20 July 2012

සති අන්තයේ ප්‍රශ්නය

අද ටිකක් විතර වැඩ අඩු දවසක්.ඒත් එක්කම කම්මැලි දවසක්. ගොඩක්ම කම්මැලියි කියලා හිතෙන්නේ සිකුරාදා දවසක් නිසා වෙන්ටෑ. කම්මැලි කම යන්නත් එක්ක අන්තර්ජාලය පීරලා එක එක කතා කියවන්න ගත්තා.

බ්ලොග් අඩවි බ්ලොක් කරලා නිසා ඒවට නම් යන්ඩ වෙන්නේ නෑ. ඔන්න බොස්ගේ නෙට්වර්ක් එකට වයර් එකක් අමුණ ගත්තා නම් බ්ලොග් කියවන්නත් ඇහැකි. 

කතා ටික කියවලා ඉවර වෙලා මේල් එකවුන්ට් එක පැත්තටත් ලොග් උනා. අපේ ඉන්දුල මලයා මට එවපු මේල් එකකුත් තිබ්බා.පහලින් තියෙන්නේ ඒ මේල් එක. සමහරු නම් මේක කියවලත් ඇති.
 
 මේක එක්තරා විදිහක තේරවිල්ලක් ! ඔය පහල තියෙන පින්තූරේ බලන්න. ඒ පින්තුරෙන් සිංදුවක් කියවෙනවා. ඒ සිංදුව මොකද්ද කියලා තමයි අහන්නේ ! පුලුවන් කට්ටිය තොරන්ඩ බලන්න.



ඔන්න මේ ප්‍රශ්නයට උත්තර දෙන්න ඔයාලට සති අන්තයක්ම තියෙනවා.

සියළුදෙනාටම  විනෝදයෙන් පිරුණ සති අන්තයක් වේවා !!!

51 දෙනෙක් අදහස් පලකලා .:

Maal said...

ඉර හඬ පායන ලෝකේ සැප දුක සමබර වේ...

සිත්තමී said...

තෑගි තරග හැම එකකින්ම පරාද වුණ මම දුවල ආවෙ මේකවත් කියන්න කියල අපොයි කරල තියෙන්නේ උඩ එක්කෙනා වැඩක්...මෙහෙමත් කෲරයිද සමාජය...

දුක තුනීවන්නට ආපසු හැරෙමි...

තාරා said...

ඉර හඳ පායන ලෝකේ ආලෝකය අතරේ සැප දුක සමබර වේ...

සිතුවිලි දැහැන said...

හපොයි මමත් පරක්කු වුනානේ ඉතින් එන්න..දැන් එතකොට මට තෑගි නැද්ද අයියේ....

රස්තියාදුකාරයාගේ දිනපොත said...

තරගෙ දිනුම පැරදුම මොක උනත් ලස්සන සිංදුවක් මතක් කරල.. :)

Pramudi said...

හයියෝ..තුන් දෙනෙක්ම උත්තරේ කියලනේ. :(
කමක් නෑ ඉතින් ජයග්‍රහණයට වඩා වටින්නේ ඉදිරිපත් වීමයි කියලා කියන නිසා මෙන්න මගේ උත්තරේ,
"ඉර හඳ පායන ලෝකේ
ආලෝකය අතරේ..
සැපදුක සමබර වේ.."

අකීකරු හිත said...

පරක්කු වැඩියි වගේ

Podi Kumarihami said...

හරි උත්තරේ උඩින් දැක්කා...
තෑග්ගට නම් ගොඩක් ස්තූතියි. සති අන්තයක්ම ලැබිලා.:)

prasanna86k said...

උත්තරේ හම්බුවෙලානේ... අතෑරලා දාමු...

දිනුක said...

ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවේ.අප්පමාදෝ අමතපදං කියලා අපේ ඉස්කෝලේ තිබ්බ ආදර්ශපාඨය කවදාවත් මම තේරුංගත්තේ නෑ නෙව.මක්කා කොරන්ඩද? උත්තරේ දන්නවා කියලා වැඩක් නෑ නොවැ දැං.

හරී said...

ඉර හඳ පායන ලෝකේ
ආලෝකය අතරේ
සැප දුක සමබර වේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ

උකුලේ ළමැදේ සමබර උසුලන
ගැමි ලිය යන ගමනේ
මුදු බඳ නැළවෙන සේ
කඳුවැටි ගංගා සාගර එකසේ
පොළොවට සමබර වේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ

වැඩිවන ආශා මැඬලන වේගේ
ජීවන මඟ කැළමේ
ඒකම රසමුසු වේ
මහ වන වදුලේ වන විල් මතුවේ
පියුම් පිපී නැටවේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ

සමතුලිතතාව පාඩම ගීතයෙන්..

හරී said...

කියන්න අමතක වුනා blogger බ්ලොක් නිසා බ්ලොග් කියවන්න බෑ කිව්වනෙ.. එතකොට ලියන්න පුලුවන්ද?

amila chathuranga said...

අනේ අමරෙ අයියගේ සින්දුවක් නොවැ...

Hasitha said...

මම දැනගතිමි, මම සැක කලෙමි :)

රත්ගමයා said...

කොහේද...කට්ටියට සතියක් ගිහින් නෑ නේ/..ඔය හොයාගෙන තියෙන්නේ..කොම්පැනිය ඉවරයි..මෙහෙම සේවකයෝ ඉන්නකල්..අයියෝ සැලරි

නිසුපා said...

මේ ඉන්නෙ කට්ටියක්ම උත්තර දීලා.අපි දෙන්න ඕනෙ නෑ නෙ දැන්.

තරුවා said...

එක සැරේම උත්තරේ හොයා ගත්තා...ඒත් කට්ටිය කියලනෙ උත්තරේ...

රාජ් said...

එල!

ඉන්ද්‍රජිත් said...

සුපිරි වැඩේ...

ela kollek said...

නියමාමාමාමාමාමායි!!!!

හිරුහිමාවී said...

අයියෝ අපි පරක්කුද මන්ද.. :(

බට්ටි said...

මම උත්තරේ නොකිය ඉන්නවා. අනේ උත්තර දුන්නෙ නැති කෙනාට තෑගි දෙනවද?

පැතුම් [සිතුම් පැතුම්] said...

ඉර හඳ පායන ලෝකේ ආලෝකය අතරේ සැප දුක සමබර වේ...


රේස් එක ඉවර කරන අන්තිම කෙනාටත් තෑගී ඇති කියලා හිතනවා :D :D

හිතුවක්කාරි said...

ඉර හඳ පායන ලෝකෙ තමා.... :D

අසරණයා said...

ඉර හඳ පායන ලෝකේ ආලෝකය අතරේ සැප දුක සමබර වේ... මලක් වගේ හැමෝම උත්තර දීල තියෙන්නේ.

නදී said...

oya kiyala thiyenne uththare.api parakkui

ලහිරු said...

මටත් මතක් වුණා, ඒ වුණාට පරක්කුයි මමත්!

චූටි පුතා said...

හුරේ මම අන්තිමයා :පී

වින්චැට් කිරිල්ලි. said...

මම ආශම සිංදුවක්..කවුරුත් විශ්වාස කරනවද කිරිල්ලි කැමතිම ලංකාවෙ ගායකය අමරදේව කිව්වොත්?? ඔව්..ඇත්ත..මම එයාගෙ ඔක්කෝම සිංදු වලට මාර ආශයි.!

sAm (සෑම්) said...

ඉර හද පායන ලෝකේ..

මේ අපේ එකෙක් එකොලහ වසරෙදි බිත්තියෙ ඇදල තිබ්බා. එතකොට ඔය රෑප බිහිවෙලා නැතුව ඇති. ආලෝකය අතරේ කියන එකට දාල තිබ්බේ ටෝර්ච් එකක්.

මඩිස්සලේ නිශාන් said...

මං එන්න කලින් කට්ටියම හරි උත්තරේ දීලනේ.

බොසා හරි නපුරුයිනේ

සුදු මහත්තයා said...

ඈ,., අය්යෝ,., කට්ටියම වැරදියිනේ,.,., මේන්න මේකයි උත්තරේ


සදු වගේම හිරුත් කදු අස්සෙන් රිංගන්නා
ගෝලීය කරනය නිසාවෙන් බල්බ දෙපැත්තට අදින්නා
දුකත් එක්ක සතුට සමබර කරන්න අපි උත්සහා කරන්නා,.,.,

ක්සැන්ඩර් | Xander said...

මගේ සත දෙක මෙන්න :-) උත්තරේ දීලා හින්දා මම ගියා ඔන්‍න‍ ඈ..

නෙරංජි සුලක්ඛනා said...

ඉර හඳ පායන ලෝකේ
ආලෝකය අතරේ
සැප දුක සමබර වේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ

උකුලේ ළමැදේ සමබර උසුලන
ගැමි ලිය යන ගමනේ
මුදු බඳ නැළවෙන සේ
කඳුවැටි ගංගා සාගර එකසේ
පොළොවට සමබර වේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ

වැඩිවන ආශා මැඬලන වේගේ
ජීවන මඟ කැළමේ
ඒකම රසමුසු වේ
මහ වන වදුලේ වන විල් මතුවේ
පියුම් පිපී නැටවේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ

හරීගෙන් කොපි කළා දැම්මා!!

ඩොටි ගේ කතාව said...

මම එද්දිනම් ඉතින් හැටක් විතර උත්තරේ දීලා... කමක් නෑ මමත් කියලම යන්නම්කෝ....
ඉර හ  පායන ලෝකෝ ආලෝකය අතරේ.... සැප දුක සමබරවේ

අනූ said...

ඕක දවසක් රිද්ම පත්තරේ දාල තිබුණා....

malmi said...

dan uththara dunnata wadak naha maye hite

මධුරංග said...

@Maal :
පුදපු ගමන් කාලා. හික්ස් :)
උත්තරේ හරි !

@සිත්තමී :
අපරාදේ ඔයා උත්තරේ නොදී ආපහු හැරුනේ. මෙදාපාර තෑගි දෙන්නේ දෙවෙනියට උත්තරේ කියන කෙනාට. අපරා....දේ :)

@තාරා :
ඔන්න ඔයා තමා ජයග්‍රාහකයා !!
පලවෙනිම කමෙන්ට් කරපු කෙනා තරහා වේවිද මන්දා.

මධුරංග said...

@සිතුවිලි දැහැන :
තියෙනවා තියෙනවා. කෝ ඔයාගේ උත්තරේ කියන්ඩ බලන්න !

@රස්තියාදුකාරයාගේ දිනපොත :
ඔවු. ගොඩක් ලස්සන සිංදුවක් !!!

@Pramudi :
ඔන්න ඔයාත් ජයග්‍රාහකයෙක් !!
සතුටු වෙන්න. :)

මධුරංග said...

@අකීකරු හිත :
අපෝ නෑ. සති අන්තය තාම ඉවර උනේ නෑ. :)

@Podi Kumarihami :
දැන් ඉතින් පෙම්බරයාත් එක්ක අයිස්ක්‍රීම් උම්මා දිදී ඉන්ඩ !!!
පෙම්බරයට නාන්ඩ වෙයිද මන්දා.

@prasanna86k :
අපරාදේ... තෑග්ගක් ගන්ඩ තිබ්බ චෑන්ස් එක !!

මධුරංග said...

@දිනුක :
ආනන්දේ කොල්ලෙක්ද මලයා ?

@හරී :
සමතුලිතතාවය කිව්වේ කලාප සමතුලිතතාවයද රසායකින සමතුලිතතාවයද. මම අසම පාඩමක් !!!
තාමත් කේපී කේසී වලට වගේම කේඑස්පී වලටත් ආසයි. උබට මතකද මන්දා

මෙහෙමනේ සුදු පුතේ...අපේ වැඩපොලෙන් බ්ලොග්ස්පොට් වලට ලොග් උනහම ෆයර්වෝල් එකෙන් ඒ සයිට්ස් බ්ලොක් කරනවා. අපි බ්ලොග් ලියන්න ලොග් වෙන්නේ බ්ලොගර් සයිට් එකටනේ.ඒකට ලොග් වෙන්ඩ පුලුවන්. බ්ලොග් කියවන්ඩ ලොග් වෙන බ්ලොග්ස්පොට් සයිට් තමා බ්ලොක් කරලා තියෙන්නේ.

@amila chathuranga
අනිවාර්යෙන්ම... අමරේ අයියගේ ලස්සන සිංදුවක් !!

මධුරංග said...

@Hasitha :
ඈ ගොසින් ය ඈ ගොසින් ය :)

@රත්ගමයා :
අපෝ නෑ. අපි මහන්සියෙන් වැඩ කරන සේවකයෝ ය.

@නිසුපා :
අක්කගේ උත්තරේ නම් මම් දන්නවනේ. නංගිගේ උත්තරේ මොකද්ද කියලා දැන ගන්ඩ ආසයි... හික්ස් :)

මධුරංග said...

@තරුවා :
අවුලක් නෑ.. තාම චෑන්ස් තියෙනවා.

@රාජ් :
තැන්කියු !!! :)

@ඉන්ද්‍රජිත් :
ඒක තමා. ට්‍රයි එකක් දෙන් නැද්දෝ...

මධුරංග said...

@ela kollek :
එල කොල්ලා ආයෙත් ඇවිදින්. සතුටුයි බොලවු... එල කොල්ලෙක් !!! ආඅයෙම එන්න කොල්ලෝ :)

@හිරුහිමාවී :
අපෝ නෑ... තව වෙලාව තියෙනවා.

@බට්ටි :
පොඩ්ඩක් හිටින්න බලන්ඩ තව තෑගි තියෙනවද කියලා. හික්ස් :)

මධුරංග said...

@පැතුම් [සිතුම් පැතුම්] :
උත්තරේ හරි.
ඔක්කෝටම තෑගි තියෙනවා. පලවෙනියාගේ ඉදලා අන්තිමයා වෙනකන් !!! :)

@හිතුවක්කාරි :
හරියට හරි.
ඔයත් ජයග්‍රාහකයෙක් චූටි නංගි !!!

@අසරණයා :
හ්ම්... ඒක හරි.
මලක් වගේ පරිස්සමට නෙලාගන්ඩ බැරි උනාට
හිතේ තියෙන ලෙන්ගතුකම මැකී යන්නේ නෑ...

මධුරංග said...

@නදී :
අපෝ නෑ. ඔයාලටත් තෑගි තියෙනවා ඉස්කෝලේ නෝනේ..

@ලහිරු :
උත්තරේ කියමු බලන්ඩ !!

@චූටි පුතා :
බුද්ධිමතුන් බිහිවන්නේ පසුපස පේලිවලිනි !!!

මධුරංග said...

@වින්චැට් කිරිල්ලි. :
ඔයා නම් පුදුම කිරිල්ලියක් !
මමත් සමහර සිංදු වලට නම් ආසයි.

@sAm (සෑම්) :
අඩේ ඒ කියන්නේ සෑමා අපට වඩා ඉස්සරහින් ඉන්න කොල්ලෙක් !!

@මඩිස්සලේ නිශාන් :
අපෝ නෑ. බොසා හොද මනුස්සයෙක් !!! :)

මධුරංග said...

@සුදු මහත්තයා :
මෙන්න තියෙනවා හරිම උත්තරේ. ඔබ ජයග්‍රාහකයෙක් !!!
මගේ අඩවියට සාදරයෙන් පිලිගන්නවා සුදු මහත්තයෝ.. මාත් ඒ යහා ඉන්නම් :)

@ක්සැන්ඩර් | Xander :
ඔට්ටුත් අල්ලලා. :)

@නෙරංජි සුලක්ඛනා :
හොද වෙලාවට මගේ බ්ලොග් එකේ කොපිරයිට්ස් නැත්තේ...

මධුරංග said...

@ඩොටි ගේ කතාව :
හැටක් උනේ නෑ. තාම තිස් ගානයි. ඔයාගේ උත්තරෙත් හරියටම හරි !!!

@අනූ :
මට දැන් රිද්ම පත්තරේ හම්බ වෙන්නේ නෑනේ. මම් ආසම අතිරේකයක් තමා ඕක !!!

@malmi :
අපොයි නෑ මල්මි අක්කේ... තාමත් වෙලා තියෙනවා හරි උත්තරේ දෙන්ඩ !!

තාරා said...

කෝ ඉතින් මගේ තෑග්ග... හි හි

මධුරංග said...

@තාරා :
තෑග්ග තැපෑලෙට දැම්මා. ඒක ලැබුනම කියන්ඩ හරිද.... :)

කමෙන්ට් එකක් දාලම යමුද ??

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.