19 January 2015

ලක් දසුනේ මගේ පලමු ලිපිය

මට මේ සතිය උදා උනේ කාර්ය බහුල සති අන්තයකට පස්සේ. ඒකට මූලිකම හේතුව පංති වැඩයි පරිවර්තන වැඩයි නිසා. ඒ දෙක නං කමන් නෑ කියමුකෝ. අපේ උන්දෑ හදිසියේ අසනීප උනා නෙව. උන්දැට හදිස්සියේම උනක් හැදුනා.

ඒ නිසා ඒ ගැනත් හොයලා බලන්ඩ කාලය මිඩංගු කරන්ඩ සිද්ධ උනා. ඒ නිසා ගෙදරින් පිට කොහාට්ටවත් යන්ඩ උනේ නෑ.. ගෙදරින් පිට කියලා කිව්වේ කොහේ හරි නටබුන් ස්ථානයක් එහෙම නැත්තං කන්දක් නගින්ඩ, දිය ඇල්ලක් බලන්ඩ යන ජාතියේ වැඩක නිරත වෙන්ඩ උනේම නෑ..


ඒ නිසා එක අතකට ටිකක් විතර කම්මැලිකමකින් ගෙවන්න සිද්ධ වෙච්ච මාසයක් මේක. මාසෙකට වතාවක් වත් කොහේ හරි ගාටලා එන එක තරම් මං ආස කරන වෙන දෙයක් නැති තරම්. ඉස්සර නම් මාසෙකට පොත් දෙක තුනක් ගෙනල්ලා ඒවා කියවන වැඩ කලා. ඒත් ඒකත් ටිකක් කම්මැලි වැඩක්. ඒ නිසා තමා සංචාරය කරන්න හිතුවේ.

ඔය මං එහේ මෙහේ ගිහිං කරපු කෝට්ටේ සංචාරය ගැන පොඩි වාර්තාවක් ලියලා ඒක ලක් දසුන් අඩවියට යැව්වා..

ඕං ඒක ඒ අඩවියේ පල කලා කියලා මට ඊ මේල් එකක් එවලා තිබුනා. මට ඉතිං මාර හැපි !

ඒ සතුට නිසාමයි මේ පෝස්ටුව වෙන් කලේ. මේ ගැම්මටම දිගටම සංචාර ගැන රිපෝට් ලියන්ඩ කියලා හිතන් ඉන්නවා. මම ලියපු පලවෙනි වාර්තාව නිසා සෑහෙන්ඩ අඩුපාඩු ඇති.

ඒවත් හදාගෙන ඉදිරියේදි ලියන්ඩ හිතන් ඉන්නවා. මේ චාරිකා වාර්තාව ලියන්ඩ අපේ නෝනාත් හරි හරියට උදවු උනා. උන්දෑ එක්කනේ මේ චාරිකාව ගියේ.

මෙතන ක්ලික් කරලා ඒ වාර්ථාවත් බලලා ආවා නං.. :)

එහෙනං මං ගියාවේ.
කැමති ඕන කෙනෙක්ට මම කෝට්ටේ ගැන ලියපු ලිපි සැට් එකම පහල තියෙන ලින්ක් වලින් කියවන්න පුලුවං.

කෝට්ටේ රාජධානියේ නටබුන් සොයා ගිය ගමන
කෝට්ටේ නටබුන් සොයා - 2වන කොටස
කෝට්ටේ නටබුන් සොයා - 3වන කොටස
කෝට්ටේ නටබුන් සොයා - 4වන කොටස
කෝට්ටේ නටබුන් සොයා - 5වන කොටස

27 comments:

  1. ගොඩක් හොඳ විස්තරයක් එතන තියෙනව. ලක්දසුන් බොහෝ දෙනෙක් ප්‍රයෝජනයට ගන්නා සයිට් එකක් නිසා ඔය තොරතුරු හුඟ දෙනෙකුට වැදගත් වෙයි.

    ReplyDelete
    Replies
    1. ඒකනේ මාත් ලිපියක් ලියන්න ඕන කියලා හිතුවේ.. :)

      Delete
  2. මධු පුතේ මං එකක් කියඤ්ඤං !! ඔය එක එක ගමන් යනකොට හාමිනේත් එක්කං පලයං පුතේ.. !

    ReplyDelete
    Replies
    1. අම්මෝ ඔවු.. එක්ක යන්ඩ ඕන. නැත්තං විසුමක් නෑ..

      Delete
  3. ඉංගිරිස් නෙව මධුරංග අය්යෙ
    අපේ රට ගැන හොයන අයට ස්තාන වල තොරතුරු හොයන අයට වැදගත් වෙයි

    ReplyDelete
    Replies
    1. ඒකනේ.. ඉංගිරිස් වලින් ලියන්ඩ ඕන නිසයි අපේ නෝනාගෙන් උදව් ගත්තේ !

      Delete
  4. ජයෙන් ජය.. මාත් ලක් දසුන් ගැන කලින්ම දවසක ලිව්වා.. ඒකෙන් තේරෙනවා නේ උඹ හොද සංචාරකයෙක් කියලා.. ජයම වේවා
    http://deshakaya.blogspot.com/2012/08/sri-lankan-trips.html

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඈ..
      ඔවු. ලක් දසුන මාර වටින වෙබ් අඩවියක් !

      Delete
  5. වැදගත් ලිපි පෙළක්. . ජය වේවා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි !
      අර සයිට් එක සරල කරලා දීහල්ලාකෝ !

      Delete
  6. ඔන්න උඹ හොඳ සංචාරකයෙක් බවට ලැබුණු පලවෙනි නිල පිළිගැනීම , ජයම වේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ! ස්තූතියි !

      Delete
  7. සුභ පැතුම්.. වැඩිය සංචාර යන්න වෙන්නැති නිසා මගේ ලිපියක් කවද යවන්න පුළුවන් වෙයිද මන්දා.. හැක් හැක්..

    ReplyDelete
    Replies
    1. ඒකනේ..
      කොහේ හරි ගියොත් ලිපියක් ලියලා දාන්න.

      Delete
  8. මාත් ආසම දෙයක් ඔය කොහේ හරි රවුමක් දාල එන එක..
    ජය වේවා..

    ReplyDelete
    Replies
    1. ඒකනේ අසංක සං(චාරකයා)ජීව කියන්නේ.
      හිත නිදහස් කරගන්න හොඳම භාවනාවක් වගේ දෙයක් නෙව කොහේ හරි ඇවිදින එක.. !

      Delete
  9. බොහොම මහන්සි වී ඒ ලිපිය ලියා තිබෙන බව පේනවා..ඡායාරූප රාශියකුත් අන්තර්ගත නිසා කියවන කෙනෙක්ට බොහොම හොද නිරවුල් දැනුමක් ගත හැකියි කියලයි මට හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒත් සමහර ෆොටෝ වල මාතෘකා දාන්ඩ අමතක උනා. ඒ නිසා ඒවා නෑ.. :(

      Delete
  10. ඉංගිරීසියෙන්ම ලියලා තියෙන එක හොදයි.. ලංකාවේ අයටත් වැඩිය සංචාරකයෝ මේවා ගැන හරි උනන්දුයි..

    ReplyDelete
    Replies
    1. ඒකනේ. මම න\ම් ලක් දසුනට යන්නේ ගමනක පින්තූරයක් දෙකක් බලන්ඩ. කඩ්ඩෙන් දෙයක් කියවන්ඩත් කම්මැලියි අප්පා..

      Delete
  11. හැමෝටම ප්‍රයෝජනවත් බොහොම වටිනා ලිපි පෙලක්.. සුභ පැතුම්..

    ReplyDelete
  12. ගමන ගියා වගේම වැදගත් මේ විදියට ලියල දාන එක .. නියමයි ..

    ReplyDelete
    Replies
    1. ඒකනේ... පැතුම් අයියත් මරු ගමනක් ගිහින් තියෙන්නේ

      Delete
  13. අපේ සුබ පැතුම් මධුට...:)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි !
      උම්මාආආආඅ...

      Delete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.