02 July 2012

අද හරි සතුටු දවසක්

අපෝ.. ගිය මාසේ තිබ්බේ එකම එක නිවාඩුවයි. ඒකත් පෝය නිවාඩුවක් ! මේ මාසෙවත් නිවාඩු දෙක තුනක් තිබ්බා නම් පාඩම් කරන්ඩ තිබ්බා. මොකද මේ මාසේ විභාගේ කරන්ඩ එපැයි. ඔහොම හිත හිත සතියකට උඩදි කැලැන්ඩරේ ජූලි මාසයට තියෙන කොළේ පෙරලුවා.

ජූලි තුන්වෙනිදා නිවාඩුවක් තියෙනවා. ඒකත් අඟහරුවාදා දවසක්. දෙවෙනිදා බඩේගායක් හදාගත්තොත් දවස් හතරක නිවාඩුවක් තියෙනවා.

"ජූලි දෙවෙනිදා ! ජූලි දෙවෙනිදා !! ජූලි දෙක !! ජූලි දෙක !!!"

ඔහොම හිත හිත ඇඟිල්ලෙන් දෙකේ ඉලක්කමට තට්ටු කර කර ඉන්නකොට මට අතීතයේ එක දවසක් මතක් උනා.  ඒ තමා මගේ පරණ ගෑල්ලමයාගේ උපන්දිනේත් ජුලි දෙවෙනිදා. මට ඒ උපන්දිනේ හොදටම මතක තියෙන්නේ මම් ඒ ගෑල්ලමයට පණ වගේ ආදරේ කරපු නිසා වෙන්ටෑ.

එයාගේ උපන්දිනේට මොනාහරි පිස්සු වැඩක් කරන්ඩ ඕන..
ම්ම්ම්ම්... කාඩ් එකක්වත් ගෙදෙට්ට යවනවද ? මාත් එක්ක තියෙන තරහට කාඩ් එක ඉරලා දායි. දැනටමත් ඒයැයි පිරිමි ලමේක් එක්ක යාළුවෙලා ඉන්න නිසා එහෙම කරන එකත් හරි නෑ. අයියෝ සල්ලි !! ඒ වැඩේ හරි යන් නෑ.

එහෙනම් ඇඳුමක් පැළදුමක් අරන් දෙනවද ? මොකද එයා මාත්තෙක්ක හිටපු අවුරුදු තුනටම මම් වැඩිමනත් අරගෙන දීලා තියෙන්නේ ඇඳුම් පැළදුම්. මොකද ඒයැයි ලස්සන අඳින්න ආසයි. ඇඳුම් අරන් දෙන එක හරියන එකකුත් නෑ. මොකද කාලෙකින් දැක්කේ නැති නිසා මහත් වෙලාද කෙට්ටු වෙලාද කියලා දන්නේ නෑ.

 ම්ම්ම්ම්... එහෙනම් වෙන මොනාහරි අරන් දෙනවා !

මට තාමත් අද වගේ මතකයි මීට අවුරුද්දකට උඩදි ඒයැයිගේ උපන්දිනේ දවසේ කිසිම දෙයක් අරන් දෙන්න අතේ සතේ නැතුව හිගන්නෙක් වගේ හිටියා. මට මතක විදිහට කාගෙන්වත් ණයක් ඉල්ලගන්නවත් විදිහක් තිබ්බේ නැති මහ ජරා කාළයක්.

කොටින්ම ඒයැයිගේ උපන්දිනේට කැළණි පන්සල් ගියේ අපේ මලයගෙන් ඉල්ලගත්තු සල්ලි වලින්. මුකුත් ම අරන් දෙන්න උනේ නැති එකට මට මාර අප්සට් !!!

ඉතින් මම් එදා හිතා ගත්තා ඊලඟ උපන්දිනේට උපන්දින දෙකම අල්ලලා තෑග්ග ඩබල් කරලා ලොකු තෑග්ගක් අරන් දෙනවා කියලා.

ඒ මතකයත් හිතේ තියාගෙන පහුගිය සෙනසුරාදා උදෙන්ම කිරිබත්ගොඩ ටවුමට දිව්වා ලොකු තෑග්ගක් ගන්න කියලා හිතාගෙන. එදා මම් වියදම් කරන්න හිතන් උන්න ගාන ඩබල් කරලා ඒ ගානට හරියන්න කොපි පොත් ගත්තා. පොත් ගානටම හරියන්න පෑනුත් ගත්තා !!!

 කිරිබත්ගොඩ ටවුමේ අඩුවටම පොත් තිබ්බ තැනින් පොත් ගත්ත නිසා සෑහෙන පොත් ගොඩක් ගන්න පුලුවන් උනා.ඒ පොත් ටිකත් අරගෙන ගෙදර ආවා. ආපු හැටියෙම පොත් ටික ගොඩවල් දෙකකට වෙන් කරලා පාර්සල් දෙකක් හැදුවා.

පාර්සල් හදලා ඉවර වෙලා  ...

 "මලයෝ.... මට දුප්පත් ළමයි දෙන්නෙක් හොයලා දීපං !!"

" ඒ මොකටද උබට ළමයි දෙන්නෙක් !! " මං දිහා නෝක්කාඩු බැල්මක් හෙලන ගමන් මල්ලි ඇහුවා.

 "නෑ බං ! මට ළමයි දෙන්නෙක්ට පොත් ටිකක් දෙන්ඩ හිතුනා... ඒකයි !! හැබැයි සඳුදා වෙනකොට පොත් ටික දෙන්ඩ ඕනා !"

"එහෙම හදිස්සියේ හොයාගන්න නම් නෑ.. අපි එහෙනම් ළමා නිවාසෙකට ගිහින් දෙමු." මලයා යෝජනා කලා.

ඒකත් හොද අදහස නිසා මාත් ඒ වැඩේ අනුමත කලා. මේ වෙනකොට නම් අපේ මලයා පොත් ටික ගිහින් දීලත් ඇති. ඉතින් අද ඒ ගෑල්ලමයගේ උපන්දිනේට මම් ලොකු පිනක් කරගත්තා. ඒ පිනෙන් ඒයැයිගේ ජීවිතය සතුටින් පිරවෙන්ඩ කියලත් පැතුවා.

ඒ නිසා මාර සතුටු දවසක් අද !!!

 ඔන්න ඔය විදිහට තමා හදිස්සියේම මගේ හිතට ආපු පිස්සු අදහසක් ක්‍රියාත්මක කලේ.

අවසන් වශයෙන් ජීවනේ ගමනේ තවත් එක් කඩඉමක් පසු කරන ඔයාට, කරන කියන රැකි රක්ෂා සාර්ථක වෙලා ඔයාගේ ජීවිතය සතුටින් පිරුන වාසනාවන්ත එකක් වෙන්ඩ කියලා පතනවා. සුබ අනාගතයක් !
-------------------------------------------------------------------

 ප.ලි. - ඒයැයි ගැන බ්ලොග් එකේ ලියන්ඩ එපාම කියපු නිසා මම් මීට කලින් එයා ගැන ලියලම නෑ. ඒක නිසයි කවුරුත් ඒ ගැන දන්නේ නැත්තේ. දැන් ඉතින් ලිව්වට අවුලක් නෑ. :)

44 දෙනෙක් අදහස් පලකලා .:

Podi Kumarihami said...

හපොයි තාමත් ආදරේ නේද? :D

ඉන්ද්‍රජිත් said...

කොහොම වුනත් හොද වැඩක් කරල...

Podi Kumarihami said...

අද මම එක අනේ...:)

හිතුවක්කාරි said...

වෙන් වෙලා ගියත්, ආදරේ ඇබිංදක්වත්
තාම තියෙනවා වගේ හිත ඇතුළෙ හොරාටවත්.....

:D

හොද වැඩක් කරලා තියෙන්නෙ අයියා..

Hasitha said...

විශේෂ කෙනෙක් වෙනුවෙන් හදවතේ ඉඩක් වෙන්වුනාම ඒ පුද්ගලයා අපෙන් ඈත්වුණත් ඒ හදවතේ ඉඩ එහෙමම තියෙනවාලු. වෙන කිසිම කෙනෙකුට ඒ ඉඩ පුරවන්නත් බැහැලු. එහෙම කියන්නේ පාවුලෝ කොයියෝ කියන ප්‍රසිද්ධ ලේඛකයා

රාජ් said...

මොනවා කරන්නද මලයෝ. ආදරේ ලැබ්නෙ නැතිවුනාම කෙල්ලට පිහියෙන් අනින එවුන් ඉන්න රටක මේවගේ දෙයක් කල උඹ හොඳ කොල්ලෙක්. ඒ කෙල්ලට උඹ වගේ එකෙක් නැතිවීම පාඩුයි.

Mee Godayaa said...

සැබෑ ආදරේ කියන්නේ මේකට වෙන්න ඕනේ මයෙ හිතේ.. හිමි උනත් අහිමි උනත් ඒ ආදරේට ආදරේ කරන්න ඔනේ.. යුතුකම් ඉෂ්ටකරන්න ඕනේ...

නිතරම අහන්න නොලැබෙන කථාවක්...

ලහිරු said...

උඹේ hard එක defragment කරගන්න වෙයි සහෝ.... උඹට නැතිවුණේ උඹට ආදරේ නැති කෙනෙක්, ඒ වුණත් ඒ කෙල්ලට නැතිවුණේ පණ වගේ තිබුණු ආදරයක්. ඒ නිසා දුක් වෙන්න එපා. පින මමත් අනුමෝදන් වුණා ඔන්න!

රූ.... said...

@මධු මල්ලි,
මල්ලි ගැන ගොඩක් ආඩම්බරයි..ආදරයට කරන්න පුළුවන් දේ කොච්චරද කියලා හිතෙනවා..:))


@හසිත,
ඔයාගෙ කතාවෙක් පුංචි ඇත්තක් තියනවා ඒත් ඔහොම වුනොත් අපේ හිත් වලත් අර හඳේ වගේ ආවාට ගොඩක් හැදිලා තියේවි ආදරය කරන අය දාලා යන තරමට...!!

සිත්තමී said...

ආදරණීය ආදරවන්තයෙක් ඔයාව ලබන්න එයා පින් කරලා නෑ මධූ අයියේ...ආදරේම නෙමෙයිනෙ ජීවිතේ...නමුත් ආදරේ ජීවත් වෙන්න ඕනි අනේ මන්ද කියන්න දෙයක් තේරෙන් නෑ...

Pramudi said...

මේ පැත්තේ අඩිය තියන පලවෙනි දවස අද.
ඇත්තමයි ඔයා ගැන ආඩම්බරයි!
ඊට වඩා කියන්න දෙයක් නම් හිතාගන්න බෑ :)

prasanna86k said...

කියන්න දෙයක් නෑ සුපිරි වැඩක්...!!!!

සරත් ලංකාප්‍රිය said...

පණවගේ ආදරේ කල ගැල්ලමයා පරණ ගැල්ලමය උනේ කොහොමද කියල මම තවම හිතනවා. ... එතකොට මේ මධුවා අවතාරයක්ද ?

හිරුහිමාවී said...

අනේ මන්දා.....පුදුම කෙනෙක් ඔයා යාළු!!!

සඳ said...

නියමයි සහෝ.
ඉහිරුනු කිරට අඬ අඬා ඉන්නෙ නැතිව ඔය වගේ තේරුමක් තියෙන වැඩක් කාලාට මගේ ආචාරය!
(අඩේ මටත් තියෙනව දුප්පත් පොඩි එකෙකුට උදව් කරන ආසාවක්)

araliya said...

ayyanam hoda wadak karala tiyenne.ayya a akkita tamat godak adarei wage.....anagathaye ayyata hoda kenek labenna kiyala prarthana karanawa....

මඩිස්සලේ නිශාන් said...

ඔයා කරලා තියෙන දේ නම් ගොඩක් පින් ලැබෙන වැඩක් අයියා.ඒ පිනෙන් එයෑයිටත් පිනක් ලැබෙයි.

පොඩි මෑන් said...

:O

නිම්ශා said...

හොද වැඩක් මධු අයියා..

මහි said...

ආදරේ පුදුමයි නේද... හ්ම්ම්ම්.... මිනිස්සුන්ව හදන්නයි මකන්නයි පුළුවන් ලු නේ ආදරේට...

__සිහින මදාරා___

පැතුම් [සිතුම් පැතුම්] said...

ආදරයෙන් වෙන්වීමකදී පළිගන්නවා කියල අහන්න දකින්න තියන අද කාලේ, මධුරංග අයිය කරපු වැඩේ සුපිරි. ඒ ගෑල්ල්මයට පින නැතුව ඇති මධුරංග අයියට ආදරේ කරන්න. මොනවා වුනත් අන්තිමට "මාර සතුටු දවසක්" කියල කියන්න හිත හදාගන්න පුළුවන් වුනානේ

Bindi said...

හරිම සතුටුයි ඔබ ගැන . කෙල්ල තරහ වුනහම පිහියෙන් අනින ..කොල්ල තරහ වුනහම වහ බොන සමාජෙක ඔබ වටිනා මිනිසෙක් .

දයානන්ද රත්නායක said...

ආදරේ වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම පරිත්‍යාගය ඇය නැතත් ඇගේ උපන්දිනේ වෙනුවෙන් කරලා. හරියට "ටජ් මහලක් " හැදුවා වගේ සතුටක් හිතේ ඇති.

ඇයට දැනුනෙ නැති වුණත් මේ උපන්දිනේ සදාකල්ම ඔබේ මතකයේ රැඳේවි.

අඩවි රජ said...

ආදරේ දෝරේ ගලනවා.. මේ දවස් වල වැස්සනේ නේ? :)

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

දිනුක said...

අනේ අපේ මධුරංගයාට කර ගහන්ඩ කෙලි සිඟිත්තක් මේ බ්ලොග් අවකාසෙවත් නැද්දෝ........ඉන්නවනං ඉක්මනට සෙට් වෙන්ඩ.එතකොට ඔය කාට කාටත් පොත් අරන් දි දී ඉන්නැතුව ඇතිවෙන්ඩ ඇඳුං අරං දෙයි.

වර්ණා said...

niyama wadak aiya

``` Outsider``` said...

කෙල්ලට තෑගි දුන්නට වඩා සිය දහස් ගුණයක් වටිනව කරපු දේ. නියමයි. යමක් අහිමි වුණ මිනිස්සු ළඟ හොඳ ගුණාංග ඇති වෙන හැටි මම දැකල තියෙනව. ඒකෙන් පෙනෙන්නෙ කෙනෙක්ට යමක් අහිමිවීම තුළින් වෙන යමක් හිමි වන බවයි.

අසරණයා said...

ඒ කරපු පිනෙන් ඇයටත් යහපත් වේවා උඹටත් යහපත් කෙල්ලෙක් ලැබිල හොඳ බිරිදක් කරගනින්.

චතුරංග කසුන් said...

සිරා ලවක් කොහොම අමතක කරන්නද ?
නෙහ්///

Dinesh said...

නියමයි අයියේ.. මෙහෙම ආදරයක්නේ ඉතින් ඒ අක්කා නැති කර ගත්තේ.. ඊට වඩා මට කියන්න දෙයක් නෑ..

දිනිති දීපිකා said...

කියන්න වචන නැති කරම් වටිනව. කොච්චර නම් ලස්සන ආදරයක්ද...

Gimhani said...

මෙච්චර ලස්සන ආදරේකට මොකද උනේ මල්ලි .
කොහොම උනත් ඔයා වගේ පෙම්වතුන්නම් අඩුයි මේ ලෝකේ .

Anonymous said...

meeta allapu eke ANWA MANATUNGA GE Lipiya kiyawanna behe back fire wenawa muge hama ekakama ehemi ape kale nasthi wenawa NODOMAKIN MEHEMA EKEK OYA GE LIPIYA KIYEWWA GOOD

Roshan Herath said...

අයියෝ... පරණ ආදර කතා අමතක කරලා හංගන එකයි කරන්න ඕන. නැතිනම් වෙන්නෙ අලුත්ආදරකතාවක් පටන්ගත්තම ප්‍රශ්න ඇතිවෙනඑකයි. පරන ඒවා කියලාත් බෑ. නොකියාත් බෑ.

සිතුවිලි දැහැන said...

අයියගේ ආදරේ ලබන්න ඒ අක්කිට සමහර විට පින් මදි වෙන්න ඇති..අනේ මන්දා මොනවා කියන්නද කියලවත් හිතාගන්න බෑ අයියේ..මොනවා වුනත් අයියාගේ ආදරේ ලස්සනයි....

සිඳු said...

ඒක නම් පුදුම සතුටක් වෙන්න ඇති. ඒ සතුට මට නම් කඳුලුත් ආවා

ක්සැන්ඩර් | Xander said...

ආදරේ ගැන කතා දහස්ගණනක් ඇහුවත්, කියෙව්වත් මේ වගේ අය ඇත්තටම ඉන්නවාද කියලා හිතෙන තරමටම කතාවක් මේ. නොමිනිසුන් මැද විශිෂ්ඨ මිනිසෙක් වීම ගැන මගේ ප්‍රණාමය.

සයුරි said...

මෙයා හොඳ ප්‍රේමවන්තයෙක් නේ....අනේ ඒ ආදරේට මොකද උනේ :(

ela kollek said...

මචන් සුද්දියෙක්වත් ඉක්මනට සෙට් කර ගනින්....අර්තවත් දෙයක් කරලා තියෙන්නෙ...නියමායි!

malmi said...

ඔයා කරපු වැඩේ ගැන කියන්න වචන මදි. ඇත්තමයි මධුරංග මල්ලි, ඔයා හරිම හොද වැඩක් කරලා. ඇසිඩ් ගහන, පිහියෙන් අනින සමාජෙක ඔයාලවගේ අයව ඉහලින්ම ඔසවලා තියන්න ඕන. අතිවිශිෂ්ටයි!!!!

තරුවා said...

ඔහොම තමයි අයියේ...
හොද වැඩක් කලේ...

පොත් ගුල්ලා said...

බොහොම හොඳයි!

රෙහානි said...

adare kawadawath parana wenne nahe kiyanne oka thamai..oya karapu deyin aluth adrayak labewi oyata...

මධුරංග said...

@හැමදෙනාටම :
කියවලා අදහස් දක්වපු හැමදෙනාටම ස්තුතියි !!!

කමෙන්ට් එකක් දාලම යමුද ??

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.