්‍ය නායකයට විතරක් නෙවෙයි නෙ.

    ReplyDelete
  5. අපි වෙනසක් වෙනුවෙන් බලාගෙන ඉමු..

    ReplyDelete
  6. වචනෙට නොවන නව යුගයක් බිහි වේවා...

    ReplyDelete
  7. මෛත්‍රී ජනාදිපති වීමෙන් පසු කල 2 සහ 3 වන පත්වීම් ගැන දුක හිතෙනවා. රාජපක්ෂගේ ආණ්ඩුව විනාශ කල P.B. ලා දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් මූල්‍ය යහපාලනය නැති කල පී.බී. ජයසුන්දර. අනෙකා රාජ්‍ය යහපාලනය නැති කල පී.බී. අබේකෝන් . අබේකෝන් මහතා 2005 වසරේ ලේකම් කම ගත්තේ මහින්ද රාජපක්ෂගේ මැතිවරණ වියපාරයට රුපියල් ලක්ෂ 10 ලබා දීලා. එම මුදල් එවකට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලදාරින්ගෙන් එකතු කලේ. හම්බ උනේ පරිපාලන ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය. එහි අතිරේක ලේකම් ලෙස ගත්තේ උත්පල බස්නායක මහතාව. අද ඔහු ආරක්ෂක ලේකම්. ඇමති රත්නසිරි වික්‍රමනායක. 2010 මැතිවරණයට උන මහන්සියට රාජ්‍ය පරිපාලන ලේකම් කම ලැබුණා. විපක්ෂ මන්ත්‍රීවරු 60 පැනපු ලේකම්ලා ඉවත් කරන්න කියලා බනිද්දි මුලින්ම කියවුණු නම වුනේ පී.බී. අබේකෝන් . ප්‍රාදේශීය ලේකම්වරු පත්කිරීමට දේශපාලන නිර්දේශ අනිවාර්යය කලේ ඔහු. නමුත් ඔහු ජනාධිපති ලේකම්,

    ReplyDelete
  8. එකායි.... දෙකායි..... දින සීයේ දින පොත දිනෙන් දින ඉටුවේදැයි අපි බලා සිටිමු.
    නව ජනපති තුමනි අප ඔබට ධෙර්යය පතමු.
    සමුගත් නිර්භය ජනපතිට දිගාසිරි පතමු.

    ReplyDelete
  9. ජවිපෙ එළියෙන් ඉන්න එක වටිනවා...ඒ අයට පුලුවන් එතකොට දින 100 වැඩපිළිවෙල තුල දකින් වැරදි විවේචනය කරලා හරි මගට ගන්න...මේ වගේ හැමෝම එකා වගේ සහයෝගයෙන් මේ වැඩපිළිවෙල නිවැරදි කරගන්න දායක විය යුතුයි...එතකොට අලුත් රටක් වගේම අලුත් දේශපාලන සංස්කෘතියකුත් අපේ රටේ බිහිවෙනවා...

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.