09 January 2015

ඡන්ද ප්‍රථිපල අසමින්...

මම නම් ඊයේ ඉදන්ම රේඩියෝව කන තියාගත්ත ගමන් ඉන්නේ. මම දන්න මැතිවරණ ඉතිහාසෙම මේ තරම් උණුසුම් මැතිවරණයක් දැක්කේ නැති තරම්.ප්‍රථිපලයෙන් ප්‍රථිපලයට තත්වේ උණුසුම් වෙනවා.

මේ වෙනකොට (උදේ 9.30 වෙනකොට ) මෛත්‍රීපාල මහත්තයා ඉදිරියෙන් ඉන්නවා. ඉදිරි ප්‍රථිපල වලදි මොනවා වෙයිද කියලා හිතාගන්න බෑ.

මේ වෙනකොට යාපනය, මඩකලපුව, පොලොන්නරුව, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක ටික මෛත්‍රිපාල මහත්මයා දිනාගෙන තියෙනවා. මහින්ද මහත්මයා ගාල්ල මාතර කියන දිස්ත්‍රික්ක දෙක දිනාගෙන තියෙනවා. මම ඔය කිව්වේ දිස්ත්‍රික්ක ප්‍රථිපල පිට වෙලා තියෙන ඒවා විතරයි.

අනිත් ඒවා නම් කොහොම වේද මන්දා....  

බලමුකෝ නෙහ්. !

ඡන්දේ වගේ නෙමේ අද පාරවල් සේරම සුද්ද කරලා දාලා වගේ. වාහන සෑහෙන්ඩ අඩුයි. ඒ වගේම පාරේ සෙනග ගැවසීමත් අඩුයි. ඔය අස්සේ තමා මම වැඩට ආවේ. අපේ කණ්ඩායමේ මං විතරයි අද වැඩට ඇවිත් තියෙන්නේ.මාත් හාෆ් ඩේ දාලා යන්න හිතාගෙන ඉන්නවා.

මේ යන විදිහට හවස් වෙනකොට බස් ඇත්තෙම නැති වෙයි වගේ..

අද කන්තෝරු ඇවිල්ලත් කරන්න ඒ හැටි වැඩක් නෑ.. මොකද වෙන්නේ කියලා බලාගෙන ඉන්න එක තමා වැඩිමනත් ම කරන්නේ. ඒ ඉන්න ගමන් තමා අකුරු ටිකක් කොටලා කම්මැලිකම නැති කරගන්න හිතුවේ.

අද කඩවලුත් වහලා.. හොඳ වෙලාවට ගෙදරින් කෑම ගෙනාවේ. නැත්තං ඉතිං බඩගින්නේ ඉන්ඩ වෙන්නේ !

4 comments:

  1. //එදා මෙදාතුර පහල වූ නායකයින් අතුරින් අපට පහල වූ විශිෂ්ඨම නායකයා අද දින සිය තනතුර හැරදා පියා පිටව ගොස් ඇත... ඔහු යළි බලය වෙනුවෙන් සටන් කරන්නේද නැද්ද යන්න මා නොදනිමි.. නමුත් ඔහු රට වෙනුවෙන් නැවත සටන් කරන්නට පිවිසෙන්නේ නම් මා ඔහුට හැකි ආකාරයකින් සහය වෙමි... එහි කිසිදු සැකයක් නැත... නමුත් තව දුරටත් මෙම රට තුල ජීවත් වන්නට මාගේ අදහසක් නැත... ලැබෙනා පලමු අවස්ථාවෙන්ම මෙයින් පිටත්ව යමි... එනමුදු ලොව කොහේ සිටියත් මහින්ද කෙරෙහි ඇති මාගේ විශ්වාසය හෙට දිනත් එසේම පවතිනු ඇත.//


    40 ශ්‍රී ලොරියක් විකිණීමට තිබේ.... අයිතිකරු ඉක්මනින් විදේශ ගතවීමට බලාපොරොත්තු වන බැවින් වැඩිම ඉල්ලුමට මෙම සති අන්තයේ විකිණේ...... අත්පිට මුදලට පමණයි................

    ReplyDelete
    Replies
    1. මෙන්න ඇඩ් එකකුත් දමලා... :)

      Delete
  2. ඉර හරියට පායන්නත් ඉස්සෙල්ල ලොක්ක ගියානෙ මධුරංග, ප්‍රතිපල අහන එකේ ත්‍රිල් එකත් අරගෙනම.

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම්... ප්‍රථිපල අන්තිම හරියේ වෙනකොට ගියා නම් අපි ආසාවෙන් ප්‍රථිපල අහනවා නෙව.. :)

      Delete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.