මාලිගාවිල බුදු පිළිමයයි දඹේගොඩ බෝධිසත්ව පිළිමයයි වැඳපුදා ගත්තට පස්සේ මායි අපේ තාත්තයි ඔක්කම්පිටිය ටවුමට ආවා. එහෙන් දවාලට කෑවට පස්සේ අපි දෙන්නා පයින්ම ඔක්කම්පිටිය කුඹුක්කන පාරේ ටික දුරක් කුඹුක්කන පැත්තට ආවා.
ඒ එනකොට තුම්මං හංදියක් හම්බ වෙනවා.එතනින් බුත්තල පැත්තට හැරුනා. ඊට පස්සේ කිලෝමීටර් දෙකයි කාලක් විතර බුත්තල පැත්තට එන්ඩ ඕන. අපි ඒ ටිකත් පයින්ම ආවා.
ආයේ ඉතිං කිලෝමීටර් දෙකක් කියන්නේ ඒ හැටි දුරක් යෑ. මායි අපේ තාත්තයි කතාවක් දාගෙන හිමින් හිමින් ඉදිරියට ආවා. ඒ එනකොටදෙමට මල් විහාරේ චෛත්‍යය රාජයා ඈතින් පේන්න ගත්තා. අපි ගමන ඉක්මන් කලා. පලාතම කොළ පාටින් දිස් වෙන වෙල් යායක් මැදි කරගෙන අහසට නැගුනු මේ චෛත්‍යය රාජයා අපුරු දර්ශනයක් අපේ ඇස් ඉදිරියේ මැව්වා.
පහලින් තියෙන්නේ දෙමටමල් විහාරේ චෛත්‍යයේ පින්තූරයක්.. ඇස් වලින් දකින තරම් පින්තූරෙට නම් ලස්සන නෑ..
තව ටික දුරක් ඇවිදගෙන යනකොට අපිට පන්සල කිට්ටුවට එන්ඩ පුලුවන් උනා. ඒ කිට්ටුව පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවෙන් බෝඩ් එකකුත් ගහලා තිබුනා එතනින් හැරුනහම පන්සල ගාවට එන්ඩ පුලුවන්.
පන්සල ඉස්සරහ ලස්සන මකර තොරණක් තියෙනවා. එතනින් ඇතුල් උනහම විහාර ගේ බලා ගන්ඩ පුලුවන්. පල්ලෙහා පින්තූරේ තියෙන්නේ පන්සලේ මකර තොරණ.
දෙමටමල් විහාරේ ඉතිහාසය ගැන යමක් කියනවා නම් දේවානම්පියතිස්ස රජතුමාගේ දෙවන මල්ලි වෙච්ච මහානාග කුමරු විසින් මේ විහාරය කරවූ බවයි සදහන් වෙන්නේ. දෙටු මල් ගේ විහාරය පසු කාලීනව දෙමටමල් විහාරය වූ බවයි සදහන් වෙන්නේ.
දුටුගැමුණු රජතුමා හා සද්ධාතිස්ස කුමාරයා අතර යුද්ධයේදී දුටුගැමුණු රජතුමාට බියෙන් මේ විහාරයේ සැඟවූ බව ඉතිහාසය සාක්ෂි දරනවා.. දුටු ගැමුණු රජතුමාට බියෙන් පලා ආ සද්ධාතිස්ස කුමාරයා මේ විහාරයේ විහාරගෙයි ඇඳක් යට සැඟවී සිටි බවයි සඳහන් වෙන්නේ.
විහාරයට පැමිණි දුටුගැමුණු රජතුමා සද්ධාතිස්ස කුමාරයා සිටී දැයි හාමුදුරුවන්ගෙන් විමසා සිටින විට ඔවුන් පැවසුවේ "කුමාරයා ඇඳෙහි නැත" යන්නයි. ඉන්පසු අපවත් වූ හිමි නමක් ගෙන යන ලෙසින් කුමාරයාව විහාරයෙන් එළියට ගෙන පිටමං කලා ලූ.
හරි.... ඉතිහාස කතාව ඉවරයි.
පහලින් තියෙන්නේ විහාරේ චෛත්‍ය රාජයා...
පහල පින්තූරේ තියෙන්නේ විහාරගෙයි පින්තූරයක්. මේක පැරණි විහාරගෙය වෙන්ඩ ඕන.
පහල පින්තූරේ තියෙන්නේ අනිත් විහාරගෙය. ඒක ඇතුලේ තියෙන බුදු හාමුදුරුවන්ගේ පිළිම කිහිපයක් තිබුනා.
පහලින් තියෙන්නේ ඒ විහාරගෙයි ඇතුලත තිබුනු බුදු පිලිම ටික.
අපි ඒ සේරම වැඳපුදාගෙන ඊට පස්සේ ගියේ බෝධීන් වහන්සේ වැඳගන්න. පහල පින්තූරේ තියෙන්නේ විහාරේ බෝධීන් වහන්සේ.
විහාරේ වැඳපුදා ගත්තට පස්සේ අපි ආපහු ඔක්කම්පිටිය ටවුමට එන්ඩ හැරුනා.අපි පයින් ආපු කිලෝමීටර් දෙකේ දුරම ආයේ පයින් එන්ඩ ඕන.යන ගමන ආයෙම හිරි පොද වැස්සක් කඩා වැටෙන්ඩ ගත්තා.මායි අපේ තාත්තයි කුඩෙත් හෙවිල්ලගෙන ටික දුරක් ඇවිදගෙන එනකොට පොඩි තේ කඩයක් තියෙනවා දැකලා තේකක් බොන්ඩ චුට්ටක් නැවතුනා.
ඒක එච්චර ලොකු තේ කඩයක් නෙමේ. පොඩි කඩයක්. තේ කහටයි උක් හකුරුයි තිබ්බේ. ආයේ ඉතිං දෙපාරක් හිත හිතා හිටියේ නෑ වැස්සේ හීතලත් එක්ක උගුරට දෙකට කහට එක ඇදලා දැම්මා. වැස්ස පායන්ඩත් කලින් අපි පාරට ආවා. මොකද රෑ උනාට පස්සේ බස් ෂුවර් කරන්ඩ අමාරුයි නෙව.
අපි පහ විතර වෙනකොට ඔක්කම්පිටිය ටවුමට ආවා.ඒ එනකොට පහේ බස් එක ගිහින් තිබ්බයි කියලා ගමේ මිනිස්සු කිව්වා. ඊට පස්සේ බස්සෙකක් එන්නේ පහමාරට ලූ. අපි දෙන්නා එතකන් හෝල්ටෙකේ වාඩි වෙලා උන්නා.
පහමාර පහුවෙලා විනාඩි දහයක් ගියත් බස් එකක් නං ආවේ නෑ. ඊට පස්සේ බස් එක තියෙන්නේ හයාමාරට ලූ. පහමාර ආවේ නැතත් හයාමාරේ ලංගම බස් එක ෂුවර් එකට එනවලු. කිව්වත් වගේ හයාමාරට ලංගම බස් එක ආවා. ඒකට ගොඩ වෙනකොට වටින් ගොඩින් කළුවරත් වැටිලා. වැස්ස නිසා වෙන්ඩැති.
මේ පාරේ බස් ගැන නම් එච්චර ෂුවර් එකක් නෑ.. බස් ටිකක් අඩුයි. ඒ නිසා යන ගමනක් උදෙන් ගිහින් එන්ඩ ඕන.. ඒ ඇරෙන්ඩ වෙන අපහසුකමක් නං නෑ. :)
යාන්තන් අට විතර වෙනකොට මොණරාගල ටවුමට ඒ ගත්තා. ඒ වෙනකොට අපේ මලයා රෑට කන්ඩ සීනි සම්බෝලයි පානුයි ගෙනත් තිබ්බා. අපි දෙන්නා ඇඟපත හෝදගෙන පාන් කාලා නින්දට වැටුනා. කිලෝමීටර් පහක් හයක් විතර ඇවිද්දා උනාට අපූරු දවසක් එහෙම අවසාන උනා. ඒ මතකය සෑහෙන කාලයක් අපේ හිත් වල තියේවි.
ඇවිද්ද පය දහස් වටී කියනවනේ... !
A very fine travelogue !
ReplyDeleteThanks Buddy !
DeleteI read it and enjoyed. Good luck !!
ReplyDeleteThanks thilakasitha
Deleteඕ යේස් අදත් මම ගිය තැනක් ගැන විස්තර
ReplyDeleteඒකනේ...
Deleteඕකට අපි ගියේ පෝය දවසක. එදා උදේ දානෙ අරගෙන ඇවිල්ල තිබ්බ මිනිස්සු ගිය ඔක්කොටම කෑම, තේ දුන්න.
ReplyDeleteඔය චෛත්‍යයෙ මෙහෙම එකක් දැක්කෙ නැද්ද?
https://scontent-a-ams.xx.fbcdn.net/hphotos-xaf1/v/t1.0-9/199638_203072036386509_7842444_n.jpg?oh=9f7b0d4b55e8c672b59fe84a156cb601&oe=55661F41
නෑනේ... අපරාදේ.. ආයෙම ගිය දවසක බලන්න ඕන.
Deleteඅයියෝ අදත් මම නොගිය තැනක් ගැන විස්තර
ReplyDeleteහෑ.. ගිහින් නැද්ද
Deleteසද්ධාතිස්ස කුමාරයා දෙමටමල් විහාරෙ හැංගුණු හැටි ජයන්ත චන්ද්‍රසිරිගේ 'මහරජ ගැමුණු' පොතේ අපූරුවට විස්තර කරල තියෙනවා. මාත් හරි ආසාවෙන් ඉන්නේ බලන්න යන්න.
ReplyDeleteඔවු.. මාත් ඒ පොත කියවලා තියෙනවා. හරි අපූරු කතාව.
Deleteගිහින් නෑ... දැන් ඉතින් ගියා වගේ තමා :-))
ReplyDeleteඒ උනාට කමන් නෑ.. අවස්ථාවක් හම්බ උනහම ගිහින් එන්ඩ.
Deleteඅදත් කියන්න තියෙන්නේ ගිහින් නෑ කියලා තමයි..
ReplyDeleteඅපොයි.. බලාගෙන ගියහම ගොඩ දෙනෙක් ගිහිං නෑනේ.
Deleteමේක දෙමටමල් විහාරයේ. මතකද?
ReplyDeletehttps://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-xpf1/t31.0-8/10856633_10152541068066767_1244840398272887913_o.jpg
ඔය අර පරණ විහාරගෙයි නේද ?
Deleteඔක්කම්පිටියයි, දෙමටමල් විහාරයයි සැමදා අප හදවත්වල නිදන්ගත වෙන ලෙස රත්නශ්‍රී විජේසිංහයන් මේ අවට පරිසරයේ සිදු වූ සත්‍ය සිදුවීමක් ඇසුරින් ගීතයක් රචනා කලා.
ReplyDelete"සුදු නෙළුම කෝ සොරබොර වැවේ...
මල් සුවඳ දුන් මහියංගනේ..."
මනෝශ් ඒ කතාව ලියලා තියේ ද ? මට මතක නෑනේ..
Deleteයන්න ආසාවෙන් ඉන්න තවත් තැනක්...
ReplyDeleteකෝම හරි යන්න තමා ඉන්නෙ...
ස්තූතියි පිංතූර ටිකට මග විස්තරයට
ගිහිං එන්ඩ.. මරු ගමනක් ඒක..
Deleteඑතකොට හාමිනේ ගියේ නෑ ?
ReplyDeleteනෑ නේ... එයාට අමාරුයි කියලා ආවේ නෑ.. මායි අපේ අප්පොච්චයි විතරයි ගියේ.
Deleteවිස්තරේ ලස්සණයි. ඇයි අර දවල්ට කාපු ඒවා ගැන ලීවේ නැත්තේ?:(
ReplyDeleteදවල් කාපු ඒවා මතක නෑනේ. නැත්තං ලියන්ඩ තිබ්බා..
Deleteපොඩිකාලේ සැරයක් ගියා ලොකු මතකයක් නෑ.. ස්තූතියි විස්තරයට ඊලඟ මොණරාගල ගමනේ අනිවාර්යෙන්ම යනවා
ReplyDeleteඔවු ඔවු ඔවු...
Deleteඅනිවාර්යෙන්ම ගිහින් එන්ඩ..