18 July 2012

ඔබේ පෙම

දිය පොදක් නොමැති කතරක
                            දිය පොදක් සේ....
මගේ දිවියම ඔබෙන්
                            ආලෝකමත් උනා.....
කෙළවරක් නැති දිවි කතරේ
                            අතරමං වූ මා හට....
ඔබේ පෙම
                පහන්තරුවක් උනා.............

-------------------------------------------------------------------
ප.ලි. -  ෆෝන් එකට ගහපු හෙඩ්සෙට් එකේ වයර් එක හප හප ඉන්න දවස්වල අහම්බෙන් පොතක ලියවෙච්ච සිතුවිල්ලක්....

48 දෙනෙක් අදහස් පලකලා .:

දිනුක said...

ෆෝන් එකටද පෙම් කරන්නේ????

බට්ටි said...

හේ හේ සිතුවිල්ලක් පමණි නොදා හෙට් සෙට් වයර් කියලා දැම්මට අපි අහුවෙයි මේවට...මේවා රියල් පහන්තරු නෙවෙයිද මං අහන්නේ.

Hasitha said...

වයර් හපන්නේ මීයෙක්ද :P

රාජ් said...

//ෆෝන් එකට ගහපු හෙඩ්සෙට් එකේ වයර් එක හප හප ඉන්න දවස්වල අහම්බෙන් පොතක ලියවෙච්ච සිතුවිල්ලක්.//
මේකත් හරියට අර මොකක්ද වගේ

සිහින මදාරා said...

මොනා වුනත් ලස්සන සිතුවිල්ලක් මධු අයියා :)

හිරුහිමාවී said...

හරිම කෙටි උනත්,හරිම ලස්සනයි! :)

ලහිරු said...

// ෆෝන් එකට ගහපු හෙඩ්සෙට් එකේ වයර් එක හප හප ඉන්න දවස්වල අහම්බෙන් පොතක ලියවෙච්ච සිතුවිල්ලක්....

හා හා අපි එහෙම හිතාගන්නම්කෝ එහෙනම්!

අපරාජිතයා :::: Aparajithaya said...

මොකෝ බං උඹට කන්න දෙන්නේ නැද්ද පෝන් එකේ වයර් හපන්නේ.....???? අපෝ ගවුම් ගැනනම් කතා කොරන්න එපෝ........

රත්ගමයා said...

හත් ඉලව්වේ..මගුලක්..වෙඩිමක්...

Bindi said...

කන්නම දෙයක් නැද්ද මලේ වයර් කන්නේ

සයුරි said...

ඊඊඊයා.....කවියට නෙමෙයි...වයර් එක හැපුව එකට. අසරණ වයර් එක.

කවියනම් සුපිරියි ඈ

චූටි පුතා said...

අෆ්ෆා මම හිතුවා මම විතරයි වයර් කන්නේ කියලා .
( මේ දවස්වල මමත් සෑහෙන්න කනවා :පී)

sAm (සෑම්) said...

අම්ම ගැනද මචං?

ආලෝකයක් ගැන කියපු නිසා ඇහුවේ

වින්චැට් කිරිල්ලි. said...

හප හප ඉන්න අතරෙ වයර් මාරුවෙලා නේද අයියෙ?:D

Podi Kumarihami said...

'ඔබේ පෙම' කාගේ පෙමද කියලා මතකද? :D

prasanna86k said...

ඇයි මචං එහෙම වෑර් එක හපන්නේ... සුපියල් 2.50ට චුයින්ගම් එකක් ගනින්කෝ...

තව වෑර් හපහන්. එතකොට අපිටත් තව මේ වගේ සිරා කවි කියවන්න පුළුවන්... :D

සිතුවිලි දැහැන said...

වාව් ඒක නම් හරි ලස්සනයි...දැන් හෙඩ්සෙට් එකේ වයර් එකක් නැද්ද ඉතින් අයියා ඒක හප හපා කවි ලියලම....(හේ..හේ..)

nawammawatha said...

හෙහ් හෙහ්.. ඔය වයර් හප හපා කල්පනාකරන එක අහවර වෙන්නෙ බොලාට කවදා හරි 230V වයර් එකක් හැපිච්ච දොහට තමා. එදාට කවි කියන්න වෙන්නෙ අපිට !!

රූ.... said...

උඩ කවිය කෙසේ වුනත් මගේ සංකල්පනාවට දාලා තියන ගාථාව නම් හරිම අගෙයි..

malmi said...

ලස්සනයි. ඒත් වයර් හැපුවේ අම්මා බත් කන්න දුන්නේ බාගෙට වෙන්ටෑ

බිඟූ...! said...

හුටා...
කෙලිය නේද?

නිසුපා said...

මොකෑ වයර් එක හපන්නෙ.හපලා ගිලින්නද යන්නෙ.:)

පිණිබිඳු... said...

කරන්ට් වයර් එකක් හපපන්කො නවකතාවක්ම ලියවෙයි.

සරත් ලංකාප්‍රිය said...

මේක ඉතින් එයා කියෙවුවද ?

අනූ said...

ඇයි අප්පා අයියේ ඔයා වයර් හපන්නේ? බඩගිනි වෙලා ඉද්දි ලියපු කවියක්ද?

Gimhani said...

දැන් ඔයාට ලස්සන ලස්සන කවි සිතුවිලි පහල වෙනවනේ .

මඩිස්සලේ නිශාන් said...

දිගටම හෙඩ්ෆෝන් එක හපන්න අයියා මේ වගේ ලස්සන සිතුවිලි තව එයි.

සිත්තමී said...

මේ ආයෙමත් හෙඩ් සෙට් එක හැපුවනම් හරි කාලෙකින් හැපුවෙ නෑනේ අපිට ලස්සන කවි සිතුවිල්ලක් බලන්න...

කවිය ලස්සනයි මධූ අයියේ....

සිඳු said...

හරි හරි ඉතින් වයර් හැපුවෙ මල් කඩන ගමන් නේද?

araliya said...

paw wayar eka.... :))

....ජනියා.... said...

මන් නම් දැන් හොයන්නේ අයියේ වෙන පහන් තරුවක්.. එද නම් හොදට ලැබුනා එවා

Maneka said...

මොකෑ බොල මේ වයර් හපන්නේ?? ඔව්වා පුරුද්දට යන්ඩ ඉඩ තියෙනවා!! කොම්පුටරේ පවර් කෝඩ් එක හෙම හපන්නෑ ඔන්න!!!!

පැතුම් [සිතුම් පැතුම්] said...

මාර මාර ටයිම් වලටනේ කවි සිතුවිලි පහල වෙන්නෙත් රංග අයියට. වාසනා ! වසානා !! පහන් තරුව හැමදාම පායාපන් කියල ප්‍රර්ථනා කරනවා. (සිතුවිල්ලක් වුනා හෝ පහන් තරුවක් නැතා හෝ හම්බ වෙච්ච දවසට)

අසරණයා said...

මම හිතන්නේ වයර් ඒක දිගේ හීනි කරන්ට් එකක් වැදිලා.

මධුරංග said...

@දිනුක :
මේක සෑහෙන කාලෙකට කලින් ලියපු එකක් !

@බට්ටි :
අපොයි නෑ බට්ටි. මේවා ඒ කාලේ තරු නෙව. අපි ඉතින් තනි තරුවේ නේ...

@Hasitha :
නැත නැත... මීයෙකු නොවෙමි !

මධුරංග said...

@රාජ් :
මොකක් වගේද කියලා කිව්වොත් තමා වටින්නේ. :)

@සිහින මදාරා :
ස්තුතියි නංගි !!! :)

@හිරුහිමාවී :
ගොඩක් ස්තුතියි නංගි !!!

මධුරංග said...

@ලහිරු :
නෑ නෑ. ඒ දවස්වල යාළු වෙලා හිටපු කාලේ. මම නම් දන් ඒක මතක් කරන්නත්ව කමති නැත.

@අපරාජිතයා :::: Aparajithaya :
ගවුං ගැන කතා කරන්න මාත් කැමති නැත...

@රත්ගමයා :
නැත නැත. මේක මලගෙයකි !!!

මධුරංග said...

@Bindi :
එහෙම නෑ....හික්ස් :)

@සයුරි :
අපෝ වයර් එකක් හපන එක ඔච්චරටම අප්පිරිය දෑ... මම් පොඩිම කාලේ වතුර බෝතලේ පටිය කාගෙන කාගෙන කාගෙන ගියේ...

@චූටි පුතා :
එහෙනම් මේකාටත් ලෙඩේ හැදිලා. හික්ස් :)

මධුරංග said...

@sAm (සෑම්) :
හ්ම්ම්.. එහෙමත් නිර්වචනය කරන්ඩ පුලුවන්. ඒත් මේක ලවු සීන් එකක් !!

@වින්චැට් කිරිල්ලි. :
වයර් මාරු උනේ ඒ කාලේ. හික්ස් :)

@Podi Kumarihami :
ඒක බිඳුන පෙමක් !!

දයානන්ද රත්නායක said...

"දිය පොදක් වෙමින් තොල් වියලෙන පිපාසෙට" ගීය මතක් වුණා

මධුරංග said...

@prasanna86k :
හෑ... යකෝ !! වයර් කන්ඩ කියලා කියන්නේ... අර මොකටෑ මම් දැන් වයර් කන්නේ ?

@සිතුවිලි දැහැන :
නෑ නෑ. හිමිහිට හපන්නේ..ඒ නිසා තාමත් වයර් එක ඉතුරු වෙලා තියෙනවා :)

@nawammawatha :
එදාට මේකලා මලපොතේ කවි කියවයිද මන්දා. හික්ස් :)

මධුරංග said...

@රූ.... :
ඒක මම් ආසම ගාථා පාඨයක් !!!

@malmi :
ඒ කාලේ මල් කැඩුවා නේ. දැන් නම් බඩ පිරෙන්නම බත් කනවා. ඒ නිසා වයර් කන්නේ නෑ..

@බිඟූ...! :
අර මොකෑ... කෙලියේ කොහාට දෑ.

මධුරංග said...

@නිසුපා :
වයර් නම් ගිලලා නෑ. ඔන්න පොඩි කාලේ සිප් එකක් නම් ගිල්ලා. ඊට පස්සේ බෝතලේ පටිය ගිල්ලා.

@පිණිබිඳු... :
එහෙනම් හපලා බලන්ඩ ඕනා. අඩේ නව කතාවක් ලිව්වම කාටදෑ ආඩම්බර !!!

@සරත් ලංකාප්‍රිය :
මේක පරණ කවියක් ජයයා අයියේ!!!

මධුරංග said...

@අනූ :
අපොයි නෑ. හොදට කාලා ඉවර වෙලා මල් කඩන ගමන් ලියපු කවියක් !!!

@Gimhani :
කාටද ඉතින් ආඩම්බර.... ? අක්කට නෙව.

@මඩිස්සලේ නිශාන් :
මාසෙට සැරයක් හෙඩ් සෙට් එකක් ගෙන්ඩ වෙයි මෙහෙම ගියොත්. !

මධුරංග said...

@සිත්තමී :
දැන් හපන්න ඉන්නේ හයිටෙන්ශන් වයර් එකක්. හපාගෙනම එල්ලිලා ඉන්ඩ හදන්නේ. :)

කවිය ලස්සනයි කිව්වට ස්තුතියි ඈ..

@සිඳු :
දිස් ඉස් ඇන් ඕල්ඩ් පොයම් ! නොට ලෙටස්ට් වන් !!!!

@araliya :
හ්ම්ම්.... ඒක තමා :)

මධුරංග said...

@....ජනියා.... :
වෙන පහන් තරුවක් කියන්නේ ? අපෝ මට නම් තරු එපා !!

@Maneka :
පවර් කෝඩ් එක හැපුවේ නම් නෑ කපුවා. ඒ පොඩි කාලේ කොම්පියුටර් එකට වයිරස් එන නිසා !!

@පැතුම් [සිතුම් පැතුම්] :
එහෙනම් තව කල්පයක් බලන් ඉන්ඩ වෙයි...

මධුරංග said...

@අසරණයා :
හික්ස් :) ඒක නිසාද දන්නේ නෑ මෙහෙම ලිය උනේ

@දයානන්ද රත්නායක :
ඒක නම් මාර ලස්සන ගීයක්. මම් ආසම ගීතයක් !!!

පිසාචයා said...

කෑලි පහේ ටෝච් එක ගැන නේද මේ කියන්නේ.....

කමෙන්ට් එකක් දාලම යමුද ??

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.