ඒ නිසා මායි අපේ තාත්තයි ගමන සැලසුම් කලා මොණරාගල ගිහින් අපේ මල්ලිට නවාතැන් හම්බ වෙච්ච නේවාසිකාගාරේම නවතින්න. එතකොට නවාතැන් ප්‍රශ්නෙත් ඉවරයි නෙව.
අපි දෙන්නා සැලසුම් කරගත්තු විදිහට ගිය මාසේ විසි හතරවෙනිදා උදෙන්ම ගෙදරින් පිටත්වෙලා කඩුවෙලට ආවා. කඩුවෙලින් මොණරාගල බස් එකක නගින්නයි අපේ බලාපොරොත්තුව තිබ්බේ.
කඩුවෙල බස් හෝල්ට් එකේ පෑ බාගයක් විතර ඉන්නකොට අපට මොණරාගල බස් එකක් හම්බ උනා. අපි ඒකට ගොඩ වෙලා ටිකට් ගත්තා. හැබැයි බලන බලන හැම සීට් එකක් වාගේම මිනිස්සු හිටියා. අපිට වාඩිවෙන්ඩ සීට් එකක් හම්බ උනේ නෑ.
මම කොන්දොස්තරගෙනුත් ඇහුවා සීට් එකක් හම්බවේද කියලා. ඒකා ගත් කටටම කිව්වේ "කොළඹින් සීට් සේරම බුක් වෙලා එන නිසා සීට් එකක් නම් ලැබෙන එක ෂුවර් නෑ.." කියලා.
එතකොට තමා කරපු මෝඩකම තේරුනේ.. දුර කියලා බලන්නේ නැතුව කොළඹින් බස් එකට නැග්ගා නං යස අගේට වාඩිවෙලා යනවා නෙව. දැන් ඉතිං මොනා කරන්නද... අපි දෙන්නා පෑ අටක්ම බස් එකේ හිටගෙන උන්නා.
ඒ බස් ගමනත් හරිම අපූරුයි... !
පැල්මඩුල්ල ඇඹිලිපිටිය පාරේ උඩවලව හන්දියෙන් ඇතුලට දැම්මට පස්සේ පාර වැටිලා තියෙන්නේ උඩවලව ජලාශයේ බැම්ම උඩින්.. ලස්සන ගමනක්.. ජලාශය ඉවර උනාට පස්සේ දිගටම තියෙන්නේ උඩවලව රක්ෂිතය. බස් එකේ හිටගෙන යන නිසා පින්තූර කෑල්ලක් නම් ගන්ඩ හම්බ උනේ නෑ.
අපි පෑ අටක්ම බස් එකේ ඉදලා හැන්දෑවේ හයාමාර වෙනකොට මොණරාගල බස් නැවතුම්පොළට ලඟා උනා.
ඊට පස්සේ මායි අපේ තාත්තයි මොණරාගල බස් හෝල්ට් එකෙන් ඇතිමලේ බස් එකක නැගලා මොණරාගල ඉස්පිරිතාලේ ගාවට ආවා. ඇවිත් ඒ ලඟ කඩේකින් කාලා අපේ මලයා නැවතිලා උන්නු හොස්ටල් එකට ආවා.
බස් එකේ හිටන් ආපු මහන්සියටමද මන්දා ඇඟපත හෝදගෙන ඇඳට වැටිච්ච හැටියෙන්ම නින්ද ගියා. උදේ ඇහැරුනාට පස්සේ තමා පහල තියෙන පින්තූරේ ගත්තේ.
ඔය තියෙන්නේ මලයෑ නේවාසිකාගාරේ... ඔතන ඉදලා තමා අපේ ඉතුරු ගමන් පටන් ගත්තේ.
පල්ලෙහා පින්තූරේ තියෙන්නේ අපේ මලයලෑ හොස්ටල් එකට එන පාර.ඉස්පිරිතාලේ එක පැත්තක තමා මේ හොස්ටල් එක තියෙන්නේ.
හොස්ටල් එකෙන් එලියට ඇවිත් බැලුවහම පේන්නේ මොණර ගල කඳු පන්තිය. උදේ මීදුමත්තෙක ඒකත් අපූරු දර්ශනයක් අපේ ඇස් ඉදිරියේ මැව්වා.
අපි දෙන්නා පහුවදා උදෙම්ම ඇහැරුනේ මොණරාගල රජමහා විහාරේ වැදපුදා ගන්ඩ. කන්දක් උඩ තියෙන අපූරු විහාරයක් ඒක....
හරි එහෙනං ඊලඟ ලිපියෙන් අපි හම්බ වෙමු.
හුලංදා ඔය ගැන විස්තරයක් කුලසේන ෆොන්සේකා මහත්මයා ලියපු "රංසිරිගේ සංග්‍රාමය" පොතේ තියෙනව නේද? මට නිකන් යාන්තමට මතකයි වගේ එහෙම විස්තරයක්. පොත කියවල අවුරුදු 20කටත් වැඩි නිසා දැන් බොඳ වෙච්ච මතකයක් තියෙන්නෙ.
ReplyDeleteරංසිරිගේ සංග්‍රාමය පොත කියවලා බලන්න ඕන... ඒ කාලේ කියෙව්වට මතක නෑ..
Deleteමධු ලියන විදියට මම හරිම ආසයි. හරිම සරල, ඒවගේම අව්‍යජ ගතියක් ඒකේ තියෙනවා. ඒ වගේම ජීවිතේ හැම දෙයක්ම අපි එක්ක බෙදා ගන්නවා. මේ අවුරුද්දෙත් ඔය විදියට දිගටම ලියන්ට ලැබේවා!!!
ReplyDeleteහෙහෙ... දිගටම කියවන්න එන්ඩකෝ.. :)
Deleteඅගේ අැති විස්තර ටික..... අත්දැකීම් අපිත් ඒක්ක බෙදා ගත්තාට ස්තූතියි.. හුලංදා ඔය ඉතින් සින්දුවලටත් පාදක වෙලා තියෙනවා නෙවැ...........
ReplyDeleteහ්ම්.. හ්ම්ම්.. :)
Deleteනේවාසිකාගාරය කියා නේද බෝඩ් එකේ තියෙන්නේ? ඇයි හොස්ටල් කියන්නේ? මා දන්නා පරිදි හොස්ටල් ඇත්තේ පාසල්වලයි!
ReplyDeleteඑතකොට නේවාසිකාගාරයකට ඉංග්‍රීසියෙන් කියන්නේ කුමක් ද ? පැහැදිලි කිරීමක් කර දෙන්න.
Deleteමේ නේවාසිකාගාරය අර ICC එකේ පිදුරු බෝඩ්ද, නැත්තන් ඇස්බැස්ටස්ද මන්ද!
ReplyDeleteඔය දුර ගමන් යනකොට අමතක නොකල යුතු කරුණු තමයි, කොළඹින්ම බස් එකට නැගීම, යන්නේ මොණරාගලටනම්, අම්පාර වැනි වඩා ඈඅත ගමණාන්තයක බසයක් ගැනීම කියන දෙක. එකට හේතුව දන්නවනෙ. දෙකට හේතුව, ගමණ අග හරියෙදි වෙන කාල නාස්තිය අඩු කරගන්න.
පිඳුරු බෝඩ්... !
Deleteබිත්ති එකක්වත් තිබුනේ නෑ.. ඔක්කෝම පිඳුරු බෝඩ් තිබුනේ. හේතු දෙකම සෑහෙන වටිනවා.
තොරතුරු බෙදාගත්තට ස්තූතියි...වැඩිය ඇවිදලා නැති පළාතක්..කැමතියි තවත් තොරතුරු දැනගන්න.
ReplyDeleteඉදිරියේදි ඉතුරු විස්තර ටිකත් කියන්නම්...
Deleteවලව හන්දියෙන් තනමල්විල පාරෙ මේ ළඟදිත් අපි ගියා. ඉස්සරනං පාර අයිනෙ අලිත් බලාගන්න පුලුවං. ඒත් දැන් ඇතුලෙන් වැටක් ගහල නිසා පාර අයිනට අලින්ට එන්න බෑ.
ReplyDeleteඅපේ පැත්තෙන් යනකොට අතවත් වනාගෙන යන්න එපැයි. :D
අත වනාගෙන නෙමේ ගොඩකවෙල පංසල දිහා බලාගෙන ගියා. ඔන්න පංසල් ආවා නම් ප්‍රසන්න අයියා කියලා කෑ ගහන්ඩවත් තිබ්බා..
Deleteනියමයි... මමත් චාරිකාවක් යන්න ආසාවෙන් ඉන්න පළාතක්... තව හොද විස්තර ඉස්සරහට වගේ..
ReplyDeleteරත්න ශ්‍රී ගේ කවියකත් තිබුණා මතකයි...හුලංදා ඔය කිමද මල්වරව ඉල්මහට.. කියලා
යමු යමු දවසක යමු...
Deleteටිකක් කර්කශ උනාට හොඳ පළාතක් !!!