28 August 2011

අතුරුදහන් වී සිටියෙමි.


හුග දවසකට බ්ලොග් එක පැත්ත පළාතේ එන්න ලැබුනේ නැහැ. ආචාර්යවරුන්ගේ වැඩ වර්ජනය මාස තුනකට විතර පස්සේ ඉවර වෙලා ආයෙම අපේ විභාග පටන් ගන්න දිනයක් නියම වෙලා. ඉතින් එකට පාඩම් කරන්න සිද්ද වෙච්ච නිසයි බ්ලොග් එක පැත්තෙවත් එන්න උනේ නැත්තේ. පහුගිය විභාගේ කාලේ නම් මගේ කම්පියුටර් එක හොස්ටල් එකේ තිබ්බ හන්දා පාඩම් කරලා මහන්සි උනාම බ්ලොග් පෝස්ට් එකක් කියවන්නවත් පුළුවන් උනා. දිග නිවාඩුවක් ලැබුන නිසා මගේ කොම්පියුටර් එක ගෙදර ගෙනිච්චා. ඒ නිසා බ්ලොග් කියවන්නත් නෑ.

සදුදා ඉදන් අපට විභාග පටන් ගන්නවා. මේක තමයි මගේ අන්තිම විභාගේ !!!! ඒ නිසා විභාගේ ලොකු රිසල්ට් එකක් දාගන්න තමයි උපරිම ට්‍රයි එක දෙන්නේ. (ලොකු රිසල්ට් එකක් කියන්නේ A එකක් එහෙම නෙමෙයි. මට A එක මිස් වෙලා ගොඩක් කල්. !!!! ඔය ඊට පල්ලෙහා තියෙන රිසල්ට් එකක් දාන්න තමයි උත්සාහය. එහෙම බලාගෙන ගියාම C එකත් ලොකු රිසල්ට් එකක් තමයි. )

ඔන්න ඕක තමයි රංජනී පහුගිය ටිකේ බ්ලොග් ලිය ලියා හිටපු එකාට උනේ. එහෙනම් කට්ටිය නාස් වලට රෙද්දක් බැදගෙන එහෙම මකුළු දැල් ටික කඩන්න උදව්වක් දුන්නා නම්.......

එහෙනම් කට්ටිය ටාර් ගාලා වැඩේ පටන් ගන්න. මම තේ ටිකක් එහෙම බිලා එන්නම්.ඔන්න මම එනකම් කට්ටිය ටාර් ගගා ඉන්නවා එහෙම නෙමෙයි !!!!

උදව්වට එන හැමෝටම මම ගානේ පහේ කිට් කැට් එකක් තෑගි දෙනවා. ඉක්මන් කරන්න. ඔබේ කිට් කැට් එක දැන්ම වෙන් කරවා ගන්න.

ඕක තමයි මේ දවස්ටිකේ අතුරුදහන් වෙලා ඉන්න සිද්ද උන හේතුව !!!

පාඩම් කර කර ඉන්න ගමන් යාලුවෙක්ගෙ ලැප් එකක් හම්බ උනා නෙටුත් එක්ක. ඉතින් විනෝදයට වගේ පෝස්ට් එකක් දාන්න හිතුවා. එහෙනම් ගිහින් එන්නම්.

සියලු දෙනාටම (මටත් එක්කම) ජය වේවා !!!!!


51 comments:

  1. ඔන්න මකුළු දැල් කඩන්න මාත් ආවා...;)
    වෙන්දාට මම පෝස්ට් එකක් දැම්මත් ඉස්සෙල්ලාම වගේ කමෙන්ට් එකක් දාල තල්ලුවක් දෙන මධුරංග අයියා හුග කාලෙකින් දැක්කෙ නැති නිසා මතක් වුනා..
    අහ් ඔන්න එහෙනම් විභාගෙට හොදටම පාඩම් කරලා, ඉහළම රිසාල්ට් එකක් ගන්න ලැබෙන්න කියලා මං සුභ පතනවා අයියාට... ජයෙන් ජයම වේවා...!!!!

    ReplyDelete
  2. ජය වේවා කිව්ව විභාගෙට..අපෙත් ඉතිං හා හා පුරා කියලා ලියන අන්තිම විභාගේ ලබන මාසේ :(

    ReplyDelete
  3. මගෙ අන්තිම විභාගේ මේ දවස්වල ලියනවා. අපේ විභාග ඉතිං කඩින් කඩි තියෙන නිසා බ්ලොග් ලියන එකත් ශේප් එකේ කරන්න පුලුවන්. විභාගයට උණුසුම් සුභපැතුම් සහෝ!!!

    ReplyDelete
  4. කොහොමහරි C එකෙන් උඩ ගන්න අයියේ..යු කැන් :)
    මොන බ්ලොග් එකේ මකුළු දැල් බැදුනත් මේකෙනම් මකුළු දැල්බැදෙන්නේ නැහැ.. :)

    ReplyDelete
  5. විභාගෙට සුබ පැතුවා. හැබැයි මකුලු දැල් කඩන්ට කිට් කැට් එකකට එන්ට නම් බෑ මෙච්චර දුර ඉඳලා....:D:D:D

    ReplyDelete
  6. ආ.... මෙයත් කිට් කැට් වලට අපිව රවට්ටන්න... දැන් අපි අහුවෙයි ඕවට....

    ReplyDelete
  7. ඒකනේ, මාත් බැලුවේ කොහේ ගිහින්දෝ කියලා, වෙනදට නම් දවස් දෙකකට සැරයක්වත් පෝස්ට් එකක් දානවනේ,. මටත් විභාගේ අයියා, එපා වෙලා ඉන්නේ,. හපොයි C එකක් කියන්නෙත් ලොකු දෙයක් තියෙන වැඩ ගොඩේ හැටියට, ඊටත් විභාගෙට එන්නේ ජීවිතේට අහල නැති ප්‍රශ්නනේ,.. හී හී,,,
    ජය වේවා අයියේ. හොඳට විභාගෙ ලියන්න.
    හරි....... ඔන්න මම එහා කොනේ තිබුන මකුළු දැල් ටික කැඩුවා. කෝ මගේ කිට් කැට් එක,.

    ReplyDelete
  8. හැමදාම බ්ලොග් පැත්තේ ඇවිත් හැමොටම ලොකු තල්ලුවක් දෙන කෙනෙක්නේ ඔයා.. ඉතින් ඔය විභාගේ හොදින් කොරලා ඉක්මනට එන්න ලැබෙවා කියලා මාත් සුභ පතනවා

    ReplyDelete
  9. අපිටත් ඕනෙ කිට්කැට් :ඩී

    ReplyDelete
  10. මකුළු දැල් කඩන්ඩ සුද්ද බුද්ද කරන්න වගේ වැඩනං මට පුරුදු නෑ මචං.මම දන්නෙ අනිත් උන් වැඩ කරද්දි කයි දෙන්න තමා.පාළු කපන්නත් කවුරු හරි ඉන්න ඕනෙනෙ.ඒක හින්දා ඔය දෙන කිට් කැට් එකක් මටත් දුන්නට කාරි නෑ.තව ඉතිං ඔය කිරි තේ එකක් කාරිය තිබුනොත් පංකාදු පහයි....

    ReplyDelete
  11. හික්ස්.. මල්ලී අපි දෙන්නම් කාසි වලට වැඩ නැත..ඉස්සෙල්ලා කිට් කැට් එක.... පසුව මකුළු දැල් කැඩීම...:D මාත් සුබ පතනවා විභාගෙට.. ඉහළම ජය ලැබෙන්න ඔනේ...(මටත් මේ දවස් වල එක්සැම් ය..)

    ReplyDelete
  12. බෑ බෑ මලයෝ සී අරන් කොහොමද.. ක්ලාස් එකට මොකෝ වෙන්නේ....

    ReplyDelete
  13. විභාගෙට ජය වේවා!

    ReplyDelete
  14. අවසාන ව්භාගේ හොදින් කරගන්න.සුබ පැතුම්.

    ReplyDelete
  15. කපීකේකිAugust 28, 2011 at 8:30 PM

    ඇයි ඔයා මැශින් එක ගෙදර තියල එන්නෙ විභාගෙට එතකොට පාඩම් කරන්නෙ මොකෙන්ද.?

    අපිටනම් ලැප් එක නැතුව විභාග බෑ.ඔක්කොම නෝට් තියෙන්නෙ ඒකෙනේ.

    කිට් කැට් නම් එපා,මට නම් පැණිරහ අගුණයි.ඒවා ඔයා පාඩම් කරද්දි තියාගන කන්න.

    ට්‍රියි එකක් දෙන්න සී කට්ටක් නෙමේ ඒ එකක් දාන්න. ජය!!!

    ReplyDelete
  16. අනේ....දැක්ක කල් ඔන්න මගෙනුත් උනුසුම් සුබ පැතුම් හොඳේ....අපෝ මමඞ් එන්නෙ නෑ මකුළු දැල් කඩන්න..තම්නන්ගෙ වර්ගයාට ද්‍රෝහිවෙන්ඩ පුලුවන්ද අප්පා මේ පහේ කිට්කැට් එකකට....ඔන්න කැඩ්බරි ඩේරි මිල්ක් චොකෝ එකක්වත් දෙනව කිව්ව නං(මංචිගෙ ආසම චොකෝ එකනෙ ඒක..)...සලකලා බලන්ඩ තිබ්බා.... ;)))

    ReplyDelete
  17. මුලින්ම අයියාගෙ විභාගය ගොඩාක් සර්ථකව කරගන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔන්න මාත් මකුළු දැල් කඩන්න ආවා. කිට් කැට් එකක් මටත් ඕන. වෙනදා වගේ මගේ බ්ලොග් 1ට කමෙන්ට් එකක් නැති නිසා මාත් බැලුවා අයියා කොහෙ ගිහින්ද කියලා. අපිටත් exam ලඟයි. එතකොට තවත් අවුරුද්දක් ඉවරයි.

    ReplyDelete
  18. මම නම් ඉතින් කලින්ම සුභ පැතුවනෙ. කමක් නෑ ඔන්න ආයෙත් මගේ සුභ පැතුම්. විභාගෙ හොඳටම කරපන්.

    මකුණු දැල් කඩන්න නම් රජෝ කිට් කැට් මදි. Chunky Choc එකක් වත් ඕන.

    ReplyDelete
  19. මුලින්ම හොදට විභාගෙ ලියලා ඉහලින්ම සමත් වෙන්න කියලා අය්යට සුභ පතනවා.දෑන් ඉතින් විභාගෙ ඉවර වෙනකම් මේ පෑත්තෙ එනව එහෙම නෙවෙයි

    ReplyDelete
  20. උණුසුම් සුභපැතුම් අයියා! ජය වේවා...!!!!

    ReplyDelete
  21. විභාගයට උනුසුම් සුභ පැතුම්...

    ReplyDelete
  22. මධුරංග අයියගේ විභාගෙට ජය පතනවා... එලටම ලියන්න... ඔයාල ඕක ඉක්මනට ඉවර කරනවානම් අපිටත් ඕකට එන්න තිබ්බ....

    ReplyDelete
  23. විභාගේ ගොඩදාගනිං අයියා .. ඔය ලැප් එක ලැබුන එකෙං මූ විභාගේ අනාත කර ගනීවිද ? ගිහිං දියං අයියේ ඕක ආයෙමත් ..

    ReplyDelete
  24. විභාගෙට සී එකක් නෙමේ ඒ එකක් ගන්න සුබ පතනවා .....

    බැහැ කියලා දෙයක් නැහැ මල්ලි, කොහොම හරි ඒ එකක් දාන්න ඒක ඔයාට පුලුවන් ....

    ReplyDelete
  25. කිට් කැට් වලට මකුළුවො මරන්න... අපි නං එය්.
    බෝතලයක් එහෙම ගෙනල්ල සැට් වෙනව නං....ඕන ගොක් කොලයක් අදින්න රෙඩි......
    ඒව ඉතින් පස්සෙ බැරියෑ, දැනට විබාගෙ ගොඩ දාගන්න. මගෙනුත් සුභ පැතුම්...!!!

    ReplyDelete
  26. කමක් නෑ අනේ මකුලු දැල් තිබුනට කමක් නෑ.ඔයා විභාගෙ ඉවර කරලාම එන්නකෝ.අපිට කතා ටිකක් නිදහසේ කියන්න පුලුවන් නේ එතකොට.

    විභාගයට මගෙන් සුභ පැතුම්.....:D

    ReplyDelete
  27. ඔන්න මාත් කට්ටිය කඩලා විසි කරලා දාපු මකුළු දැල් පිහි දාලා කරලා යන්න ටිකක් පරක්කු වෙලා වුනත් ආවා...

    අද තමයි දවස නේද...හොදට එක්සෑම් එකට මූන දෙනවා ඇති කියලා හිතනවා..ඒ වගේම අනිත්වත් ගොඩ දාන්න ලැබේවායි පතනවා..ජයෙන් ජය..

    ReplyDelete
  28. සුභපැතුම් විභාගෙට සහෝ. අවසන් සටනට ජය. කිට් කැට් නෙමෙයි මට නම් රජ බොජුන් දෙනව කිව්වත් හපෝ මකුළු දැල් කඩන්න නම් බෑ. හාච්චෝ...ස්.

    ReplyDelete
  29. අනේ මකුණුදල් ගැනනම් කතා කරන්න එපා. කියනකොටත් මට හිචිස් හිචිස් කියල කිඹුහුම් යනවා. ඉතින් කැඩුවොත් කොහොමද?
    සුබ පතනව ඉත සිතින්ම විභාගය ඉහලින්ම සමත් වෙන්න.

    ReplyDelete
  30. මකුළු දැල් ටික අපි කඩන්නනම් උඹ ගිහිං පාඩම් කරගනින්...

    ReplyDelete
  31. ජය වේවා කිව්වා එහෙනම්.C දාගන්න බැරි උනොත් F+ එකක් හරි දාගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...
    දැන් රු.5ට කිට් කැට් කැද්ද මංදා....

    ReplyDelete
  32. විභාගය හොඳින් කරන්න අයියට හදවතින්ම සුභ පතනවා......:)විභාගය හොඳින් කරන්න අයියට හදවතින්ම සුභ පතනවා......:)

    ReplyDelete
  33. විභාගය හොඳින් කරන්න . මමත් සුබ පතනවා

    ReplyDelete
  34. විභාගය ලියන සියලු දෙනාටම මමත් සුබ පැතුවා කියන්න

    ReplyDelete
  35. පරක්කු වෙලා උනත් මමත් එනවා මකුළු දැල් කඩන්න උදව්වට. මගේ බ්ලොග් එකටත් ඉස්සරෝම එන හාදයාට මොකද උනේ කියලා බැලුවා. දැන් නොවැ කාරිනාව තේරුම් ගියේ. මොක උනත් ඉහලින්ම විභාගේ සමත් වෙන්න සුභ පතනවා.

    ReplyDelete
  36. බ්ලොග් එක අප්ඩේට් නොවුනා වගේ නෙමෙයි කොල්ලො විභාගේ නම්....

    හොඳින් පාඩම් කරලා ක්ලාස් එකකටම ට්‍රයි එකක් දෙන්න.
    සුභ පැතුම්

    ReplyDelete
  37. මලයා.. විභාගෙට ජය.. මකුළු දැල් පස්සේ කඩන්න පුළුවන්..

    ReplyDelete
  38. මමත් හදවතින්ම සුභ පතනවා...ඉතාම සාර්ථකව විභාගය ජය ගන්න ලැබෙන්න කියලා...මල්ලී.

    ReplyDelete
  39. හිටිං මම කොස්සක් අරං එන, ඔය මකුළුදැල් කඩන, ගස්වල අතු කපන වලං හෝදන වහේ වැඩ දැං මට හොඳට පුරුදුයි.

    ReplyDelete
  40. @හිතුවක්කාරි :
    බොහොම ස්තුතියි නංගි මගේ උදව්වට ආවට. මෙන්න මම් කිව්ව විදිහට කිට් කැට් එකක්.

    @deeps :
    එතකොට ඔයාලටයි අපටයි එකට උපාධිය ගන්න පුලුවන්.
    හොදයි නේද වැඩේ !!!!

    @blog gadol :
    අපටත් විභාගේ කඩින් කඩ තියෙන්නේ.මේ දැන් ගෙවෙන්නේ අධ්‍යන නිවාඩුව. ඒකට අපි කියන්නේ ඩෙඩ් වීක් එක කියලා.

    @ChammA :
    අනිවාර්යෙන්ම C එකෙන් උඩ දාගන්න තමයි හදන්නේ. සුබ පැතුම් වලට තුති.

    @Podi Kumarihami :
    කිට් කැට් එපා නම් ඔයැයිට මොනවෙයි ඕනේ ???

    ReplyDelete
  41. @ප්‍රසංග :
    කිට් කැට් වලට අහුවෙන්නේ නැත්නම් අහුවෙන්නේ මොනාටද ?

    @ප්‍රාර්ථනා :
    නංගි ඉන්නේ කොළඹ නේ. ඔන්න මම් කිට් කැට් එක පෝස්ට් කලා. යථා කාලයේදි ඔයාට ඒක ලැබෙයි. ස්තුතියි නංගි සුබ පැතුම් වලට.

    @දේවා ගේ අඩවිය :
    අපෝ මලයා මම් එහෙම ලොකු තල්ලුවක් දෙන්නේ නෑ. කියවලා කමෙන්ට් එකක් දානවා විතරයි.සුබ පැතුම් වලටයි හොයලා බලපු එකටයි ගොඩක් ස්තුතියි.

    @සාටර් :
    කිට් කැට් ඉවරයි. ආයේ හෙට තමා. :)

    @දිනුක ජයකොඩි :
    ඔවු ඔවුවොවු කයියා ගහන එවුනුත් ඕනේ. නත්නම් වැඩ කරනකොට පාලුයි නේ.

    ReplyDelete
  42. @චතුමිතු :
    මේ යාලුවා එක්ක තමයි බේරෙන්නම බැරි. හරි හරි කිට් කැට් එක අරගෙනම වැඩේට බහින්න. ඔයාටත් මම් සුබ පතනවා විභාගෙට. හොදින් කරන්න යාලු.

    @පැණි දොඩම් - [නුවන් කුමාරනායක] :
    C එකක් ගත්තොත් නම් ක්ලාස් එකට කෙලවෙනවා තමා. ඒත්.... අවුට් වෙන්න පුලුවන් නේ.

    @Asanka Udara :
    ස්තුතියි.

    @නදී :
    සුබ පැතුම් වලට ගොඩක් ස්තුතියි අපේ අක්කා !!! අම්මෝ අක්කව දැක්ක කල්.

    @කපී කේකි :
    මශින් එක ආයෙම ගේන්න අමාරුයි නංගි. ලැප් එකක් නෑනේ මට. මම් ලෙක්චර් නෝට් ටික ප්‍රින්ට් කරගත්තා.

    ReplyDelete
  43. @මකුළු පැංචි :
    මංචිත් ඉල්ලන්නේ මාර ගනන් දේවල් නේ. මම් ඔය චොක්ලට් කෑල්ලක් එකම එකපාරක් කාලා තියෙනවා. ඒකත් යාලුවෙක්ගේ අක්කා කෙනෙක් රට ඉදන් ආපු වෙලාවක.

    @හංසි :
    ඔන්න නංගි මම් කමෙන්ට් කලා. මට රිප්ලයි කලානම්.

    @Kasun :
    කලින් සුබ පැතුම් වලටත් ගොඩක් ස්තුතියි සහෝදරයා !!

    @හිම හංසි :
    අපෝ එන්නේ නෑ එන්නේ නෑ.
    මෙයා මට තර්ජනේ කරනවා වගේ.

    @විසිතුරු :
    සුබ පැතුම් වලට ස්තුති මල්ලි.

    ReplyDelete
  44. @නදුන් උයන :
    සුබ පැතුම් වලට ස්තුතියි !!!

    @MaRLaN :
    අපි එලියට එනකොට ඔයාලා කම්පස් යනවා. බලන්නකෝ ඒකෙත් හැටි. හන්තාන අඩවියට සාදරයෙන් පිලිගන්නවා.

    @හිස් අහස :
    අපෝ නෑ මල්ලි. මේ ලැප් එක ලබුනේ ටික වෙලාවකට විතරයි. මේක අයිතිකාරයා තේ එකක් බොන්න ගියා.

    @පන්සල් හංදිය :
    උත්සහ කරනවා අයියා. සුබ පැතුම් වලට ගොඩාක් ස්තුතියි අයියා.

    @හරී :
    මොකද්ද හිතුවේ ????

    ReplyDelete
  45. @Observer :
    සුබ පැතුම් වලට ගොඩක් ස්තුතියි ඔබා මහත්තයා.
    බෝතලයක් ගෙනල්ලා කතා කරන්නම්. :)

    @නිසුපා :
    ගොඩක් ස්තුතියි නිසූ අක්කා සුබ පැතුම් වලට.

    @අසනි :
    මේං මෙයා සුද්ද කරපුවා ආයෙම සුද්ද කරනෝ. ඔයාට කිට් කට් දෙකක්ම දෙන්න වටිනවා.

    @පිණිබිඳු... :
    ගෙදර උන්දා පවු අප්පා. :)
    මොකෑ අක්කා ඔය තරමටම කිවිසුම් යන්නේ
    සුබ පතුම් වලට ස්තුතියි අක්කා.

    @Gimhani :
    මතක් වෙනකොට ඔහොම නම්. මකුළු දල් කඩුවොත් කොහොමට හිටීද. අම්මෝ එහෙනම් එපා. කොහොම උනත් ඔයාගේ සුබ පැතුම් වලටත් ගොඩක් ස්තුතියි ගිම්හානි.

    ReplyDelete
  46. @prasanna86k ;
    අම්මෝ මේ මාළු අයියගේ සැර !!!!
    යන්නම් අයියා යන්නම්.

    @සීතල අයියා :
    හැමදාම මාව දිරිමත් කරන සීතලයගේ සුබ පැතුම් වලට ගොඩා...ක් ස්තුතියි. (මොකටද ඉතින් ඒ හරිය !!!) හික්ස් :)

    @සුදු මැණිකේ(මැණික්) :
    සුබ පැතුම් එක්කලාට ගොඩක් ස්තුතියි.

    @RKS :
    ගොඩක් ස්තුතියි.

    @Chanaka Aruna Munasinghe :
    සර්ගේ සුබ පතුම් වලට ගොඩක් ස්තුතියි සර් !!!!

    ReplyDelete
  47. @malmi :
    මේං මල්මි මාව හාදයෙක් කරලා. මම් තාම පොඩි කොලු ගැටයෙක්මි. සුබ පැතුම් වලට ගොඩක් ස්තුතියි. හික් :)

    @Il mondo di una povera pazza :
    ගොඩක් ස්තුතියි සුබ පැතුම් වලට. කොහොමහරි ට්‍රයි එක දෙන්නේ හොදට විභාගේ කරගන්න තමයි අයියා.

    @ක්සැන්ඩර් | Xander :
    ඕගොල්ලෝ කියන හන්දා මම් මකුළු දල් කඩන එක නවත්තලාඅ දැම්මා.
    සුබ පැතුම් වලට ස්තුතියි අයියා.

    @- නිල් අහස - :
    සුබ පතුම් වලට ගොඩක් ස්තුතියි අයියා.

    @සපතේරු උන්නැහේ :
    ස්තුතියි !!!!

    @nawammawatha :
    මටත් තව ටික දවසකින් ඕවා පුරුදු වෙන්න වෙයි !!!!!
    අම්මෝ. :(

    ReplyDelete
  48. මටත් වුනේ ඔය සංගදියම තමයි, අවසානවිභාගය නම් නෙවෙයි ඒත් පාඩම් කරන්න පටන් ගත්තා , දිගටම ලියපු එක ද ආපහු කියවන්නවත් පටන් ගන්න හිතුවා..

    ReplyDelete
  49. විභාගෙට සුභ පතනවා හොඳින් ලියන්න..

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.