07 January 2015

මැතිවරණයට මගේ සූදානම

ඡන්දෙට නිවාඩු හම්බ වෙච්ච නිසා අද අපේ කන්තෝරුවේ බාගෙට බාගයක්ම වැඩට ඇවිත් නෑ. මම ඉන්නේ කිලෝමීටර් 40 අතරේ හන්දා මට හම්බ වෙලා තියෙන්නේ වරුවක ඡන්ද නිවාඩුවක් විතරයි.

මම උදෙම්ම ඡන්දේ දාලා ඇවිත් හවස වරු නිවාඩුව දාලා ගෙදර යන්ඩ හිතාගෙන ඉන්නේ. එතකොට ආයේ ඉතින් හවස් වරුවේ ඉදලම ඡන්දේ අහන්ඩ සූදාන වෙලා ඉන්ඩ පුලුවන් නෙව.

ඡන්දේ අහන්ඩ සූදානම් වෙනවා කියන්නෙත් ලේසි පාසු දෙයක් යෑ. අවුරුද්දක් ආවා වගේ කෑම බීම එහෙම ලෑස්ති කරගෙන ඉන්න එපෑ....
ඔන්න ඒකට මම නම් කලින් ඉදන්ම කඩල ටිකක් තම්බලා වඩේ ටිකක් හදාගෙන ඉන්ඩ තීරණය කර ගත්තා. ඒ විතරක් යෑ.. රෑට බලන්ඩ චිත්‍රපටි ටිකකුත් සූදානම් කරගෙනමයි වැඩේට බහින්නේ.

මගදි නින්ද ගියොත් කියලා කෝපි ටිකකුත් ගෙනත් තිබ්බා.

මට නං හිතෙන්නේ මේ ඡන්දේ අනිත් ඡන්ද වලට වඩා උද්වේගකර මුහුණුවරක් ගන්නවයි කියලා. ආයේ ඉතිං දෙන්නම කරට කර වාගේ ඉන්නවා නෙව. ප්‍රථිපල පිට වෙනකන්ම කවුරු දිනයි ද කියලා හිතාගන්ඩ බෑ.

තව පෑ ගානයි නෙහ් තියෙන්නේ. බලමුකෝ මොකද වෙන්නේ කියලා.. මිනිස්සු වෙනසක් කරලා තියෙයිද එහෙම නැත්තං කලින් තිබ්බ විදිහ හොඳයි කියලා හිතාගෙන ඉන්නවද කියලා බලාගන්නකන් ඉවසුමක් නෑ..

ආහ්.. තව පොඩ්ඩෙන් කියන්ඩ අමතක වෙනවා. රතිඤ්ඤා පෙට්ටියකුත් කොයිකටත් ගෙනත් තියාගෙන ඉන්ඩ ඕන.කවුරු දින්නත් මොකෝ කියලා පත්තු කරන්ඩ හරි බැරුව යෑ.. :)

එහෙනං මම ගියාවේ !

අහං අවේරෝ හෝමි – මම වෛර නැත්තෙක් වෙම්වා..
අබ්‍යාපජ්ඣෝ හෝමි – තරහ නැත්තෙක් වෙම්වා..
අනීඝෝ හෝමි – දුක් පීඩා නැත්තෙක් වෙම්වා..
සුඛී අත්තානං පරිහරාමි – සුවසේ ජීවත් වෙම්වා..

---------------------------------------------------------------------
ප.ලි. - පින්තූරය අවන්ත ආටිගලගේ කාටූනයක්.

11 comments:

  1. මේ පාර ඡන්දේ නම් මොනව වෙයිද කියලා හිතන්න ටිකක් අමාරුයි වගේ. බලමුකෝ තව පැය ගානයි නේ..

    ReplyDelete
    Replies
    1. ඒකනේ තුශානි.. හිතාගන්ඩම අමාරුයි..
      සිකුරාදාම තබා බලන්ඩ වෙන්නේ.

      Delete
    2. මයිත්‍රී මෛත්‍රී මෛත්‍රී කිසිම සැකයක් නෑ මෛත්‍රී

      Delete
  2. Replies
    1. මෛත්‍රිපාල සිරිසේනට !

      Delete
  3. පොඩි අඩිියකුත් ගැහුවනං...

    ReplyDelete
  4. ද්‍රවිඩ ජනතාවට යුද්ධ අපරාධ කල මහින්ද රාජපක්ෂ නම වෙනිදා හවස ගඩාපි වගේ බිම දමා බල්ලෙක් වගේ ඇදන් ගොස් වෙඩි තබා මරා දැමිය යුතුයි
    ඌ ට කඩේ යන උන්ටත් එසේමයි

    ReplyDelete
    Replies
    1. එච්චර ඕන නෑ.. ඡන්දෙන් පරාද කරලා දාමු. ඒ හොඳටෝම ඇති අප්පා.

      Delete
  5. අනේ අනිච්චං.. හොර නිවාඩුවක් යනවා නේද ?හ්ම්ම්.. කමක් නෑ මයිත්‍රී කරන්නං ඒකටත්

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.