08 January 2015

කෙටිකාලීන ජනාධිපති පදවිය

වරු නිවාඩුව ඉතුරු කරගන්ඩ ඕන හන්දම මම අද උදහැනෙක්කෙම ඡන්ද පොලට ගියා. මම ඡන්ද පොලට යනකොට ඡන්දෙ පටන් ගන්ඩ හිතලාවත් නෑ. ඒ නිසා මට ටික වෙලාවක් බලන් ඉන්ඩ සිද්ධ උනා.

හරියටම හත විතර වෙනකොට ඡන්දේ පටන් ගත්තා. මම ඉස්ස ඉස්සෙල්ලම වගේ ඡන්දේ ලකුණු කලා.ඊට පස්සේ බස් හෝල්ට් එකට දුවගෙන ඇවිත් බස් එකක එල්ලිලා ස්ටේශමට ආවා. ඒ එනකොට හතහමාරේ කෝච්චිය ගිහින් තිබුනේ නෑ.

ඒකේ නැගලා කොළඹට ඇවිත් එතනින් බස් එකට දුවලා නුගේගොඩට යාන්තන් අටයි තිස් හතර වෙනකොට ඒ ගත්තා.

විනාඩි හතරක ප්‍රමාදයක් විතරයි සිද්ධ උනේ !
උදෙම්ම ඡන්දේ දාපු හන්දා  හවස ඡන්දපොලේ රස්තියාදු වෙන්නේ නැතුව ගෙදෙට්ට වෙලා පාඩුවේ ඉන්ඩ පුලුවන්.. :)

ඒක නෙමේ කියන්ඩ ආවේ.. ඡන්ද ගැන හොයනකොට විස්තර ටිකක් හම්බ උනා... දන්නවද ලෝකේ අඩුම ධූර කාළයක් තිබ්බ ජනාධිපති තුමා පත් වෙලා තියෙන්නේ මෙක්සිකෝ රාජ්‍යයෙන්  කියලා !

ඔහු මෙක්සිකෝවට පත් වෙච්ච 34 වෙනි ජනාධිපතිවරයා. නමින් පේඩ්‍රෝ ලස්කුරේන්. මම නම උච්ඡාරණය කරපු විදිහ හරිද දන්නේ නෑ. ඉංග්‍රිසියෙන් කියන්නේ මෙහෙමයි Pedro Lascuráin .

ඔහුගේ ධූර කාළය මිනිත්තු පනස් හයයි !

ඔහු කියන විදිහට ඔහු හීනෙකින්වත් හිතුවේ නෑලු ජනාධිපති කෙනෙක් වේවි කියලා. අපේ කාට හරි මේ වගේ ජනාධිපතිකමක් හම්බ උනොත් බලා ගන්ඩ තිබ්බා නෙහ් :)

ඔහු ජනාධිපති ලෙස පත්වීම භාර අරගෙන වැඩ දෙකක් කරලා තියෙනවා. පළවෙනි එක තමා වික්ටෝරියානෝ හුවේටා ව අභ්‍යන්තර ඇමති කෙනෙක් ලෙස පත් කිරීම. දෙවෙනියට කලේ  ජනාධිපතිධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අත්සන් කිරීම.

ඔය දෙක තමයි පේඩ්‍රෝ ජනාධිපතිවරයා තම ධූර කාළය ඇතුලත කරපු දේවල් දෙක !

ඔහු තම දැනට අඩුම ධූර කාළයක් හිමි ජනාධිපති කෙනෙකුට ඉන්නේ... !

ඊට වඩා අඩු ධූර කාලයක් තියෙන ජනාදිපති කෙනෙක් නම් ආයේ මේ සම්මජ්ජාතියට බිහි වෙන එකක් නෑ මහිතේ. කවුද කැමති බලේ හම්බ උනහම එකපාරටම ඉල්ලා අස්වෙන්ඩ :)

ඔන්න ඕකයි තත්වේ... හරි.. ඒවයිං කාරි නෑ. මම නං රටේ පුරවැසියෙක් විදිහට සාමකාමීව ඡන්දය පාවිච්චි කරලා ගෙදෙට්ට වෙලා බලාගෙන ඉන්නේ අපේ මීලඟ ජනාධිපතිවරය වෙන්නේ කවුද කියලා දැන ගන්ඩ. කවුරු පත් උනත් සාමකාමීව ඡන්දය පවත්වලා ඒ ලැබෙන තීරණයට ගෞරව කරගෙන ඉදිරි ජීවිතයත් මේ හිටියා වගේම දෙයියනේ කියලා රස්සාව කරගෙන ඉන්නවා.

ආහ්.. යන්ඩ කලින් මේකත් කියන්නම්කෝ.. ඇමරිකාවේ විසිවෙනි ජනාධිපති වෙච්ච ජේම්ස් ගාර්ෆීල්ඩ් ට අතකින් ලතින් භාෂාවෙන් ලියන ගමන් අනිත් අතෙන් ග්‍රීක භාෂාව ලියන්ඩ පුලුවන් ලූ. පුදුම හැකියාවක් නෙහ් !

එහෙනං මං ගියාවේ... රටට නිදහස් හා සාමකාමි මැතිවරණයක් පවත්වන්න හැකිවේවා !

12 comments:

  1. එක අතකින් ලමයි ඉඹිනගමන් අනිත් අතින් සාක්කුවට රිංගන්න පුළුවන් කෙනෙක් ගැන අපි දන්නවා.

    ReplyDelete
    Replies
    1. එහෙම කෙනෙක් ගැන අපිත් දන්නවා.

      Delete
    2. badala 20 yrs unath thama janadhipathiwaranayak dinanna thiya lamayek wath hada ganna baruwa eka eka billata deel balanun lawa kos ata baawana ekek ganath api dannawa

      Delete
    3. දෙවෙනි ඇනෝ :
      එහෙම කෙනෙක් ගැනත් මම දන්නවා.. :)

      Delete
  2. "ඇමරිකාවේ විසිවෙනි ජනාධිපති වෙච්ච ජේම්ස් ගාර්ෆීල්ඩ් ට අතකින් ලතින් භාෂාවෙන් ලියන ගමන් අනිත් අතෙන් ග්‍රීක භාෂාව ලියන්ඩ පුලුවන් ලූ. පුදුම හැකියාවක් නෙහ් !" lankawath akka gaththama mewa achchara puduma dewal neme... saho

    ReplyDelete
    Replies
    1. හ්ම්.. ඒක ඇත්ත තමයි.
      දුවමු දුවමු ප්‍රථිපල අහන්ඩ දුවමු. :)

      Delete
  3. එකරටක ජනාදිපති කෙනෙක් දකුණු අතින් මල්ටි බැරල් එකයි, වම අතින් ආටි ගන් එකයි , අරන් තනියෙන් යුද්ද කරල යුද්දෙ දිනුවලු .

    ReplyDelete
  4. මධුරංග අය්යට ඔපිසියෙන් ගෙදර යන්න දෙන්නෙපා කියල බොසාට මේල් එකක් දාන්න ඕන
    චන්ද දවසෙම ආතල් කුඩු

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ ආතල් කුඩු කරනවයි කියන්නේ... මාත් පෝස්ට් කොට කොටා පට්ට ආතල් එකක් ගන්නේ :)

      Delete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.