11 July 2012

කරන කලට පවු....

දවසක් හවස්වරුවක අපි කට්ටිය යාළුවෙක්ගේ කාමරේකට සෙට් වෙලා ඔහේ වල්පල් කියව කියව හිටියා.එහෙම හිටපු වෙලාවක අපේ එකෙක් පොඩි කතාවක් කිව්වා. මේකයි ඒ කතාව !

එක කැම්පස් එකක වෛද්‍ය පීඨයේ රැග් සීසන් එකේදි සින්නෝ එකතු වෙලා ජූනියර් බැච් එකේ කට්ටියට රැග් දෙනවා. ඔන්න එක වතාවකදි ගෑල්ලමයි සෙට් එකක් එකතු කරලා එක වරකට එකා බැගින් මෝචරිය ඇතුලට යවනවාලූ. ඒ යවන හැම ගෑල්ලමයෙක්ටම ටොපි පහ ගානේ දෙනවලු.

ටොපි දෙන්නේ ඒ ගෑල්ලමයට කන්න නෙමේ.මෝචරියේ ඇතුලට ගිහින් ට්‍රොලි වල දාලා තියෙන මිනියක කට ඇරලා උගේ කට ඇතුලට එක ටොපියක් දාන්න ඕන ලූ. ඔහොම මිනි පහක කට ඇතුලට ටොපි දැම්මට පස්සේ හය වෙනි මිනියට ඉන්නේ ෆැකල්ටියේම සින්නෙක් ලූ.

 අර කෙල්ල හයවෙනි මිනිය ගාවට ආවම "කෝ මට ටොපි !!! " කියලා අර සින්නා ගැඹුරු කටහඬින් අහනවලු. එතකොට ඒ ගෑල්ලමයා හිතන්නේ මෝචරියේ තිබ්බ මල මිනිය කතා කලා කියලා ලු.ඊට පස්සේ ලතෝනි තියාගෙන මෝචරියෙන් එලියට දුවනවා ලූ.

 ඔය වගේ ඇත්තද බොරුද කියලා හිතන්න අමාරු කතා කියව කියව ඉන්නකොට තවෙකෙක් ඔය වගේ මෝචරි කතාවක් පටන් ගත්තා. ඒ කතාව තමා,

ඔන්න එක අවුරුද්දක වෛද්‍ය පීඨයේ සින්නෙක් රැග් සීසන් එකේදි  එක ගෑල්ලමයෙක්ව බය කරන්න හිතාගෙන ටික වෙලාවකට මෝචරියට දාලා වැහුවලු. මේ ගෑල්ලමයා හොදටම බය වෙලා බය වැඩිකමටම මෝචරිය ඇතුලෙදිම මලා ලු.

කොහොමහරි කාලයත් එක්ක මේ සිද්ධිය අකා මකා වෙලා ගියාලු.අර ගෑල්ලමයව මෝචරියට දාලා දොර වහපු සින්නා හොදට විභාගේ පාස් වෙලා ඒ කැම්පස් එකේම දේශකවරයෙක් උනා ලූ. ඔහොම කාලයක් ගත උනාට පස්සේ මේ දේශකවරයාගේ දුවෙක්ව මේ කැම්පස් එකටම සිලෙක්ට් උනා ලූ.

තමන්ගේ දුව කැම්පස් එකට ගියපු පළවෙනි දවසෙම මේ දේශකවරයට කලකට ඉහතදි තමන් ගෑල්ලමයෙක්ව මෝචරියට දාලා වහපු කතාව මතක් උනා ලු. තමන්ගේ දුවටත් මේ ඉරණමම අත්වේවි ය කියලා හිතිලා ඒ දේශකවරයා, දුව ගෙදර එන්නත් කලියෙන්ම ගෙදර බාල්කයේ ලණුවක් දාගෙන එල්ලිලා සිය දිවි හානි කරගත්තා ලූ !!

මේ කතා දෙකම ඇත්තට සිද්ධ උන ඒවද නැති ඒවද කියලා මම නම් දන්නේ නෑ. යාළුවෝ කට්ටිය සෙට් උන වෙලාවක ඔහේ කියවපු කතා ටිකක් විතරයි. මේ කතා ඇත්තටම සිද්ධ උන ඒවා කියලා කැම්පස් යන්න ඉන්න දුවලා පුතාලා බය වෙන්ඩ කාරි නෑ. ඒ වගේම ලංකාවේ කැම්පස් වල මෙහෙම දේවල් වෙනවා කියලා රෙදි උස්සන් වලියට එන්න ඕනත් නෑ. :)

මට අද මේ කතා දෙකම මතක් උනේ ගොසිප් අඩවියක තිබ්බ තංගල්ලේ ප්‍රදේශයේ මංත්‍රීවරයෙක් අවුරුදු 14ක දැරියක්ව දූෂණය කලාය කියන ප්‍රවෘත්තියක් දැක්කට පස්සේ. දේශපාලන බලය නිසා මේ මන්ත්‍රීතුමා බේරේවි ඒ බේරුනත් කවදාවත් එයාට කර්මයෙන් නිදහස් වෙන්න නම් ලැබෙන්නේ නෑ...

කවමදාකහරි ඒ මන්ත්‍රීවරයට මේ කරපු පාපකර්මයට වන්දි ගෙවන්න සිද්ධ වෙනවාමයි !!
හරියට අර මම් කියපු දෙවෙනි කතාවේ හිටපු දේශකවරයට උනා වගේ සිද්ධියකින් හරි වන්දි ගෙවන්න සිද්ධ වෙනවා !  එදාට ඒ මන්ත්‍රීවරයාව බේරගන්න දේශපාලනයට තියා මොන ජගතාටවත් බැරි වේවි !

කරන කලට පවු මිහිරිය මී සේ...
විදින කලට දුක් දැඩි වෙයි ගිනිසේ...


50 දෙනෙක් අදහස් පලකලා .:

සිහින මදාරා said...

අෆොයි මෙහෙමත් දෙවල් වෙනවද.... හ්ම්ම්ම්........

Hasitha said...

තමන් කරන පව් තමන්ගේ පිටිපස්සෙන් එනවා. ඒක ලෝකේ ඉන්න හැම සත්වයාටම පොදු ධර්මතාවයක්

ලහිරු said...

// කම්පස් යන්න ඉන්න දුවලා පුතාලා
…මට නම් මේ එනපොට තේරෙන්නෙ නැහැ...
…කොහොමත් කතාවටත් කියන්නෙ කකුළුවා නටන්නෙ වතුර හැළිය රත්වෙනකල් විතරයි කියලනේ. තාම රත්වෙන්න පටන් අරන් නැහැ වගේ උන්ගෙ වතුර හැළිය.

sAm (සෑම්) said...

කරන කලට පව් මිහිරිය මී සේ !
විදින කලට එය දැඩි වෙයි ගිණි සේ !

හිරුහිමාවී said...

අම්ම්හ්!! කොහොම උනත් මෙච්චරයි!
මම නම් රැග්වලට විරුද්දධයි සහෝ!!

ගැමියාගේ පත් ඉරුව said...

මෝචරියේ කතාව නම් මම අහලා තියෙන එකක් අනික නම් අහලා නෑ....

කොහොම උනත් මේ වගේ සිද්ධි පත්තරේක 10ක් විතර තියෙනවා.මේවාට වැඩිය ප්‍රචාරයක් නොදි මේවා කරන උන්ගේ අවයවය සදා කල් වැඩ නොකරන්න ඉන්ජෙක්ෂන් එකක් ගහන්නම ඕනේ කියලයි මම නම් හිතන්නේ....

තරුවා said...

හම්මෝ පණ පිටින් මෝචරියක්ඇතුලෙ දොරත් වහගෙන ඉන්න උනොත් පිස්සු හැදෙයි...

අටර්‍මපහුර said...

වැරැද්දක් කලොත් අනිවා රිටන්එක වෙනවා

සයුරි said...

අර ටොපි සීන් එක නම් මරු. හැබැයි ඇතුලට දාලා වහපු එකනම් අනුමත කරන්න බෑ.

අර කිව්වත් වගේ කර්මයෙන් ගැලවෙන්න බෑ.

"කළ කම් පැමිණෙයි ගොනු බැඳී ගැල සේ..."

Pramudi said...

ඇත්ත..මමත් රැග් එකට කැමති නෑ.
අපි බැච් එකේ ළමයි එක්ක ෆිට් වුනේ රැග් එක නිසා නෙවෙයි..
තමන් කරන කියන ඒවා තමන් කොහේ ගියත් තමන්ගේ පස්සෙන් එනවා කියලා දැනගෙන වැඩ කළා නම් අපේ රට ට අද මෙහෙම වෙන්නේ නෑ..

නිම්ශා said...

අර ටොෆි දාන එක නම් මරු...එත් අර පව් දෙවෙනි එක ...

කොහොම උනත් අනේ මන්දා මට නම් හිතෙන් නැ පව් ගෙවෙනවද කියලා දැන් මිනිස්සු පව් කරන හැටියට.

සූස්ති ගුණේ said...

සෑර් දැකල තියෙනවද කර්මෙ පලදෙනවා??

දිනුක said...

මමනං පව් පිං කතාව විස්වාස කරන්නෙ නෑ.ඕකට ලබන ආත්මෙ පල දෙයිනේ කියලා අපි අර මන්ත්‍රීකාරයට නිකං ඉන්ඩ දුන්නොත් ඒකා තව කී දෙනෙක්නං දූෂණය කරයිද? වැරැද්දක් කරපු එකෙක්ට අල්ලගෙන දඬුවමක් දෙනවා මිසක්කා ඒකට කර්මය පටිසන් දෙනකං බලං හිටියොත් ශුවර් එකටම 2012 ඉවර වෙද්දි ලෝකෙත් විනාස වෙලා යනවා.

Dinesh said...

හ්ම්ම්.. කරන පවු වලින් ගැලවෙන්න ලැබෙන්නේ නෑ..

කතන්දර Kathandara said...

අවි ගත්තෝ මුලින් අවියෙන් වැඩ ගනිතී
අවසානයේ උන් හැම අවියෙන් නසිතී
ලෝක සොබාවය එහෙමයි දන කියතී
මරණ ලයිස්තුව නිමි දැයි සැක දැනෙතී

විසිතුරු said...

වපුරන දෙයෙහි අස්වැන්න තමන්ටම ලැබෙනු ඇත..........

Podi Kumarihami said...

කල කම් මෙන්ම නොකල කම්ද පසුපසින් එළඹ එන බව සැබෑය.:)

කනියා said...

අර ටොෆී සීන් එකනම් මාත් අහල තියෙනවා අයියේ...

අනිවා කල හොද පස්සෙන් පන්නවා වගේම කල පව්ත් කොයිවෙලේ හරි පඩිසන් දෙනවමයි

සිතුවිලි දැහැන said...

ඔව් අයියේ වැරැද්දක් කලා නම් ඒකට දඩුවමත් මිහිපිටදි ලැබෙන්න ඕනේමයි....

රෙහානි said...

ගැමියා කියපු වැඩේ තමයි කරන්න ඕනි ... :)

නිසුපා said...

සහතික ඇත්ත.හැබැයි පල දෙන කම් බලාගෙන ඉදලා හරි යන්නෙත් නෑ.

prasanna86k said...

ඇත්ත මධුරංග... පවු වලින් බේරගන්න පුළුවන් කවුරුවත් නෑ...

චතුරංග කසුන් said...

අනිව කතාව..
අපි කරන කියන ඒවට ,ආපහු රිටර්න් එකකුත් තියේ..!!!

හරී said...

පළවෙනි එක නම් ඇත්ත වෙන්න පුලුවන්.. ඒත් දෙවෙනි එක..

කොහොමත් පව පස්සෙන් එනවා.. හැබැයි හිතට දුක ඌට එව්වා පටිසන් දෙන්න කලින් විඳින්න ඕන සැප ඔක්කොම විඳලා..

අඩවි රජ said...

පව් නේ බං අර පොඩි නංගියා... :-(

රූ.... said...

ගොඩක් අය පව් කරන්නෙ අර කකුළුවා උණු දිය හැලියේ සෙල්ලම් කරනවා වගේනේ...
කොහොම වුනත් ඇත්ත කතාව..

රෝස කුමාරි said...

ටොපි සීන් එක කලින් අසා තිබේ... දෙවනි කතාවනම් අදමයි ඇහුවෙ. කලකම් ප්ල් දෙනව කියන්නෙ ඕවට තයි ඉතින්.

සරත් ලංකාප්‍රිය said...

"මේ කතා ඇත්තටම සිද්ධ උන ඒවා කියලා කැම්පස් යන්න ඉන්න දුවලා පුතාලා බය වෙන්ඩ කාරි නෑ."
හෝ හෝ.. දැන් කතාකරන්නේ වැඩිහිටියෙක් වගෙයි.. පවුලක් පන්සලක් වෙලා ළමයෙක් බමයෙක් හදාගෙනද මන්දා

Anonymous said...

kristhiyani wunanam hari palliyata gihin padilita kiyanna witharane ona. api thamayi gewa gewa inne.

දයානන්ද රත්නායක said...

ධම්මපදයේ " මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා" යන පළමු ගාථාවෙන්ම කියනවා යමෙක් ජීවිතයේදි යම් අකුසලයක් හෝ පාප කර්මයක් සිදුකලේද එය ගොනු බැඳි ගැල රිය සක් සේ තමා පසුපස පැමිනෙන්නේය කියලා. ඒ අනුව මේ කතා දෙකම සැබෑ වුවත් නොවුනත් ගතයුතු දේ බොහොමයි.

රාජ් said...

මම අහල තියන කතාවකුත් කියන්නම්කෝ.
ඔන්න කොහේදෝ එක මෙඩිකල් ෆැකල්ටියක් තිබුන. ඒක තට්ටු කිහිපයක ගොඩනැඟිල්ලක්. ගොඩනැගිල්ල අයිනේ පාරක් තියනව. කොල්ලො සෙට් එකක් උඩ ඉන්න වෙලාවෙ සරමක් වලාපට ගහගත්ත මනුස්සයෙක් පාරදිගේ එනව. කොල්ලො ටික කලේ මිනියක තිබුන "පරම්පරා කූට්ටමක්" කපල අරගෙන අර මනුස්සය පහලින් යනකොට එයාගෙ කකුල්දෙක මුලට අත්හැරියඑක. මොකක්දෝ වැටුන සද්දෙට පහල බැලුව මිනිහට තරු පෙනුන. ටක් ගාල සරම උස්සල බැලුවලු වැටුනෙ තමුංගෙ සෙට්එකද කියල.

රතී, said...

හැමෝටම බලපවත්වන පොදු ධර්මතාවක් නේද මේ...මේ දේවල් ඇත් කරලා තියන්න ධර්මයෙන් කරන බලපැම බොහොමයි..

පැතුම් [සිතුම් පැතුම්] said...

කරන පව් ගොනා පස්සේ බැඳපු කරත්තේ වගේ පස්සෙන් එනවා ආයේ ඒකෙන් ගැලවීමක් නෑ මොන නිල බලය සල්ලි බාගේ තිබුනා කියල.

අර ගැමි මල්ලි කියපු දඬුවම නම් සුපිරියි ඈ.

ඉන්ද්‍රජිත් said...

ඇත්ත කතාව ඕන කෙනෙක් කරන පව් පටිසන් දෙන කොට නවත්තන්න බෑ... රැග් දෙන එක කිසි තේරුමක් නැති ගොබ්බ වැඩක් නේද...

නදී said...

තමන් කරන දේවල් වල ප්‍රතිඵල තමන්ටමයි

පුබුදු said...

රැග් කියන දේත් තියෙන්න ඕනා හැබැයි අමානුෂික විදියට නෙමෙයි
කරපු පව් පස්සෙන්එළවලා

මඩිස්සලේ නිශාන් said...

සමහර විට ඇත්ත කතා වෙන්නත් ඇති.

මධුරංග said...

@සිහින මදාරා :
ඕවා ඉතින් අපි කිව්ව පිස්සු කතා නෙව !

@Hasitha :
කතාව සහතික ඇත්ත මල්ලි.

@ලහිරු :
හැලිය රත් උනාම තමා කාට කාටත් දැනෙන්නේ.

මධුරංග said...

@sAm (සෑම්) :
ඉතුරු පද දෙක මතකද දන්නේ නෑ. මට මතක නෑ නෙව.

@හිරුහිමාවී :
රැග් වලට කැමති අකමැති වීම ඔබට බාරයි !
මම නම් රැග් වලට අකමැති නැත. නමුත් මේ වගේ අමානුෂුක රැග් දීම අනුමත නොකරමි !

@ගැමියාගේ පත් ඉරුව :
නියම දඩුවම ! කරන්න පුලුවන් නම් පට්ට !

මධුරංග said...

@තරුවා :
පිස්සු හැදෙයිද කියලත් අහනවා !

@අටර්‍මපහුර :
හරියට හරි !
සාදරයෙන් පිලිගන්නවා මගේ බ්ලොග් අඩවියට !

@සයුරි :
මේවා තමා අපි නිවාඩු වෙලාවක කියන පිස්සු කතා !

මධුරංග said...

@Pramudi :
ප්‍රමුදි හරි. මෙවුන්ට කවදා නම් දඩුවම් ලැබේවිද මන්දා !!
දැන් නම් ප්‍රවෘත්ති බලන්නත් හිරිකිතයි !

@නිම්ශා :
ඕකුන් මැරෙන්න කලින් ඔය පවු ගෙවයි !!!

@සූස්ති ගුණේ :
උබ කියන කතාව හරි මචං. මම මගේ ඇස් දෙකට තාම එහෙම පල දීපු එකෙක් දැකලා නෑ. නීතියට පිටින් යන එවුන්ට අනිවාර්යෙන්ම කර්මයෙන් හරි පල දෙන්න එපැයි. මුන් ඒවයිනුත් බේරෙනවද මන්දා !!!

මධුරංග said...

@දිනුක :
ඒ උනාට මල්ලි ඕකුන් හිරේ ගියා කියලා දුක් විදියි යෑ. හිටියටත් වඩා සැප විඳියි !
අඩුමතරමේ එල්ලුම් ගහවත් නීති ගත කලා නම්....

@Dinesh :
ඔවු.. ඒක ඇත්ත !!!

@කතන්දර Kathandara :
ලස්සන කවියක් කතන්දර මහත්තයෝ...

මධුරංග said...

@විසිතුරු :
ඒක හරි. වපුරන දේම තමා නෙලාගන්ඩ වෙන්නේ !

@Podi Kumarihami :
නොලක කම් ???
අයි ඩිඩින්ට් ගෙට් යූ මැඩම් ! හික්ස් :)

@කනියා :
ඔවු අනිවාර්යෙන්ම පඩිසන් දෙයි !

මධුරංග said...

@සිතුවිලි දැහැන :
ඒ උනාට උන්ට මේ තියරි අදාල නැද්ද කියලත් හිතෙනවා සිතුවිලි !!

@රෙහානි :
ඔවුවොවු !! ඒක තමා කරන්ඩ ඕන !

@නිසුපා :
ඒ උනාට අක්කේ මුන්ට තියෙන බලපුලුවන්කාරකම් නිසා දඩුවම් විදියි ද මන්දා !

මධුරංග said...

@prasanna86k :
ඒක තමා. අපි එහෙමවත් හිතමු !

@චතුරංග කසුන් :
අනිවා ඕනම දේක රිටර්න් තියෙනවා !

@හරී :
කතාවේ ඇත්ත නැත්ත දන්නේ නෑ බං. ඒ උනාට අරූ කරපු පව අරූට අනිවා පල දෙයි !

මධුරංග said...

@අඩවි රජ :
ඒක හරි මල්ලි. පවු !!
අහිංසක ජීවිතයක් !

@රූ.... :
ඒක හරි අක්කේ. ඒ උනාට අරූට කොහොමහරි දඩුවම් ලැබෙන්ඩ ඕනා ! නැත්නම් වැඩක් නෑ.

@රෝස කුමාරි :
කල කම් පල දේ !
සෝස කුමාරිව සාදරයෙන් පිලිගනිමි !!!

මධුරංග said...

@සරත් ලංකාප්‍රිය :
දැන් ගිහි ගෙයි සියළු ආසාවල් අතෑරලා ඉන්නේ. හික්ස් :)
එල නේද ජයියා අයියේ ?? හික්ස් :)

@Anonymous :
උබට වයර් දෑ...
එහෙම පවු සමා කරගන්ඩ බෑ බොල ! පවක් කලා නම් ඒකට දඩුවමක් විඳින්න ඕනා. එහෙම පාදිලිතුමෙකුට කියලා පවු සමාකරගන්ඩ බෑ.

@දයානන්ද රත්නායක :
ඒක හරි අයියේ. පවක් කලා නම් ඒකට දඩුවමක් තියේ. ඒ දඩුවමෙන් ගැලවෙන්න නම් බෑ...

මධුරංග said...

@රාජ් :
ඌ බය වෙන්න ඇති නෙහ්. වල්ල කඩන් වැටුනා කියලා. හිකි හිකීස්... :)

@රතී, :
අනිවාර්යෙන්ම මූට දඩුවමක් නම් ලැබෙනවා.
එහෙම නැත්නම් කර්මය කියන දේ බොරුවක් !

@පැතුම් [සිතුම් පැතුම්] :
කට්ටියම ගැමියගේ දඩුවමට එකඟයි වගේ ! හික්ස් :)
පැතුම් මල්ලිගේ කතාවත් හරි මල්ලි !!!

මධුරංග said...

@ඉන්ද්‍රජිත් :
ඔවු. මේ වගේ රැග් නම් එපාම තමා ! සික් ඉතරක් !
ඒ උනාට ෆන් රැග් තියෙන්න ඕනා. ෆන් එක විතරක් තියෙන එවුවා !

@නදී :
ඒක හරි අක්කේ.
තමන් කරන කියන දෑ තමන්ම ගෙනියයි !

@පුබුදු :
ඔවු ෆන් රැග් තිබ්බට අවුලක් නෑ. මෙහෙම මඟුල් නම් එපා. දැන් එහෙම රැග් කරන්න බෑ. නීතියෙන් තහංචියි ! අහු උනොත් ශිෂ්‍යබාවය අහෝසි වේ !!

@මඩිස්සලේ නිශාන් :
ඇත්තද කියලා හිතන්න අමාරුයි බොල !
අපි මේ පාළුවට කියපු කතා දෙකක් !

රත්ගමයා said...

හිකිස්...

කමෙන්ට් එකක් දාලම යමුද ??

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.