30 July 2012

ශාන්ත එල්මෝගේ ගින්න

ඉස්සර නාවිකයෝ රට රටවල් වල සංචාරය කලේ රුවල් නැවු ආධාර කරගෙන කියලා කවුරුත් දන්නවා නේ. දැන් වගේ අධිතාක්ෂණයෙන් යුක්ත කන්ටේනර් පටවපු නැව් ඒ කාලේ තිබ්බේ නෑ.රුවල් නැවු වල බඩු පටවගෙන සුළඟ ආධාර කරගෙන තමයි ඒ කාළයේ නවිකයෝ රට රටවල සංචාරය කරන්නේ. ඔන්න ඔය රුවල් නැවු වල තියෙනවා කුඹ ගස් ! ඒවගේ කුඹ ගස් වල තමයි රුවල් එල්ලලා තියෙන්නේ.

අන්න ඒ කුඹ ගස් කෙලවර යකඩ වලින් හදපු තුඩක් (විල්ලක්) තියෙනවා.

දවසක් දීර්ග මුහුදු සංචාරයක යෙදෙන නාවිකයෝ වගයකට අහම්බෙන් වගේ මේ කුඹගහේ තුඩෙන් විදුලි කෙටීමක් දකින්න හම්බ වෙනවා. ඒක හරියට වහින්න යනකොට ගහන අකුණක් වගේ ලූ. පස්සේ පස්සේ ඒක ගින්දර පාටින් දිලිසෙන්න ගත්තාලු.

නමුත් ගිනි ගන්නවා වගේ පෙනුනට පිච්චිලා යන්නේ නෑ ලූ.ඉතින් මේ ආශ්චර්යය දැකපු නාවිකයෝ හිතුවලූ මේ දේවතා එළියක් ය කියලා. කොටින්ම එයාලා හිතුවලූ නාවිකයන්ට කැපවෙච්ච නාවිකයන්ට සරණය වෙන සාන්තුවර එල්මෝ තුමාගේ ගින්නක් ය කියලා. (St. Elmo's Fire)
ඉතින් මේ ගින්නට ඒ අය ශාන්ත එල්මෝ ගින්න කියලා නම් කලා ලූ.
(සාන්තුවරයෙක් කියන්නේ කතෝලික ආගමේ ආගමික නායකයෙක් වගේ කෙනෙක්.)

පහල තියෙන්නේ ශාන්ත එල්මෝ ගින්න (St. Elmo's Fire) දැක්වෙන සිතුවමක්!


(සාන්තුවර එල්මෝ කියලා කියන්නේ එවකට රෝමයේ කෲර අධිරා‍ජ්‍යයෙක් වෙච්ච දියොක්ලේසියානුගේ කාළයේ රෝමයේ Formiae කියන නගරයේ හිටපු බිෂොප් වරයෙක්. කතෝලික ආගම දේශනා කිරීමේ වරදට පසුකාලිනව මෙතුමාට දස වද දීලා අන්තිමේදි හිස ගසා දමනවා.)


මුහුදු ගමනෙන් හෙම්බත් වෙලා මුහුදු රළත් එක්ක ඔට්ටු වෙන නාවිකයන්ට පිළිසරණ වෙන්න සාන්තුවර එල්මෝ තුමා එයාලත් එක්ක ඉන්නවා කියලා මේ ගින්න දකින නාවිකයන්ට හිතුන ලු.ඒක ඒ අයගේ හෙම්බත් වෙච්ච හිත් වලට ලොකු සහනයක් උනා ලු. මේ සිද්ධියෙන් නාවිකයෝ තව තවත් ධෛර්යමත් උනා ලූ.

ඇත්තටම  විද්‍යාත්මක සිද්ධ වෙන සංසිද්ධිය වෙන්නේ අර නැව් වල තියෙන කුඹ ගස් වල ලෝහ තුඩු හමන සුළඟත් එක්ක වරින් වර ගැටිලා ආරෝපණය වෙනවා. එහෙම ආරෝපණය වෙච්ච ලෝඩ තුඩු වලින් ආරෝපණ පිටවෙන එකලූ වෙන්නේ. එහෙම ආරෝපණ පිටවෙනකොට පෙනෙන ආළෝක ධාරාවලූ නාවිකයෝ සාන්තුවර එල්මෝ ගින්න කියලා අඳුනා ගන්නේ.

මේ ආරෝපණ පිටවීම කොරානා විසර්ජනය කියලත් හඳුන්වනවා.
(අකුණු ගහනකොටත් වෙන්නේ මේ වගේම ආරෝපණ පිටවීමක්. ඒ වෙලාවෙදිත් අපට ආලෝකයක් දිස් වෙනවා දැකලා ඇති නේ.)

ඔන්න ඕකයි සාන්තුවර එල්මෝ ගින්නේ කතාව. එහෙනම් මං ගිහින් එන්නම්.
සියළුදෙනාට සුබ දවසක් !!

57 දෙනෙක් අදහස් පලකලා .:

තරුවා said...

ෂා...මරුනේ...

සිත්තමී said...

නොදන්න දෙයක් ඉගන ගත්තා ඕන්...

එල්මෝ ගින්න ගැන දන්නෙත් නෑ විද්‍යාත්මක හේතුව දන්නෙත් නෑ...නිදන් කථාවත් කියපු නිසා දෙකම ඉගන ගත්තා

Gimhani said...

ගින්නම් කිව්වට ගින්නක්ම නෙමේ බලනකොට නේද ?

Mee Godayaa said...

නොදන්න කථාවක්.. බොහොම ස්තුතීයි

මඩිස්සලේ නිශාන් said...

එහෙම වෙන්නෙත් යම් බලයක් මත නේද?

දිනුක said...

ඔන්න ඕකනේ කන්ඩ බැරි වැඩේ.ආගමික විශ්වාසවලට විද්‍යාත්මක හේතු දෙන්ඩ යන්ඩ එපා කියලා නෙව මගේ යාළුවො කියන්නේ.

Podi Kumarihami said...

මේ වගේ කතාවක් ඇහුවාමයි...:)

චූටි පුතා said...

නොදන්නා දෙයක් දැනගත්තා :) බොහොම ස්තුතියි
ජය!!!!

elakolla said...

//(සාන්තුවරයෙක් කියන්නේ කතෝලික ආගමේ ආගමික නායකයෙක් වගේ කෙනෙක්.) // කතෝලිකයො අදහන්නෙ යේසුස් වහන්සේ නෙමෙද? මම දන්න විදිහට සෝමාවතී චෛත්‍යයේ දේවතා එළි කියන්නෙත් ඔවැනිම සංසිද්ධියක් වෙන්න ඕනා.

රූ.... said...

හරී නම් මේ ගැන විස්තර ගොඩක් කියාවි..
මුහුද මැද තනිවෙලා ඉන්නකොට මේ වගේ සිද්ධින් නිසා ගොඩක් අය සැනසෙන්න ඇති නේද?

sithuwam said...

/කොරානා විසර්ජනය/

කොරානා බියර් එක මතක් වුනා.

sithuwam said...

*කොරෝනා

රස්තියාදුකාරයාගේ දිනපොත said...

නොදන්නා දෙයක්.. ස්තූතියි!!

araliya said...

mamath meka adamai ahuwe ayya.attatama godak tanku mewage nodanna deyak gana kiyala dunnata........

ඉන්ද්‍රජිත් said...
This comment has been removed by the author.
ඉන්ද්‍රජිත් said...

හොද ලිපියක්...නොදත් දෙයක් දැනගත්තා....

Hasitha said...

මේක විද්‍යාවෙන් එහෙම පැහැදිලි කළත් සමහරු තාම ආස ඇති මේක ආගමික විදිහට බලන්න. නේරුතුමාත් කිව්වලුනේ හඳට මිනිස්සු ගිහින් කොච්චර පර්යේෂණ කළත් තමන්ගේ ආත්තම්මා කියාදීපු විදිහට හඳේ හාවෙක් ඉන්නවා කියලා විශ්වාස කරන්න තමන් කැමතියි කියලා

හරී said...

කාලෙකට පස්සෙ දැනුමට යමක් තියෙන පෝස්ට් එකක් දාලා තියෙන්නෙ... ඇත්තටම ආගමික ප්‍රාතිහාර්‍යය කියලා පටලවාගන්න දේවල් කොච්චර තියෙනවාද?.. අහවල් තැන ප්‍රාතිහාර්‍යයක් අහවල් තැන ප්‍රාතිහාර්‍යය්ක් කිය කිය මිනිස්සු දුවන්නෙ ඒකනෙ..

හිරුහිමාවී said...

ෂඃ නියමා,,,,,,,,,,,,,,,,,යි සහෝ..

වින්චැට් කිරිල්ලි. said...

රුවල් බිඳී ගිය නෞකාවේ...........(නන්දා මාලනී.)

සිඳු said...

අලුත් දෙයක්.... දන්නෙ නැති කතාවක්

සයුරි said...

වැදගත් පාඩමක්...:) ඉස්සර කොරානා විසර්ජනය ඉගනගත්තා මතකයි අකුණු පාඩම් වලදී

Bindi said...

අලුත්ම කතාවක් මට නම් . ඕන එකයි එපා එකයි විද්‍යාවෙන් ඔප්පු කරන්න යනවා කියල අපේ අම්මගෙන් හොඳට බැනුම් අහල තියෙනවා . ඒ වුනාට පුරුද්ද අත අරින්න බැහැ. වෙන කරන්න දෙයක් නැති වෙනකොට මිනිස්සු මේවගේ දේවල සරණ සොයන එක පුදුමයක් නෙමේ . හිතේ ශක්තියටත් යම් බලපෑමක් ඇති වෙන නිසා සමහර දේවල් අහකම දාන්න බැහැ

හිතුවක්කාරි said...

මමත් ඇහුවාමයි මෙහෙම කතාවක්නම්..

තරියා අබේ said...

මේ සිද්ධිය මං දැනං හිටියේ නෑනේ..
බොහොම ස්තූතියි දැනුවත් කරාට..

ගිනි කුරුල්ලා said...

මේ දේම ගුවන් යනා වලත් සිද්ද වෙනවා.

ක්සැන්ඩර් | Xander said...

නොදන්නා යමක් උකහා ගත්තා. ඔබට පින්.

අටම්පහුර said...

නොදන්න දෙයක් දැනගත්තා, ස්තූතියි

අසරණයා said...

අදයි කතාව ඇහුවේ.

Dinesh said...

මමත් මේක ඇහුවේ මේ අදමයි..

....ජනියා.... said...

ඒක පට්ට... සිරා අයිඩියා එක.. ඔහොම දෙයක් ඇහුවමයි

A.Wickz said...

වටිනා විස්තරයක්.ස්තූතියි බෙදාහදා ගත්තට.

රාජ් said...

අහල තිබුනෙ නෑ. නියමයි.

දයානන්ද රත්නායක said...

මාත් මේ කතාව ඇහුවේ අදයි. ඒත් දුළ‍ෙඟේ ඝර්ෂණය ඒතරම් ප්‍රබල ශක්තියක් නිපදවනවද කියල හිතෙනවා.

නිසුපා said...

දැනගෙනම හිටපු නැති දෙයක්.ස්තූතියි...

සිරාගේ කාමරේ said...

කලින් අහලා නැති කථාවක්... ස්තූතියි !

StArry aNgeL said...

කාලෙකින් මේ පැත්තේ අවේ... එච්චරම වෙනස් වෙලා නෑ වගේ...:)

අඩවි රජ said...

මාරයි ඈ..

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

ලහිරු said...

නම අහලා තිබුණට කොරෝනා ගැන දැනගත්තේ අදයි!

මධුරංග said...

@තරුවා :
මරු නේන්නම්... :)

@සිත්තමී :
නොදන්න දෙයක් කියලා දෙන්න පුලුවන් වෙච්ච නිසා සතුටුයි !!

@Gimhani :
ගින්නක් නෙමේ.. ගින්නක් වගේ පෙනුනලූ !
කාලෙකට පස්සේ අක්කෑ කමෙන්ට් එකක් වැටුනමයි

මධුරංග said...

@Mee Godayaa :
නොදන්න දෙයක් කියලා දෙන්න පුලුවන් වෙච්ච එකට සතුටුයි :)

@මඩිස්සලේ නිශාන් :
ඔවු.. යම්කිසි දේව බලයකුත් එකතු වෙන්ඩ ඇති :)

@දිනුක :
අපේ අම්මත් ඔය කතාව කියලා තියෙනවා. ඒත් ඉතින් ඔය දෙකම හොයන්ඩ හිතෙන කුතුහලයත් තියෙනවා නෙව.

මධුරංග said...

@Podi Kumarihami :
නොදන්න දේවල් කොච්චරක් නම් තියෙනවද නේ පොඩ්ඩි :)

@චූටි පුතා :
සතුටුයි සතුටුයි.. :)

@elakolla :
නෑ නෑ.. ජේසුස්වහන්සේ තමා ආගමික නායකයා.
ඔය සාන්තුවරු කියන්නේ කිතු දහම වෙනුවෙන් දිවි පුදපු කට්ටිය. කිතු දහම දේශනා කරලා වද විඳලා මිය ගිය කට්ටිය.

මධුරංග said...

@ඉන්ද්‍රජිත් :
සතුටුයි !!!! :)

@රූ.... :
ඒක නම් හරි අක්කේ. මිනිස්සුන්ට බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒ මත්තෙම ජීවත් වෙන්න පුලුවන් නෙව. :)

@sithuwam :
එහෙම බියර් ජාතියකුත් තියෙනවද ?

මධුරංග said...

@රස්තියාදුකාරයාගේ දිනපොත :
නොදන්න දෙයක් කියාදෙන්න ලැබුන එකට සතුටුයි

@araliya :
සතුටුයි සතුටුයි :)

@Hasitha :
අර කිව්වත් වගේ..
අපේ අම්මත් ආස මේක ආගම පැත්තෙන් විග්‍රහ කරලා තියෙන විදිහට

මධුරංග said...

@හරී :
දැනුමට යමක් ලියලා.... ??? හික්ස් :)
ඒකනේ දොළුකන්දටත් උනේ.. දැන් නම් ඒක ගැන කතාවක්කත් නෑ.

@හිරුහිමාවී :
හික්ස්... හ්ම්ම්ම්ම් :)

@වින්චැට් කිරිල්ලි. :
ඒ සිංදුව මම් අහලා නෑ හලෝ..

මධුරංග said...

@සිඳු :
සතුටුයි... සතුටුයි... :)

@සයුරි :
මතකද ෆිසික්ස් වලට ඉගැන්නුවා.. ඔන්න අමතකයි කිව්වොත් නේ..
(බොරුවට මතකයි කියලා කියාවි...)

@Bindi :
අක්කා කියන කතාවත් හරි. අක්කෑ අම්මගේ මතයෙමයි අපේ අම්මත් ඉන්නේ. කොච්චර විද්‍යාවෙන් ඔප්පු කලත් එආක් ආගමෙන් පිලිගන්න එකයි ඒයැයි කරන්නේ :)

මධුරංග said...

@හිතුවක්කාරි :
ගොඩක් කට්ටිය අහලා නෑ වගේ මේ කතාව.

@තරියා අබේ :
නොදන්න දෙයක් දැන ගන්ඩ තියෙනවා නම් ඊට වඩා දෙයක් තියේ යෑ..

@ගිනි කුරුල්ලා :
ඒක නම් කොහොමද දන්නේ නෑ මල්ලි. නැවු වල සිද්ධ වෙනවා නම් ගුවන් යානා වල සිදු නොවී තියේ යෑ..

මධුරංග said...

@ක්සැන්ඩර් | Xander :
ස්තුතියි... ස්තුතියි.. :)

@අටම්පහුර :
කියවලා කමෙන්ට් කල එකට ස්තුතියි අටම් !!!

@අසරණයා :
සතුටුයි සතුටුයි !!

මධුරංග said...

@Dinesh :
ගොඩක් අය අහලා නෑ මලයෝ..

@....ජනියා.... :
මගේ අයිඩියා එකක් නෙමේ.. මටත් කියවන්ඩ ලැබුන දෙයක් :)

@A.Wickz :
කියවලා කමෙන්ට් කලාට ස්තුතියි යාළුවා :)

මධුරංග said...

@රාජ් :
මටත් අහම්බෙන් කියවන්ඩ ලැබුනේ..

@දයානන්ද රත්නායක :
සුළඟේ ශක්තියට ලවණ වල අයනත් බලපානවා ඇති අයියා. ඒ ගැන නම් මම් එච්චර දන්නේ නෑ..

@නිසුපා :
නොදන්න දෙයක් කියලා දෙන්න ලැබීමත් සතුටක් !

මධුරංග said...

@සිරාගේ කාමරේ :
එලැ ... එලැ.... :)

@StArry aNgeL :
අපොයි නෑ.. හිටපු එකාම තමා. වෙනස් වෙලා නෑ. :)

@අඩවි රජ :
මාර නෑ මාර නෑ..

මධුරංග said...

@ලහිරු :
කොරානා ගැන ෆිසික්ස් වල යන්තම් උගන්වනවා.. ෆිසික්ස් කරලත් ගොඩක් කල් නිසා අමතක ඇති.. මටත් එහෙමයි :)

Red Riding Hood said...

ම්ම්... ඔයාගේ බ්ලොග් එක නම් මරු අයියේ.. ඒකාකාරී නෑ.. මොනා මොනා හරි ඉගෙන ගන්න පුළුවන්..

Weni said...

එහෙම විශ්වාස කරන අයගේ ගෞරවය එහෙමම තියෙන්න ඇරලා මේවා පිටිපස්සෙ තියෙන විද්‍යාත්මක ඇත්ත සොයන් ගියාට කමක් නෑ කියලයි මගේ පුද්ගලික මතය නම්.. නමුත් කවදාවත් එහෙම විශ්වාස කරන කෙනෙක් එක්ක තර්ක කරන්න හෝ පහත් කොට දකින්න මන් නම් පෙළෙඹෙන්නෙ නෑ. ඔබගේ ලිපියෙන් එහෙම දෙයක් වෙලා නැති උනාට සමහර අය එහෙම කරනවා මන් දැකලා තියෙනවා. බලාපොරොත්තු අවශ්‍ය වෙලාවකටම යමක් ගැන තමන්ගෙ හදවතේ තියෙන මේ වගේ (විද්‍යාත්මක් අන්ධ ) විශ්වාස වලින් ගෙනෙන සහනය නිසාම ඔවුන්ගේ දිරිය වැඩි වෙනවා..

අනූ said...

ශාන්ත එල්මෝ ගින්න...එහෙම එකක් ඇහුවමයි... පින්තුරෙත් හොඳයි... ගිනි විසිවෙනවා...

නදී said...

මමත් මේ ගින්න ගැන ඇහුවමයි.වෙන ගිනි නම් ඕනෙ තරන් අහල අද්දැකලා තියනවනේ :)

Madhawa Habarakada said...

කොරෝනා එක අපි ලැබ් එකේදී බර ලොකු වෝල්ටීයතවයක් දීල හැදුව. ලස්සනයි.

කමෙන්ට් එකක් දාලම යමුද ??

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.