27 January 2015

ඇන්ඩ්‍රෝමීඩා

බටහිර රතු මුහුදත් ගිණිකොන මධ්‍යධරණී මුහුදත් අතර ලස්සන රාජ්‍යයක් තියෙනවා. ඒ රාජ්‍යයේ රජකම් කලේ සිපියුස් කියලා රජ කෙනෙක්. ඒ රජතුමාට කැසියෝපියා කියලා දේවියකුත් හිටියා. මේ දෙන්නා සතුටින් කාලය ගත කලා. ඒ කාලයේදි කැසියෝපියා දේවිය ලස්සන දූ කුමාරියක් බිහි කලා. ඒ දූ කුමාරිගේ නම තමයි ඇන්ඩ්‍රෝමිඩා කියන්නේ.

මේ ඇන්ඩ්‍රෝමීඩා කුමරිය ගොඩාක් ලස්සන කුමාරිකාවක්. කුමාරිකාවගේ ලස්සන ගැන එතුමියගේ අන්ඩ්‍රෝමීඩාගේ ලස්සන මව් දේවිය සෑහෙන ආඩම්බරයෙන් උන්නේ. හැම වෙලේම ඇන්ඩ්‍රෝමීඩාගේ ලස්සන ගැන පුරසාරම් දෙඩෙව්වා.


කොටින්ම මුහුදු වලට අධිපති පොසයිඩන්ගේ දූවරුන්ටත් වඩා ඇන්ඩ්‍රෝමීඩා ලස්සනයි කියලා පුරසාරම් දෙඩෙව්වා. මේ කතාව පොසයිඩන්ට එච්චර ඇල්ලුවේ නෑ. පොසයිඩන්ට කේන්ති ගියා. පොසයිඩන් තීරණය කලා කැසියෝපියා දේවියට දඩුවමක් දෙන්න.

පොසයිඩන් කලේ තමන්ට හිටපු සීටස් කියන මුහුදු රාක්ෂයාව මේ රාජධනියට එවුවා. සීටස්ගේ කරදරෙන් බේරෙන්න ඕන නම් ඇන්ඩ්‍රෝමීඩාව මුහුදට බිලි දෙන්න ඕන කියලා පොසයිඩන් කිව්වා.

කැසියෝපියා දේවියයි සිපියුස් රජතුමායි ඉතාම දුකෙන් තම දූ කුමාරියව මුහුදු වෙරල ලඟ ගල් තලාවක ගැට ගැහුවා. ඔන්න සීටස් කියන මුහුදු රාක්ෂයා මේ දූ කුමාරියව බිල්ලට ගන්න ටිකෙන් ටික ලං උනා. එතකොටම පර්සියස් ආවා.

පර්සියස් තමා මෙඩූසාව මැරුවේ. මෙඩූසා කියන්නේ ඔළුවේ සර්පයෝ ගොඩාක් ඉන්න නපුරු කාන්තාවක්. මෙඩූසාගේ මුහුණ දිහා කෙලින්ම බැලුවොත් ඕනම කෙනෙක්ව ගල් වෙනවා. මෙඩූසාව මැරුවෙත් මේ පර්සියස්.

ඇන්ඩ්‍රෝමීඩා කුමාරියව බේර ගන්න පර්සියස් ආවේ මෙඩූසාගේ හිසත් අරගෙන. එකපාරම පර්සියස්, ඉස්සරහට පැනලා සීටස්ගේ මුහුණ ගාවට මෙඩූසාගේ හිස ලං කරනවා. එතකොට සීටස් කියන මුහුදු රාක්ෂයාව ගල් වෙනවා.

ඇන්ඩ්‍රෝමීඩා කුමාරිය බේරෙනවා... !

පස්සේ කාලෙක ඇන්ඩ්‍රෝමීඩා කුමාරියයි පර්සියස් අතර ආදරයක් ගොඩ නැගිලා මේ දෙන්නා විවහා වෙනවා. ඊට පස්සේ මේ දෙන්නා එකතුවෙලා තමන්ගේ අධිරාජ්‍යය ආරක්ෂා කරගෙන සතුටින් ජීවත් වෙනවා.

ඇන්ඩ්‍රෝමිඩා, පර්සියස් සහ කැසියෝපියා කියන කට්ටිය මලාට පස්සේ මේ අය තරු රටා බවට පත් වෙනවා. අදත් මේ කට්ටියව අරෑ අහස බලනකොට අඳුන ගන්න පුලුවන්.
මේ කතාව මම සඟරාවකින් කියෙව්වේ. හොඳයි කියලා හිතුන නිසා බ්ලොග් එකේ දැම්මා. පින්තූර සේරම අන්තර්ජාලයෙන් ගත්තේ.

26 comments:

  1. මේ වගේ අය හිටියා කියලා ඉතින් තරු දිහා බලලාවත් සැනසුන හැකිනේ...:P

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම් නේද... හික්ස් :)

      Delete
  2. මේ වගේ ඒව කල්පනා වෙන්නෙ මලක් ගහල ගුවන් ගත වෙන අයට, නැත්නම් හාමිනේගෙන් බැනුම් අහල උඩ බලාගෙන ඉන්න අයට.

    ReplyDelete
    Replies
    1. මේකත් එහෙම එකක්ද දන්නේ නෑ..

      Delete
  3. තරු දිහා බලලවත් තාම ඒ ඇන්ඩරමීඩාගේ ලස්සන දැක්කේ නැහැ නෙව.. හොද උත්සාහයක්.. රස වින්දා

    ReplyDelete
    Replies
    1. ඔබ රස වින්දා නම් එය මගේ සතුටකි !

      Delete
  4. ඔය මෙඩුස මරණ කේස් එක පර්සි ජැක්සන් ෆිල්ම් එකක තිබුණ වගේ මතකයි.

    ReplyDelete
    Replies
    1. මට මතක් වුනෙත් ඒක ....

      Delete
    2. පර්සි ජැක්සන් මොකෝ පර්සියස් මොකෝ... !!
      ඒ ෆිල්ම් එකේදි නම් මෙඩූසාව මරණ සීන් එකක් තිබුනා.
      පර්සි ජක්සන් ඇන්ඩ් ද ලයිට්නින් තීෆ් !

      Delete
  5. කතාව නම් පට්ටයි............. අනික් අය මොනවා කිව්වාත් අපි නම් සුපිරියි කියනවා හරිය...........

    ReplyDelete
  6. අපූරු යි... මම අහල තිබ්බෙ නෑ....

    ReplyDelete
    Replies
    1. මමත් මේ ලඟකදී අහපු කතාවක් !

      Delete
  7. clash of the titan film එකේ මීට ගොඩක් සමාන කතාවත් තියෙන්නේ
    ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ඒ ෆිල්ම් එක නම් බලලා නෑ.. හොයාගෙන බලන්ඩ වටිනවා වගේ.

      Delete
    2. See the "Clash of the Titans" move. it's very nice film.

      Delete
  8. ඔය කතා ගොතපු කට්ටිය තමා මරුම ඩයල්.කොහොම ඔහොම අපභ්‍රංස ඔලුවට එනවද මන්දා

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම්.. ඒ කාලෙත් ජක්සන් අන්තනීලා වගේ අයත් ඉන්ඩ ඇති.

      Delete
  9. අර පින්තූරෙ නම් ඉන්නෙ හර්මීස්. එයා නේද තටු තියෙන තොප්පියක් දාගෙන ඉන්නෙ

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා..ඔය කතාව තිබ්බ වෙබ් අඩවියේ ඔය පින්තූරේ තිබ්බේ.

      Delete
  10. බලන්න ඕන අහස..

    ReplyDelete
    Replies
    1. හිස් අහස ද ? හික්ස් :)
      කොහෙද ගිහිං උන්නේ ?

      Delete
  11. ආව් අම්මා.. අද ඇහුවේ මේ කතාව..

    ReplyDelete
    Replies
    1. මෙන්න ඩයල් එක. සෑහෙන කාලෙකින් කමෙන්ටෙකක් දක්කේ. මොකෝ පහුගිය ටිකේ උනේ ?

      Delete
  12. මේ කතා මරු නේද .. මම මේ වගේ කතා,චිත්‍රපටි බලන්න හරි කැමතියි ..

    ReplyDelete
    Replies
    1. අඩේ මාත් මේ ජාතියේ ඒවට මනාපයි. මනඃකල්පිත උනත් ඉතිං බලනවා. :)

      Delete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.