09 July 2012

පුදුම බයක් නේ.

මේ ලඟදි දවසක මගේ යාළුවෙක් අපේ ගෙදර ආවා. උන්දෑව මට හම්බ උනේ මම් විශ්ව විද්‍යාලයේ ඉන්නැද්දි. මේකා අපේ ම බැච් එකෙක් එකෙක්. මේකාගේ නම විජිත ! හැබෑම දක්ශයෙක් ! කොටින්ම ඉගෙන ගන්න සෑහෙන පෙරේතකමක් තියෙන කොල්ලෙක් ! තමන් නොදන්න දෙයක් කවුරුහරි කියනවා ඇහුනොත් මූ එතෙන්ට වෙලා කටත් ඇරගෙන අහගෙන ඉන්නවා. අහගෙන ඉන්නවා විතරක් නම් මදෑ. මූ නොසෑහෙන්ඩ ප්‍රශ්නත් අහනවා.

විජිතව දැක්කම මට ඊලඟට මතක් වෙන්නේ මූ උඩ නඟින්න සෑහෙන්න බය කොල්ලෙක්. කොටින්ම අත්වැටක් නැති පඩිපෙලකවත් යන්නේ නෑ. ඒ තරමටම බය කොල්ලෙක්.

මට තාම මතකයි අපේ බැච් එකේ යාළුවෙක් නැති වෙලා අපි ඒ මලගෙදර ගියා. යාළුවාගේ ගෙවල් තිබ්බේ උලපනේ. උලපනේ කිව්වම මට ඊලඟට මතක් වෙන්නේ මෝඩයාගේ පාලම. උලපනේ මෝඩයාගේ පාලම ට මෙහා පැත්තෙන් තියෙන පරණ පාලම සෑහෙන්ඩ අබලන්. ඒකෙන් තමා වාහන එහා මෙහා යන්නේ.

වාහනයක් ගියහම පාලම දඩං බඩං ගාලා ගැස්සෙනවා. ඒ මදිවට පාලමේ කැඩිච්ච තැන් වලින් පහල මහවැලි ගඟත් පේනවා. එදා අපට මලගෙදර යන්ඩ තිබ්බෙත් ඔය පාලමෙන් එගොඩ වෙලා. කට්ටියම පාලම ගාවට ආවා විතරයි මේන් මේකෑ දනිස් දෙක සටපට ගාලා ගැහෙනවා. ඌ යන්ඩ බෑම කියලා කෑ ගහලා අන්තිමේදි එතනින් ගියපු දළු ලොරියක මූව පටෝලා පාලමෙන් එහා පැත්තට යැවුවා.එහෙම යැවුවේ නැත්නම් පාලම ගාව දාලා එන්ඩ වෙන්නේ. 

 අපේ කැම්පස් එකේ සමහර නේවාසිකාගාර වලට යන්න පාරවල් තිබ්බට පඩිපෙල් තියෙන කෙටි පාරවල් තියෙනවා. ඒවයින් ගියහම සෑහෙන ඉක්මනට හොස්ටල් එකට යතෑකි. ඒත් මේකා කොච්චර කෙටි පාරවල් තිබ්බත් පඩිපෙල් නගින්න තියෙන බයටම මලාට ඒ පාරවල් වල එන් නෑ.

 ඔය කොයිකෙන් ගැලවෙලා හිටියත් මූට බැච් ෆොටෝ එක ගහන අට්ටාලේ නගින්න සිද්ද උනා.මරන්න ගෙනියන එකෙක් වගේ පණ ගැහි ගැහි අට්ටාලේ උඩට නැගලා ෆොටෝ එක ගහනකන් බයේ හිටියා. ෆොටෝ එක ගහලා ඉවර උනාට පස්සේ ඔක්කොම බහිනකන් මේකා අට්ටාලේ ලෑල්ලක් බදාගෙන හිටියේ නැතෑ.

අපි කැම්පස් එකේ ඉන්නැද්දි සෑහෙන්ඩ කතා කලා මුගේ මේ බය නැති කරන්නේ කොහොමද කියලා. ඒත් ඒවයින් තාම වැඩක් උනේ නෑ. මේකා කියන විදිහට මූට තාමත් ඒ බය ඒ විදිහටම තියෙනවා ලු.

45 දෙනෙක් අදහස් පලකලා .:

ඉන්ද්‍රජිත් said...

අපි මේ පාර රගර් මැච් එක බැලුවෙ ප්ලයිවුඩ් ලෑලි අට්ටාලෙක නැගල නට නට... ඔහොම එකෙක් නම් බයට මැරිල...

මඩිස්සලේ නිශාන් said...

මගේ යාලුවෙකුත් ඉන්නවා ඔය වගේ පොරක්.මෑන් ඉස්කෝලේ තට්ටු තුනේ බිල්ඩිමට කවදාවත් නැගලා නැහැ කකුල් වෙවුලනවා කියලා.ඒත් අපිව 10වසරේදී උඩම තට්ටුවේ පන්තියකට දාපු වෙලාවේ ඒකාව ටීචර් කෙනෙක් අතින් අල්ලන් ඇදගෙන ගෙනිච්චේ :)

සාතන් said...

ඔය යාලුවගෙ ඇස් දෙක බැදල තට්ටු දෙකක විතර බිල්ඩිමකින් පහලට තල්ලු කරපන්... පණ පිටින් ඉතුරු වුනොත් බය ඇරෙයි... මලොත් කොහොමත් ආයි බය වෙන්නෙ නෑනෙ.... :)

සිඳු said...

ඒක එයාගෙ වැ‍රැද්දක් නෙමේ මල්ලි. ඔය බය ඔය විදියටම මටත් තියනව. හොඳටම දන්නව වැටෙන්නෙ නෑ කියල. ඒත් බයයි. පාලම් වල යද්දි මට හිතෙන්නෙ පාලම අනිත් පැත්තට හැරෙයි කියල. කොයි තරම් උත්සාහ කළත් ඒ බය අත ඇරගන්න බෑ. ඒත් කඳු නගින්න නම් බය නෑ.

Sabith said...

උපතින්ම තියනවා බං ඕක සමහරුන්ට! ඕකට මොකක්ද විද්‍යාත්මක නමකුත් කියනවා! ඇක්‍රෝෆෝබියා මං හිතන්නේ මට මතක හැටියට1

හිරුහිමාවී said...

හී හී..:)

නිම්ශා said...

අර සාතන් අයියා කිව් වැඩේ කරන්ට අනේ..

Dinesh said...

සාතන් අයිය හොදම බෙහෙත කියලා තියෙන්නේ.. ගොඩක් අයගේ ඔහොම දැනෙන දේවල් අයින් කරන්න අමාරුයි..

රොසෑන්ගේ ලෝකය said...

හ්ම්ම්ම් ඕකට කියන්නේ Acrophobia කියල. ඕකත් එක්තරා phobia එකක්.
සාමාන්‍ය ජනගහනයෙන් 2% ත් 5% ත් අතර ප්‍රමාණයකට Acrophobia තියෙනවාලු.එකට treatments තියෙනවා.ඒවා තමයි

Cognitive-behavioral therapy
systematic desensitization

සමහරු විදුලි කොටනවට එහෙම බයයි එකට කියන්නේ astraphobia.
සමහරු කළුවරට බයයි ඒක nyctophobia.
මතක නම් දෙකයි.. ඕවගේ phobias ගොඩක් තියෙනවා.

sAm (සෑම්) said...

උඹ එක්ක ඉන්න අපිටත් බය හිතෙනවා මචං !

Bunny said...

මටත් සාමාන්‍යයෙන් ටවර් වලට වගේ නගින්න බයක් තියෙනවා.. තැන ආරක්ශිතයි නම් කිසිම බයක් නැ නගින්ඩ..
ඔය කියන පොරට නම් ලෙඩක් ඇත්තෙ..

ලහිරු said...

ඔය යෝධයා සීගිරියට එහෙම ගිහින් නැතුව ඇති මයෙ හිතෙ... කැම්පස් එකේ ඕක අනිත් වුන්ට අහුවුණ දවසෙදි විලි ලැජ්ජාවෙ සංතෝසෙ බැරුව තියෙන්න ඇති නේද?

Hasitha said...

එහෙම පොරවල් ඉන්නවා. අපේ ඉස්කෝලේ රගර් ටීම් එකේ කැප්ටන් හිටිය එකා කටුවලට හරි බයයි. එක පාරක් අපි ලේ දෙන්න ගිය වෙලාවේ ඌ පැත්ත පළාතේ ආවේ නැහැ කටුවලට තියෙන බය නිසා

තරුවා said...

අපේ බෝඩිමෙත් ඉන්නවා ඔය වගේම පොරක්..ඌටත් අඩි 5ක් 6ක් උසටවත් නගින්න බෑ..

හරී said...

මම බය බල්ලොන්ට.. ඒ කිව්වෙ හපාකන බල්ලොන්ට.. ඒ ඇර හොල්මන් තියා මොනාටවත් බය නැත..



@ සාතන්,

ඌට හාටැටෑක් හැදිලා මැරෙයි වැටිලා මැරෙන්න කලින්

වර්ණා said...

ඕක මේනියාවක්. එයාගේ වරදක් නෙමෙයි. සමහරුන් කැරපොත්තන්ට බයිනේ. ඒ වගේ තමයි.
කෙනෙක් හිටියා බල්ලන්ට බය. පොර ගේ ගෙදර තාප්පෙට පොර සෑහෙන්න වියදම් කළා, තාප්පේ ගොඩාක් උසට ගැහුවා.බල්ලන්ට එන්න බැරි වෙන්න. බල්ලන්ට පුදුම බයක් තිබුනේ. දවසක් පොර යාලුවෙක් එක්ක කාර් එකේ ගමනක් ගියා. ඒ ලඟින් එයාලගේ කාර් එක පාස් කරගෙන පාසල් ළමයි විනොදචාරිකාවක් යන බස් එකක් ගියා. බස් එකේ හිටපු දඟ කොල්ලෙක් වතුර විදින තුවක්කුවකින් කාර් එකට වතුර විද්දා. දෙන්නටම වතුර වැදුනා. අර පොරට ත'රහා ගියා. මු ඇදලා ඇරියා බස් එක අල්ලන්න. ගිහින් ගිහින් බස් එක ඉස්සරහට හරහට කාර් එක නැවැත්තුවා. අර ළමයාගේ තුවක්කුව අරගෙන වතුර හලන්න කියලා එයාගේ යාලුවට දීලා බස් එකේ හිටපු මිස් ලාටත් බැනලා මු දැන් ආපහු කාර් එකේ යනවා. දැන් පොර එක්ක ආපු යාලුවට පුදුමයි. යාළුවා ඇහුවලු ඇයි බන් නිකන් වතුර ටිකක්නේ. ඔච්චර ෆලෝ කරලා බනින්න දෙයක් උනේ නැහැනේ. පොඩි ළමයිනේ මචන් කියලා කියුවලු. අර පොර ගත්තු කටටම කියුවලු , "යකෝ බල්ලෙක් බීපු වතුර තියෙන තැනක වතුර ද දන්නේ නැහැනේ " කියලා :පි

හරී said...

@ වර්ණා,

මිනිහා බය බල්ලන්ට නෙමෙයි ජලභීතිකාවට..

රූ.... said...

ම් ඔය වගේ දරුණුවටම නැතත් අපි හැමෝටම මේ වගේ බය තියනවා මම හිතන්නේ..

දිනුක said...

ඕක මටත් තියෙනවා.ඒ කියන්නේ එහෙම බය වෙන එක සාමාන්‍ය දෙයක් (මොකද මටත් තියෙනවනේ සහ මම තමයිනේ සාමාන්‍යම මනුස්පයා ) ඉතිං ඕක නැති ඈයො ගිහිං මොකක් හරි ප්‍රතිකර්මයක් කරලා බය හදාගෙන සාමාන්‍ය මනුස්සයෙක් වෙන්ඩ උත්සාහා කළොත් හොඳයි.

රත්ගමයා said...

කොහේද මේ ඉන්ජිනේරුවොන්ට ඔය ලෙඩ තේරෙන්නේ නෑ නේ...
ජීව විද්‍යාත්මක නමක් තියෙනවා ඔය ලෙඩේට.. :ඩී

මල්සරා @ ≈ මගේ ජීවිතය ≈ said...

මාත් අහලා තියෙන විදිය‍ට නම් ඕන ලෙඩක්.. උබල ඌට ඔහොම ඉන්න දුන්න ඇති..

දයානන්ද රත්නායක said...

උපන් බියක් තියෙන්නේ.ඕක අඩුකරගන්න වෙන්නෙ සමාජයෙන්මයි. මේවගේ අය ඉන්නවා. ඒත් ඉතින් එයාගෙ බය අයින් කරන්න මානසික ප්‍රතිකාර කළ යුතුයි.

පැතුම් [සිතුම් පැතුම්] said...

අර මොකක්ද "පෝබියාවක්" නේද ඕක? තොටියනම් හරියටම උත්තරේ දෙවි. අර සමහරු කැරපොත්තන්ට බයවුනාට ගෙම්බන්ට බය නැති සීන් ඒක, මම ඕක කොහෙන් හරි කියෙව්වා.

හිතුවක්කාරි said...

සමහරු එහෙමයිනෙ.. මමත් ටිකක් උඩ නගින්න බයයි!! ඒත් එහෙම පොඩි උඩකට නගින්න බයක් නම් නෑ... :D මම අහලා තියෙනවා එහෙම එක එක බය වර්ග ගැන කතා..

නදී said...

මම් නම් ඔය මොකටවත් බය නෑ මම් බය ගෙම්බොන්ට

රොබින් said...

මමනම් බය මොලේ නැති මෝඩ වැඩ කරන උන්ටතමා ...

Dude said...

ඔය කියලා තියෙන්නෙ කෂ්ටිය ලෙසටම. ආයෙ කියන්න දෙයක් ඉතුරු වලා නෑ. මම බයයි සර්පයින්ට. විහිලුවට ඇඟට රබර් නයි විසිකරන එවුන්වත් මට පේන්න බෑ.
henryblogwalker the Dude

පුබුදු said...

පික්සු කොල්ලෙක් නේ :ඩ්

මධුරංග said...

@ඉන්ද්‍රජිත් :
අනිවාර්යෙන්ම... බයටම මැරෙයි !

@මඩිස්සලේ නිශාන් :
අර කියනවා වගේ ඒක ෆෝබියාවක් වෙන්ටෑ. පවු මොනා උනත් !

@සාතන් :
මූ දෙපාරක් මැරෙයි එහෙම උනොත්.

මධුරංග said...

@සිඳු :
අප්පෝ.... ඔයත් බය දෑ. දොස්තරලා ගොඩක් වෙලාවට බය නැති අය නෙව. ඔන්න මම නම් ලේ ගන්නවට බයයි. හික්ස් :)

@Sabith :
ඔය නම නම් අහලා නෑ බං !

@හිරුහිමාවී :
සිග්නල් ඇඩ් එකක් ද මන්දා.... :)

මධුරංග said...

@නිම්ශා :
එතකොට ඌ පවු නෙව. හික්ස් :)

@Dinesh :
සාතන් අයියගේ බේත තමා බේත කියන්නේ.
ඌ දෙපාරක් මැරෙයි !

@රොසෑන්ගේ ලෝකය :
ඔය කියලා තියෙන්නේ ලෙසටම !!
ගොඩක් ස්තුතියි විස්තර ටිකට !!!

මධුරංග said...

@sAm (සෑම්) :
හෑ.... ඒ මොකෝ ඒ ??

@Bunny :
ඒක එහෙම වෙන්ඩැති නේ.
මලයා ටවර් එකට නැග්ගම ටවර් එකට බය හිතෙන්න ඇති කඩන් වැටෙයි කියලා නෙහ්...

@ලහිරු :
අර කිව්වත් වගේ කට්ටිය සීගිරි ගිහින්. මූ ගල පාමුල ඉදලා. ගෙවල් තියෙන්නෙත් ඔය කිට්ටුව නෙව. හික්ස් :)

මධුරංග said...

@Hasitha :
කටු වලට බයයි ???
ඒකත් පුදුම බයක් නේ !

@තරුවා :
මූටත් එහෙම වෙන්ටෑ. හැබැයි එච්චර උඩක නගිනවා මම දැකලම නෑ.

@හරී :
අපෝ බල්ලන්ට නම් මාත් බයයි !!!

මධුරංග said...

@වර්ණා :
අම්ම්බෝ... ඒක නම් දරුණු ලෙඩක් නෙව. නැත්නම් එහෙම හිතයි යෑ...

@හරී :
හික්ස්... :)
ඒකත් හරි නේ හරී !!

@රූ.... :
හරි අක්කේ. අපි හැමෝම මොන මොන දේට හරි ටික ටික බයයි !!!

මධුරංග said...

@දිනුක :
ඔහොම කතාවක් මම ඇහුවමයි.
එහෙම නම් සාමාන්‍ය මිනිස්සු ටිකක් හදමු අපි !!!

@රත්ගමයා :
මොකද්ද ඒ නම ??

@මල්සරා @ ≈ මගේ ජීවිතය ≈ :
ඒක නේ. නැත්නම් මෙලහට්ට හප කරලා !

මධුරංග said...

@දයානන්ද රත්නායක :
පොඩිවට හරි එහෙම දෙයක් කරන්න වෙයි.

@පැතුම් [සිතුම් පැතුම්] :
ඒ කොහොමද තොටියා ඕක දන්නේ ?

@හිතුවක්කාරි :
හික්ස් :)
එහෙම එක බයක් ගැන මම් කලින්ම පෝස්ට් එකක් දැම්මා. :)

මධුරංග said...

@නදී :
ගෙදර එන දවසක මම් ගෙම්ම්බෝ දෙන්නෙක් අරගෙන එන්ඩ ඕනා බලන්න. හික්ස් :)
මෙයා පන එපා කියලා දුවයිද දන් නෑ

@රොබින් :
මේක නම් පුදුම බයක් ! හික්ස් :)

@Dude :
හික්ස් :)
එක එක්කෙනා මොකක් හරි එක දේකට බයයි වගේ
සාදරයෙන් පිලිගන්නවා ඩූඩ් සහෝදරයාව !!!

මධුරංග said...

@පුබුදු :
පික්ෂු කොල්ලෙක් නේන්නම් !!! :)

Podi Kumarihami said...

නොකීවට හැම කෙනාම මොනවාට හරි බයයි.

මම බය නපුරු මිනිස්සුන්ට. :)

අඩවි රජ said...

අනේ..... පව්.....
මැරනෝත් එහෙම අර මොලේ අපරාදෙනේ බං... ඒකයි ඔය :-)

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

සිරාගේ කාමරේ said...

ඔන්න මේ ඉසව්වට අදයි ආවෙ

මේ යාලුවගෙ පෙර ආත්මයේ සිදුවීමක් මේ අස්ථාන භියට හේතුව වෙන්න පුලුවන්.. මෝහන ප්‍ර‍තිකාරයකින් නිට්ටාවට සුව කල හැකිය...

සිතුවිලි දැහැන said...

ඒක නම් මාර බයක් තමයි අයියේ...හැබැයි මමත් උඩ නගින්න බය නැතිවුනාට උඩ නැගලා බිම බලන්න නම් බයයි....(හේ..හේ..)

සිත්තමී said...

ඕනිතරම් මේ වගේ අය ඉන්නවා...විශේෂ උපදේශනයක් හෝ වෛද්‍යවරයෙකුට පෙන්නුවනම් හරි...

මමත් උසකට නගින්න බය නෑ...බහින්න තමා බය... හි හි හී..ඒකට උපදේශන ඕනි නෑ ඔන්න හරිද ඒක සාමාන්‍ය දෙයක් මධූ අයියේ...

දුකා said...

යාලුවව මනෝ වෛද්‍යවරයෙක් ලගට එක්ක පලයන් මල්ලී . .

අසරණයා said...

ඉස්සරන බය නැහැ පොඩ්ඩක්වත් ඒ දැන් වහලක් උඩට නගින්න බයක් දැනෙනවා.

කමෙන්ට් එකක් දාලම යමුද ??

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.