08 August 2011

ග්‍රින් පීස් මාළුව

මට මේ කතාව කිව්වේ අපේ කැම්පස් එකේ අපේම බැච් එකේ යාලුවෙක්. අපි ඒකාට කියන්නේ පොල්කට්ටා කියලා. එහෙම් පිටින්ම කතා සාගරයක්. කැන්ටිමට සෙට් උන වෙලාවක ඒකා වටේට කට්ටිය එකතු වෙන්නේ මොකක් හරි කතාවක් අහන්න. එහෙනම් ඒකාගේ හඩින්ම කතාව අහගමු !!

මචං අපේ මාමා කෙනෙක් දවසක් ලොකු හෝටලයක වෙඩින් එකකට ගියා. වෙඩින් එක පට්ටටම තිබ්බා. කොහොමහරි මාමාත් පොඩ්ඩක් එහෙ මෙහේ කැරකිලා ඉදලා එකපාරටම කෑම තියලා තිබ්බ හට් එක පැත්තටත් ගියා. ඒ හරියට යනකොටම දොර ලග චෙෆ් (ප්‍රධාන සූපවේදියා) ඉන්නවා. ලොකු හොටල්වල කෑම දෙන තැනට වෙලා චෙෆ්ලා ඉන්න එක සිරිතක් ලු. මොකද කෑමවල හොද නරක අහන්න චෙෆ් අනිවා එතන ඉන්නවලු.

මාමා කාරයාත් චෙෆ් එක්ක හිනාවක් එහෙම දාලා හට් එක ඇතුලට ගියාලූ. ගිහින් කෑම ටික බලාගෙන බලාගෙන යනවා. ගිය ගමන් එකතැනක තියෙනවලු කජු මාළුවක් හදලා ඒකේ ග්‍රීන් පීස් තොගයක් තියෙනවලු. කජු ඇට දෙක තුනකට වැඩිය නෑලු. මේ සීන් එක මාමට එච්චර ඇල්ලුවේ නෑ. මිනිහා චෙෆ් ලඟට ගියා.

"ඔහේද මෙතන චෙෆ් ??" අපේ මාමා ඇහුවා.

"ඔව් සර් මං තමයි." චෙෆුත් ආඩම්බරයෙන් උත්තර දුන්නාලු.

" මොකද්ද අයිසේ අර කරලා තියෙන වැඩේ !!!" මාමා කිව්වා.

"ඇ..හ් ඇ..යි සර් මොකද්ද වෙලා තියෙන අවුල ?" චෙෆුත් කන පාත් කරගෙන ඇහුවා.

"තමුසෙලා අර හදලා තියෙන ග්‍රීන් පීස් මාළුවට කජු ඇට දෙක තුනක් වැටිලා. මං දැකපු හින්දා හොදයි. වෙන කෙනෙක් දකින්න කලින් ගිහින් ඒක අරන්දානවා !!!!! නැත්නම් හෝටලේ නමට හරි නෑ !!!!" කියලා කිසි ගින්නක් නැතුව කියලා දැම්මා.

ඒ කතාව ඇහුවා විතරයි. චෙෆ්ට හීන් දාඩිය දැම්මාලු. ඊට පස්සේ එතනින් එහාට චෙෆ් නෙමේලු කෑමවල ගුණදොස් අහන්න දොර ගාවට වෙලා හිටියෙ.

50 comments:

  1. දවසක් මම අපේ එකෙක්ට කෝල් එකක් දුන්නු වෙලාවක ඇහුවා උඹ මොකද කරන්නේ කියලා. ඌ කියනවා "මම බං මේ ඇඩ් ටිකක් බලන්න කියලා ටීවී එක දැම්මා මේකේ ඇඩ් මැද්දෙන් නාට්ටි කෑල්ලක් පෙන්නනවනේ" කියලා.

    ReplyDelete
  2. ඔව් ඔව් ඕක තමයි ඔය ඔය ලොකු ලොකු සූපවේදින් අතින් ග්‍රීන් පීස් මාළුවට වෙන්නේ ඉඳලා හිටලා කජු ඇටයක් දෙකක් දානවා, තව සමහරු සුදු ළුුනු මල්ලක් විතර උයල ඒකට ඔය වරද්දලා කජු හලනවනේ.. කජු කනවා වගේද කජු වල ගණන් , ඒක වෙන්ටැති..

    ReplyDelete
  3. මම මේ කියන්ට හැදුවා විතරයි කජු කරියට මේ පැත්තේ ග්‍රීන් පීස් එකතු කරනවා කියලා. හැබැයි දෙක, එක ගානට දාලා ගත්තාම රසයි. කජු විතරක්ම කන එක ඇඟට ගුන නෑනේ. අනෙක පිරිමි ලමයින් කන පරිප්පුවල හැටියට කජු කන එක වැඩක් නෙමේ කියන එක ඔය ලොකු හෝටල්වල කවුරුත් දන්නව ඇති....:D

    ReplyDelete
  4. ඔය හෝටලේ මිරිස් හොද්දට බැරිවෙලා චිකන් කෑල්ලක් එහෙම වැටිල තිබ්බද දන්නෑ.

    ReplyDelete
  5. පිස්සුද මේදවස් වල කජු කිලෝ එකක් කීයද කියල දන්නවද ඔයා? කොහොමද යහමින් කජු දාන්නෙ මාලුවකටවත් :O

    ReplyDelete
  6. මෙහෙත් තියෙනවා ලංකාවෙ කෑම තියෙන හෝටලයක් ,නම ගහලා නැත්නම් හොයන්නත් බෑ, කිව්වට විශ්වාස කරන්නත් බෑ " චිකන් ප්‍රයිඩ් රයිස්" කියලා :D

    ReplyDelete
  7. මදුරංග අයියා: ඔය වගේ සීන් නම් අපිටත් වෙලා තියනවා... හොදි වලට මාලු වැටිච්ච සීන් තමයි ඉතින් ගොඩක්ම...

    පූසා: සිරා කතාව

    ReplyDelete
  8. ඇයි කැන්ටිමේ මිරිස් හොද්දට හාල්මැස්සෝ වැටිලා......කිරි හොද්දට පරිප්පු ඇට වැටිලා තියෙන්නෙ..........

    ReplyDelete
  9. අපේ කැන්ටිමේ පරිප්පු හොද්ද මතක් උනා... පාන් අරගෙන පරිප්පු එක් දෙන්න කිවුවාම පීරිසි කෝප්පෙන පරිප්පු එකක දාල දෙනව පිගානට.. ඕකෙ වැරදිලා හරි පරිප්පු ඇටයක් තිබුනොත් අපේ උන් කෑ ගහනවා... අද දවස මගේ ලකී දවස යනගමන් සනිදාවක් ගන්න ඕනෙ යකෝ.. ඇන්ටිගෙ පරිප්පු එකේ ඇටයක් හම්බ උනා කියල.... කැන්ටිමම හිනා වෙනවා.. ඇන්ටි ඉතිං පුපුර පුපුර ඉන්නවා...

    ReplyDelete
  10. පොල්කට්ටාගේ කතා වල පොඩ්ඩක් තාර බර ඇරලා ගන්න ඕනි ... :D

    ReplyDelete
  11. හිකිස්..පට්ට කතාව.

    පූසා :-මරු කතාව හොදේ..

    ReplyDelete
  12. හිකිස්.. එහෙනම් අයියා අපේ කැම්පස් එකේ කිරි හොද්දට ඕනේ තරම් වැරදිලා පුංචි අල කෑලි වැටිලා තියෙන්නේ. තව අර තුන් හුලස් හැඩේ බනිස් එකට වැරදිලා පුංචි පුංචි මාළු කෑලි වැටිලා තියෙන්නේ..

    ReplyDelete
  13. ඔය වැඩේ ගොඩක් තැන් වල කරනව බං. ඒ කජු දාන්න ඇත්තෙ සංඛේතාත්මකව විතරයි.:P හැබැයි මමගෙ ටෝක නම් එල.

    ReplyDelete
  14. ඔය සීන් එක ඉතින් හැම හොටලේම තියෙන දෙයක්නේ. ඉස්සෝ ගත්තොත් වැඩිය තියෙන්නේ තක්කලියි මාළු මිරිසුයි (නැත්නම් බෙල් පේපර්) ස්වීට් ඇන්ඩ් සවර් ෆිෂ් කියල මාළු කැලි තුනක් දාල අන්නාසි ගෙඩියකට.. මන් දවසක් ඔහොම තැනකදී වෙටරයාගෙන් ඇහුව මේක අන්නාසි මලුවක්ද කියල.. කොහෙද... අපේ කෙල්ලයි නෝනයි මට රවන නිසා කට වහගෙන කනවා.

    ReplyDelete
  15. අපේ හොස්ටල් එකෙත් තිබ්බ පරිප්පුවනම් එහෙමම තමා.පරිප්පු කෙසේ වෙතත් වතුරනම් යහමින් තිබ්බා.
    මදෑ කජු කෑවා.හෙ හෙ.

    ReplyDelete
  16. අන්න නියම මාමලා. කටක් ඇරල මාමා කියන්න පුළුවන්. ඔහොම තමයි ඉන්න ඕනෙ.

    ReplyDelete
  17. චෙෆ්ට හොද වැඩේ වැඩි වැඩ කරන්න ගිය එකට... =))

    ReplyDelete
  18. අපේ බෝඩිමේ එකෙකුත් දවසක් උයන්න ලෑස්ති වෙලා කිව්වා... "මේ ගල් වල හරියට හාල් අනේ" කියලා...

    ReplyDelete
  19. නියමයි. ඔහොම තමා ඉන්න ඕනේ

    ReplyDelete
  20. කජු කනවා වගේ කිව්වට කජු කන්න ඔය හිතන තරම් ලේසි නෑ. ඒකෙනෙ කජු නිකම් පෙන්නන්නෙ...

    ReplyDelete
  21. මට හොස්ටල් කෑම එක මතක් වුනා..දවසක් අපි ගිය අලුතම අපිට මාලු උයලා තිබ්බා..හැබැයි මැල්ලුම් වගේ හීනි..හොද්දනම් තිබ්බා යහමින්..මිරිස් බෝතලේම හලලා..අපි ඉතින් උයපු එකාගේ ඇගිල්ල තියෙනවද දන් නෑ කියලා කෑවා...යාලුවගේ මාමා නම් නියමයි..

    ReplyDelete
  22. අනේ අර චෙෆ්ට ස්තුති කොරන්න එපායි...ඉස්සර තිබ්බ කජු මාළුව හදන්න දැං කාලෙ යහමින් කජු නැති නිසා එයා ග්‍රීන් පීස් වලින් ඒක හදල සංකේතාත්මකව කජු ඇට කීපයක් දාල...පැරනි කෑම වට්ටෝරු මෙහෙම හරි ඉදිරියට ගෙනියන එක කොච්චර දෙයක්ද.... :D

    ReplyDelete
  23. වැලි තලප වල වැලි නෑ වගේ උංගෙ හෝටලේ කජු මාළුවේ කජු නෑලු :)

    ReplyDelete
  24. මාමා නම් සිරා ඩයල් එකකි .

    මමත් අහලා තියේ ඔය වගේ කතාවක් ..

    මනුස්සයෙක් හෝටලේකට ගිහිං කෑම එකක් කනවලු ! ඕන්න පොරට අම්බානෙට ගල් හැපෙනවලු . දැන් හෝටලේ මුදලාලි මේක දැකලා දුක හිතිලා ඇවිදින් අහපි .

    "මහත්තයා කෑම එකේ ගල් නේද ?"

    අරූ කීවලු !

    "නෑ මුදලාලි බත් ඇටත් තියනවා කියලා .."

    ReplyDelete
  25. හි හි මරු කතාව... ඒකනම්.... නියමයි අයියේ.. :)

    ReplyDelete
  26. හක්ක හක්ක හක්ක.......

    ReplyDelete
  27. හේ හේ චෙෆා පොලව පලාගෙනම ගියාද මන්ද.....

    ReplyDelete
  28. හික් ! අපේ ඉස්කෝලෙ හොස්ටල් එකේ ඩිනර් එක වෙලාවෙ කොල්ලෙක් වෝඩ්න්ගෙන් ඉල්ලුව ස්කුබා ඩයිවින් කිට් එකක්.

    මොකටද ඇහුවාම කියාපි, මේ පරිප්පු හොද්දෙ ඇට හොයන්න කියල.

    ඌට ඇට නැතිවෙන්න දුන්න හොස්ටල් ප්‍රොෆෙක්ට්ස්ල.

    ReplyDelete
  29. ඒ වුනාට පොර කරපු වැඩේ සාධාරණයි බං... දැන් කජු වල ගාන වැඩියි ග්‍රීන් පීස් වලට ගානට වඩා....

    ReplyDelete
  30. ඇයි සැමන් දාලා හදන බනිස්. අන්තිමට ලූණු තෙම්පරාදුවකට සැමන් කෑල්ලක් වැරදිලා වැටිලා වගේ. ආ මදුරංග බ්ලොග් එක පුරාම ඇවිදලා පියසටහන් තියලා තිබුණා. ස්තූතියි ඈ.

    ReplyDelete
  31. හී හී... ඔහොම තමා ඉන්ට ඕනෑ.. චිකන් කොත්තුවේ චිකන් කෑල්ලක් හොයාගන්ඩ දගලන අපිනේ ඔය දුක දන්නේ..

    ReplyDelete
  32. @පූසා :
    ඒක නම් පට්ට කතාව තමයි. දැන් නාට්ටි වලට වඩා යන්නේ ඇඩ් නේ.

    @චතුර.... :
    අනේ මන්දා කජු ගනන් නිසාද දන්නේ නෑ එහෙම කිව්වේ. අම්මෝ මම නම් සුදුලූනූ කන්නම ආස නෑ. හාමුදුරුවරු උනත් එච්චර ආස නෑ දානෙට සුදු ලූනු වලදන්න.

    @Podi Kumarihami :
    අපොයි ඔවු. අපි විතරනේ පරිප්පු කන්නේ. අර කිව්වත් වගේ එක ගානේ දාලා ගත්තම නියමයි අක්කා. ඒත් ග්‍රීන් පීස් විතරක්ම කන්නේ කෝම. :)

    ReplyDelete
  33. @Praසන්ன :
    එහෙම ඒවත් තියෙන්න ඇති. නමුත් ආරංචි උනේ මේක විතරයි.

    @නදී :
    මේ දවස්වල වෙච්ච එකක් නෙමේ අක්කා. ඕක ඔය යාලුවා කියනකොට අපි දෙවෙනි අවුරුද්දේ විතර ඇති. හද්ද පරණ කතාවක්.

    @හරී - පිණිපළස :
    අක්කා ලංකාවේ නෙමේ ද ඉන්නේ ? මම් හිතුවා අක්කා ලංකාවේ ඉස්කෝලෙක උගන්වන ටීචර් කෙනෙක් කියලා.

    අක්කට කියන්න මාත් ඉස්සර චිකන් ෆ්‍රයිඩ් රයිස් කියලා කියන්නේ ච්හිකන් ගොඩක් තියෙන කෑම ජාතියක් කියලා හිතාගෙන හිටියා. බැලුවම තමයි තේරුනේ හින්නිකිතර චිකන් කෑලි තියෙන කෑමක්ය කියලා. :)

    ReplyDelete
  34. @MaRLaN :
    එහෙම සීන් නම් මටත් අනන්තවත් වෙලා තියෙනවා. හොද්ද රස්නෙයි. මාලු කෑල්ල හෙනම සීතලයි.

    @හරී :
    ඔන්න ඔහොම කැන්ටිමක් තමයි අපටත් තියෙන්නේ.

    @පොඩි මෑන් :
    අපිත් ඔහොම තමයි. ඒ නිසා අපි කෑම කන්න යන්නේ ලෙක්චර් එක පටන් ගන්න ඔන්න මෙන්න තියෙනකොට. එතකොට කට්ටිය කෑම කාලා පරිප්පු ඇට භාජනේ පතුලේ තියෙනවා.

    ReplyDelete
  35. @Tharanga :
    අනිවාර්යෙන්ම !!!! තාර බර ඇරියම කතාවක් හොයන්න නැති වෙයිද මන්දා.

    @පිස්සු පුසා :
    පූසලා දෙන්නයි. :) හික්ස් :)

    @ප්‍රාර්ථනා :
    අපේ නම් ඔහොම වැරදිලාවත් වැටෙන්නේ නෑනේ. :(

    ReplyDelete
  36. @Kasun :
    ඊට පස්සේ ඊලඟ වෙඩිමේ ඉදන්වත් හොදට කෑම ටික දෙයි නේ. :)

    @සරත් ලංකාප්‍රිය :
    අයියට තියෙන්නේ ප්‍රිටි කෝට් (වචනේ හරිද මන්දා) ගවර්මන්ට් එකක් නේ. හික්ස් :) අර කිව්වත් වගේ ඉස්සෝ කරියක වැඩිපුරම තියෙන්නේ ලූනුයි තක්කාලියි තමයි. අනිත් ඒවා නම් මම් කාලා නෑ අයියා.

    @sithuwam :
    අම්මෝ ඔවු එහෙම පරිප්පු අපිත් කෑවා.

    ReplyDelete
  37. @ක්සැන්ඩර් | Xander :
    හෙහෙහෙ :)

    @පැණි දොඩම් - [නුවන් කුමාරනායක] :
    ඒ උනාට හැමතැනම ඔහොම කියන්න ගියාම මාමටත් කන්න ලැබේවිද මන්දා.

    @සීතල අයියා :
    ඒකනේ සීතල අයියා. කෑම ටික ඉව්වනම් පැත්තකට වෙලා හිටියනම් ඉවරයි නේ.

    ReplyDelete
  38. @තාරා :
    ඉතින් ගල් ගරලා හාල් අයින් කරලා ගත්තද ? හික්ස් :)

    @deeps :
    හික්ස් :)

    @දිල් :
    ඒ උනාට අක්කා වෙඩිමක කෑම වලට ගෙවනවනේ. ඒ නිසා ඔහොම කරන එක හරි නෑනේ. එක්කෝ කෑමට එආ නොතියා ඉන්නෝන. නැත්නම් හරියට උයන්නෝන !!!!! :)

    ReplyDelete
  39. @අසනි :
    මාලු සම්බෝලයක්ද මන්දා කාලා තියෙන්නේ. හික්ස් :)
    අම්මෝ අපේ නම් යන්තම් මාලු කෑල්ලක් ඉතුරු වෙලා තියෙනවා.

    @ප්‍රසංග :
    ඒකනේ පොල්කට්ටෑලා මාමා ස්තුති කරලා ඇවිත් තියෙන්නේ.

    @නාකියා :
    අන්න තේරුනා !!!!
    ඒකනේ ගල් බනිස්වල ගල් තියෙනවා යෑ.

    ReplyDelete
  40. @හිස් අහස :
    මුදලාලි වහ කෑවේය. පාරිභෝගිකයා ගල් කෑවේය. හික්ස් පට්ට කතාව.


    @හිතුවක්කාරි :
    ඒකනේ. හික්ස් :)

    @සෝරෝ :
    මොකෝ හක්ක හක්ක කියලා කීවේ ?

    ReplyDelete
  41. @Soda ගුනේ :
    අනේ මන්දා. චෙෆ් කොහේ ගියාද කියලා.

    @nawammawatha :
    ඉස්කෝලවල්වල හොස්ටල් වල නම් ඔහොම දෙයක් උනොත් ආයේ ඉතින් කැන්ටිං කාරයන්ට කෙල වෙනවා.

    @prasanna86k :
    ඒ උනාට මාලු අයියා වෙඩින් වලට එහෙම කරන එක හරි නෑනේ. වෙඩිමේ කෑමවලට ගාන ගෙවනවනේ.

    @පිණිබිඳු... :
    තව පෝස්ට් ගොඩක් තියෙනවා කියවන්න. ඒ නිසා ආයෙම වතාවක් එන්නම්. මම් හිතුවේ කියවලා ඉවරයි කියලා.

    ReplyDelete
  42. හරිනේ අයියේ දැන් ඉතින් මේ රටේ කජු කනවා කියන එකත් ලේසි වැඩක් නෙවෙයි නේ..

    ReplyDelete
  43. ඒ කතාවත් මාරයිනේ..
    කජු වගේද ග්‍රීන්පීස් කිව්වලු.. හික්ස්

    ReplyDelete
  44. කජු කියලත් කොච්චර ගණන් ද?
    චෙෆ් ඒකට සංකේතාත්මකව කජු කෑලි කීපයක් එකතු කරන්න ඇති හික්ස්

    ReplyDelete
  45. වෙලාවට ඒක ලොකු හෝටලයක් උනේ.... පුන්චි පහේ හෝටලයක් නම් අනිවා... මාමට වදිනව ඉඳුල් වතුර පාරක් කුස්සිය පැත්තෙන්....

    ReplyDelete
  46. පොල්කට්ටගෙ මාමා මාර පොරක් නේ?කොහොම උනත් කතාවනම් පට්ට

    ReplyDelete
  47. @ChammA :
    ඒකනේ කජු කනවා කියන උපහැරනේ වෙනස් කරන්න කාලේ හරි වගේ.

    @හිම කුමාරි :
    ඒක නේන්නම් :)

    @Sudu Manike(මැණික්) :
    ඒ උනාට අක්කේ වෙඩින් එකකදි ඔහොම කරන එක හරි නෑනේ.

    ReplyDelete
  48. @නදුන් උයන :
    අනිවා ෂුවර් !!!!!! වදින එක වදිවී.

    @ප්‍රාර්ථනා :
    මාර පොරක් තමයි.
    ඒ මනුස්සයාට මාරම කටක් තියෙන්නේ.

    ReplyDelete
  49. සිරා කතාව තමා මාමා අහලා තියෙන්නෙ ....
    චෙෆාට තරු වීසි වෙන්න ඇති .....

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.