28 July 2012

බර වැඩි වෙයි ද ?

"අයියේ... ?"

"මොකෝ බං ?" පාඩම් කර කර හිටපු මම් පොතෙන් යාන්තමට ඔළුව උස්සලා මලයා දිහා බැලුවා.

"තේරවිල්ලක් අහන්නම් උත්තර දෙනවද ?"

"හා... කියහන්කෝ බලන්ඩ "

"ගෑම් 5ක සුදු පාට නෙළුම් මලකට ග්‍රෑම් 10ක පිණිබිඳුවක් වැටෙනවා.."

"ඉතින්... මට මොකෝ කරන්ඩ කියන්නේ ?"

"එතකොට දැන් ඒ මලේ බර කොච්චර ද ?"

ටික වෙලාවක් මලයගේ මූන දිහා බලන් හිටියා මූ එක පාරට මොකටද මේ නෙළුමක් ගැන අහන්නේ කියලා.ෂුවර් එකටම මුගේ ගැටයක් ද කොහෙද... ටික වෙලාවක් කල්පනා කර කර ඉඳලා,

"බරේ වෙනසක් වෙන්නේ නෑ..."

"උත්තරේ නම් හරි... ඒත් හේතුවත් එක්ක කියහන් අයියේ !!"

"ඔච්චර ලොකු පිණිබිංඳුවක් මලේ හිටින්නේ නෑ... ඒකයි."

"වැරදියි ... !!!"

දැන් මේ ලිපිය කියවන කට්ටිය මවුස් එකේ රෝදේ අතෑරලා හේතුව හිතන්න... ආහ්.. තව පොඩ්ඩෙන් අමතක වෙනවා.. ඊතල යතුරු ටිකත් අතාරින්න..

විනාඩියක් ගිහිල්ලත් උත්තරේ මතක් වෙන්නේ නැත්නම් පහල බලන්න.

 .
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

"ඇයි අයියේ අහලා නැද්ද මෙහෙම නියමයක්."

"කොහොම එකක් ද ?"

"පිණි වැටුනට සුදු නෙළුමට බර වැඩි වෙන් නෑ
මල පිපුනට පිණි බිඳු වල වෙනසක් වෙන්නෑ
ළඟ නොමැතිව දුර සිටියට අමතක වෙන් නෑ
ඔයාගේ ඔය පුංචි හිතට දුකක් දෙන්නේ නෑ "

-----------------------------------------------------------------
ප.ලි. - එහෙනම් මං ගිහින් එන්නම්..සියළු දෙනාට විනෝදයෙන් පිරුණ සති අන්තයක් !!

47 දෙනෙක් අදහස් පලකලා .:

Podi Kumarihami said...

මල්ලිලා, අයියලාට වඩා කොච්චර දේවල් දන්නවද? :D

රාජ් said...

හරිනේ. මතකම නැතිවුනා.

හරී said...

ඕවා කියලා පිණිබිඳුගෙන් ගුටි කාපන්...

බට්ටි said...

අයියෝ පිනි බර නැද්ද?වැඩක් නෑ.ඒකට අපි කිලෝ 100ක් විතර බරයි.

කනියා said...

ඔන්න ඕකනේ බැරි ඈ බං අයියේ උබලගේ මල්ලි ලෝ ෆැකල්ටි දාහන්කෝ

සිතුවිලි දැහැන said...

ඒක නම් නියම තේරවිල්ලක් තමයි අයියේ....(හේ..හේ)

ලහිරු said...

හැහ් හැහ් ස්කන්ධ සංස්ථිති නියමය පරාදයි ඈ....!

araliya said...

ayyage malayatath mathak wena ewa.neda ayye.........?

අඩවි රජ said...

ඒ මේක මං අපේ මලයගෙන් ඇහුවා ඊයේ.. සිරාවටම.

ඌ දුන්නනේ උත්තරේ... මාව නිකන් ටොයිං වෙලා ගියා :-)

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

හිරුහිමාවී said...
This comment has been removed by a blog administrator.
වින්චැට් කිරිල්ලි. said...

හික්ස් මල්ලිත් පොටකට එන්න හදන්නෙ...:D

Dinesh said...

මල්ලි අයියට වඩා යමක් දන්න පාටයි... :)

Hasitha said...

පුහ් මේවනේ සිංදු :D

හිරුහිමාවී said...

:) :)

සයුරි said...

හිකිස්‌ ය. මම දැක්කා මේ වගේ කතාවක් මුණු පොතේ ෂෙයාර් වෙනවා

prasanna86k said...

අයියගෙම මල්ලිනේ ඉතිං....

malmi said...

mata hitenne malayath potakata awith wagei

ඉන්ද්‍රජිත් said...

නියම තේරවිල්ල...

අවතාර් said...

ඒ කටුනේරිය පැත්තේ නෙළුම් වල බං

මධුරංග said...

@Podi Kumarihami :
ඒක නේන්නම්... ඔන්න ඔයා අද එක වෙලා. :)
සතුටුයි නේ... :)

@රාජ් :
දැන් මතක් උනා නේ.. හික්ස් :)

@හරී :
අර කිව්වත් වගේ සජිත් මහත්තයත් එක්ක ඒවිද දන්නේ නෑ මට තලන්ඩ !!

මධුරංග said...

@බට්ටි :
අපි කියලා අදහස් කලේ මා ගැනද බට්ටි ?? :)
ඔන්න මං ගැන එහෙම නෙමෙයි නේ..

@කනියා :
දැනටත් මේ මෙඩිසින් කරන නිසා අපට ගැලවීමක් නෑ. ලෝ ෆැකල්ටි දැම්මොත් ගෙදර ඉන්ඩත් නැති වෙයි.. :)

@සිතුවිලි දැහැන :
මරු තේරවිල්ලක් නේන්නම්.. :)

මධුරංග said...

@ලහිරු :
පරාදයි නේන්නම්... ස්කන්ධ සංස්ථිතිය කැලේ ...

@araliya :
ඒක නේ අරලියෝ..
ඒක නෙමේ මම් ගොඩක් තැන්වල දැකලා තියෙනවා අරලිය කමෙන්ට්. හොද නැද්ද ප්‍රොෆයිල් එකක් එහෙම හදාගෙන ආවා නම්... පහු කාලෙක බ්ලොග් එකක් එහෙමත් ලියන්ඩ බැරුව යෑ..

@අඩවි රජ :
ටොයිං උනේ මක්කක් ද දන්නේ නෑහ්... :)

මධුරංග said...

@වින්චැට් කිරිල්ලි. :
එහෙමවත් ද දන්නේ නෑ. බලමුකෝ තව ටික කාලයක් ඉවසලාම.

@Dinesh :
මටත් එහෙම හිතුනා.

@Hasitha :
අපොයි ඔවු.. නිවාඩු පාඩු වෙලාවක අහන්ඩ වටිනම සිංදු මේවා

මධුරංග said...

@හිරුහිමාවී :
:)

@සයුරි :
එහෙනම් මේක දන්නවත් ඇති අපේ අක්කා. :)

@prasanna86k :
තවත් මම් දන්න අයියා මලෝ දෙන්නෙක් ඉන්නවා. ඒකාගේ මලයව නම් දන්නේ නෑ. ඒත් අයිනා නම් හෙන වල්ල්ල්ල්ල්...

මධුරංග said...

@malmi :
එහෙමද දන්නෙත් නෑ අක්කා.
ඒක නෙමේ මලිමි අක්කේ. මොකෝ මේ ටිකේ බිසී ද ? මුකුත් ලියනවා දැක්කෙත් නෑ..

@ඉන්ද්‍රජිත් :
ඒක නේන්නම්... :)

@අවතාර් :
අපේ පැති වල එහෙම නැද්ද දන්නෙත් නෑ..

araliya said...

hmm.....balamuko ayya.

ක්සැන්ඩර් | Xander said...

බස් අජියා නේද???

සපතේරු උන්නැහේ said...

අෆ්ෆා අර්ථ රසය වෑහෙනව... !!!

දයානන්ද රත්නායක said...

මල්ලි නියමයි නේ.. ඔය දීලා තියෙන්නේ රොෂාන් ප්‍රනාන්දුගේ තියරියෙන්ම.. එල කිරි.

පැතුම් [සිතුම් පැතුම්] said...

මලයට නෙලුම් මල් මතක් වුනේ මොකෝ දන්නේ නෑ මධුරංග අයියේ ?

දිනුක said...

ඉතිං මක්කෑ කොරන්නේ සින්දුව අහලා නැති කොට

sAm (සෑම්) said...

අම්මද බොල මුගෙ දැනුම :)

Dude said...

මධුරංගයා මොකාටද මේ එන්න හදන්නෙ කියලා උමලට තේරෙන්නෙ නැත්දෝ?????????
henryblogwalker the Dude

මඩිස්සලේ නිශාන් said...

හිකිස්‌ මාර ඒවානේ දැන් කාලේ වෙන්නේ

Kasun Dayananda said...

affata siri ඇත්තම තමා ...

සරත් ලංකාප්‍රිය said...

මලයා නම් මලක් හොයාගෙන වගෙයි. අයිය කාරයා මොකෝ කරන්නේ ?

සිරාගේ කාමරේ said...

තේරවිල්ල අලුත් වර්සොන් එකෙන්... වැඩේ හොදා...

රූ.... said...

අනේ මන්දා මේ ඉංජිනේරුවන්ට දොස්තරලට භෞතික විද්‍යාව පැත්තකින් තියලා සංගීතෙ රස විදින්න පුළුවන් නම්..

පිණිබිඳු... said...

මූණු පොතේ ඔය කතාව මේ දවස් වල ශෙයාර් වෙනවා. අන්න ඒ නිසා අපි උත්තරේ දන්නවා. හෙහ් හෙහ්.

තරුවා said...

අම්මපා එහෙමද..ඈ..

මධුරංග said...

@araliya :
බලලා හොඳ යමක් කරන්නකෝ එහෙනම්.. :)

@ක්සැන්ඩර් | Xander :
ගායකයා කවුද කියලා නම් දන්නේ නෑ..:)

@සපතේරු උන්නැහේ :
ඒක නේන්නම්..

මධුරංග said...

@දයානන්ද රත්නායක :
ඒකාගේ තියරිය හැමදාටම හරි යයිද මන්දා.

@පැතුම් [සිතුම් පැතුම්] :
අන්න ප්‍රශ්නේ.. !!
උගෙන් අහලා බලන්ඩ වටිනවා

@දිනුක :
එහෙනම් වහා වහා සිංදුව අහන්ඩ !

මධුරංග said...

@sAm (සෑම්) :
ඒක නේන්නම්.. මුට මාර දැනුමක් නේ තියෙන්නේ :)

@Dude :
මේ මම ??? අපෝ නෑ..

@මඩිස්සලේ නිශාන් :
මාර දේවල් නේන්නම්.. :)

මධුරංග said...

@Kasun Dayananda :
හික්ස් :)
මගේ අඩවියට සාදරයෙන් පිලිගන්නවා !!

@සරත් ලංකාප්‍රිය :
ඔහේ නිකා ඉන්නවා. හම්බෙන වෙලාවට හම්බ වෙන්නේ නැතෑ.. :)

@සිරාගේ කාමරේ :
කාලේ වෙනස් තාලේ අළුත් !!

මධුරංග said...

@රූ.... :
අන්න ඒක තමා අමාරුම වැඩේ.. රසවිඳිනවට වඩා අඩුපාඩු හොයන එක තමා වෙන්නේ.. :)

@පිණිබිඳු... :
අප්පෝ... පිණි අක්කත් එක්ක බෑ අප්පා. :)

@තරුවා :
එහෙමයි එහෙමයි !!!

Red Riding Hood said...

හික් හික්.. මගේ මල්ලියෙකුත් මගෙන් ඔඅය ප්‍රශ්නෙම ඇහුව්වා..මමත් කිව්වා වෙනසක් නෑ.හේතුව දන්නේ නැ කියලා.. :D

නදී said...

අෆො මේ ටිකේ බස්වලම දවසේ වැඩිකාලයක් ගතවෙන නිසා ඔය සින්දුව නම් කට පාඩම්.:)

කමෙන්ට් එකක් දාලම යමුද ??

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.