13 January 2015

පාප්තුමාගේ ලංකාගමනය

අද ජනවාරි 13 වෙනිදා... !

අද දවස ශ්‍රී ලාංකීය කතෝලික ප්‍රජාවට ගොඩක් වටින දවසක් වේවි. ඒකට මූලිකවම හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමාගේ ලංකාගමනය. අද උදේ 9.45ට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලෙන් එතුමා පිටත්වෙන බවයි ජනමාධ්‍ය වලින් දැනගන්න ලැබුනේ.

එතුමාගේ ලංකාගමනයේ එක් අරමුණක් තමයි භ්‍යාග්‍යවත් ජුසේවාස් පියතුමාව ශුද්ධවරයට ඔසවන එක. ශුද්ධවරයට ඔසොවනවා කියන්නේ මොකද්ද කියලා දැනගන්ඩ ඕන නං පල්ලෙහා තියෙන ලින්ක් එකට යන්ඩ. මාත් ශුද්ධවරයට ඔසොවන ක්‍රියාවලිය ගැන හරියටම දැනගත්තේ හරීගේ මේ එක පෝස්ට් එකෙන්..

ශුද්ධවරයට ඔසොවනවා කියන්නේ මොකද්ද ?

ගිහින් කියවලා බලන්ඩ.


ජුසේවාස් පියතුමා කියන්නේ කවුද කියලා දැනගන්න ඕන නං හරීගේ මේ පෝස්ට් ටිකත් බලන්න.

ඉන්දියාවෙන් පැමිණි ලංකාවේ අපෝස්තුළුතුමා 1 කොටස
ඉන්දියාවෙන් පැමිණි ලංකාවේ අපෝස්තුළුතුමා 2 කොටස
ඉන්දියාවෙන් පැමිණි ලංකාවේ අපෝස්තුළුතුමා 3 කොටස 
ඉන්දියාවෙන් පැමිණි ලංකාවේ අපෝස්තුළුතුමා අවසාන කොටස 

(හිතුවට වඩා මූ ගොඩක් ලියලා තියෙනවා නෙව...)

අද ලංකාවට එන පාප්තුමා හෙට (14 වෙනිදා) ගාළු මුවදොර පිටියේ දේව මෙහෙයක් සිදු කරනවා. ඊට පස්සේ එතුමා මඩු දේවස්ථානයට ගිහින් එතනත් දේව මෙහෙයක් සිදු කරනවා. ඉන් පස්සේ පාප්තුමාගේ ලංකාගමනය අවසාන වෙනවා.

මගේ මතකය අනුව අන්තීම වරට පාප්තුමෙකු ලංකාවට සැපත් උනේ අනූ පහ අවුරුද්දේ. මාසය නම් මතක නෑ. ඒ දවස්වල නං අපිත් මීගමු පාරේ වත්තලට ගිහින් පාප්තුමාව බලන්ඩ ගියා.

පාප්තුමාගේ ලංකාගමනය නිසා අදයි හෙටයි කොළඹ රථවාහන සලැස්මේ වෙනසක් සිද්ධ වේවී. අද කොළඹ මීගමු පාර වහලා. ඒ නිසා ඒ ගැනත් කල්පනාවෙන් ඉන්ඩ වෙනවා. ඒ වගේම තමා හෙට (14 වෙනි දා) රජයේ සහ බැංකු නිවාඩු දිනයක් කරලා ලූ. (අපිට ඒ නිවාඩුවත් නෑ..)

පාප්තුමාගේ ලංකාගමනය වෙනුවෙන් සකස් කරන ලද නිල ලාංඡනය තමයි පහලින් දක්වලා තියෙන්නේ.
පාප්තුමාගේ ලංකාගමනය වෙනුවෙනුයි අද බ්ලොග් සටහන මම වෙන් කලේ.
එහෙනං මම ගියාවේ !

16 comments:

  1. මේ කුමන ක්‍රමයකින් හෝ මේ රටේ ඇට්‍රහ්තටම ජාතික ආගමික සහජීවනයක් ඇතිවෙනව නම්..

    ReplyDelete
    Replies
    1. ඒක නම් කොච්චර හොඳ ද... :)

      Delete
  2. අාගමික විවිධත්වය තුළින් සහජීවනය උදෙසා යන ගමනට මෙම ශුද්ධෝත්තම පාප් තුමාගේ ගමන අාශීර්වාදයක් වේවා.....

    ReplyDelete
    Replies
    1. මාත් ඒ ප්‍රාර්ථනාවම කරන්නම් !

      Delete
  3. යහ පාලනය එක්ක ආගමික සංහිදියාවකුත් එනවනම් ඒක ඇත්තටම හොදයි..

    ReplyDelete
  4. ස්තුතියි. ගිහින් කියවලා බලන්නම් :)

    ReplyDelete
    Replies
    1. ඒක වෙන්නැ නියම කොමෙන්ට් එක හිහි

      Delete
    2. හරි.. හරි හරි.. ගිහින් කියවලා කමෙන්ට් එකකුත් දාලා එන්ඩකෝ !

      Delete
    3. මහේෂ් :
      ඒකනේ... ! :)

      Delete
  5. ලිංකු ටිකට ස්තූතිි

    ReplyDelete
  6. අපි හැමටම එතුමාගේ පැමිනිම ගෞරවයකි

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.